ජාත්‍යන්තර දින

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ජාත්‍යන්තර දින

    වයස් සීමාවකින් තොරව පොදුවේ අප සැමට වැදගත් වන සමාන්‍ය දැනුම වර්ධනය කරගැනීමට ඉවහල් වන ලිපියක් තමයි අද පළකරන්නේ . ඒ තමයි ජාත්‍යන්තර දින පිළිබද තොරතුරු එකතුව .

    ජනවාරි මාසය
    ජනවාරි 27 – සමූලඝාතනවලින් මියගියවුන් සැමරීමේ ජාත්‍යන්තර දිනය
    ජනවාරි 30 හෝ එදිනට ආසන්න ඉරිදා දිනය – ලෝක ලාදුරු දිනය

    පෙබරවාරි මාසය
    පෙබරවාරි 02 – ලෝක තෙත්බිම් දිනය
    පෙබරවාරි 04 – ලෝක පිළිකා දිනය
    පෙබරවාරි 06 – කාන්තාවන් සුන්නත්කිරීමට එරෙහි ජාත්‍යන්තර දිනය පෙබරවාරි 11 – ලෝක ගුවන්විදුලි දිනය
    පෙබරවාරි 13 – ලෝක ගුවන් විදුලි දිනය
    පෙබරවාරි 20 – ලෝක සමාජ සාධාරණත්ව දිනය
    පෙබරවාරි 21 – ජාත්‍යන්තර මව් භාෂා දිනය
    පෙබරවාරි 22 – ලෝක බාලදක්ෂ දිනය

    මාර්තු මාසය
    මාර්තු 01 – ලෝක සමානාත්මතා දිනය
    මාර්තු 03 – ලෝක වන සත්ව දිනය
    මාර්තු 08 – ජාත්‍යන්තර කාන්තා දිනය
    මාර්තු මාසයේ දෙවැනි ඉරිදා – පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය
    මාර්තු 15 – ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය
    මාර්තු 20 – ලෝක ගේ කුරුළු දිනය
    මාර්තු 20 – ලෝක ප්‍රීතිමත් දිනය
    මාර්තු 21 – ජාතීන් අතර අසමානතාවය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
    මාර්තු 21 – ලෝක කාව්‍ය දිනය
    මාර්තු 21 – ලෝක ඩවුන් සහලක්ෂණ දිනය
    මාර්තු 21 – වනාන්තර සහ ශාක පිළිබඳ ජාත්‍යන්තර දිනය
    මාර්තු 22 – ලෝක ජල දිනය
    මාර්තු 23 – ලෝක කාලගුණ විද්‍යා දිනය
    මාර්තු 24 – ලෝක ක්ෂය රෝග දිනය
    මාර්තු 24 – දළ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධව සත්‍යය සහ විපත්වලට ගොදුරුවූවන්ගේ ගරුත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය
    මාර්තු 25 – වහල්භාවයට හා අන්තර්මහාද්වීපික වහල් වෙළෙඳාමට ගොදුරු වූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය
    මාර්තු 25 – රඳවාගත් සහ අතුරුදහන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයන් සම්බන්ධ ජාත්‍යන්තර සහයෝගිතා දිනය

    අප්‍රේල් මාසය
    අප්‍රේල් 02 – ස්වේච්ඡතාව (Autism) පිළිබඳ දැනුවත්වීමේ ලෝක දිනය
    අප්‍රේල් 02 – ලෝක ළමා පොත් දිනය
    අප්‍රේල් 04 – බෝම්බ (බිම් බෝම්බ) පිළිබඳ දැනුවත්වීම සහ බිම් බෝම්බ ඉවත්කිරීම සඳහා සහායවීම් පිළිබඳ ජාත්‍යන්තර දිනය
    අප්‍රේ්ල් 06 – සංවර්ධනය සහ සාමය සඳහා ක්‍රීඩාව යොදාගැනීම පිළිබද ජාත්‍යන්තර දිනය
    අප්‍රේල් 07 – ලෝක සෞඛ්‍ය දිනය
    අප්‍රේල් 12 – මානව අභ්‍යවකාශ ගමන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
    අප්‍රේල් 22 – ජාත්‍යන්තර මිහිකත් මාතා දිනය
    අප්‍රේල් 23 – ලෝක ග්‍රන්ථ සහ ග්‍රන්ථ හිමිකම් දිනය
    අප්‍රේල් 23 – ලෝක ඉංග්‍රීසි භාෂා දිනය
    අප්‍රේල් 25 – ලෝක මැලේරියා දිනය
    අප්‍රේල් 26 – ලෝක බුද්ධිමය දේපළ දිනය
    අප්‍රේල් 28 – සේවයේදී සුරක්ෂිතභාවය සහ සෞඛ්‍යය සම්බන්ධ ලෝක දිනය
    අප්‍රේල් 29 – ලෝක නර්තන දිනය
    අප්‍රේල් 30 – ලෝක ජෑස් සංගීත දිනය

    මැයි මාසය
    මැයි 01 – ලෝක කම්කරු දිනය
    මැයි 03 – ලෝක ප්‍රවෘත්ති නිදහස් දිනය
    මැයි 05 – ජාත්‍යන්තර වින්නඹු මාතා දිනය
    මැයි 05 – අප්‍රිකානු ලෝක උරුම දිනය
    මැයි 08 – ලෝක රතු කුරුස දිනය
    මැයි 08 – ලෝක තැලිසීමියා දිනය
    මැයි 08 – 09 – දෙවන ලෝක යුද්ධයෙන් මියගිය අය සිහිපත් කිරීමේ දිනය
    මැයි 10 – ලෝක පක්ෂි සංක්‍රමණ දිනය
    මැයි 12 – ජාත්‍යන්තර හෙද දිනය
    මැයි 15 – ජාත්‍යන්තර පවුල් දිනය
    මැයි දෙවැනි ඉරිදා – මව්වරුන්ගේ ජාත්‍යන්තර දිනය
    මැයි 17 – ලෝක සන්නිවේදන සහ තොරතුරු සමාජ දිනය
    මැයි 18 – ජාත්‍යන්තර කෞතුකාගාර දිනය
    මැයි 21 – ලෝක සංස්කෘතික දිනය
    මැයි 22 – ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය
    මැයි 29 – ප්‍රසව භගන්දරාව අවසන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
    මැයි 29 – එක්සත් ජාතීන්ගේ සාම සාධකයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
    මැයි 31 – ලෝක දුම්කොල විරෝධී දිනය

    ජුනි මාසය
    ජූනි 01 – ලෝක දෙමාපිය දිනය
    ජුනි 04 – අාක්‍රමණයේ ගොදුරු බවට ලක් වූ අහිංසක දරුවන් සම්බන්ධ ජාත්‍යන්තර දිනය
    ජූනි 05 – ලෝක පරිසර දිනය
    ජුනි 08 – ලෝක සාගර දිනය
    ජුනි 12 – ළමා ශ්‍රමයට එරෙහි ලෝක දිනය
    ජුනි 13 – ඇලිතාවය පිළිබඳ (Albinism ) ලෝක දිනය
    ජුනි 14 – රුධිර දන්දීම පිළිබඳ ලෝක දිනය
    ජුනි 15 – වැඩිහිටි අපයෝජනය පිළිබඳ ලෝක දිනය
    ජුනි 17 – කාන්තාරකරණයට සහ නියඟයට එරෙහිව සටන්වැදීමේ ලෝක දිනය
    ජුනි 20 – ලෝක සරණාගත දිනය
    ජූනි 21 – ලෝක සංගීත දිනය
    ජූනි 21 – පියවරුන්ගේ දිනය
    ජුනි 21 – ලෝක යෝග දිනය
    ජුනි 23 – එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා දිනය
    ජුනි 23 – ජාත්‍යන්තර වැන්දඹු දිනය
    ජුනි 23 – ලෝක ඔලිම්පික් දිනය
    ජුනි 26 – මත්ද්‍රව්‍ය අපයෝජනය සහ නීති විරෝධී ප්‍රවාහනයයට එරෙහි ජාත්‍යන්තර දිනය
    ජුනි 26 – වද හිංසනයට ගොදුරුවූවන්ට සහාය වීමේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය

    ජූලි මාසය
    ජූලි මස මුල් සෙනසුරාදා – ජාත්‍යන්තර සමුපකාර දිනය
    ජූලි 02 – ලෝක හඳුනානොගත් පියාසර වස්තූන් දිනය
    ජූලි 11 – ලෝක ජනගහන දිනය
    ජූලි 15 – ලෝක යොවුන් හැකියා දිනය
    ජූලි 18 – ජාත්‍යන්තර නෙල්සන් මැන්ඩෙලා දිනය
    ජූලි 26 – මෙම කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය
    ජූලි 28 – ලෝක හෙපටයිටිස් දිනය
    ජූලි 30 – ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය
    ජූලි 30 – නීති විරෝධී මිනිස් ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය

    අගෝස්තු මාසය
    අගෝස්තු මාසයේ පළමු ඉරිදා – ජාත්‍යන්තර මිතුරු දිනය
    අගෝස්තු 09 – ලෝක ආදීවාසීන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
    අගෝස්තු 12 – ජාත්‍යන්තර (තරුණ) යොවුන් දිනය
    අගෝස්තු 19 – ලෝක මානවවාදී දිනය
    අගෝස්තු 19 – ලෝක ඡායාරූපකරණ දිනය
    අගෝස්තු 21 – ලෝක විලාසිතා දිනය
    අගෝස්තු 23 – වහල් වෙළෙදාම සහ එය අහෝසිකිරීම අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය
    අගෝස්තු 29 – න්‍යෂ්ටික අත්හදාබැලීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය
    අගෝස්තු 30 -අතුරුදහන් කරවූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය

    සැප්තැම්බර් මාසය
    සැප්තැම්බර් 05 – ජාත්‍යන්තර අසරණය සරණ දිනය
    සැප්තැම්බර් 08 – ලෝක සාක්ෂරතා දිනය
    සැප්තැම්බර් 15 – ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය
    සැප්තැම්බර් 16 – ඕසෝන් ස්ථරය සුරැකීමේ ජාත්‍යන්තර දිනය

    සැප්තැම්බර් 20 – විශ්වවිද්‍යාල ක්‍රීඩා පිළිබද ජත්‍යන්තර දිනය

    සැප්තැම්බර් 21 – ජාත්‍යන්තර සාම දිනය
    සැප්තැම්බර් 26 – න්‍යෂ්ටික අවි සහමුළින්ම තුරන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
    සැප්තැම්බර් 27 – ලෝක සංචාරක දිනය
    සැප්තැම්බර් 28 – ලෝක ජලභීතිකා දිනය

    සැප්තැම්බර් 28 – තොරතුරු උදෙසා විශ්ව ප්‍රවේශය පිළිබද ජාත්‍යන්තර දිනය

    ඔක්තෝබර් මාසය
    ඔක්තෝබර් 01 – ලෝක ළමා දිනය
    ඔක්තෝබර් 01 – ලෝක වැඩිහිටි දිනය
    ඔක්තෝබර් 02 – ජාත්‍යන්තර අවිහිංසා දිනය
    ඔක්තෝබර් 04 – ලෝක සත්ත්ව දිනය
    ඔක්තෝබර් 05 – ලෝක ගුරු දිනය
    ඔක්තෝබර් මාසයේ පළමු සඳුදා – ලෝක ජනාවාශ දිනය
    ඔක්තෝබර් 08 – ලෝක දෘෂ්ටි දිනය
    ඔක්තෝබර් 09 – ලෝක තැපැල් දිනය
    ඔක්තෝබර් 11 – දැරියන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
    ඔක්තෝබර් 13 – විපත් අවමකිරීමේ ජාත්‍යන්තර දිනය
    ඔක්තෝබර්15 – ග්‍රාමීය කාන්තාවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
    ඔක්තෝබර් 16 – ලෝක ආහාර දිනය
    ඔක්තෝබර් 17 – දරිද්‍රතාවය තුරන්කිරීම පිළිබඳ ලෝක දිනය
    ඔක්තෝබර් 20 – ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනය
    ඔක්තෝබර් 24 – එක්සත් ජාතීන්ගේ දිනය
    ඔක්තෝබර් 24 – ලෝක සංවර්ධන තොරතුරු දිනය
    ඔක්තෝබර් 27 – ශ්‍රව්‍ය දෘශ්‍ය උරුමය පිළිබඳ ලෝක දිනය
    ඔක්තෝබර් 31 – ලෝක නගර දිනය

    නොවැම්බර් මාසය
    නොවැම්බර් 02 – පුවත්පත්කලාවේදීන්ට එරෙහි අපරාධ සඳහා දඬුවම් ලබානොදීම අවසන්කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය
    නොවැම්බර් 05 – ලෝක සුනාමි පිළිබද දැනුවත් කිරීමේ දිනය

    නොවැම්බර් 05 – රෝම භාෂාව පිළිබද ජාත්‍යන්තර දිනය

    නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
    නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය
    නොවැම්බර් 14 – ලෝක දියවැඩියා දිනය
    නොවැම්බර් මාසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් සැමරීමේ ලෝක දිනය
    නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය
    නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය
    නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
    නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය
    නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය
    නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
    නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

    දෙසැම්බර් මාසය
    දෙසැම්බර් 01 – ලෝක ඒඩ්ස් දිනය
    දෙසැම්බර් 02 – වහල්භාවය තුරන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
    දෙසැම්බර් 03 – ආබාධිතයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය
    දෙසැම්බර් 05 – ආර්ථික සහ සමාජ සංවර්ධනය සඳහා වූ ලෝක ස්වේච්ඡා දිනය
    දෙසැම්බර් 05 – ලෝක පාංශු දිනය
    දෙසැම්බර් 07 – ලෝක සිවිල් ගුවන් ගමන් දිනය
    දෙසැම්බර් 09 – ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය
    දෙසැම්බර් 10 – මානව හිමිකම් දිනය
    දෙසැම්බර් 11 – ජාත්‍යන්තර කඳුකර දිනය
    දෙසැම්බර් 18 – ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දිනය
    දෙසැම්බර් 20 – ජාත්‍යන්තර මානව සහයෝගීතා දිනය

    source - puwatha.com