මම JVP නෙවේ බං. මම වඩාත් කිට්ටු UNP කිවුවොත් හරි. හෙළ උරුමයටත් කැමැත්තක් තිබ්බා. එත් ඇත්තටම මට පක්ෂයක් නෑ.
මං මේ පාර චන්දෙ දාන්නත් නෙවේ හිටියේ... ඇතැම් කරුණු නිසා රනිල් ට ජනාධිපති වෙන්න කතිරේ ගහන්න අකමැත්තක් මට තිබ්බ නිසා. මහින්දට චන්දෙ දෙන්නෙත් නෑ. වෙන එකෙකුත් නැති නිසා චන්දෙ නොදා ඉන්න හිටියේ.. පස්සේ හැදිච්ච මෛත්‍රී ඇතුළු සන්දානයේ ප්‍රතිපත්ති නිසායි, හෙළ උරුමයත් සෙට් වෙච්චි නිසා අකමැති පාර්ශව හිටියත් මම මයිත්රිට චන්දෙ දෙන්න තීරණය කලේ.
ඒක දුන්නා. ඒ වැඩේ ඉවරයි. එහෙම කියලා මයිත්‍රි,රනිල්,පාටලී.... etc කරන හැම කෙහෙල්මල ම හරි කියන තැනට වැටෙන්නේ නෑ මම. ඒ වගේම නැවත වතාවක් මේ පාර්ශවයන්ටම අදාලව චන්දෙ දෙනවා කියලත් නෑ.
හරි දේට හරි කියන්නත්, වැරදි දේට වැරදි කියන්නත්, අකමැති දේට අකමැති කියන්නත්, කැමති දේට කැමති කියන්නත් පක්ෂය මත, ජාතිය මත රඳා පවතින එක වැරදි අපි බෞද්ධ නම්. නේද? එහෙම කියන්න බැරි නම් අපි බෞද්ධයොත් නෙවේ.
ව්‍යවස්ථාවේ කලින් තිබුනා වුනත්, ජාතික ගියක් නම් ඒක මුළු රටටම එකක් විය යුතුයි. ඒක භාෂා අනුව වෙනස් වෙන්න බැහැ. වෙනත් භාෂා වලින් තේරුම දැන ගත්තාම ඇති. ඒ අනුව 2010 මහින්ද ඒ කල දේට මම එකඟයි. අපි ප්රජාතන්ත්රවාදය පිහිටුවනවා කියලා ඔය තත්වයට පත්විය විය යුතු නැහැ.
අපි ඕන තරම් පාලි ගාථා පාඩම් කරන්නේ? තේරුම 100% දැනගෙනවත්, පාලි කතා කරන නිසාවත්, පාලි ඉගන ගන්න නිසාවත් නෙවේ නේ. විසි තිස් පාරක් කියන කොට නිකාම්ම පාඩම් වෙනවා. ඒ නිසා දෙමල මිනිසුන්ට සිංහල ජාතික ගීය කටපාඩම් කර ගන්න කිසිම අමාරුවක් නෑ. ඒ නිසා ඔය වැඩේට මම විරුද්දයි කවුරු මොනා කිවුවත්. මම චන්දෙ දුන්නේ ඕවා කරන්න නෙවේ. චන්දෙ දෙන්න හේතු වෙච්ච දේවලුත් සිද්ද වෙන අතරේ මේ වගේ ඒවත් වෙනවා.
හැමෝටම පොදු දේවල් වැඩි වෙද්දී තමයි ජාතින් අතර සාමය සමඟිය වැඩි වෙන්නේ. නැතුව ඒ ඒ පාර්ශවයන්ට වෙන් වෙන් වූ ඒවා වැඩි වීමෙන් නෙවේ. එහෙම වෙන්න ඕන ඒවා තියනවා. නමුත් හැම දේම නෙවේ.
ඒ වගේම අපි දෙමල කියලා පහත් කරන එකත් වැරදියි. මොකද ඒ මිනිස්සු අපේ රටේ ඉන්නේ දැන් අවුරුදු දෙදාස් ගානක ඉඳන්. ක්‍රි. පු 145 (මතක හැටියට) දුටු ගැමුණු රජ දවස ඉඳන් තමයි දෙමල මිනිස්සු අපේ රටේ ඉන්නේ. දෙමල මිනිස්සුන් ගේ ශ්‍රී ලංකා අතීතය අපිට වඩා පොඩි වෙන්නේ අවුරුදු තුන් හාරසියකින් වගේ. ඒ වගේම මේ රටේ කිසිම පාලකයෙක් ඒ සාමාන්‍ය අහිංසක දෙමල වැසියන්ව සමුල ඝාතනය කලෙත් නෑ කරන්න හැදුවෙත් නෑ අද වෙනකම්. ඒ නිසා දෙමළෙක් කියල අපිට ඒ මිනිස්සු හතුරෝ කියලා හෝ පහත් කියලා හෝ සලකන්නත් බෑ එක පැත්තකින්.
ජනාධිපති කියන්නේ මුළු රටටම. සිංහල ජාතියටවත්, දකුනටවත් නෙවේ. උතුරේ මිනිස්සුත් කතිරේ ගැහුවා නේ. ඒ නිසා හැම දේම බැලන්ස් කරගෙන යන්න තමා තියෙන්නේ... බලමු ඉදිරියට......![]()
ඕක තමා කියන්නෙ තීරණයක් ගන්න කොට හොදට හිතන්න කියලා.. මටත් මහින්ද කරපු දේවල් ගැන වැඩි පැහැදීමක් තිබ්බෙ නැහැ අන්තිම කාලෙ.. ඒත් 2005 පැරදිච්ච, 2010 පැරදිච්ච අපත දෙට් එක එකට ගොනු වෙද්දි මහින්දට දෙනව ඇර වෙන කරන්න දෙයක් තිබ්බෙ නැහැ.. හැබැයි අදත් ඒ ගත්ත තීරනෙ ගැන දුකක් නැහැ.... චන්දෙන් වත් රටට අහිතක් කලේ නැහැ.......




