ජාතිවාදය-තියන්-ත්‍රී-වීලරයේ-යාම

Dr.killer

Member
Jun 28, 2014
47
8
0
ජාතිවාදය-තියන්-ත්‍රී-වීලරයේ-යාම

ජාතිවාදය තියන් ත්‍රී වීලරයේ යාම , තෝසේ කෑම හා ආච්චිගේ ජාති අලය


ඔන්න ගණන් හිලව් එහෙම කතා කරගෙන ඉවර වෙලා මම නැග්ගා ත්‍රී වීලරයට . පරණ පුරුදු විදියට කතාවක් පටන් ගත්තා රියදුරා සමග (ටැක්සි රියදුරන් සමග කතා බහට මම කොහොමත් කැමතියි ). අපි රටේ තොටේ විත්ති කතා කර කර යනවා . ඔන්න මුස්ලිම් පොත් කඩයක් පහු වෙනවා . බෝඩ් එකේ හැටියට අලුතෙන් පටන් ගත්ත එකක් වගේ ( එහෙමත් නැත්නම් අලුතෙන් බෝඩ් එකක් එල්ලලා ) . හිතෙනවා කියන්න අලුතෙන් නැගෙන මුස්ලිම් රැලි ගැන , ඒවායේ ආධාරයෙන් ඔරු පදින කට්ටිය ගැන . හැබැයි මොහු ගේ ජාතිය ගැන නිච්චියක් නැති නිසා මම කට වහ ගන්නවා .

අපි පහු කරනවා බෞද්ධ මන්දිරය . අම්මපා අනේ පිඬු සිටාණන්ට ලජ්ජා හිතෙනවා , තමන්ගේ ජේතවනාරාමයේ සයිස් එක ගැන මේක දැක්කනම් . මෙන්න ශ්‍රද්ධාවේ තරම , තෝම්බ සයිස් . මට ආයෙමත් හිතෙනවා මොනවා හරි කියන්න . ඒත් ..... මම දිව හපා ගන්නවා .

ටිකක් ගියාට පස්සේ , රගර් කතාවකින් මම නම අල්ලගන්නවා . මුස්ටෆා . කොහොමෙන් කොහොමට හරි අපේ ගමන කොළඹ යද්දී , කතාබහ යනවා අලුත්ගමට .
කුළුපඟ කම වැඩිවෙලා කියවෙනවා

මම මේ මල්ලි මුස්ලිම්ද කියලා ෂුවර් නැති නිසා මොකුත් කිව්වේ නෑ පරිස්සමට .

ඔව් සර් මටත් එක එක ඒවා කියවෙන්න ආවා .... සර් මාර වැඩේ නේ , අපිට තේරෙනවා මේවා පිස්සු වැඩ කියලා , ඒත් අපි බයයි ....

***

පුතා තව බෙදා ගන්න .

ඔන්න මම තව තෝසයක් බෙදා ගන්නවා . අපි ගිහින් කෑමකට , නෑ ගෙදරකට ...
ඔන්න කවුදෝ කෙනෙක් විහිලු කතාවක් පටන් ගන්නවා . ..මේ කතාව ඉවර වෙන විදිය මම දන්නවා , පොඩි කණේ පාරක් එක්ක ද්‍රවිඩයන්ට . ඔන්න කතාව අතරමග නතරවෙනවා . ඒ පිඟානට තව සාම්බර් ටිකක් වැටෙනවා . සාම්බර් එක්ක තෝසේ උගුර දිගේ සුරුස් ගාලා ලිස්සලා ගියත් , ජාතිආලය හිර වෙනවා උගුරේ .

***

ආ ආච්චි පන්සල් ගියාද

ඔව් පුතේ , හාමුදුරුවෝ හොඳ අනුසාසනාවක් කලා .

මොනවා ගැනද

මේ ජාතිවාදේ ගැන

මොනවද කිව්වේ

මේ මුස්ලිම් නිසා අපිට නිවන් දකින්න බැරි වෙන හැටි හොඳට පැහැදිලි කලා . මුන් දෙව්දත් පරපුරේ එවුන් ....

ආච්චි, දෙව්දත් බුද්දාගමේ නේද

මොකෑ කිව්වේ මට ඇහුනේ නෑ

මොකුත් නෑ ආච්චි

එක නෙමෙයි පුතේ , අපි පොඩි කාලේ ....ඉස්සර මේක සිංහල රටක් නේ . .....ඒ සිංහල කිව්වේ අදහන ආගමට නෙමෙයිනේ , අපේ සන්ගිස්කෘතියටනේ, අපි ජීවත් වුන විදියටනේ . කවදද පුතේ ඕක මාරු කරේ

පලි :
දේශප්‍රේමය ජාතිඅලය කියලා එකකින් වැහිලා .
මේ මල ඉලව්ව නිසා , දැන් හුලන් වැදි වැදී යනකොට අල්ලාප සල්ලාපයක් වත් , තොසේ ගිලින කොට පොඩි විහිළුවක් වත් කරන්න බැරි විදියට අපි බය වෙලා
 
  • Like
Reactions: 541100