ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හානි

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හානි

    අභ්‍යවකාශ වස්තුවක් ගැටී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හානි

    Screen-Shot-2015-12-24-at-12.47.41.png

    අභ්‍යකාශ වස්තුවක ගැටීම හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හානියක් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

    ඒ හේතුවෙන් එහි වෙසෙන කාර්ය මණ්ඩලය අවදානම් තත්ත්වයකට මුහුණදී ඇතත් තවමත් එහි වාතාවරණය සාමාන්‍ය ආකාරයට පවතින බව පෘථිවි මෙහෙයුම් මධ්‍යස්ථාන තහවුරු කර තිබුණි.

    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බිත්තියක සිදුරක් ඇති වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    මේ හේතුවෙන් මේ වන විට අභ්‍යකාශ මධ්‍යස්තානයේ සේවයේ නිරතවී සිටින කාර්ය මණ්ඩලයේ හයදෙනාගේ සෞඛ්‍ය තත්ත්වයට ඉන් හානියක් වී නොමැති බව ඇමෙරිකාවේ හූස්ටන්, ටෙක්සාස් සහ මොස්කව් යන අභ්‍යකාශ මධ්‍යස්ථාන තහවුරු කර තිබේ.

    යම් කිසි වේගවත් අභ්‍යවකාශ වස්තුවක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව විද්‍යාඥයන් විශ්වාසය පළ කළත් ඊට නිශ්චිත හේතුවක් ප්‍රකාශයට පත්වී නැහැ.

    මධ්‍යස්ථානයේ වායු පීඩන තත්ත්වයේ යම් වෙනසක් ඇති බවට මීට පෙර එහි සිටින විද්‍යඥයන් හදුනාගෙන සිට ඇතත්, ඊට හේතුව සොයාගැනීමට ඔවුන් සමත් වී නැහැ.

    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්තානයේ සිදුරක් ඇති බව පළමුව හදුනාගෙන ඇත්තේ ඒ වෙත නව විද්‍යඥයන් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් රුසියානු යානාවක් මඟින් බවද සඳහන්ය.

    මෙම දෝෂය නිවැරැදි කරගැනීම සදහා එහි සිටින කාර්ය මණ්ඩලය, පෘථිවි ඉන්ජිනේරුවන්ගේ උපදෙස් පරිදි කටයුතු කරමින් සිටියි.

    පාථීවිය කිලෝමීටර් 400ක් ඉහළ අභ්‍යවකාශයේ රදවා තිබෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මුහුණුදෙන විශාලතම ගැටලුව වන්නේ ඒ සමීපයෙන් එහා මෙහා ගමන්කරන අභ්‍යවකාශ වස්තූන්වල ගැටීමේ අවදානමයි.

    මෙම ගැටලුව විසදීමට නොයෙක් උපක්‍රම අනුගමනය කර ඇතත් වරින් වර අභ්‍යවකාශ වස්තු ගැටීමෙන් ඊට හානි සිදුවන බවත් විද්‍යඥයන් උපුටමින් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

    සෝස් දෙරණ
     
    Last edited:
    • Like
    Reactions: richlife

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :sorry:
    මිනිස්සුන්ට ග්‍රහලෝකයක් නැතුව ජීවත් වෙන්න බෑ :no: :(
    මිනිස්සු පෘථිවිය ඇතුලෙම වඳ වෙලා යනව කවද හරි කවදාවත් වෙන ලෝක වල ජනාවාස ඇති කල්ල වර්ගයා බේරගන්න වෙන්නෑ :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :sorry:
    මිනිස්සුන්ට ග්‍රහලෝකයක් නැතුව ජීවත් වෙන්න බෑ :no: :(
    මිනිස්සු පෘථිවිය ඇතුලෙම වඳ වෙලා යනව කවද හරි කවදාවත් වෙන ලෝක වල ජනාවාස ඇති කල්ල වර්ගයා බේරගන්න වෙන්නෑ :no:

    :P:P:P විද්යාව දියුනු වෙනව බන්,,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :P:P:P විද්යාව දියුනු වෙනව බන්,,

    ඒත් කවදාවත් වෙන ලෝකෙක පෘථිවියෙ ආධාර නැතුව ජීවත් වෙන්න පුලුවන් ශිෂ්ඨාචාරයක් ඇති කරන මට්ටමට දියුණු වෙන්න බෑ :no: එහෙම වෙන්න පුලුවන්නං කෝ පිටසක්වල ටුවරිස්ට්ස් ල එන්න එපෑ අපිව බලන්න. කෝ මොකෙක්වත් නෑනෙ. :no: දියුණුවෙ සීමාව ඊට මෙහායින් ඇත්තෙ :sorry:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    :sorry:
    මිනිස්සුන්ට ග්‍රහලෝකයක් නැතුව ජීවත් වෙන්න බෑ :no: :(
    මිනිස්සු පෘථිවිය ඇතුලෙම වඳ වෙලා යනව කවද හරි කවදාවත් වෙන ලෝක වල ජනාවාස ඇති කල්ල වර්ගයා බේරගන්න වෙන්නෑ :no:

    මමත් හිතන්නෙ නෑ තව අව්රුදු සිය ගානකට අගහරු ලෝකේ ජනාවස ඇති කරන්න පුලුවන් වෙයි කියලා‍. මිනිස් වර්ගයා තාම හෙන ප්‍රාථමිකයි බං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒත් කවදාවත් වෙන ලෝකෙක පෘථිවියෙ ආධාර නැතුව ජීවත් වෙන්න පුලුවන් ශිෂ්ඨාචාරයක් ඇති කරන මට්ටමට දියුණු වෙන්න බෑ :no: එහෙම වෙන්න පුලුවන්නං කෝ පිටසක්වල ටුවරිස්ට්ස් ල එන්න එපෑ අපිව බලන්න. කෝ මොකෙක්වත් නෑනෙ. :no: දියුණුවෙ සීමාව ඊට මෙහායින් ඇත්තෙ :sorry:

    මේ මන්දාකිනය ඇර තවත් බොහෝ මන්දාකිනි තිබෙනවා තිස්ස, මූවා වෙන්නෙ නැතුව විද්යාව විස්වාස කරපන්..:P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මමත් හිතන්නෙ නෑ තව අව්රුදු සිය ගානකට අගහරු ලෝකේ ජනාවස ඇති කරන්න පුලුවන් වෙයි කියලා‍. මිනිස් වර්ගයා තාම හෙන ප්‍රාථමිකයි බං

    එක අතකට ඒක හොඳයි එහෙ ක්ශුද්‍ර ජීවියො ඉන්නවනං උන්වත් පරිණාමය වෙයි මිනිස්සු ගියොත් ඒකත් ඉවරයි පෘථිවියට කරල තියෙන හරිය පේනවනෙ :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ මන්දාකිනය ඇර තවත් බොහෝ මන්දාකිනි තිබෙනවා තිස්ස, මූවා වෙන්නෙ නැතුව විද්යාව විස්වාස කරපන්..:P:P

    ඉතිං කව්ද නෑ කිව්වෙ. මං අහන්නෙ කෝ ඒවගෙ ඉඳල එන පිටසක්වල ජීවියො ? කෝ මොකෙක්වත් නෑනෙ ? ඒ වුනාට පාරට බැහැල බලපංකො සුද්දො කීයක් ඉන්නවද කියල අපිව බලන්න ඇවිල්ල පිටස්කවලයො ඉන්නවනං වෙන අභ්‍යවකාශ තරණය මාර දියුණු නං උනුත් සුද්දො වගේ තොග වශයෙන් එන්න එපෑ අපිව බලල යන්න නෑනෙ :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සොස් දෙරණෙන් නම් පාන්,ලුනු,බිත්තර මිරිස්,තක්කාලි එහෙම අහසින්,මුහුදෙන් වෙන්ටැ:nerd::eek::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් හිතන්නෙ නෑ තව අව්රුදු සිය ගානකට අගහරු ලෝකේ ජනාවස ඇති කරන්න පුලුවන් වෙයි කියලා‍. මිනිස් වර්ගයා තාම හෙන ප්‍රාථමිකයි බං

    අගහරූ ජනාවාස කරල තේරුමක් නැති වෙයි මොකද එක සූර්යාගේ පිහිටෙන්නෙ යැපෙන්නෙ වෙන මන්දාකිනියක් ගැනයි හිතන්ඩ ඔනෙ.. :cool::cool: අගහරු ජනාවාස කරන්ඩ තරන් අධි ජනගනත්වයක් පෘතුවියෙ නැනෙ....අනික පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනව ඒව තාම විසදගෙන නැනෙ..ඒව විසදුනාම අගහරු ජනාවාස කරන එක දෙයක් නෙමේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං කව්ද නෑ කිව්වෙ. මං අහන්නෙ කෝ ඒවගෙ ඉඳල එන පිටසක්වල ජීවියො ? කෝ මොකෙක්වත් නෑනෙ ? ඒ වුනාට පාරට බැහැල බලපංකො සුද්දො කීයක් ඉන්නවද කියල අපිව බලන්න ඇවිල්ල පිටස්කවලයො ඉන්නවනං වෙන අභ්‍යවකාශ තරණය මාර දියුණු නං උනුත් සුද්දො වගේ තොග වශයෙන් එන්න එපෑ අපිව බලල යන්න නෑනෙ :(

    සුද්දන්ට මොලේ අමාරු උනාට උන්ට එහෙම අමාරුවක් නැතුව ඇති බන්, කාල බීල සැපෙන් එහාට වෙලා ඇති මක්කට මෙහෙ කබල්ගානවද..:P:P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    අගහරූ ජනාවාස කරල තේරුමක් නැති වෙයි මොකද එක සූර්යාගේ පිහිටෙන්නෙ යැපෙන්නෙ වෙන මන්දාකිනියක් ගැනයි හිතන්ඩ ඔනෙ.. :cool::cool: අගහරු ජනාවාස කරන්ඩ තරන් අධි ජනගනත්වයක් පෘතුවියෙ නැනෙ....අනික පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනව ඒව තාම විසදගෙන නැනෙ..ඒව විසදුනාම අගහරු ජනාවාස කරන එක දෙයක් නෙමේ...

    Political problems?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අගහරූ ජනාවාස කරල තේරුමක් නැති වෙයි මොකද එක සූර්යාගේ පිහිටෙන්නෙ යැපෙන්නෙ වෙන මන්දාකිනියක් ගැනයි හිතන්ඩ ඔනෙ.. :cool::cool: අගහරු ජනාවාස කරන්ඩ තරන් අධි ජනගනත්වයක් පෘතුවියෙ නැනෙ....අනික පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනව ඒව තාම විසදගෙන නැනෙ..ඒව විසදුනාම අගහරු ජනාවාස කරන එක දෙයක් නෙමේ...

    පොලොවෙ අමුද්‍රව්‍ය කනින ඒව තැන් බලපංකො මිනිස්සු කොච්චර ඉන්නවද ඒකට කොච්චර කට්ටක් කන්න ඕනෙද කියල. අඟහරු වල ජනාවාස කරල වෙනම රොබෝල වගේ ඇඳගෙන ඔච්චර හරියක් කොහොම කරන්නද. හැදුවත් පොලොවෙන් යැපෙන්න වෙන්නෙ. ඒක නියම ශිෂ්ඨාචාරයක් නෙමේ පොලොවත් එක්ක සම්බන්ධතා නැවතුන ගමං හබක් :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Political problems?

    නැ නැ නැනෝ තාක්ශනෙයි ප්‍රශ්නය ප්‍රධානයි, අනික අඩු ගුරුත්වයේදි............... ඒක ඔනෙ නැ..නැනෝ තාක්ශනයේ ගැටලුව මුලින් විසදගන්ඩ ඔනෙ...:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලොවෙ අමුද්‍රව්‍ය කනින ඒව තැන් බලපංකො මිනිස්සු කොච්චර ඉන්නවද ඒකට කොච්චර කට්ටක් කන්න ඕනෙද කියල. අඟහරු වල ජනාවාස කරල වෙනම රොබෝල වගේ ඇඳගෙන ඔච්චර හරියක් කොහොම කරන්නද. හැදුවත් පොලොවෙන් යැපෙන්න වෙන්නෙ. ඒක නියම ශිෂ්ඨාචාරයක් නෙමේ පොලොවත් එක්ක සම්බන්ධතා නැවතුන ගමං හබක් :(

    පොලොව උඩම ජීවත් වෙන්ඩ ඔනෙ කියල කතාවක් නැනෙ, කොහොමත් ජනාවාස ඉදිකරන්ඩ ඉන්නෙ පොලොව යට එතකොට ඔය ප්‍රශ්නෙ එන්නෙ නැ රොබෝ ඇදුම් අනවශ්යයි..:):)
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    එක අතකට ඒක හොඳයි එහෙ ක්ශුද්‍ර ජීවියො ඉන්නවනං උන්වත් පරිණාමය වෙයි මිනිස්සු ගියොත් ඒකත් ඉවරයි පෘථිවියට කරල තියෙන හරිය පේනවනෙ :(

    එහෙ ගස් කපන්ඩ නෑනේ බං. :P