කෑප්ටන් Jack Sparrow;18062187 said:මචං මම සංසාරේ ඉපිද ඉපිද මැරෙන්න ඇති, එත් මම අදහස් කලේ මචං සමස්තයක් වශයෙන් ලංකාවේ ඉන්න සිංහලයෝ ගැන මිසක් මගේ ගැන නෙමෙයි.
මචං මට මතක විදිහට උබල අපි හම්බ හලාල් ප්‍රශ්නෙදි එකට කිරියේ කෑ ගහපු එවුන්, අපි හැමෝම මැරෙනවා නම්, මේ හැමදේම අස්තිරයි නම් මොකටද එදා උබ හලාල් ප්‍රශ්නෙදි ලේ කෝප කරගත්තේ?
මම නම් එදා කිරියේ හම්බයට විරුද්ධ උනේ ලංකාවේ උපදින්න ඉන්න සිංහල බෞද්ධය ගැන හිතල, අඩුම තරමේ මට මේ භවේදී මාර්ගඵල අවබෝධ කරගන්න බැරි උනත් අනාගතේ තව අවුරුදු 100කින් ලංකාවේ ඉපදෙන එක්කෙනක් හරි මම වගේම අනිත් අයත් අද කෑ ගහන නිසා ධර්මය රැකිලා නිර්වාණය අවබෝධ කරගනීවි කියන දේ හිතුන නිසා.
මොනවද ඇහුව නේද දෙමළට දීපු සිංහලයට නොදීපු දේ? (ටිකක් සාධාරණව ඉස්සර වගේ ජාතිය ගැන හිතල මේ ගැනත් හිතල බලන්න, තේරුනේ නැත්නම් කියන්නම්)
වැරැද්ද ටොයි සින්හලයගෙයි බයි සින්හලයගෙයි, වෙන කාගේවත් නෙමෙයි.
මට කාත් එක්කවත් කොකු දාගන්න ඕනේ නැහැ මචං, ඉස්සර උබල අපි රට වෙනුවෙන් එක මතෙක හිටපු නිසයි මේ ගැනත් කිව්වේ.
ඇත්ත... මම හලාල් ප්‍රශ්නේ දි එකට කතා කළා.
හැබැයි අද මම එකාලෙට වඩා සැහෙන්න දෙයක් ඉගන ගත්තා බන්.
මම එදා කල්පනා කලේ පාරට බැහැලා මේකට විසඳුමක් හොයන්න.
පස්සේ මම තේරුම් ගත්තා පාරට බැහැලා ලබා ගන්න පුළුවන් ඉලවුවක් නැති බව.
එහෙම හිතපු එක මගේ මෝඩ කම.
අනික මටම විලිලජ්ජා හිතෙන වැඩේ තමා, මහින්ද ම හලාල් ඇති කරන්න කටයුතු කරලා, මහින්දම එකට විරුද්ධව වැඩකරන්න පිරිසක් හදලා, ඒ කුමන්ත්‍රනෙට මමත් අහුවෙලා නටපු එක.
මුසල්මනුවෝ අපිට හලාල් ගන්න කියලා බල කලේ නෑ. සිංහලයෝ එකමුතු වුනා නං එකතු වෙලා හලාල් නොගෙන හිටියා නං බිස්නස් පාඩු වෙලා ඕක නවත්වා ගන්න තිබ්බා. ප්රජාතන්ත්රවාදී පාලනයක හිටියා නම් සාකච්චා කරලා හරි මොකක් හරි කර ගන්න තිබ්බා. දෙකෙන් එකක් වත් තිබ්බේ නෑ.
මම ඔතන කිවුවේ මෙහෙම දෙයක්. සිංහලයාට සියලු පහසුකම් තිබ්බා නැද්ද? සිංහලයෝ එකෙන් ප්‍රයෝජනයක් අරන් ද ඔය කෑ ගහන්නේ? උතුරේ දෙමල මිනිස්සුන්ට නැති බොහෝ පහසුකම් දකුණේ සිංහලයාට තිබ්බේ නැද්ද? මුසල්මනුවන්ට ලැබිච්ච දේවල් අපිත් පරිහරණය කලේ නැද්ද?
ඔවු ජාති කෙස් නිසා වෙනස් කම් තියනවා. එත් මන් අහන්නේ,
මේ රටේ සිංහලයන්ට වඩා පහසුකම් වරප්‍රසාද මහා විශාල වශයෙන් මුසල්මානුවන්, ද්‍රවිඩයන් ගත්තාද? මම නම් එහෙම දෙයක් දැක්කේ නෑ. උඹ එහෙම දෙයක් දැක්කා නම් කියපන්.
හැමදේම සමස්තයක් විදිහට මධ්‍යස්තව බලලා කියපන්..
එහෙම බලනකොට පෙනිච්ච අඩුපාඩු මටත් තිබ්බා ඒවාට විසඳුමක් හොයන්න තමයි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන වැඩපිළිවෙලට මම කැමති වුනේ. ඉස්සර මමත් කරලා තියෙන්නේ ප්රශ්නය උඩු දුවන්න වැඩ කරපු එක. දැන් ඒක වෙනස් වෙලා. දැන් හොයන්නේ ප්‍රශ්නෙට විසඳුමක්.
යතාර්ථය බැලුවොත් කිසි දවසක දෙමල/මුස්ලිම් තෝර ලංකාවක් ඉදිරියට හැදෙන්නේ නෑ. අනිවාර්යෙන්ම උන් ඉන්නවා. අපි ගන්න පියවරක්, හදන සැලසුමක් හදන්න ඕනේ ඒවටත් හරියන්න. එකයි ඇත්ත.




mama meka meeta maasa ganakata kalin kiwwama hama ekama polla ussagatta 