Facebook පිටු ඇසුරෙන් ජාතික ගීය දෙමළෙන් ගැයීම ප‍්‍රශ්නයක් වුණේ කාටද?
යම්කිසි පුද්ගලයෙකුට ජාතික ගීය ගයන විට එම රට පිළිබඳව ආදරයක්, ගෞරවයක්, අභිමානයක් ඇතිවීමට නම් එම පුද්ගලයා ජාතික ගීය තමාට හොඳින්ම වැටහෙන, සිතට වදින භාෂාවකින් ගායනා කළ යුතුය. ඔබ සිංහල පුද්ගලයෙකු නම් ඔබේ මව ඔබට පුතා/දුව ලෙස ආමන්ත්‍රණය කළ විට එහි ඇති ලෙංගතු භාවය ඇය ඔබට மகன்/மகள் ලෙස ඇමතුවාට ඇති නොවනවා සේම දෙමළ පුද්ගලයෙකු සිංහල භාෂාවෙන් ජාතික ගීය ගැයුවාට ඒ තුළින් ශ්‍රී ලංකාව කෙරෙහි ඇතිවන ආදරය, ගෞරවය, අභිමානය ඔහු/ඇය කෙරෙහි ඇති නොවේ. එසේ නොවීමෙහි ප‍්‍රතිඵල වසර 30ක් පුරාවට අපි සියළුදෙනාම අත් වින්දෙමු.
ජනවාරි අටවෙනිදා කළේ ඔක්කොම එකතු වෙලා පොදු සතුරව ඉවර කරන්න පදනම දැම්මා විතරයි. ඒත් ඒ ගොන් මිනිහා කරපු දේවල් හින්දා මේ සටනට එකතු වුනු අය අතරත් එක එක විෂමතා පැන නඟිනවා යම් යම් කරුණු රටේ යහපත තකා ඉෂ්ට සිද්ධ කරන්න යනකොට.
මේ රට ඒකීය රටක්. ඒ රටේ ජාතික ගීයෙන් ඒ රටේ මිනිස්සුන්ට යම් හැඟීමක් එන්නේ ඒක එයාලගේ භාෂාවෙන් ගායනා කරද්දි නම් එහෙම කරන එක ප‍්‍රශ්නයක් වෙන්නේ කොහොමද..?
අනික ඒ දේ මේ පහුගිය අවුරුදු 60 පුරාම සිද්ධ වෙච්ච දෙයක්.
2010 දෙසැම්බර් 10 වැනිදා පැවැති කැබිනට් රැස්වීමට එවකට හිටපු ඇමති ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම නතර කළ යුතු බවට යෝජනාවක් ගෙනැවිත් එදා හිටපු එහෙයියෝ හා කියලා සම්මත කරලා නතර කරපු දෙයක් මේක.
ඒ දේ මේ ජනාධිපතිවත් මොළේ කල්පනා කරලා රටේ සුභසිද්ධිය උදෙසා අයින් කරපු දේට ඇයි අපි විරුද්ධ වෙන්නේ.
වැදගත්ම දේ වෙන්නේ මෙහෙම දෙමළෙන් ජාතික ගීය කිව්වද කියලාවත් දන්නේ නැති අය තමයි මේ දේට වැඩියෙන්ම විරුද්ධ වෙන්නේ.
තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා, ඒ දේ තමයි මේ රටේ ජාතික ප‍්‍රශ්නයට විසඳුම තියෙන්නේ අපි තුළමයි කියන එක. අපි අපේ ආකල්ප වෙනස් කරගන්නේ නැතිනම් තවත් අවුරුදු කීපයකින් ආයිත් අපි දෙකට බෙදිලා ගහගන්න ගනිවී. එදාට ඉන්න බුද්ධිමත් ජනතාව අද හිටපු අයට ශාප කරයි හරියට අද අපි එදා මහින්ද කරපු ගොන් වැඬේට ශාප කරනවා වගේ…!!