ජාතිවාදයෙන් කුල්මත්වූ ශ්‍රේෂ්ඨ ජාතියක අ&

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ජාතිවාදයෙන් කුල්මත්වූ ශ්‍රේෂ්ඨ ජාතියක අ&

    ජාතිවාදයෙන් කුල්මත්වූ ශ්‍රේෂ්ඨ සිංහල ජාතියක අනාගතය.

    1.දහස් ගණන් ජීවිත නැසූ නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් ප්‍රභාකරන් හා විරසකයකින් පසුවුණි.

    2.එහෙව් පසුබිමක උපක්‍රමශීලිව කරුණා අම්මාන්ට ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂාව,රැකවරණ හිමිවුණි .එසේ දීමද සාධාරණය.ත්‍රස්තවාදීන්ගෙන් ගැලවෙන ත්‍රස්තවාදියකු වුවද යහමගට ගැනීමෙන් ශ්‍රී ලංකා රජය කොතෙක් දුරට මානුෂික යුද්ධයක් තුල නිරත වන්නේ දැයි ලෝකයටම ඉගැන්වීමට අවස්ථාව තිබුණි.

    එහෙත් එතැනින් එහාට කළ දේ කොතෙක් නිවැරදිද ?
    1.කරුණා අම්මාන්ට ඇමති පදවියක් හිමිවිය.
    2.සියළු මිනීමැරීම්,මානව අයිතිවාසිකම් උල්ලංගණය කිරීම් අමතක කොට දැමීම.
    3.ශ්‍රී ලංකාවේ මූලිකම සිංහල නිර්ධන පක්ෂය එසේත් නැතිනම් සිංහල බෞද්ධ පාලනය පෙරදැරි කරගත් -ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් අභිබවමින් සභාපති ධුරය හිමි විය.

    අප කළ යුතුව තිබුනේ කුමක්ද ?
    1. රාජ්‍ය ආරක්ෂාව සහිතව කරුණාඅම්මාන්ට තිබුණු චෝදනා උසාවියට ඉදිරිපත් කර වරදකරුවකු කිරීම.
    2. වරදකරුවකු වුවද රාජ්‍ය ආරක්ෂාවට කල උපකාරය හේතුවෙන් ජනාධිපති නිදහස කෙටි කලකින් ලබා දීම .
    3.ජීවිතාන්තය දක්වා ආරක්ෂාව සහතික කිරීම සහ පුනුරුත්ථාපන කටයුතු සහ සහජීවනය ,සංහිඳියාව ගොඩ නැගීමට කරුණා අම්මාන්ගේ සහාය ලබා ගැනීම.

    අනාගතයේ සිදු වන්නේ කුමක්ද ?
    සිංහල දේශපාලන නායකයින්ගේ දුර්වලතා වලින් උපරිම වාසි ගන්නා කරුණා අම්මාන් මීළඟට දෙමළ නිජබිම සඳහා ඉතා විධිමත්ව පිඹුරු පත් සකසයි.
    අවි ආයුධ අතහැර උපාසක වෙස් ගෙන නව දේශපාලන බලයකින් දෙමළ නිජබිම ලැබීම තුල පෙනෙන්නේ කරුණා අම්මාන්ගේ දක්ෂ කම නොව සිංහළ නායකයන්ගේ දුර්වලතාවයයි.දේශපාලන බලයකින් නැගිටින කරුණා අම්මාන්ට උතුරු නැගෙනහිර තුල නැගිටීම ඉතාම පහසුය.ආඩම්බරකාර සිංහලයන් ලේ පුදා උතුර දැන් ප්‍රභාකරන් ගෙන් සහමුලින්ම මුදවා දී ඇත.

    කොටි මරුවා අපි දිනුවා සිංහලේ දිනේවා කියමින් පාරම් බාන නිවට ජාතියක අවසානය ඊළඟ වසර දහය පහළොව ඇතුලත තීරණය වනු ඇත.මේ ලිපිය සාක්ෂි සපයනු ඇත.එහෙත් මගේ ප්‍රාර්ථනය එසේ නොවේවා යන්නය.

    මමද ශ්‍රේෂ්ඨ ජාතියක තවත් එක් වර්තමාන නිවටයෙක් බවට පත්වී සිටිමි.

    හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප‍්‍රධානත්වයෙන් දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත් එක් කරමින් නව ද‍්‍රවිඩ පක්ෂයක් ආරම්භ කර ඇත.
    දෙමල එක්සත් නිදහස් පෙරමුණ නම් මෙම නව පක්ෂය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (11) මඩකළපුවේදී සිදුවිය.
    මෙම පක්ෂයේ මහ ලේකම් ලෙස මඩකළපුව දිස්ත්‍රික් සිවිල් සංවිධානයේ සභාපති විමලදාස් මහතා පත් කර ඇත.
    නව පක්ෂය ලියාපදිංචි කිරීම ඉක්මනින්ම සිදු කිරීමට නියමිතය.
    ජවුෆර් කාන්- මඩකළපුව
    රිවිර 2017-02-12

    http://www.rivira.lk/online/2017/02/12/94910
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කරුණා අම්මාන් ඊලමක් වෙනුවෙන් ආයෙ යුද්ධ කරන්නෑ බං භය වෙන්න එපා :no: :no:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කරුණා අම්මාන් ඊලමක් වෙනුවෙන් ආයෙ යුද්ධ කරන්නෑ බං භය වෙන්න එපා :no: :no:

    ඔව් මචං යුද්ධ කරන්නේ නෑ. මාත් කියන්නේ ඒකයි .මේ පාර චන්දෙ අරන් එන්නේ .

    චන්දෙ අරං දවසක පාර්ලිමේන්තුවට එන්නේ නෑ ආවත් වෙනම පාලනයකට අර අඳින්නේ නෑ කියලා උඹට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් මචං යුද්ධ කරන්නේ නෑ. මාත් කියන්නේ ඒකයි .මේ පාර චන්දෙ අරන් එන්නේ .

    චන්දෙ අරං දවසක පාර්ලිමේන්තුවට එන්නේ නෑ ආවත් වෙනම පාලනයකට අර අඳින්නේ නෑ කියලා උඹට සහතිකයක් දෙන්න පුළුවන්ද ?

    වෙනම පාලනේකට අර අඳින්නෑ දෙමළ ජාතිවාදෙ වපුරල උතුරෙ මිනිස්සුන්ගෙ ඔලු කාල ඒ මාර්ගෙන් ඡන්ද අරං ඇති වෙනකං හොරකං කරයි :yes: :yes:
    ඊලමක් ඉල්ලන්න ඇවිත් නිකං ජීවිතේ අවධානමේ දාගන්නවට වඩා ඔය ක්‍රමේ ආරක්ශිතයි :yes: :yes:
    එහෙම බලේ ගන්න දකුණෙ දේශපාලඥයො එක්කත් සාකච්ඡා කල්ල රඟපෑමක් බව සහතික කල්ල බොරුවට කිහිප දෙනෙක්ව සන්නද්ධ කල්ල LTTE එක නැඟිටිනව වගේ පේන්න සන්නද්ධ වැඩ එකක් දෙකක් කරයි :yes: :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Karuna Amman Prabakaran ekka amanapa venna reason eka------Jaffna Tamils do not care Baticlo Tamils. That is main reason. Eya Prabakaran kala. Jaffna Tamils treat Sinhalese people more than Baticloa Tamils.[Yapane Demala aya , Madakalapu Tamils lava ganan ganne naha]
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Karuna Amman Prabakaran ekka amanapa venna reason eka------Jaffna Tamils do not care Baticlo Tamils. That is main reason. Eya Prabakaran kala. Jaffna Tamils treat Sinhalese people more than Baticloa Tamils.[Yapane Demala aya , Madakalapu Tamils lava ganan ganne naha]

    But they worked together for a long time before the clash.Aren't they ?
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඔක ප්ලැන් එකක් බං. කරුණා ඉන්නෙ මහින්දගෙ පැත්තෙ. මහින්දට දෙමල චන්ද නෑ. එ චන්ද ගන්න තමයි ඔය අලුත් පක්ශෙ. විග්නෙශ්වරන් කොහොමත් ලොවෙත් මොන දේ උනත් මහින්දට හේත්තු වෙන්නෙ නෑ.ඔය වැඩේ ජනාදිපතිවරනෙට කලින් කරානම් මහින්ද තවම ජනාදිපති.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔක ප්ලැන් එකක් බං. කරුණා ඉන්නෙ මහින්දගෙ පැත්තෙ. මහින්දට දෙමල චන්ද නෑ. එ චන්ද ගන්න තමයි ඔය අලුත් පක්ශෙ. විග්නෙශ්වරන් කොහොමත් ලොවෙත් මොන දේ උනත් මහින්දට හේත්තු වෙන්නෙ නෑ.ඔය වැඩේ ජනාදිපතිවරනෙට කලින් කරානම් මහින්ද තවම ජනාදිපති.

    උඹ කියන විදිහට මහින්දගේ පැත්තේ ඉන්න එක නම් අවුලක් නෑ මචං.කවදාහරි දවසක ප්‍රභා වගේ වෙනම කෑලි ඉල්ලන්නේ නැත්නම්.මු එහෙම නොකරයි කියලා විශ්වාස කරන්න බෑ නේද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කරුණා වෙනම රටක් ඉල්ලන්නේ නෑ, එක ෂුවර්. වෙනම රටක් ඉල්ලලා කාපු කට්ටයි වෙනම රටක් නොයිල්ලා සිංහල අයට සපෝට් කරලා ගත්ත සැපයි ඌ දන්නව.

    TNA එක ෆෝම් වෙන්නෙ නෑ මෙච්චර කරුණා වගේ අයට දේශපාලනෙ කරන්න දුන්න නං. එහෙනං විග්නේශ්වරන් ඔච්චර උඩ පනින්නේත් නෑ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අපේ ලංකාවේ මිනිස්සුන්ට කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවලු. දැන් මහින්ද ට වෙලා තියෙන්නෙත් එහෙමයි.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කරුණා වෙනම රටක් ඉල්ලන්නේ නෑ, එක ෂුවර්. වෙනම රටක් ඉල්ලලා කාපු කට්ටයි වෙනම රටක් නොයිල්ලා සිංහල අයට සපෝට් කරලා ගත්ත සැපයි ඌ දන්නව.

    TNA එක ෆෝම් වෙන්නෙ නෑ මෙච්චර කරුණා වගේ අයට දේශපාලනෙ කරන්න දුන්න නං. එහෙනං විග්නේශ්වරන් ඔච්චර උඩ පනින්නේත් නෑ.

    ඌට ඒ හම්බවෙච්ච සැප ආයේ ජීවිතේට හම්බෙන්නේ නෑ.ඒක ඌ දන්නවා.කරුණා එච්චරම මෝඩ නෑ බං.ස්ථිර පැවැත්මක් හදා ගන්නේ මේ පාර දේශපාලන බලයක් එක්ක.කරුණාට දෙමළ මිනිස්සුන්ගේ ඉල්ලීම් දෙන්න වෙනවා ප්‍රධාන ආණ්ඩුවෙන්.ඒ ඉල්ලීම පරණ එකමයි දෙමළ නිජබිම.දේශපාලන බලයක් එක්ක කරුණා ආවම නයින්ට කිරි පෙව්ව එකේ විපාක බලා ගන්න පුළුවන් වෙයි.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,902
    113
    -~උලක් උඩ-~
    දැනට සෘජුවම ලන්කාවේ ඒකීයත්වයට අභියෝගකරන පුද්ගලයින් මගහැර ඒකීයත්වයට විරුද්ද නැති පුද්ගලයින් පටලවා ගෙන රටේ ඒකීයත්වය ගැන කතා කිරීම කොතරම් සාදාරනද
    :rolleyes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අපේ ලංකාවේ මිනිස්සුන්ට කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවලු. දැන් මහින්ද ට වෙලා තියෙන්නෙත් එහෙමයි.

    කබරගොයා තලගොයාගෙන් නැවතුනොත් අපි වාසනාවන්තයි.තලගොයා නයා වෙන්නත් ඉඩ තියෙනවා බං.
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    උඹ කියන විදිහට මහින්දගේ පැත්තේ ඉන්න එක නම් අවුලක් නෑ මචං.කවදාහරි දවසක ප්‍රභා වගේ වෙනම කෑලි ඉල්ලන්නේ නැත්නම්.මු එහෙම නොකරයි කියලා විශ්වාස කරන්න බෑ නේද ?
    මං අදහස් කලෙ මෙව ඔක්කොම දේශපාලන ගුන්ඩු කියල. එත් විග්නේශ්වරන් දෙමල ජනතාවට නායකය වෙනවට වඩා කරුනා වෙන එක හොදයි, මොකද කරුනා Control කරන්න පුලුවන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මචං යුද්ධ කරන්නේ නෑ. මාත් කියන්නේ ඒකයි .මේ පාර චන්දෙ අරන් එන්නේ .

    චන්දෙ අරං දවසක පාර්ලිමේන්තුවට එන්නේ නෑ ආවත් වෙනම පාලනයකට අර අඳින්නේ නෑ කියලා උඹට සහතිකයක් දෙන්න පුළුවන්ද ?

    ලොල් කරැණාව හිරේ දාලා නිදහස් කලා නන් අපේ අයියලා මිනීමරැ කොටි නිහදහස් ‍කරපු මහින්ද කියල මඩ නොගහ ඉදීද? අපි ආවම කරැණාව එල්ලනවා නොකියයිද? :rofl::rofl:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    දැනට සෘජුවම ලන්කාවේ ඒකීයත්වයට අභියෝගකරන පුද්ගලයින් මගහැර ඒකීයත්වයට විරුද්ද නැති පුද්ගලයින් පටලවා ගෙන රටේ ඒකීයත්වය ගැන කතා කිරීම කොතරම් සාදාරනද
    :rolleyes:

    එක වල් පඳුරක් උගුල්ලනකොට තව පඳුරු අළුතින් මතු වෙනවා නම් ,අපි කරන්න ඕනේ මුලින්ම අළුතින් වල් පඳුරු ඇතිවෙන එක නවත්තලා තියෙන පඳුරු ටික විනාශ කරන එක නෙමේද ?

    තව විදියකට කියනවනම් නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකල් ඉම්මුද ?

    :rolleyes:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඌට ඒ හම්බවෙච්ච සැප ආයේ ජීවිතේට හම්බෙන්නේ නෑ.ඒක ඌ දන්නවා.කරුණා එච්චරම මෝඩ නෑ බං.ස්ථිර පැවැත්මක් හදා ගන්නේ මේ පාර දේශපාලන බලයක් එක්ක.කරුණාට දෙමළ මිනිස්සුන්ගේ ඉල්ලීම් දෙන්න වෙනවා ප්‍රධාන ආණ්ඩුවෙන්.ඒ ඉල්ලීම පරණ එකමයි දෙමළ නිජබිම.දේශපාලන බලයක් එක්ක කරුණා ආවම නයින්ට කිරි පෙව්ව එකේ විපාක බලා ගන්න පුළුවන් වෙයි.

    අපි හදන්න ‍ඕනි දෙමළ මිනිස්සුන්ගෙ මතය වෙනස් කරන්න. නැතුව උන් ඉල්ලන ඉල්ලන එක දෙන්නවත්, උන්ට ඕනි එක දෙන්න පො‍රොන්දු උන දේශපාලකයන්ව නළවන එකවත් නෙමෙයි. ජාතික ප්රස්නය මොකක්ද කියල ජාතික සංවාදයක් ඇති කරන්න ඕනි. පාලිමන්ට් එකේ වෙනම විවාදයක් දාලා දෙමළ මිනිස්සු ඉන්නෙ වැරදි මතයක කියල ලෝකයටම පෙන්නනන් ඕනි. ඔන්න ඕකයි කරන්න ඔ්නි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඌට ඒ හම්බවෙච්ච සැප ආයේ ජීවිතේට හම්බෙන්නේ නෑ.ඒක ඌ දන්නවා.කරුණා එච්චරම මෝඩ නෑ බං.ස්ථිර පැවැත්මක් හදා ගන්නේ මේ පාර දේශපාලන බලයක් එක්ක.කරුණාට දෙමළ මිනිස්සුන්ගේ ඉල්ලීම් දෙන්න වෙනවා ප්‍රධාන ආණ්ඩුවෙන්.ඒ ඉල්ලීම පරණ එකමයි දෙමළ නිජබිම.

    කරුණා වැටෙන්නේ දෙමල නිජබිම කියන සංකල්පේ පාවාදුන්න ගොඩට. අනික මිනිස්සුන්ට TNA එක තියෙනව ජාතිවාදී පාරේ යන්න කරුණා ඕනේ නෑ, විග්නේශ්වරන් හොඳට ඒ වැඩේ කරගෙන යනවනෙ :yes:

    නිජබිම් සංකල්පේ නැතුව දේශපාලනේ කරන්න පුළුවන්, චන්ද දිනන්න පුළුවන් කියල කරුණා පෙන්නල තියෙන්නෙ. අනික කරුණා එහෙම ප්‍රකාශයක්වත් තාම කරලා නෑ නෙ. බලන් ඉමු මොකෝ කරන්නෙ කියල
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මං අදහස් කලෙ මෙව ඔක්කොම දේශපාලන ගුන්ඩු කියල. එත් විග්නේශ්වරන් දෙමල ජනතාවට නායකය වෙනවට වඩා කරුනා වෙන එක හොදයි, මොකද කරුනා Control කරන්න පුලුවන්.

    ඒ කොහොමද කරුණා control කරන්න ලේසි වෙන්නේ මචං ?
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අපි හදන්න ‍ඕනි දෙමළ මිනිස්සුන්ගෙ මතය වෙනස් කරන්න. නැතුව උන් ඉල්ලන ඉල්ලන එක දෙන්නවත්, උන්ට ඕනි එක දෙන්න පො‍රොන්දු උන දේශපාලකයන්ව නළවන එකවත් නෙමෙයි. ජාතික ප්රස්නය මොකක්ද කියල ජාතික සංවාදයක් ඇති කරන්න ඕනි. පාලිමන්ට් එකේ වෙනම විවාදයක් දාලා දෙමළ මිනිස්සු ඉන්නෙ වැරදි මතයක කියල ලෝකයටම පෙන්නනන් ඕනි. ඔන්න ඕකයි කරන්න ඔ්නි..

    මාත් හිතන විසඳුම මේකයි.ඒත් අවාසනාවකට ජාතික සංවාදයක් තියා ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ සංවාදයක් වත් තියාගන්න බැරි කාලෙක අපි ඉන්නේ.