ජාතියේ වාසනාවට මේ වගේ කොල්ලෝ
අපට ඕන මේ වගේ කොල්ලෝ.
හෝමාගම ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ඉරිදා ටියුෂන් පන්ති වලට කොන්දේසි.
ඉරිදා සහ පෝය දිනවල දහවල් 2.00 වන තෙක් හෝමාගම ප්‍රදේශීය සභා බලප්‍රදේශයේ කිසිදු උපකාරක පන්තියක් (ස/පෙළ දක්වා) පැවැත්වීමට නොහැකි වන ලෙස හෝමාගම ප්‍රාදේශීය සභාව නීති පනවා ඇත. මෙය 2013 ජනවාරි මාසයේ පළමු වැනිදා සිට බලපැවැත්වෙයි. නීති කඩ කරන උපකාරක පන්තිවල බලපත්‍ර අහෝසි කිරීමේ බලය ප්‍රාදේශීය සභාවට පැවරී ඇත.
හෝමාගම ප්‍රාදේශීය සභාවේ එජනිස මන්ත්‍රී තරිදු දිලීප ගමගේ මහතා විසින් අ.පො.ස. (සා.පෙළ) පන්තිය දක්වා අමතර පන්ති (ටියුෂන්) පැවැත්වීමේදී ඉරිදා සහ පෝය දිනවලදී අහවල් 2.00 වන තෙක් පන්ති නොපවත්වන අයට පමණක් බලපත්‍ර ලබා දීම කළ යුතු බවට සභාවට ගෙනා යෝජනාවක් අනුව පක්ෂ විපක්ෂ මන්ත්‍රී සියලු දෙනා ඒකමතිකව සම්මත කරගැනීමෙන් පසු මෙය 2013 ජනවාරි 1 දින සිට ක්‍රියාවට නැංවේ.
උපුටා ගැනීම - පුවත්පත් වාර්ථාවකින්.
ස්තූතිය - පස්සරමුල්ලේ දයාවංශ හිමිට.
හොඳ පුරවැසියකු බිහි කිරීමෙහිලා දහම් පාසල් මගින් මහඟු සේවයක් ඉටුකෙරේ. ඒ සඳහා දරුවා යොමු කිරීම දෙමව්පියන්ගේ යුතුකමක් හා වගකීමක්ද වන්නේය. අද දරුවා හෙට පුරවැසියෙකි. දහම් පාසල් සෙවනේ වැඩෙන දරුවා කිසි විටෙකත් අකටයුතු දේවල් නොකරයි. ඔහු වැඩිහිටියකු වූ පසුත් අපරාධ කිරීමක් හෝ ඒවාට අනුබල දීමක් නොකරයි. රට හදන අතරතුර දරුවාද හැදිය යුතුය. හොඳ තරුණයකු වන්නේ හොඳ මිනිසකු වන්නේ හොඳ දරුවාය. ඔහු රටට බරක් නොවේ. රටට ආශිර්වාදයකි.
එහෙත් අද වන විට බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනය අවිධිමත් එකක් වී තිබීම අවාසනාවකි. තරගකාරී අධ්‍යාපන රටාවත්, එහි ප්‍රතිඵලයක් ලෙස බිහි වූ පුද්ගලික පන්ති (ටියුෂන්) ව්‍යාපර මෙයට තද බල ලෙස බල පා ඇති බව කීම අසත්‍යක් නොවේ. කලක් තිස්සේ විවිධ බොදු සංවිධාන ඉරිදා සහ පෝය දිනවලදී ටියුෂන් පන්ති නවතා දහම් අධ්‍යාපනය අනිවාර්ය කරන ලෙස විවිධ මට්ටමින් රජයටත්, බලධාරීන්ටත් බල කර සිටියත් මේ වන තෙක් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම කණගාටුවකි. බුද්ධාගම රැකීමේ වගකීම කඩදාසි කැබැල්ලකට පමණක් සීමා වී තිබෙන තත්ත්වයක් තුළ එය එසේ විය යුතුය. බොඩ් ලෑල්ලට පමණක් සීමා වූ බුද්ධ ශාසන සර්වාගමික අමාත්‍යාංශයක් යටතේ එය එසේ විය යුතුය.
ජාතියේ වාසනාවකට දෝ ජාතික බොදු පුනරුදයක් ගොඩ නැගෙමින් පවතින මෙවන් මොහොතක සිංහල බෞද්ධයන් යළිත් වරක් ගමේ පන්සලට සමීප කරවීමේ, අවශ්‍යතාවය දැඩිවම දැනෙන අත්‍යවශ්‍යම මොහොතක ඉහත කී ආකාරයේ තීන්දු තීරණ ප්‍රදේශිය මට්ටමෙන් හෝ ඉටු වීම සුබදායකය. පන්සලෙන් ඈත් වූ, ඈත් කෙරූ බෞද්ධයා යළිත් පන්සලට සමීප කරවීම අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුත්තකි. මෙය බලහත්කාරය යෙදවීමක් නොව. දැයේ සසුනේ උන්නතිය උදෙසා මෙවැනි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ වලට වහ වහා එළඹිය යුතුය. ඒ සදහා පුරෝගාමී වගකීම හිමි වන්නේ ජාතික සංවිධාන හෝ ස්වාමීන් වහන්සේලාට පමණක් නොව. සිංහල බෞද්ධ තරුණ දේශපාලන නායකත්වය ද ඒ සදහා පෙරමුණ ගත යුතුය. අවශ්‍ය පසුබිම සකසා දිය යුතුය.
සිංහල බෞද්ධ තරුණ ප්‍රාදේශීය නායකයින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ සත්ක්‍රියාව පරමාදර්ශට ගනිත්වා !
තෙරුවන් සරණයි !

den oka sandane ekek kara nam meke inna UNP kukko eketh verai 1000k kiyay.....