ජාතික තොටිල්ල

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ජාතික තොටිල්ල



දොයි දොයි දොයි දොය්ය බබෝ
බයි බයි බයි බයිය බබෝ

මුනි සිරිපා සිඹිමි න් නේ
සමනොල ගිරි පෙදෙසි න් නේ
මඳ සුළගයි මේ එ න් නේ
මගේ පුතා නිදිය න් නේ

නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහිකොට මෙලො වේ
යුතු කම ඉටු කළ යුතු වේ

විජය තුමා තම්මැ න් නේ
පිරිවර සෙන් සමඟි න් නේ
සිටි සැටි දැන් සිහිවෙ න් නේ
මගේ පුතා නැළැවෙ න් නේ


දෙන දිවි මුත් රට වෙනු වෙන්
ජාතික දරුවන් ලැබු වෙන්
මිදී නොයෙක් සතුරු මු වෙන්
ලක් මව් විසුවාය සු වෙන්

තවුසෙකු සේ ඇඳ පැළ ඳා
පඬුවස් දෙව් මහ නිරි ඳා
මා කඳුරින් ගොඩ බට දා
මගුලක් වී ලක මුළු දා

දෙව් පුර මෙන් දෙවිය න් නේ
සිරි ලක්දිව් බබළ න් නේ
එහි සක් දෙව් රජු මෙ න් නේ
මගේ පුතා ලොකු වෙ න් නේ

ලස්සන මෙන් මහ පොළො වේ
අනුරාපුර ඉදි කෙරු වේ
දොර මඬලේ කුමරිඳු වේ
උඹට පුතේ සුව එළ වේ

ජාතික රණ දෙරණ ම තේ
ගැටී වැටී මළ මොහො තේ
සුන්දර සුරඹුන්ගෙ අ තේ
නැළවෙනු බව සිතනු පු තේ

සිරි මහබෝ සිඹිමි න් නේ
මහමෙව්නා පෙදෙසි න් නේ
සුළං දැලක් මේ එන් නේ
මුට සිවි රජු සිහි වෙ න් නේ

ලක් වැසියන් කෙරෙහි නැ මී
අරහත් මහ මිහිඳු හි මී
පෙව්වේ උතුම් සඳහම් මී
පුත නුඹටත් පොවමි එ මී

එදා පටන් මෙසිරි ල කේ
සම්මා සම්බුදු මැණි කේ
දම් එළියෙන් අඳුරු මැ කේ
මිසදිටු විසකටු නොරැ කේ

දනන් කෙරේ මෙලක් දි වේ
පළමුව බොදු බැති වූ වේ
අප පියතිස් නරනිඳු වේ
ඉගෙන ගනින් මගේ දු වේ

ලන මෙන් මොක් පුර අ රවා
ලෝවා මහ පහ ක රවා
ඒ අප සිංහල ද රුවා
සිරිලක් මව් තුටු කෙ රුවා

ගොස් මාගම් පුර පව රා
අප මහ නා දෙරණිසු රා
මාගම් රජ පරම්ප රා
ඇති කොට විසුවේ එව රා

කරදර දහසක් හමු වී
ඉනටැකි නම් සිනා වෙ වී
ඔහු මෙලොවට පහළ දෙ වී
රජෙකැයි සලකණු මැන වී

සෙන් ගුත් දෙදෙනා මර වා
අසේල රජ රජ කෙරු වා
මේ ගැන සිහි කෙරුම ප වා
උඹට පුතේ සුව එළ වා

අවීචියේ කප් දහසෙත්
වහල් කමේ එක් දවසෙත්
වෙනසක් නැති බව සිතතොත්
උඹට පුතේ වැඩ සැලසෙත්

සසුනෙත් ජාතියෙත් ඔ පේ
දෙමළ දුමින් කරපු ලො පේ
එළාර සිහිකරන අ පේ
සිත ජාතික බැතින් කි පේ

තමන් ලැබූ දිවි පෙවෙ තේ
කොටසක් රට සමය වෙ තේ
පුද නොකොළොත් උඹෙන් පු තේ
මෙලොවට කිසි පළක් නැ තේ

තිස්ස රජුන් හට රුහු ණේ
එඩිතර කුමරෙක් ලැබු ණේ
ඉන්පසු සිරිලක් දෙර ණේ
ජාතික බැති මල් පිපු ණේ

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලො වේ
සමත් වෙතොත් පුත නුඹ වේ

දැක සස්නට වන විප තා
ඒ අප දුටු ගැමුණු පු තා
දෙමළුන් සුන් කරපු ක තා
ඉගෙන ගනින් මගේ පු තා

විජිත පුරේ කොටුවේ දී
කඩු පිට කඩු පහර දි දී
යුද කොට ජයගත් පරි දී
සිහි කරපන් පුත පැහැ දී

රුවන්මැලී සෑ ත නවා
මුනි පුත් සඟ ගණ පි නවා
ගිය එරජුන් සිහි වෙ නවා
මගේ පුතා නැළවෙ නවා

එළාරගේ මළකුණට ත්
ගරු බුහුමන් කළෙ ඉමහ ත්
ගැමුණු පුතාගේ මෙ සිරි ත්
පුරුදු කරන් පුතේ නුඹ ත්

ලියන’ තුරින් මෙලක් දි වේ
පළමුව මග පල ලැබු වේ
අප අනුලා දේවී වේ
එහෙම වෙයන් උඹත් දු වේ

සිය රට ගැන ළය උණු වී
වැද මහ මුහුදට බිලි වී
ආ ඒ කැළණියෙ දේ වී
මගේ පුතා නළවා වී

වැද යුද බිම නොම බිය වී
විහාර මහ රජ දේ වී
පෑ වික්මන් සැටි සිහි වී
මගේ පුතා ඔද වේ වී

තුදුස් වසක් වල් බැදි ලා
සිට දෙමළුන් බල බිඳ ලා
පුරඳුරු සිරි ඇර පා ලා
ලක එන සේසත් නඟ ලා

වළගම්බා නිරිඳු මහත්
පෑ දස්කම් සිහි කෙරුවොත්
පුතේ උඹේ ගතත් සිතත්
වෙයි උණුසුම් ලෙයින් සුරත්

අබය ගිරී සෑ තනවා
දඹුලු විහාරද කෙටවා
ලක් මවගේ ඒ දරුවා
මුනිඳු සසුන් හෙලි කෙරුවා

සියරට ගළවමියි පතා
දිවිදුන් සැඩ රිපුන් වෙතා
සෝමාදේවිගෙ පුවතා
ඉගෙන ගනින් මගේ පුතා

එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ

මැරුණොත් යළි උපදින්නේ
අතරක නෑ පවතින්නේ
එම මරණෙට ඉතිකින්නේ
ඇයිද පුතේ බය වෙන්නේ

බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි මෙහෙමයි
පුත නඹටත් එය උරුමයි

ගන්නෝරුවේ කඳු මුදුනේ
සිට රජසිහ එ දිනේ
නැංවු යුද හඬ මෙ දිනේ
රැව් දෙයි ම පුතුගේ සවනේ

සිංහල ඊ පහර වැදී
පරංගි සෙන් වැටුණ විදී
සිහි කෙරුවොත් සිතින් ළැදී
නුඹට අදත් පෙනෙයි ඇඳි

නිදහස් ලිය ලියලන්නේ
සම් මස් ඇට පොහොරින්නේ
මේ සිතිවිලි සමඟින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

පිළගම දේවාලේ වැදී
සිටි නිරිඳෙක් බයෙන් බැඳි
රෑ සිහිනෙන් දුටු පරිදී
පින් පැණ යුත් පුතෙක් ලදී

ඉන් පසු සිරිලක සිරියා
වැඩි විය සුර පුරෙක නියා
වැටෙමින් සිටි සිංහලයා
ගේ නම ලොව පැතිර ගියා

"නිවටුන්ගේ බිය සහදයි"
යනු කීවේ එ මහ රජයි
පුත නුඹගේ ගතයි හදයි
එ බසට යොමු කළොත් හොඳයි

ලක එක සේසත් සෙවණේ
තැබු ඒ නිරිඳුගේ සරණේ
ලද ම පුතුට මුළු දෙරණේ
වෙන සැප කිම එම පමණේ

"අහස් දියෙන් බිඳක් පවා
ඉවත නොගොස් නැවතේවා "
ඉටමින් මහ වැව් කණවා
වැඩ කෙළේ ඒ රජ දරුවා

ලැග සිටිමින් වහල් බවේ
මෙත් කෙරුවත් පලක් නොවේ
පුත නුඹ හද මල් ගොමුවේ
මේ මල් පිබිදිය යුතුවේ

කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩ ගෙන දස්කම්
පෑම තමයි සුරුවිරුකම්

සතුරුව පෙරමුණට එතොත්
අර මහමෙර සමඟ වුවත්
සතුරු වෙයන් පුතේ නුඹත්
ඒකයි හරි වීරකමත්

මිතුරුකමින් පෙරට එතොත්
දූවිල්ලක් එක්ක වුවත්
මිතුරු වෙයන් පුතේ නුඹත්
එයයි ලොවේ ගුණය මහත්

උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

සිරිකත මිණි විජිනි පතින්
පවන් සලයි නුඹට මෙතින්
බියක් සැකක් නො ව යහතින්
නිඳා ගනින් පුතේ ඉතින්

බීමට එක කිරි උගුරක්
කෑමට නිසි රස අහරක්
නැතියෙන් උඹ වැනි දහසක්
අනේ පුතේ විඳින දුකක්

අපිය අපේ රට රැක්කෝ
කියන අපේ ලොකු ලොක්කෝ
මේ බව තව නො ම දැක්කෝ
අපට ඉතින් බලයක් කෝ

මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරි කොට සිතතොත්
උඹයි මගේ පුතා සමත්

විහාර මහ රජ දේවී
ගැමුණු පුතා හා එක් වී
සිහිනෙන් නුඹ අමතාවී
කළ යුතු දෙය පවසාවී

කව්සේකර ගුත්තිල දා
සසදා සහ මුවදෙව් දා
මේ සිංහල ගත් සමුදා
දෙයි ම පුතුට නැණ පහදා

මියුරු කොවුල් සැළ පරෙවී
තිසර ගිරා සරණ අවී
මේ ගත්වල තියෙන කවී
රසය උරා බොනු මැනවී

විදු සක්විති ඇදුරිඳුගේ
බුත්සරණේ තිබෙන අගේ
දැන ගෙන පොඩි පුතා මගේ
වෙන්න උඹත් මතු එ වගේ

විසතුරු පද අරුත් සොමී
එක් කොට පඬි ගුරුළු ගැමී
කළ දේ පොතින් වැහෙන එ මී
මගේ පුතාටත් කවමී

සිනිඳු මොළොක් බව මලෙහී
පිරිසුදු බව පිනි බිඳෙහී
එක් වී මා පුතුගේ ළෙහී
අරක් ගනී හැම දිනෙහී

ජාතික දෙව් ගී ගයමූ
මුළු ලෝකෙ මත් කරමූ
නිදහස් දෙව් දූට හමූ
වෙන්ට අපිත් පෙරට යමූ

කුල බේදය ලියලන්නේ
ජාතික බැමි පුපුරන්නේ
මේ රට මේ විපතින්නේ
උඹ ද පුතේ ගලවන්නේ


 

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
දේශප්‍රේමීන් ටික එන්නේ රණ්ඩු කරන්න විතරයි වගේ lol
මෙහෙම එකක් දැම්මොත් no comments.!
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දේශප්‍රේමීන් ටික එන්නේ රණ්ඩු කරන්න විතරයි වගේ lol
    මෙහෙම එකක් දැම්මොත් no comments.!
    18+ කියලා දාන්න :rofl::baffled:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මෙච්චර හොඳ දෙයක් Mesozoic පල කරලා තියෙනවා...උඹලට නිකමට අහක් ඇරලා බලන්න හිතෙන්නේවත් නෑ නේද?