ජාතික ආරක්ෂාවට වෙට්ටු දමා නාවික හමුදාව ම&#3495

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ජාතික ආරක්ෂාවට වෙට්ටු දමා නාවික හමුදාව ම&#3495

    නැගෙනහිර මුහුදේ ආරක්ෂක රාජකාරියේ යෙදුණු පී 439 නාවික ඩෝරා යාත‍්‍රාවේ අණ නොතකා පැන යෑමට හැදූ බෝට්ටුවකට වෙඩි තබා නවතා පරීක්ෂා කළ ”වරදට” අද ලූතිනන් කමාන්ඩ වරයෙක්, ලූතිනන් වරයෙක් සහ නාවිකයන් 10 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගතව සිටී. වෙඩි තබා නවත්වන විට බෝට්ටුවේ සිටි පුද්ගලයෝ යමක් මුහුදට දමනුද නාවික භට පිරිස් දැක තිබේ. වෙඩි වැදීමෙන් බෝට්ටුවේ සිටි පුද්ගලයන් ගෙන් එක් පුද්ගලයකුට පමණක් කකුලට තුවාල සිදුවී ඇත. නාවික පිරිස ඔවුන්ව යාත‍්‍රාවේ නංවා ත‍්‍රිකුණාමල නාවික රෝහලට ගෙන ගොස් තුවාලකරුට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදී සියල්ලන්ම ත‍්‍රිකුණාමලය පොලිසියට නිසි පරිදි භාරදී තිබේ. පසුව එම හොරෙන් පැන යෑමට සෑදූ බෝට්ටුවේ සිටි පුද්ගලයන් නාවික හමුදා යාත‍්‍රාවේ සිටි සෙබළුන් තමන්ට පහර දුන්නා යැයි පොලිසියේ පැමිණිල්ලක් දමා තිබේ. එය උසාවියට ඉදිරිපත් කළ විට ත‍්‍රිකුණාමලය පොලිසිය ප‍්‍රකාශ කර ඇත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව එනතුරු නාවික භට පිරිස රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බවය. අද තම රාජකාරිය එසේ නිසි ලෙස ඉටු කළ නාවික නිලධාරීන් රටේ ජාතික ආරක්ෂාව ස්ථාපිත කිරීමට දිවි පරදුවට තබා සේවය කළ වරදට සිරගතව සිටී. (දිවි පරදුවට තබමින් යැයි පවසන්නේ තවමත් බෝම්බ අටවාගත් බෝට්ටු මුහුදේ තිබිය හැකි බැවිනි. එවන් ජීවිත අවදානමක්, රටේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා, රණවිරුවන් තවමත් අප අතර ඉන්නා බැව් මතක් කර දීමටයි.)

    මුහුදේ රාජකාරි කරන යාත‍්‍රාවක අණ නොතකා හඳුනා නොගත් බෝට්ටුවක් මෙසේ වේගයෙන් හැරී යන්නේ අනිවාර්යෙන්ම නීති විරෝධී ක‍්‍රියාවක යෙදෙන බැවිනි. නාවිකයන් වෙඩි තබා බෝට්ටුව නතර කරන විට මුහුදට දමා ඇත්තේ මත්ද්‍රව්‍ය හෝ වෙනත් භයානක පුපුරන ද්‍රව්‍ය අඩංගු පාර්සල් විය යුතුය. මේ බෝට්ටුවේ සිටි සියල්ලන්ම මුස්ලිම් ජාතිකයන්ය. එසේනම් නාවික රෝහලේ ප‍්‍රතිකාරත් ලබා දී පොලිසියට භාර කළ පුද්ගලයන් නාවික හමුදාවට විරුද්ධව නඩු පවරන්නේ මුස්ලිම් අන්තවාදී දේශපාලනඥයින්ගේ බලපෑමකටද? රජය එසේ පොලිසිය මගින් නාවිකයන් සිරගත කරන්නේ මුස්ලිම් දේශපාලනඥයන් තෘප්තියට පත් කොට ඊළඟ මැතිවරණයේදී මුස්ලිම් ඡුන්ද මුළුමනින්ම ලබා ගැනීමටද? එසේ නම් මෙම ක‍්‍රියාවලිය සුළු ජාතික ඡුන්ද වලට ගිජු කමින් රටේ ජාතික ආරක්ෂාව පාවාදීමේ තවත් එක් අංගයක් නොවන්නේද?

    පොලිසිය මෙසේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් රාජකාරිය කරන නාවිකයන්ව සිරගත කිරීමට අනුබල දෙද්දී එදිනම කොළඹ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තම අත පය අහිමි කරගත් රණ විරුවන්ට පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කරන පොලිස් පුද්ගලයෙක්ද අප දුටුවෙමු. අපේ රටේ ආබාධිත රණවිරුවන්ට මෙසේ සලකන විට වෙනත් රටවල එවන් අයගේ තත්ත්වය සම්බන්ධ සිද්ධියක් මට මතක් විය.

    මා ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණුව ලබන කාලයක ඇමරිකාව තුළ එක් ප‍්‍රාන්තයක සිට තවත් ප‍්‍රාන්තයකට යෑමට ඇමෙරිකානු ගෘහස්ථ ගුවන් යානයකට ගොඩ වුණෙමි. ගුවන්යානයේ සියලූම අසුන්වල මගින් පිරී සිටියහ. ගුවන් යානය ගුවන්ගත වීමට සුළු මොහොතකට පෙර ගුවන් නියමුවා ශබ්ද විකාශයෙන් සියලූම මගීන් ඇමතීය. ”මා ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මේ මොහොතේ මේ ගුවන් යානය තුළ අපේ මව්බිම වන ඇමරිකාව වෙනුවෙන් යුද්ධය කොට තුවාල වූ හමුදා නිලධාරියෙක් අසුන්ගෙන සිටිනවා. ඔහු දැන් විශ‍්‍රාම ගොස්. නමුත් ඔහු වන් කෙනෙක් මේ මොහොතේ අප අතර සිටීම අපට මහත් අභිමානයක්..... මහතාණනි, අප ඔබට ගෞරවය කරනවා” ගුවන් නියමුවා මෙසේ කීමත් සමඟම සියලූම මගින් ප‍්‍රීති ඝෝෂා කරමින් අත්පොලසන් නාදය දුනි. එම නිලධාරියා අසුනෙන් නැගිට සියල්ලන්ටම ආචාර කළේය. එදා මගේ ඇසට කඳුළක් උනා හෘද ස්පන්දනය වැඩිවූයේ එම හමුදා නිලධාරියාටත් වඩා ඔහුට ගෞරව කළ, රටට ආදරය කරන එම මගීන් කෙරෙහි ඇතිවූ භක්තිය නිසාය.

    ඊයේ දින මාගේ හෘද ස්පන්දනය වැඩි වූයේ මහ පාරේ තමන්ගේ අයිතීන් ඉල්ලා උද්ඝෝෂණය කළ ආබාධිත රණවිරුවන්ට ඉතාම නින්දිත අයුරින් තර්ජනාත්මක ස්වරයෙන් බැණ වැදුණු පොලිස් නිලධාරියාගේ එම අමන හැසිරීම දුටුව පසුවය. විදේශ රටවල්වල තම රට වෙනුවෙන් කැප වී ජීවිත අතපය පරිත්‍යාග කළ රණවිරුවන්ට මහපාරේ උද්ඝෝෂණය කිරීමට අවශ්‍ය නොවන්නේ ඔවුන්ව රජය මෙන්ම ජනතාවත් ඕනෑවටත් වඩා හොඳින් රැකබලා ගන්නා නිසාය. අපේ රටේ ආබාධිත රණවිරුවන්ට මහ පාරේ වාඩිවී අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් සිටින්නට වී ඇත්තේ තමන් ගැන රජය සැලකිල්ලක් නොදක්වන නිසාය. මෙසේ කාලයක සිට ඔවුන් කරන්නා වූ එම ඉල්ලීම කුමක්ද?

    යුද්ධයේදී ආබාධිත වූ අය යැයි සලකන්නේ කොටින් සමඟ යුද්ධ කොට අත්, පා, ඇස්, කන් පූජා කොට ආබාධිත වූ රණවිරුවන්ය. සමහර රණවිරුවන්ට, අත් දෙකම සහ ඇස් දෙකම අහිමි වී ගොසිනි. තවත් සමහරක්ගේ ඉනෙන් පහළ අප‍්‍රාණික අතර, සමහරෙක්ගේ බෙල්ලෙන් පහළ සම්පූර්ණ ශරීරයම අප‍්‍රාණිකය. මෙම සියලූම රණවිරුවන්ට සම්පූර්ණ මාසික වැටුප ලැබෙන නමුත් ඔවුන්ට අවුරුදු 55 පිරුණු පසු ලැබෙන්නේ විශ‍්‍රාමික වැටුප පමණි. එනම් දැනට ලැබෙන වැටුපෙන් 50% වඩා අඩු ප‍්‍රමාණයකි. ආබාධිත වී එක් තැනකට වී සිටින විට ඔවුන් විවිධ අතුරු රෝග වලට එනම් අධික රුධිර පීඩනය, සීනි, කොලෙස්ට්‍රොල් වැනි රෝගාබාධවලට භාජන වේ. ඔවුන්ගේ වැටුපෙන් සෑහෙන මුදලක් වැය වන්නේද එම රෝග වලට බෙහෙත් ගැනීමටය. නිරෝගීව සිටිමින් විශ‍්‍රාම යන්නන්ට කුමන හෝ සුළු රැකියාවක යෙදීමට පුළුවන. නමුත් බොහෝ ආබාධිත සෙබළුන් හට ජීවිතාන්තය දක්වාම අනුන්ගේ උපකාර මත යැපීමට සිදුවේ. ඔවුන්ගේ එම වැටුප අවුරුදු 55 පිරීමත් සමග මෙසේ එකවරම අඩු වුවහොත් ඒ ඔවුන්ගේ ඉදිරි ජීවිතය කෙබඳු විය හැකිද?

    තවද සටනේදී මියගිය රණවිරුවන්ගේ දෙමාපියන්ට ලැබෙන වැටුපද එකී රණවිරුවාට අවුරුදු 55 ක් පිරෙන විට ඉහත ආකාරයෙන්ම නවතී. රණවිරුවන්ට අවුරුදු 55 පිරෙන විට දෙමව්පියන් ඉතා මහලූ වයසේ බැවින් ඔවුනට මුළු වැටුප

    ගෙවන්නේ නම් එසේ කළයුතු වන්නේ තව වසර කීපයක් පමණි. සටනේදී මියගිය රණවිරුවාන්ගෙන් විවාහක අය සිටින්නේ ඉතාම අඩු ප‍්‍රතිශතයකි. මේ කරුණු සැලකිල්ලට ගන්නා විට රටේ සමස්ත ජාතියට බියෙන් සැකෙන් තොරව ජීවත්වීම සඳහා ත‍්‍රස්තවාදීන් සමඟ රට වෙනුවෙන් සටන් වැද ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ දෙමව්පියන්ට/ භාර්යාවන්ට එම වැටුප ජීවිතාන්තය දක්වා ගෙවීම සාධාරණ වන අතර, රජයක් විසින් රට වෙනුවෙන් කැපවූ එවන් වීරයන්ට එසේ සැලකීම රට වෙනුවෙන් කැප වන අනාගත සෙබළුන්ට මනා අභිපේ‍්‍රරණයක්ද වනු ඇත. එවන් සාධාරණ ඉල්ලීමකට අනුමැතියක් දීමට ඉදිරිපත් නොවන පාලකයන්ගෙන් ඇති ඵලය කුමක්ද ?

    වරක් ආබාධිත රණවිරුවන් දියත් කළ මෙවන් වූ උද්ඝෝෂණයකට පොලිසිය කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළේය. එම ප‍්‍රහාරය එල්ල කළ මුග්ධ පොලිස් නිලධාරියා තුවක්කුව අහසට එල්ල කරනු වෙනුවට එල්ල කළේ කෙළින්ම රණවිරුවන් වෙතටය. එම උණ්ඩය එක එල්ලේම ඇසක වැදුනු මහිරාජ් නමැති රණවිරුවාට එම ඇස සදාකාලිකවම අහිමි විය. මෙහිදී දුක්ඛාන්තය වන්නේ ඒ වන විට ඔහුගේ අනෙක් ඇසෙහි පෙනුම මුලතිව් හී ත‍්‍රස්තවාදීන් සමඟ කළ සටනේදී බොහෝ දුරට අහිමිවී ගොස් තිබීමය. එසේ නම් එම රණවිරුවාට එක ඇසක් කොටි ත‍්‍රස්තවාදයෙන් නැති වූ අතර, අනික් ඇස අහිමි වූයේ අපේම පොලිසියෙනි. මෙතැනදී වැදගත් වන්නේ පොලිසිය රණවිරුවන් කෙරේ දක්වන මෙම ද්‍රෝහී නින්දිත ආකල්පයයි. එනම් පොලිසිය තම හමුදාවට තම මිත‍්‍ර හමුදාවන් සේ නොසලකන ආකල්පයයි. මෙම ආබාධිත රණවිරුවන්ට ඊයේ දිනයේද එවන් වූ ආකාරයට ඉතා නින්දිත පහත් ලෙස සැලකුවේ තවත් පොලිසියේ නිලධාරියෙකි. උතුරේදී ත‍්‍රස්තවාදීන් පොලිසියට පහර දෙනවිට වහා එහි පැමිණ තම පොලිස් මිතුරන් බේරා ගැනීමට

    ගොස් ආබාධිත වූ රණවිරුවන් ද එම පිරිසේ සිටියහ. මෙම ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයෙන් ජනතාවට අවහිර/ බාධා පැමිණෙන්නේ නම් ඔවුන්ව ඉවත් කළ යුත්තේ හෝ ඔවුනට කතා කළ යුත්තේ නිසි ගෞරවය දක්වමිනි. මන්ද ඔවුන් ආබාධිත වී ඇත්තේ වෙනත් කිසිම හේතුවක් නිසා නොව එම පොලිස් නිලධාරියාගේ පවුලද ඇතුළුව රටේ සමස්ත ජනතාව රැක ගැනීමට ගිය බැවිනි. අන්තරේට සලකන විදිහට රට ආරක්ෂා කරන්න ඉදිරිපත්වී අත පය අහිමි කරගත් රණවිරුවන්ට කුමන හෝ පොලිස් නිලධාරියෙක් සලකන්නේ නම් ඔහු ලක් මවගේ සුජාත පුත‍්‍රයෙක් විය නොහැකිය. මන්ද සුජාත පුද්ගලයා යනු තම මව්බිමට මෙන්ම මව්බිම දිවිහිමියෙන් ආරක්ෂා කරන රණවිරුවන්ටද ගෞරව කරන කෙනෙක් බැවිනි.

    මුහුදේදී නීති විරෝධී ලෙස පැන යන බෝට්ටුවක් අල්ලාගත් නාවිකයන්ට අද සිරබත් කන්න සිදුවී ඇත්තේද පොලිසිය උසාවියේ දී ඔවුනට ඇප ලබා දීමට විරුද්ධ වූ නිසාය. එසේනම් පොලිසියට මේ සිදුවී ඇත්තේ කුමක්ද? අප ජිනීවා ගොස් කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන සමඟ සටන් වදින්නේ ද මානව හිමිකම් කවුන්සිලයේදී කතා කරන්නේද ත‍්‍රිවිධ හමුදාවේ මෙන්ම ලංකාවේ පොලිස් නිලධාරීන්ගේද ගෞරවය, අභිමානය රැක ගැනීමටය. සාමසාධක හමුදාවට තේරී පත්වී මෙතෙක් එසේ යෑමට නිශ්කාශන වාර්තා ලබාදී නොමැති පොලිස් නිලධාරීන් වෙනුවෙන් ලංකාවේ මානව හිමිකම් කොමිසමට විරුද්ධව ජිනීවා හි කරුණු දැක්වූයේද මාය. අප එසේ කරන්නේ යුද්ධයට සහභාගි වූ රණවිරුවන් සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් අප දක්වන ගෞරවය නිසාය. නමුත් රණවිරුවන්ට පොලිස් නිලධාරීන් සලකන්නේ මෙසේ නම් ඉදිරියේදී රණවිරුවන් වශයෙන් අපෙන් ඔවුනට ලැබෙන සහායද නොලැබෙනු ඇත. වැරැද්දක් කළ රණවිරුවෙක්ට නීති ප‍්‍රකාර කටයුතු නොකළ යුතුය යන්න මෙයින් අදහස් නොවේ. වැරැද්දක් කළොත්, සාක්ෂි තිබේ නම්, නීතිය රණ විරුවාද ඇතුළුව සැමට එක සමාන බව සියල්ලන්ම දනී. එසේ කිරීමට අපේ කිසිදු විරුද්ධත්වයක් නොමැත. නමුත් බුද්ධි අංශයේ කර්නල් ෂම්මි ඇතුළු රණවිරුන් 11 දෙනෙක් මාස 14 ක් සිරගත කළේ සාක්ෂි නැතිවය. අප එසේ කියන්නේ ඔවුන් ඇප ලබා වසර 2 ක් ගත වී ඇතත් පොලිසියට නඩු දැමීමට නොහැක්කේ අවශ්‍ය සාක්ෂි නොමැති නිසා බැවිනි. පොලිසිය එසේනම් පළමුව ඔවුන්ව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේත් පසුව අපරාධ නීතිය යටතේත් සිරගත කොට ඇත්තේ පිළිගත හැකි සාක්ෂි නැතිවය. එසේ කර ඇත්තේ දේශපාලන බලපෑමට දෙමළ අන්තවාදී දේශපාලනඥයන්ගේ සහ ජිනීවා මානව හිමිකම් කොමිසම තෘප්තිමත් කිරීම සඳහාය. අප පොලිසියේ මෙම දේශද්‍රෝහී ක‍්‍රියාව පිළිකුල් සහගත ලෙසින් හෙළා දකින්නේ එබැවිනි.

    එදා ත‍්‍රිකුණාමලයේ කුච්චිවැලි කඳවුරේ පොලිසියට ත‍්‍රස්තවාදීන් පහර දෙන විට වහා එහි දිවගිය නාවික ලූතිනන් ප‍්‍රනාන්දු ත‍්‍රස්තවාදි ප‍්‍රහාරයෙන් තම ජීවිතය පූජා කළේ තම පොලිස් සගයින් බේරා ගැනීමට ගිය බැවිනි. මෙදා ජාතික ආරක්ෂාව වෙනුවෙන් රාජකාරියක් කළ නාවික භටයින්ට, ත‍්‍රස්තවාදීන් විය හැකි චූදිතයන් විසින් කළ පැමිණිල්ලකට, ඇප දීම ප‍්‍රතික්ෂේප කොට සිරගත කිරීමට අනුබල දුන්නේ එවන් වූ පොලිසියයි. පොලිසිය නාවික හමුදාවට කළගුණ සලකන්නේ එසේය. ඔවුන්ගේ පොලිස් පොතට අනුව එය කෙසේ හෝ සාධාරණීය කළ හැකි නමුත් හෘද සාක්ෂියට අනුව එය නිහීන ක‍්‍රියාවකි.

    ඊයේ දින මහ පාරේ කුසගින්නේ දුක් විඳිමින් තම අයිතීන් ඉල්ලා උද්ඝෝෂණය කළ ආබාධිත රණවිරුවන්ට පරුෂ වචනයෙන් බැන වැදීම පොලිසිය විසින් කරන ලද තවත් බරපතළ වැරැද්දකි. පොලිසියේ සිටින, හොඳ පාසලකින් ඉගෙනීම නොලැබූ, හොඳ මාපිය ගුරුවරුන් යටතේ නොවැඩුණු, පහත් පුද්ගලයන් විසින් කරන්නා වූ මෙවන් හැසිරීම් වලට පොලිසියේ උසස් නිලධාරීන් රණවිරුවන්ගෙන්, හමුදාවෙන් සමාව ගත යුතුය. මන්ද හමුදාව සහ පොලිසිය අතර මනා අවබෝධයක්, සුහදතාවක් රටේ ආරක්ෂාව වෙනුවෙන් පවත්වාගත යුතු නිසාය. යුද්ධයකදී විශේෂ කාර්ය බළකාය හැර සෙසු පොලිස් නිලධාරීන්ගේද ආරක්ෂාවට වහා පැමිණ සහාය වන්නේ හමුදාවය.

    ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යනු ප‍්‍රධාන වශයෙන් රටේ වැසියන්ට බියෙන්, සැකෙන් තොරව සාමයෙන් සතුටින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි. පසුගිය යුද්ධයේදී එවන් පරිසරයක් නිර්මාණය කිරීමට ගොස් අපේ රණවිරුවන් 29000 ක් දිවි පිදූ අතර, 14000 ක් ආබාධිත වූහ. ඒ අතර පොලිස් නිලධාරීන් ද සිටී. එසේ නම් යුද්ධයෙන් පසු හමුදාව සහ පොලිසිය අතර දැඩි සුහද සම්බන්ධයක් තිබිය යුතු නොවේද? පෙර සඳහන් කළ ලෙස ආබාධිත රණවිරුවන්ට සහ නාවිකයන්ට එසේ ප‍්‍රතිචාර දැක්වූ පුද්ගලයන් අනිවාර්යයෙන්ම කිසිසේත්ම යුද්ධයට ඍජුව සහභාගි වූ අය විය නොහැකිය. මන්ද යුද්ධයේ ඇති භයානකකම, කරන්නා වූ කැප කිරීම, හමුදාව සහ පොලිසිය අතර තිබෙන සුහද සබඳතාවය ගැන මනා අවබෝධයක් ඇත්තේ යුද්ධයට ඍජුව සහභාගි වූ අයට මිස යුද්ධයෙන් පසු පොලිසියට බැඳුණු හෝ නිවට ලෙස යුද්ධය මග හැර සිටි අයට හෝ නොවන බැවිනි.

    එසේනම් පොලිසියේ එකෙකු දෙන්නෙකුගේ අමන ක‍්‍රියාවලියෙන් මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම අවමානයක් නොවන තැනට කටයුතු කිරීම උසස් පොලිස් නිලධාරීන්ගේ වගකීමයි. එම වගකීම ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ඉටු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.



    රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
    divaina 15-09-2019
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    source eka dapan, nethuwa methane wechi dewal uba hariyata balagena hitiyada, thopila thamai jathiwadaya adinne, wedak nethnam ara vdo eka balala athe gahapan ban
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
    divaina 15-09-2019


    divaina boru hilak, Sarath anith boru hila, owath source da ban
    Sarath navy eke lokkada ban?
    ey ban navy eken report ekak danne neththe,

    ubalath anunge lanu kapalla
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,119
    3,968
    113
    divaina boru hilak, Sarath anith boru hila, owath source da ban
    Sarath navy eke lokkada ban?
    ey ban navy eken report ekak danne neththe,

    ubalath anunge lanu kapalla
    ඇයි බං මේ උඹේ ජාතියටම කෙලින උන් වෙනුවෙන් උඹ සටන් කරන්නේ? උඹට අම්මෙක් අප්පෙක් ජාතියක්, අඩු ගානේ උඹේ තාත්ත කවුද කියල ආරංචියක් වත් නැද්ද? එහෙමනං ඉතින් උඹට අනුකම්පා කරන්න වෙනවා.
     
    • Like
    Reactions: malakadss

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    divaina boru hilak, Sarath anith boru hila, owath source da ban
    Sarath navy eke lokkada ban?
    ey ban navy eken report ekak danne neththe,

    ubalath anunge lanu kapalla

    සරත් වීරසේකර කියන්නේ කවුද කියලා නේවි එකේ අය දන්නවා.. ඇයි රිපොට් එකක් දෙන්නේ නැත්තේ කියලා නෙවි එකේ ඉන්න එකෙක්ගෙන් අහපන්..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අම්මා තාත්තා නෑති අවජාතකයන්ට ලමයි නෑති වද පොන්සියන්ට source ද ඕනේ. ඉදා බෑදලා කාපල්ලා.

    අණ නොතකා ධාවනය කල සින්හලයන්ට මෑරෙන්න වෙඩි තිබ්බත් අවුලක් නෑ, පාසලට ආපු තාත්තට මෑරෙන්න වෙඩි තිබ්බත් අවුලක් නෑ. ඒත් තම්බින්ව අත් අඩන්ගුවට ගන්නවත් බෑ. නීතිය සාධාරණව ඉටු නොවෙනවා කියන එක හොදටම ඔප්පු වෙනවා.



    දිවයින



    http://divaina.com/sunday/index.php...q0hhRrv3RKw9qtgMsxRNxY_Ik1_amqwLcHlVnjSNKjmuA


    දිවයින බොරු කියන හම්බයන්ට පශ්චාත්භාගේ දෙන එවුන්ට

    lankadeepa.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ එන් පී කෙරුවාව තමයි ඔය, නාවික හමුදාවට වෙඩි තියන්ඩත් දැන් පොන්නයගෙන් අවසර ගන්ඩ වෙලා...සීහලුනි මේ පාරවත් මොලේ කල්පනා කරපියවු...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තේරුම් ගන්න බැරි මේ ආණ්ඩුවේ ආරක්ෂාවට දීල තියෙන තැන....
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තේරුම් ගන්න බැරි මේ ආණ්ඩුවේ ආරක්ෂාවට දීල තියෙන තැන....


    ahapan my3 ta call karala, oka thamai arakshaka amathi, lagadima mahinda ekka set wela chandeta enna inne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ahapan my3 ta call karala, oka thamai arakshaka amathi, lagadima mahinda ekka set wela chandeta enna inne

    දැන් නිවට සිරාට චන්දෙ දුන්න අපිද, ගූ ඇන් පී බැල්ලිගෙ පුතෝ... :angry::angry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ


    හාමුගේ වද කොයිපටේ උරලා නිදාගනින් පොන්නයෝ....2015 මිනිස්සු රැවටුනාට ආයි රැවටෙන්නේ නෑ....තොපේ හාමුට කරන්න පුළුවන් ලබ්බක් නෑ...අලයක් තරම් වත් මොලයක් නෑ...උගේ ඔලුවත් හිස්, ඇටත් හිස්....නියමම පොන්නයෙක් ........