ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ඇරඹීමේ තීරණය&

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ඇරඹීමේ තීරණය&

    (දසුන් රාජපක්ෂ)

    ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන්ට ජාතික ආරක්ෂාවට සම්බන්ධ ඉහළ මට්ටමේ හමුදා පාඨමාලාවක් පැවැත්වීම
    සඳහා ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ආරම්භ කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    විදේශීය ආරක්ෂක විද්‍යායතන විසින් වාර්ෂිකව ලංකාවට ලබාදෙනු ලබන පාඨමාලා සංඛ්‍යාව සීමිත බවද, එබැවින්
    අපේක්ෂිත පරිදි ආරක්ෂක අංශ පුහුණු කිරීමට නොහැකි වී ඇතැයිද පැවසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ඉහළ
    නිලධාරියකු අද(30) සඳහන් කළේ මේ හේතු මත ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවය.

    ශ්‍රී ලංකාව තුළ සියලු පහසුකම්වලින් අංග සම්පූර්ණ ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ආරම්භ කිරීමට අදාළව ඉදිරිපත්
    කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.

    මෙම විද්‍යායතනය ස්ථාපිත කිරීමට අදාළව පනතක් කෙටුම්පත් කිරීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ
    මහතා ඉකුත් වාරයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කළ බවද, ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය
    ලැබුණු බවද එම නිලධාරියා පැවසීය.

    කෙටුම්පත් කරන යෝජිත පනත සම්මත වීමෙන් අනතුරුව මෙම විද්‍යායතනයේ ඉදිරි කටයුතු ආරම්භ කරන බව
    එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

    http://www.lankadeepa.lk/
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,872
    113
    හස්තිශෛලපුර
    කාටද ඕක ප්‍රයොජනවන් වෙන්නෙ ? හමුදාවේ ඉන්න අයටද නැත්තම් අලුතින් ඉගෙන ගන්න අයටද
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ara UNP ponnayo wahapu kadadaasi kamhalai seeni kamhalai patan ganna kiyapanko
    mun karannema Tax gagaha wiyada karana eka witharai
    moda huththala