ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හානි
අභ්‍යවකාශ වස්තුවක් ගැටී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හානි
අභ්‍යකාශ වස්තුවක ගැටීම හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හානියක් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ හේතුවෙන් එහි වෙසෙන කාර්ය මණ්ඩලය අවදානම් තත්ත්වයකට මුහුණදී ඇතත් තවමත් එහි වාතාවරණය සාමාන්‍ය ආකාරයට පවතින බව පෘථිවි මෙහෙයුම් මධ්‍යස්ථාන තහවුරු කර තිබුණි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බිත්තියක සිදුරක් ඇති වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ හේතුවෙන් මේ වන විට අභ්‍යකාශ මධ්‍යස්තානයේ සේවයේ නිරතවී සිටින කාර්ය මණ්ඩලයේ හයදෙනාගේ සෞඛ්‍ය තත්ත්වයට ඉන් හානියක් වී නොමැති බව ඇමෙරිකාවේ හූස්ටන්, ටෙක්සාස් සහ මොස්කව් යන අභ්‍යකාශ මධ්‍යස්ථාන තහවුරු කර තිබේ.
යම් කිසි වේගවත් අභ්‍යවකාශ වස්තුවක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව විද්‍යාඥයන් විශ්වාසය පළ කළත් ඊට නිශ්චිත හේතුවක් ප්‍රකාශයට පත්වී නැහැ.
මධ්‍යස්ථානයේ වායු පීඩන තත්ත්වයේ යම් වෙනසක් ඇති බවට මීට පෙර එහි සිටින විද්‍යඥයන් හදුනාගෙන සිට ඇතත්, ඊට හේතුව සොයාගැනීමට ඔවුන් සමත් වී නැහැ.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්තානයේ සිදුරක් ඇති බව පළමුව හදුනාගෙන ඇත්තේ ඒ වෙත නව විද්‍යඥයන් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් රුසියානු යානාවක් මඟින් බවද සඳහන්ය.
මෙම දෝෂය නිවැරැදි කරගැනීම සදහා එහි සිටින කාර්ය මණ්ඩලය, පෘථිවි ඉන්ජිනේරුවන්ගේ උපදෙස් පරිදි කටයුතු කරමින් සිටියි.
පාථීවිය කිලෝමීටර් 400ක් ඉහළ අභ්‍යවකාශයේ රදවා තිබෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මුහුණුදෙන විශාලතම ගැටලුව වන්නේ ඒ සමීපයෙන් එහා මෙහා ගමන්කරන අභ්‍යවකාශ වස්තූන්වල ගැටීමේ අවදානමයි.
මෙම ගැටලුව විසදීමට නොයෙක් උපක්‍රම අනුගමනය කර ඇතත් වරින් වර අභ්‍යවකාශ වස්තු ගැටීමෙන් ඊට හානි සිදුවන බවත් විද්‍යඥයන් උපුටමින් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
සෝස් දෙරණ

Last edited: