ජාතිය කෙට්‌ටු වීමේ ඛේදවාචකය

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ජාතිය කෙට්‌ටු වීමේ ඛේදවාචකය

    ජාතිය කෙට්‌ටු වීමේ ඛේදවාචකය

    වත්මන් හි දක්‌නට ලැබෙන ලොකුම ඛේදවාචකය වූ කලී සිංහල ජාතිය කෙට්‌ටු වීමයි. දැවැන්ත ඉතිහාසයක්‌ හා සංස්‌කෘතියක්‌ ඇතිව, ලෝකයා ඉදිරියේ අභිමානවත් ව නැඟී සිටීමේ ශක්‌තියක්‌ ඇතිව සිටි සිංහල ජාතිය දවසින් දවස 'පුංචි වීගෙන' යයි. 1970 දී 'පුංචි පවුල රත්තරන්' යන පාඨය තැපැල් මුද්දරය මත්තේ සටහන් කරන්නට වූ දා සිට ම විවිධ උපාය මාර්ගවලින් මහ ජාතිය ක්‍රමයෙන් සීමා කිරීමට දියත් වූ කුමන්ත්‍රණයේ වේගවත්ම පරිහානී අවස්‌ථාවට අපි මුහුණ පා සිටිමු.

    මෙයට වසර දශක හත අටකට උඩදී එක්‌ සිංහල මාතාවකට දරුවන් හත්අට දෙනකු බිහි කිරීමේ පුළුවන් කමක්‌ විය. 'පුංචි පවුල රත්තරන්' යන මන්ත්‍රය ජප කරන්නට වූ දා සිටම එක්‌ සිංහල මාතාවකට උපරිම වශයෙන් දරුවන් දෙදෙනකුට වඩා ඉපැදවීමේ ශක්‌තිය නැතිව ගියේය. ස්‌වාභාවික උත්පත්තිය වෙනස්‌ කර මවගේ බඩ කපාගෙන දරුවන් ලබා ගැනීමට සිංහල මවුවරු නැඹුරු වූහ.

    බටහිර වෛද්‍යවරයාත් මේ අපරාධයට සෘජුවම දායක වී ඇති බව පෙනේ. මනුෂ්‍ය ස්‌ත්‍රිය හැරුණු විට සකල සත්ත්ව ලෝකයේම ස්‌aවාභාවික ලෙස පැටවුන් බිහි කරද්දී සිංහල මවුවරුන් පමණක්‌ සැත්කම් මගින් දරුවන් බිහි කිරීමට උනන්දු වන බවක්‌ ද පෙනේ.

    තමන්a දරුවන් දෙතුන් දෙනකුගේ මවක්‌ වීමට උනන්දු නැත්තේ ඇයි දැයි සිංහල මවකගෙන් ප්‍රශ්න කළ විට ඒ අයගෙන් පිළිතුරු කීපයක්‌ ලැබේ. තවත් දරුවකු හදන්නට තරම් ආර්ථික ශක්‌තියක්‌ නැතැයි කෙනෙක්‌ කියති. තුන්වැනි දරුවකු අපේක්‍ෂා කරන්නට එපා යෑයි වෛද්‍යවරයා උපදෙස්‌ දී ඇති බව තවත් කෙනෙක්‌ කියති. රැකියාවක්‌ කරන ගමන් තවත් දරුවකු හැදීම අමාරු බව කියන්නෝත් වෙති.

    එහෙත් මහ ජාතිය වශයෙන් අභිමානවත්ව කැපී පෙනෙන තත්ත්වයක පැවැති සිංහල ජනගහනය මෙසේ අඩු වෙමින් පවතිද්දී මේ රටේ සුළු ජාතික පිරිස වැඩි වැඩියෙන් ඔවුන්ගේ ජනගහනය වැඩි කරති.

    කොළඹ සිංහල ජනගහනය සියයට 24 ක්‌ බව ඉකුත් දිනක පුවත්පතක පළවිය. තවත් වසර දශකයක්‌ පමණ ඉක්‌ම යැමෙන් පසු ඒ පුවතම ශ්‍රී ලංකාවේ සිංහල ජනගහනය සියයට 24 ක්‌ බවට වාර්තා පළවන්නට ඉඩ තිබේ.

    ජාතිය කුඩා වීම පිළිබඳව වේදනාවෙන් කෑ ගැසූ ගංගොඩවිල සෝම හිමියනට ජීවිතයත් අහිමි විය. දොස්‌තර බිබිලේ මහතාගේ ඉරණම ගැනත් කිව යුත්තේ එයමය. ජාතිය ගැන පුන පුනා පුවත්පත්වලට ලිපි සැපයු මහාචාර්යවරයකුට ද සරසවියෙන් එළියට බසින්නට සිදු විය.

    ඒ නිසාදෝ ජාතිය පුංචි වීම ගැන හාමුදුරුවරු කතා නොකරති. දානයේ ආනිශංසය ගැන කතා කරනවාට වඩා පිරිහෙමින් පවතින සිංහල ජාතිය ගැන කතා කළ යුතු යුගය එළඹ ඇතැයි සිතමි. තුන්වැනි හතරවැනි දරුවා බිහි කරන මවු කෙනෙකුට සංස්‌කෘතික අමාත්‍යාංශයෙන් අභිමානවත් සම්මානයක්‌ දීමේ යුතුකමක්‌ ඇත. රජය ද එවන් මවකට සැලකිය යුතු පරිත්‍යාගයක්‌ කිරීමට උනන්දු වන්නේ නම් ඒ මහත් භාග්‍යයකි. සැත්කම් සඳහා අනුබල දෙන බටහිර වෛද්‍යවරයා එය මුදල් ලැබෙන ව්‍යාපාරයක්‌ බවට හරවා නොගෙන ස්‌වාභාවික ලෙස දරුවන් ලබා දිය හැකි වෛද්‍ය ක්‍රම කෙරෙහි සලකා බලන්නේ නම් එය නිවන් දැකීමට තරම් ප්‍රමාණවත් පුණ්‍ය කර්මයක්‌ වනු ඇත.

    විවාහ විය යුතු වයසේ සිටින තරුණ තරුණියන් භාවනාවට යොමු කර විවාහ නොවන්නට වක්‌ මගින් මං පෙත් ඉදිකරන ආගමික නායකයන් ගැන ද අසන්නට ලැබේ. එතැන ඇත්තේ විමුක්‌තියට මඟ පෙන්වීමක්‌ නොව සිංහල ජනගහනය අඩු කිරීමට යෙදූ කුමන්ත්‍රණකාරී උපායක්‌ විය හැකිය.

    ඉංග්‍රීසි ජාතික කුක්‌ මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ භූගෝලය නමැති පොත ලියන්නට පෙර වදන ආරම්භ කරමින් අපූරු වැකියක්‌ ලියා තිබේ. ගොටුකොළ පඳුරක්‌වත් වවන්නට දහඩිය බිඳුවක්‌ නොසොල්වන ශරීර ශක්‌තියෙන් යුතු තරුණ පිරිසක්‌ ගොවියා නිෂ්පාදනය කරනු ලබන දෙය වළඳමින් සිටිති. ඒ පුළුවන්කම ලැබී ඇත්තේ මේ සිංහල පොළොවේ ඇති සාරවත් බව නිසා යෑයි එහි සටහන්ව ඇත. එම මහත්මිය එම වැකිය තම පොතේ පෙර වදනට ඇතුළු කළේ භික්‍ෂු පිරිසට අවමන් කිරීම සඳහා නොව සිංහල පොළොවේ සාරවත් බව කීමට නිදසුනක්‌ සඳහා ය. මා ඒ පුවත මෙහිලා සඳහන් කළේත් ගරු හිමිසඳුනට මදි පුංචිකමක්‌ කිරීමේ අදහසින් නොවේ. ජාතිය සංවර්ධනය කිරීමට එයත් යම් පමණක බාධාවක්‌ බව සඳහන් කිරීමටය.

    ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය මවු බසින් නොව ඉංග්‍රීසියෙන් ම ලබා දීම නිසා අනාගත දරුවන්ගෙන් කොටසකට මවු බස අහිමි වෙමින් පවතී. මවුබස අනිවාර්යයෙන් උගත යුතු බසක්‌ බවට නීති සම්මත කර ගැනීමට රජය උනන්දු වන්නේ නම් අවහිරය වළකා ගත හැකිය. තවත් අවුරුදු ගණනක ඇවෑමෙන් අප ලියන මේ සිංහල පොත් කියෑවිය හැකි කෙනෙක්‌ මිහිපිට දක්‌නට නොලැබෙනු ඇත. ඇස්‌කිමෝවරුන්ට අත් වූ ඉරණම සිංහල ජාතියට ද උරුම වන දිනය අත ළඟය. එසේම ඈත ඈත අතීතයේ සිට අපේ මුතුන්මිත්තන් ලියූ පත පොත කෞතුකාගාරවල හිරකරුවන් බවට පත්වන අතර සිංහල භාෂාව ද මළ බසක්‌ බවට පත්වනු වැළැක්‌විය නොහැකි වනු ඇත.

    "මේ සිංහල අපගෙ රටයි - අප ඉපැදුණ මැරෙන රටයි' වශයෙන් එදා අධ්‍යාපන අමාත්‍යවරයා වූ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා ලියූ ගීතය ඇසෙන්නේ නැත. ඒ ගීතය පාසල් ළමයින් අතරට ගොස්‌ නැත. ඒ වෙනුවට වෙනත් බජව් හඬක්‌ම ඇසේ. සිංහල දරුවන්හට නම් දැමීමේදී ශාස්‌ත්‍රීය නිගමනයන් උල්ලංඝනය කරමින්, ස්‌වකීය ජාතියේ අනන්‍යතාව මතු නොකරන නම් දැමීමේ වෙළෙඳ ව්‍යාපාර රැල්ලකට ජනතාව ගොදුරුව ඇති බවක්‌ දක්‌නට ලැබේ. එහෙයින් අසිංහල ස්‌වරූපයක්‌ ම දරුවන්ගේ නමට ඇතුළු වූ අවස්‌ථා දක්‌නට ලැබේ. නමක්‌ යෙදීමේදී සලකා බැලිය යුතු අරුත, අක්‍ෂර ගැලපීම හෝ අනෙකුත් රීතින් නොසලකා හරින බව පෙනේ. ලෝකයේ කුමන දේශයකට ගියත් නම අමතන සැණින් මේ ශ්‍රී ලංකාවේ සිංහලයෙකැයි හඳුනාගත හැකි විය යුතුයි.

    වාචික ව්‍යවහාරයේදී කතා කරන වචනවලින් වැඩි ප්‍රමාණයක්‌ තත්සම පද වීම හෙවත් ඉංග්‍රීසි වදන් භාවිතයට ගැනීම නිසා හෙළ බසේ පවිත්‍රතාව හෙවත් ආටෝපය කිළිටි වෙමින් පවතී. මවු බසට ආදරය කරන්නේ නම් හුදු සිංහල වදන්ම ප්‍රමුඛ කර කතා කිරීමේ නැඹුරුවක්‌ වැඩි දෙනෙකු කෙරෙහි නැත. සැමියාට හස්‌බන්ඩ්, බිරිඳට වයිµa ආදී වශයෙන් කෙරෙන පරබස්‌ මිශ්‍රණය නිසාත් සිංහලයට හානියක්‌ වී ඇත.

    සිංහලයන් සිය දෙනකුගේ අත්සන් පරීක්‍ෂාවට යොමු කළොත් සියයට 80 ක්‌ පමණ අත්සන් මවුබසේ අකුරින් නොවන බවක්‌ පෙනෙයි. තැපෑලට යොමු කරන ලිපියක ලිපිනය පවා මවුබසින් නොලියා පර බසින් ලියන තරමට සිංහලයා අසිංහල වී ඇත. ලිපිය ලියන්නාත්, ලිපිය ලබන්නාත් ලිsපිය බෙදාහරින්නාත් යන තිදෙනාම සිංහලයන් වෙතත්a ලිපිනය පර බසින් ලියන්නේ නම් හෙතෙම මවු බසට හානි කරන්නෙකි. ඉංග්‍රීසි බස ලෝක ව්‍යාප්ත බසක්‌ හෙයින් එය අනිවාර්යයෙන් ම උගත යුතුය. එහෙත් මවුබස මරාගෙන කටයුතු කිරීම දීන කමකි. පැරැණි අධ්‍යාපන ක්‍රමයේදී පුහුණුව ලබන ගුරුවරයාට ගුරු තිසරණයක්‌ විය. මම සිංහලයෙක්‌මි. බෞද්ධයෙක්‌මි. ගුරුවරයෙක්‌මි යන පාඨය හැම විටෙකම මුඛ්‍ය පාඨයක්‌ සේ සලකා කටයුතු කිරීමට දිවුරුම් දීමක්‌ වන ඒ තත්ත්වය අද නැත. බොහෝ විට ගුරුවරුන්ගෙන් වැඩි සංඛ්‍යාවක්‌ තමා ගුරුවරයකු බවවත් අමතක කරති.

    වත්මන් තරුණ පරපුර විනාශ මුඛයට ඇදගෙන යනු ලබන බලවේග රාශියකි. මත්කුඩු භාවිතයට බොහෝ දෙනෙක්‌ ගොදුරුව සිටිති. ඔවුන්ගේ මනස එමගින් විනාශ කළ විට ජීවිතයේ එකම අරමුණ කුඩු පැකැට්‌ටුවකට අවශ්‍ය මුදල සොයා ගැනීම පමණි. ඒ සඳහා ඕනෑම අපරාධයක්‌ කරයි. හොර මැරකම් කරයි. සමහර විට ජීවිත හානි කරන බවට ද වාර්තා ලැබේ. මේ නිසාත් සිංහල ජාතිය පරිහානියට යයි. රටේ ජනගහනයෙන් කොටසක්‌ අවුරුදුÊපතා විදෙස්‌ රටක පදිංචියට යති. ඒ නිසා අඩු වන්නේ ජාතික පුරවැසියන් ය. ජීවත්වීමට පොහෝනා පරිසරයක්‌ හා ආර්ථිකයක්‌ අපේක්‍ෂාවෙන් විදේශයක පදිංචියට යන පිරිස බොහෝ විට දක්‍ෂයෝ ය. බුද්ධිමතුන් ය.

    ශාරීරික ප්‍රමාණයෙන් පමණක්‌ නොව, නිරෝගීකමින්ද වත්මන් මනුෂ්‍යයා පැරැන්නාට වඩා පහළ මට්‌ටමක වෙයි. ආරෝහපරිණාහ දේහධාරී පුද්ගලයන් අද දක්‌නට නොලැබේ. වීර කැප්පෙටිපොළ සෙනෙවියා යුද බිමේදී පාවිච්චි කළ අසිපත වත්මන් තරුණයකුට ඔසොවන්නට බැරි තරම් ය. එයින් ම එදා සිංහලයකුගේ ශාරීරික ශක්‌තිය ගැන සිතා ගත හැකි වෙයි. ලෝවාමහාපායේ ගල් කණු කෙළින් කළ, මිහින්තලේ ගල් පුවරු ඔසොවා ගෙන ගිය සිංහලයන් ගැන සිතෙන විට වත්මන ගැන දුක සිතේ. මාතර පාසලක මා උගන්වන සමයේ පාසල අසල පුංචි අප්පුහාමි නමින් ගොවියෙක්‌ විය. දිනක්‌ මා දිවා ආහාරය ගනිමින් සිටියදී හෙතෙම මා සිටි නිවසට කිසියම් කරුණක්‌ සඳහා පැමිණියේය. මම ඔහුට දිවා ආහාරයට ආරාධනා කළෙමි. හෙතෙම උපහාසයෙන් මා දෙස බලා මං කෑමට ඉඳගත්තොත් මහත්මයාගේ ගෙදර හැමෝටම සයින් ඉන්ට වෙතැයි පිළිතුරු දුන් හෙතෙම මගේ ආරාධනය ප්‍රතික්‍ෂේප කළේය.

    කලකට පසුව මම ඔහුගේ නිවසට ගියෙමි. ඒ ඔහු දිවා ආහාරය ගනිමින් සිටි වේලාවයි. ඔහුගේ බත්පත පිඟානක නොවීය. මධ්‍යම ප්‍රමාණයේ බේසමක විය. ඒ තුළ හාල් කිලෝවක පමණ බත් විය හැකිය.

    මං බත් කන හැටි මහත්තයා දැක්‌කා නොවේ දැයි ඇසූ එම ගොවි මහතා බත් කා නිමා වී උදැල්ලත් රැගෙන කුඹුරට බැස්‌සේය. ඔහු ආපසු කුඹුරෙන් ගොඩට එන්නේ මේ අක්‌කරයක පමණ වූ මුළු කුඹුරම කොටා නිම කළ පසු බව එහි සිටි අය මට කීහ.

    ඒ නිදසුන මෙහිලා සඳහන් කළේ සිංහල හාලේ බතට පොල් සම්බෝලය දමාගෙන ආහාර වේල පිරිමසා ගනිමින් දහදෙනකුගේ වැඩ කොටස තනිවම කළ හැකි අයෝමය ශක්‌තියක්‌ පැරැණි ගොවියාට වූ බව පසක්‌ කිරීමටය. එක්‌ අතකින් ජාතිය කුඩා වෙද්දී තවත් පැත්තකින් ශාරීරික ශක්‌තිය හීන වී යමින් පවතින පරපුරක්‌ ගැන කතා කිරීමත් කනගාටුවට කරුණකි.

    ශාරීරික වශයෙන් පමණක්‌ නොව මානසික වශයෙන් ද වත්මන් පරපුර තුළ පසුබැස්‌මක්‌ දක්‌නට ලැබේ. මිනිසුන් මෙසේ ශාරීරික හොරුන් බවට පත් වූයේ ඇයි. බෝලයට හා පිත්තට කාලය පූජා කළ පිරිසකුත්, රූපවාහිsනියේ පිළුණු ආදර කතාවකට පසිඳුරන්ම පූජා කළ පිරිසකුත් ටයි - කබා සහිතව උදැල්ල, කැත්ත අතට ගැනීමට අකැමැති පිරිසකුත් නාගරිකව පමණක්‌ නොව නියංගම්වල ද දක්‌නට ලැබෙන හෙයිනි.

    ආචාර්ය පියසේන රතුවිතාන

    http://www.divaina.com/2013/01/11/feature02.html
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාත් අත්සන නම් ගහන්නේ ඉංග්‍රීසියෙන් :(:(
    විලිලජ්ජයි
    සිංහලෙන් ගහන්න මගේ අතකුරු ලස්සනත් නැහැ
    දන් අත්සන වෙනස් කරන්නත් කල් වැඩි වයස ගිහින් හන්දා

     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සිරාබන්. මමත් ඕකම තමයි කල්පනා කරේ. ඉතිහාසයේ කියනවා අපි ගල් කනු එසෙව්වා, විහාර බැන්දා, කුඹුරු අක්කර ගනන් කරා, දසමහා යෝදයෝ හිටියා කියලා නමුත් දැන් විතරක් නෙවෙයි 1980 ගණන් වල පින්තූර දකිනකොට මොකක් හරි අපේ වැරැද්දක් වෙලා තියෙනවා පේනවා, සුද්දෝ දිහාබලනකොට විශේෂයෙන්ම ඇමරිකාවේ වගේ බලපන් උන්ගේ ඇගවල් වල සයිස් එක? උන් හොදට කනවා, ඒක නිසා උන් ශක්තිමත් වගේම උසයි මහතයි, නමුත් අපිට වෙලා තියෙන්නේ එන්න එන්න අපේ කන වේල අඩුවෙනවා. දැන් බඩු මිළ අහස උසට, එතකොට කන වේල තව තව අඩුවෙනවා, කෑම අඩුවෙනකොට අඩුවෙනකොට වෙන්නේ අපි ශරීර ප්‍රමාණය කුඩාවෙන එකයි, ශක්තියත් ටික ටික හීනවෙනවා, අන්තිමට තව අවුරුදු දහස් ගාණක් මේ විදියටම ගියොත් අගුටුමිට්ටෝ වගේ වෙයි, බටහිර උන් යෝදයෝ වගේ වෙයි.

    ඒක වලක්වාගන්න නම් කරන්න තියෙන්නේ සුද්දියන්ව බදින එකයි, උන් එක්ක ළමයි හදන එකයි, අපේ ආර්ථික ශක්තිය වැඩිකරගන්න එකයි, නඩත්තු කරන්න පුලුවන් තරමට ළමයි හදන එකයි, ආන්ඩුවෙන් ජනගහනය පාලනය කරන්න මොනවා හරි කරන එකයි, රට සංවර්ධනය කරන්න, ආහාර වැඩි වැඩියෙන් නිශ්පාදනය කරන්න මිනිස්සුන්ව පොළබවන එකයි, බටහිරින් පුලුවන්තරම් සල්ලි අදින එකයි.

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාත් අත්සන නම් ගහන්නේ ඉංග්‍රීසියෙන් :(:(
    විලිලජ්ජයි
    සිංහලෙන් ගහන්න මගේ අතකුරු ලස්සනත් නැහැ
    දන් අත්සන වෙනස් කරන්නත් කල් වැඩි වයස ගිහින් හන්දා

    අත්සන් කරන්නේ සිංහලෙනි......
    අත්සන් කරන්නේ ආඩම්බරයෙනි!:)
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    බටහිර වෛද්‍යවරයාත් මේ අපරාධයට සෘජුවම දායක වී ඇති බව පෙනේ. මනුෂ්‍ය ස්‌ත්‍රිය හැරුණු විට සකල සත්ත්ව ලෝකයේම ස්‌aවාභාවික ලෙස පැටවුන් බිහි කරද්දී සිංහල මවුවරුන් පමණක්‌ සැත්කම් මගින් දරුවන් බිහි කිරීමට උනන්දු වන බවක්‌ ද පෙනේ.
    සිංහල ගෑනු සැත්කම් වලට යන්න හේතුව සිංහල ගෑනුන්ගෙ තියන දුර්වලකම මිසක් වෙන මුකුත් නෙමේ. ඒකට බටහිර වෛද්‍ය විද්‍යාවට බැනල වැඩක් නෑ. ඉස්සර පවුල් වල ළමයි හුගක් හිටියෙ ඒකාලෙ උපත් පාලන නැති හින්ද. ඒක ලෝකෙ හැම රටටම අදාලයි අරාබියට ඇරෙන්න.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අත්සන් කරන්නේ සිංහලෙනි......
    අත්සන් කරන්නේ ආඩම්බරයෙනි!:)

    :(:(
    මගේ විබාග සහතික වලයි වෙන වෙන ඩොකියුමන්ට් වලයි ගොඩක් තියෙන්නේ ඉංග්‍රීසි අත්සන
    දන් මාරු කරන්න වුනොත් කෙස් නේ :nerd::nerd:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අත්සන් කරන්නේ සිංහලෙනි......
    අත්සන් කරන්නේ ආඩම්බරයෙනි!:)

    මමත් .

    හැබැයි මේ ලිපියේ හියෙන ස්මහර කරුණුවලට එකග වෙන්න බෑ
     
    Jun 15, 2017
    19
    1
    0
    Earth
    සිරාබන්. මමත් ඕකම තමයි කල්පනා කරේ. ඉතිහාසයේ කියනවා අපි ගල් කනු එසෙව්වා, විහාර බැන්දා, කුඹුරු අක්කර ගනන් කරා, දසමහා යෝදයෝ හිටියා කියලා නමුත් දැන් විතරක් නෙවෙයි 1980 ගණන් වල පින්තූර දකිනකොට මොකක් හරි අපේ වැරැද්දක් වෙලා තියෙනවා පේනවා, සුද්දෝ දිහාබලනකොට විශේෂයෙන්ම ඇමරිකාවේ වගේ බලපන් උන්ගේ ඇගවල් වල සයිස් එක? උන් හොදට කනවා, ඒක නිසා උන් ශක්තිමත් වගේම උසයි මහතයි, නමුත් අපිට වෙලා තියෙන්නේ එන්න එන්න අපේ කන වේල අඩුවෙනවා. දැන් බඩු මිළ අහස උසට, එතකොට කන වේල තව තව අඩුවෙනවා, කෑම අඩුවෙනකොට අඩුවෙනකොට වෙන්නේ අපි ශරීර ප්‍රමාණය කුඩාවෙන එකයි, ශක්තියත් ටික ටික හීනවෙනවා, අන්තිමට තව අවුරුදු දහස් ගාණක් මේ විදියටම ගියොත් අගුටුමිට්ටෝ වගේ වෙයි, බටහිර උන් යෝදයෝ වගේ වෙයි.

    ඒක වලක්වාගන්න නම් කරන්න තියෙන්නේ සුද්දියන්ව බදින එකයි
    , උන් එක්ක ළමයි හදන එකයි, අපේ ආර්ථික ශක්තිය වැඩිකරගන්න එකයි, නඩත්තු කරන්න පුලුවන් තරමට ළමයි හදන එකයි, ආන්ඩුවෙන් ජනගහනය පාලනය කරන්න මොනවා හරි කරන එකයි, රට සංවර්ධනය කරන්න, ආහාර වැඩි වැඩියෙන් නිශ්පාදනය කරන්න මිනිස්සුන්ව පොළබවන එකයි, බටහිරින් පුලුවන්තරම් සල්ලි අදින එකයි.


    :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    ඒ අස්සේ මස් කන්න එපා කියා කෑගහනව පුළුවන් තරං මස් කාපල්ලා. හින්දු මගුල් වලට රැවටෙන්නේ නැතුව හරක් මස් කාපං ඇඟට ශක්තිය එනව

    බත් කෑම අඩු කරලා එළවලු මස් මාළු වැඩිපුර කාපල්ලා
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ අස්සේ මස් කන්න එපා කියා කෑගහනව පුළුවන් තරං මස් කාපල්ලා. හින්දු මගුල් වලට රැවටෙන්නේ නැතුව හරක් මස් කාපං ඇඟට ශක්තිය එනව

    බත් කෑම අඩු කරලා එළවලු මස් මාළු වැඩිපුර කාපල්ලා

    24yol51.jpg