ජාතින් අතර අවබෝධය
රට ඉදිරියට ගෙන යන්නේ ජාතින් අතර අවබෝධයයි
* භාෂා ගැටලු නිසා ජාතීන් අතර මිත්‍රත්වය හා අවබෝධය අඩුවීමේ ප්‍රතිවිපාක පසුගිය කාලයේ දී අප අත්වින්දා. මේ භාෂා ගැටලු විසැඳීමට ඔබේ අමාත්‍යාංශය ගෙන ඇති පියවර ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද?
භාෂා ගැටලු නිසා තමයි පසුගිය කාලයේ දී ඇතිවූ අර්බුදකාරි හා ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවුණේ. මෙහි දී අප කටයුතු කළ යුත්තේ වෙනස් විදියටත් සැලැසුම් සහගතවත් තමයි. මේ අමාත්‍යාංශය ඇති කිරීමේ මූලික අරමුණ වෙලාම තිබෙන්නේ භාෂා අතර ඇති ගැටලු සහගත තත්ත්වය ඇතුළු සියලු කරුණු කළමනාකරණය කර ගැනීම. මේ සඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමටත් අප කටයුතු කර තිබෙනවා.
මෙහිදී රාජ්‍ය අංශය තමයි මූලිකව මේ ප්‍රතිපත්තියට අනුගත විය යුත්තේ. සිංහල නිලධාරියා දෙමළ භාෂාවත් දෙමළ නිලධාරියා සිංහල භාෂාවත් ඉගෙන ගත යුතුයි. මේ පිළිබඳව වූ වැඩසටහන් මේ වනවිටත් ක්‍රියාත්මක වෙනවා. මෙතැනදී මම දකින තවත් දෙයක් තමයි අද ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණත් ෙබාහෝ රාජ්‍ය නිලධාරින් තම තමන්ගේ උසස්වීම් හා රැකියාවේ ප්රතිලාභ සඳහා පමණයි මේ භාෂා ඉගෙනීම උපයෝගි කර ගන්නේ.
මේක කිසිසේත්ම සුදුසු දෙයක් විදිහට සලකන්න බැහැ. අවංකවම අපට පුළුවන් නම් භාෂා ගැන අවබෝධයක් ලබා ගැනීමට ඒක තමයි සිදුවිය යුත්තේ. ඒ වගේම රාජ්‍ය සේවයට නිලධාරින් බඳවා ගැනිමේදී භාෂා දැනුම පිළිබඳව ෙහාඳ අවබෝධයක් ඇතිව කටයුතු කරන අය බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා.
* සිංහල, දෙමළ හා මුස්ලිම් ජන වර්ග අතර අවබෝධය හා මිත්‍රත්වය ඇති කිරීමට ඔබේ අමාත්‍යාංශයෙන් ගෙන ඇති පියවර පැහැදිලි කළ හැකිද?
රටක් ඉදිරියට යාමට නම් ජාතීන් අතර මිත්‍රත්වයක් අවබෝධයක් තිබිය යුතුමයි. ඒ අවබෝධය නොතිබීම නිසා තමයි පසුගිය කාලයේ දී ජාතීන් අතර අනවබෝධතා ඇති වුණේ. මෙහිදී පාසල්වල දී භාෂාව පමණක් නොවෙයි සාහිත්‍ය පිළිබඳව ද අවබෝධයක් ඇතිකිරීම අවශ්‍යයි. මූලික වශයෙන් කළ යුත්තේ මෙයයි. එවැනි වැඩපිළිවෙළක් මඟින් තමයි මිත්‍රත්වය අවබෝධය ගොඩනගා ගත යුතුව තිබෙන්නේ.
ජාතීන් අතර අවබෝධයක් මිත්‍රත්වයක් ඇති කිරීමට දේශපාලන පෙළගැස්මක් ද අවශ්‍ය කරනවා. මෙතැනදී අපට බාහිර බලපෑමක් අවශ්‍ය කරන්නේ නැහැ. අවබෝධය තිබිය යුත්තේ මේ කාර්ය සඳහා ආණ්ඩුව හා දෙමළ ජාතික සන්ධානය අතර සංවාදයක් ඇති කළ යුතුයි. මේ දෙපාර්ශ්වය අතර සංවාදයක් ඇති විය යුතුමයි. එමඟින් තමයි ජාතීන් අතර මිත්‍රත්වය ගොඩනැඟීමට පුළුවන්කම තිබෙන්නේ. මෙහිදී ඉන්දියාව හෝ වෙනත් රටක් අතපොවනකම් සිටිය යුතු නැහැ. අපට පුළුවන්කම තිබිය යුතුයි ජාතීන් අතර අවබෝධය ගොඩනැඟීමටත් ඒ සඳහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත්.
* ආගම් භේද හා අන්තවාදී ක්‍රියාකාරකම් නිසා මෙරට ආගම් අතර සංහිදියාව බිඳවැටීමේ තත්ත්වයක් ඇතැයි මතයක් පළවෙනවා. මේ ගැන ඔබේ මතය පැහැදිලි කළ හැකිද?
ජනවර්ග අතර පමණක් නොවෙයි ආගම් අතර ද සංහිඳියාව අත්‍යවශ්‍යව තිබෙනවා. එහෙම නොවුණොත් අපට ඉදිරියට යාමට බැරිවෙනවා. ආගම් තිබෙන්නේ භේදවීමටවත් ගහ මරා ගැනීමටවත් නොවෙයි. හොඳ අවබෝධයක් හා යථාර්ථය ගැන දැනුමක් ඇතිව කටයුතු කළ යුතුයි. ඒත් අද ඇතැම් පාර්ශ්ව උත්සාහ කරනවා අන්තවාදී අදහස් මතු කිරීමට. මෙය කිසිසේත්ම සුදුසු දෙයක් නොවෙයි.
ඇත්තෙන්ම ආගම කුමක් වුවද අන්තවාදය පිළිගන්න බැහැ. ඒ නිසා අන්තවාදය පතුරුවන බලවේගවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා නීති නැතිනම් අලුතින් හෝ නීති ඇති කළ යුතුයි කියන අදහසෙයි මම ඉන්නේ. ආගම්වාද ජාතිවාද නැති කළොත් තමයි රටකට ඉස්සරහට යාමට පුළුවන්කම ලැබෙන්නේ. සුහදතාවය හා සමගිය තිබෙනවා නම් රටකටත් සමාජයකටත් විශාල ඉදිරියක් වෙත ගමන් කිරීමට පුළුවන්කම ලැබෙනවා.
* දෙමළ ජනතාව වෙත අවශ්‍ය දේශපාලන විසැඳුම් ලබා දීමට යෝජනා වී තිබෙනවා. එහිදී දහතුන් වෙනි සංශෝධනය ගැන අදහස් පළවෙනවා. මේ ගැන ඔබේ මතය කුමක්ද?
මම සිතනවා මෙහි ඇති ගැටලුවට ඇති හොඳම විසැඳුම තමයි දහතුන් වැනි සංශෝධනය නිසිපරිදි ක්‍රියාත්මක කිරීම. එමඟින් උතුරේ ඇති ප්‍රශ්නවලට විසැඳුම් ලබාදීමට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මගේ අදහස වී තිබෙන්නේ දහතුන්වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවයි.
* උතුරු පළාත් සභාවේ පාලන බලය උසුලන්නේ දෙමළ ජාතික සන්ධානය විසිනුයි. මේ පළාත් සභාව හා මධ්‍යම ආණ්ඩුව අතර අවබෝධය ගොඩනගා ගත හැක්කේ කොහොමද?
මෙතැනදී ආණ්ඩුවත් උතුරු පළාත් සභාවත් අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. අපට පුළුවන්කම තිබිය යුතුයි අපේ ප්‍රශ්න අප විසින්ම විසඳා ගැනීමට. දෙපාර්ශ්වය අතර අවබෝධයක් වගේම එකිනෙකාගේ ගැටලු ගැන සාකච්ඡා කිරීමට පුළුවන්නම් ඇතිවන ප්‍රශ්න බොහෝමයක් විසඳා ගැනීමට අපට සුවිශේෂ හැකියාවක් ලැබේවි.
* විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමත් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමත් ගැනත් අදහස් පළ වෙනවා. වමේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරන දේශපාලනඥයකු විදිහට ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?
විධායක ජනාධිපති ධුරය ගැන අපේ මතය රටම දන්නවා. අද ඊයේ නොවෙයි විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු යැයි කියන මතයේ එදත් අපි සිටියා. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුය යන මතය අදටත් වෙනස් වෙලා නැහැ. අප විරුද්ධ වෙන්නේ පුද්ගලයකුට නොවෙයි විධායක ජනාධිපති ධුරයටත් මේ ක්රමයටත් පමණයි. විපක්ෂය දරන්නේ වෙනත් අදහසක්. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ විධායක ජනාධිපතිධුරය වෙනස් කරන අදහස ඉදිරියට දමා මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන වශයෙන් පරාජය කිරීම පමණයි. මැතිවරණ ක්‍රමය ගැන වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව වමේ පක්ෂ විදිහට දිගු කාලයක සිට අප විරෝධය පළ කළා. ඒ විරෝධය අදටත් වෙනස් වෙලා නැහැ.
* ඔබ නියෝජනය කරන දේශපාලන පක්ෂය වන ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ සන්ධානය සමඟ එක්ව කටයුතු කරනවා. ඔබේ පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්ති සන්ධානය තුළින් කෙතෙක් දුරට ඉටුකර ගැනීමට පුළුවන්කම ලැබී තිබෙනවාද?
පක්ෂ ගණනාවකින් යුතු දේශපාලන සන්ධානයක් වුණාම අපේ පක්ෂවල ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න බැහැ. එහෙම කරන්න පුළුවන් කියලා හරි එහෙම වෙන්න ඕනෑම කියලා හරි කිසියම් කෙනෙකු හිතනවා නම් ඒක වැරැදි අදහසක්. අපගේ ප්‍රතිපත්ති යම් ප්‍රමාණයක් ඇතුළත් පොදු ප්‍රතිපත්තියකටයි එළැඹිය යුත්තේ. අද සන්ධානය තුළ ක්‍රියාත්මක වෙන්නේ එවැනි පොදු වූ ප්‍රතිපත්තියකුයි.
* සමාජය තුළ නීතිය සාමය බිඳ වැටීම ගැන විවිධ මතවාද අදහස් පළ වෙනවා. මේ මතවාද හා අදහස් කෙතෙක් දුරට සාධාරණ ද?
මෙහිදී සමහරු මේ ආණ්ඩුව වෙතම චෝදනා ලඝු කිරීමට උත්සාහ කිරීම වැරැදියි. මෙතැනදී දීර්ඝකාලීනව පැවැත ආ තත්ත්වයන් තමයි බලපා තිබෙන්නේ. ඒත් අද ඇතැම් අය ආණ්ඩුව වෙතම චෝදනා එල්ල කිරීමට උත්සාහ කිරීම දේශපාලන අවස්ථාවාදයක් විදිහට හඳුන්වා දීමට පුළුවන්.

Last edited: