ජාතික අධ්‍යාපන ආයතනයේ දූෂිතයන් පන්නා දමම

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ජාතික අධ්‍යාපන ආයතනයේ දූෂිතයන් පන්නා දමම

    ජාතික අධ්‍යාපන ආයතනයේ දූෂිතයන් පන්නා දමමු...


    10940468_873017022748462_5840465943075848808_n.jpg

    ජාතික අධ්‍යාපන ආයතනය යනු ශ්‍රී ලංකාවේ පාසල් වල සියලු ශ්‍රේණි සඳහා විෂය නිර්දේශ සහ ගුරු මාර්ගෝපදේශ සකසන අයතනයයි. තවද ගුරුවරුන්ගේ දැනුම වර්ධනයට විවිධ වැඩමුළු සහ වැඩසටහන් මෙම ආයතයනය මඟින් පවත්වනු ලබයි. මීට අමතරව ජාතික අධ්‍යාපන ආයතනය මගින් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ඉටුකරනු ලබන සේවාවන් රාශියකි.

    නමුත් දැනට සිටින අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කුරිරු , අත්තනෝමතික ක්‍රියා කලාපය සහ දේශපාලන හිතවත්කම මත සිදු කල නව බඳවාගැනීම් උසස්වීම් හේතුවෙන් ජාතික අධ්‍යාපන ආයතනය විනාශයට යමින් පවතී. වසර හතරකට අධික කාලයක් පුරා දැනට සිටින අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ආයතනයේ සේවය කරනු ලබන අතර එම කාලය තුල ආයතනයේ සේවකයින්ගේ අතිකාල ඇතුළු දීමනා රැසක් කප්පාදු කර ලැබ ඇත. තමාට සිතැඟි පරිදි තීරණ ගනු ලබන මෙම පුද්ගලයා තම ආධිපත්‍ය පතුරවමින් ඉතා දැඩි හා කුරිරු පාලනයක් ගෙනයන බව පෙනේ.

    මෙම කාලය තුල බඳවාගැනීම් හා උසස්වීම් ලබා දීමේදි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති අතර නිසි සුදුසුකම් නොමැති පුද්ගලයන් රැසක් අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට බඳවාගෙන ඇත. එමෙන්ම නි‍යෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ලෙස සිටින බොහෝ පුද්ගලයන්ද නිසි සුදුසුකම් නොමැති අය බව පෙනීයයි. මීට අමතරව ආයතනය තුල වංචා දූෂණ රැසක් සිදුවී ඇති බව වාර්තාවේ.

    මෙවැනි කරුණු හේතුවෙන් ජාතික අධ්‍යාපන ආයතනය විනාශ මුඛයට යමින් පවතින අතර එය ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉතා හානිකර ලෙස බලපා තිබේ. මෙවැනි දූෂිත පුද්ගලයින් මෙම ආයතනය තුල සිටීමෙන් දැයේ දූ දරුවන්ගේ ඉගෙනීම අඳුරු තත්වයකට පත්වෙමින් තිබේ.

    දූෂිත පුද්ගලයින්ට දඬුවම් ලබා දෙන මෙවැනි වකවානුවක මෙම ආයතනයේ සිටින දූෂිතයන් ඉවත් කිරීමට රටේ සිටින සුවහසක් මහජනතාව පෙල ගැසිය යුතු කාලය එළඹ ඇත. රටේ ගුරු ගෙදර බඳු ජාතික අධ්‍යාපන ආයතනයේ සිටින දූෂිතයන් පලවා හැර දැයේ දරුවන්ගේ ඉගෙනීම සුරැකීමට දායක වෙමු...!!!

    වැඩි විස්තර සඳහා


    http://www.divaina.com/2014/11/03/gurusitha01.html

    http://www.lankadeepa.lk/index.php/articles/

    නව අධ්‍යාපන අමාත්‍යතුමනි මේ කාරුණික ඔබේ අවධානයටයි...

    ~ දූ දරුවන්, දෙමාපියන් ඇතුලු ඉගෙනීමට කැමති සියලු දෙනා මෙය share කර ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය මතු පරපුර වෙනුවෙන් සුරැකීමට දායක වෙමු. ~


    FB Link : https://www.facebook.com/slseeker?ref=eyJzaWQiOiIwLjg5Nzk4MzE0Mjg3MzI3MjMiLCJxcyI6IkpUVkNKVEl5VTB3bE1qQlRaV1ZMWlhJbE1qSWxOVVEiLCJndiI6Ijk0YWQwYTU1MTZkN2E4ZDdhOGFlZmIyZjgzYWFmMmU4ZTQyNGIyNTYifQ
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    අප්පා......... කතා කරල වැඩක් නෑ
    ඕකෙ තියෙන හොස්ටල්වලට වැඩියෙ කොටුවෙ වැසිකිලි ටික හොදයි

    hmm ow ban eka nam sahathika aththa.