ජාතිවාදී යක්ෂයා මඩවල මුස්ලිම් පාසලෙන්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,137
    2,535
    113
    Redhat lab - Aukland
    ජාතිවාදී යක්ෂයා මඩවල මුස්ලිම් පාසලෙන්



    ජාතිවාදී යක්ෂයා මඩවල මුස්ලිම් පාසලෙන් මතුවෙයි.. සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර, පොලු පහර දී පන්නා ගනී

    madawals-4.jpg
    මහනුවර වත්තේගම අධ්‍යාපන කළාපයට අයත් මඩවල නගරයේ සුප්‍රසිද්ධ මුස්ලිම් පාසලක සිංහල ගුරුවරුන්ට පහර දීමක් සිදුව ඇතැයි වාර්තා වනවා.
    මීට දින කිහිපයකට ඉහත ‘ජිහාද්’ නම් සංවිධානයකින් එම පාසලට තර්ජණාත්මක ලිපියක් එවා ඇති අතර “සිංහල නොවන ගුරුවරුන් වහාම පාසලෙන් අස්වී යනු! නැතහොත් ප්‍රතිඵල භයානකයි! යනුවෙන් එමගින් සදහන් කර ඇත.
    පසුව පැවති ගුරු දෙගුරු රැස්වීමේදී ඒ පිළිබදව කතාබහට ලක්වෙද්දී දෙමව්පියන් සහ ගුරුවරුන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර රැස්වීම එකම ගාලගෝට්ටියක් වී ඇත.
    පසුව පොලු මුගුරුවලින් සන්නද්ධ වූ දෙම්පියන් විසින් “පාසලෙන් ඉවත්ව යන ලෙස” තර්ජණය කරමින් රැස්වීමේ සිටි සිංහල ගුරුවන්ට පහර දී ඇති අතර පාසල නික්මී යන අවස්ථාවේදී එම ගුරුවරුන්ට කුණු බිත්තරවලින්ද පහරදී ඇත.
    මෙම සිදුවීම පිළිබදව තොරතුරු පිටට නොදෙන ලෙස විදුහල්පතිවරයා විසින් අදාල ගුරුවරුන්ට බලපෑම් කර ඇති අතර ඇතිව තිබෙන භයානක තත්ත්වය හේතුවෙන් එක ගුරුවරියක් මේ වන විටත් පාසලෙන් ඉවත්ව ගොස් ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.
    මේ කාත්තන්කුඩිය හෝ සමන්තුරේ නොව මහනුවරය. මැදපෙරදිග රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍යාධාරයෙන් රට තුළ හිස ඔසවමින් පවතින ඉස්ලාමීය අන්තවාදී කල්ලි කණ්ඩයම් බහුතර මුස්ලිම් ප්‍රදේශවල ස්ථානගත වී ආගමික මූලධර්මවාදී අදහස් පදනම් කරගනිමින් මුස්ලිම් ප්‍රජාව අතර සමාජ බෙදුම්වාදය ප්‍රචලිත කරවීමේ ප්‍රථිපලය සමාජය යහමග යවන පාසල තුළින්ම මෙසේ පුපුරා යෑම රටේ සාමකාමී අනාගතය පිළිබදව බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරවන්නකි.
    ගෞරවණීය වන්දනීය වූ ගුරු වෘත්තියේ ගෞරවයද, නිදහස් අධ්‍යාපනයේ වටිනාකමද සාමාකාමී සමාජ පදනම දෙදරවමින් හිස ඔසවන උන්මත්තක ආගමික අන්තවාදයෙන් වැසී යන්නට පෙර මේ පිළිබදව සොයා බලා වහාම පියවරක් ගන්නා ලෙස හුණු කූරේ, ඩෙස් බංකුවේ සිට ගුරුවරුන්, නිලධාරීන්, මැති ඇමතියන් වෙනුවෙන් බදු ගෙවන ජනතා‍වගේ අනාගත දුවා දරුවන් වෙනුවෙන් අපි අධ්‍යාපන බලධාරීන්ගේ ඉල්ලා සිටිමු.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"


    ජාතිවාදී යක්ෂයා මඩවල මුස්ලිම් පාසලෙන් මතුවෙයි.. සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර, පොලු පහර දී පන්නා ගනී

    මහනුවර වත්තේගම අධ්‍යාපන කළාපයට අයත් මඩවල නගරයේ සුප්‍රසිද්ධ මුස්ලිම් පාසලක සිංහල ගුරුවරුන්ට පහර දීමක් සිදුව ඇතැයි වාර්තා වනවා.
    මීට දින කිහිපයකට ඉහත ‘ජිහාද්’ නම් සංවිධානයකින් එම පාසලට තර්ජණාත්මක ලිපියක් එවා ඇති අතර “සිංහල නොවන ගුරුවරුන් වහාම පාසලෙන් අස්වී යනු! නැතහොත් ප්‍රතිඵල භයානකයි! යනුවෙන් එමගින් සදහන් කර ඇත..

    නිකන් අන්ඩරදෙමල වගේ නේ ??:baffled::(:baffled:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඇයි බං මේවට කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නේ
    අර ගුරු සංගමේ කියල එකක් තියෙනවා නේද. ජෝසප් ස්ටාලින් කියල පොරක් ඉන්නේ. මේවට බැරිද දීප ව්‍යාප්ත වැඩ වර්ජනේකට යන්න? ප්‍රසිද්ධ විරෝධතාවයකට යන්න? කොළඹ ප්‍රසිද්ධ පාසලක මුස්ලිම් ගුරුවරයෙක් හෙම මේකට විරුද්ධව බැනර් එකක් අල්ලන් ඉන්න ෆොටෝ එකක් ප්‍රසිද්ධ වුනොත් මේ වැඩේ ලත් තැනම ලොප් වෙනවා. :angry::angry::angry:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔව් මචන් මට උඹලගේ පුදුමය තේරුම් ගන්න පුළුවන් !
    is this true ?
    if this is true ...
    unbelievable ..
    මේ සිද්ධිය මටම උන නිසා මිස මේවගේ දේවල් වෙනවා කියල විශ්වාස කරන්න අමාරුයි තමයි මචන් මට උනත්. ඒත් දැන් පැහැදිලියි සහජීවන තණ පඳුරු යට සර්පයන් ලැග ඉන්න පුළුවන් බව !
    මේ තියෙන්නේ අඟහරුවාදා සිද්ධියේ එක වීඩ්යෝවක්. තව තියෙනවා. අමුතුවෙන් පොලිසි යන්න ඕන නැහැ . මේ ගාලගෝට්ටිය වෙලාවේ 119 ගහල පොලිසිය මෙතනට එනවා. කුණු බිත්තර ප්‍රහාරට ලක් වෙන ටීචර්ලගෙන් පොලිසිය කට උත්තර ගන්නවා. ඒවා පොලිස් පොත් වල තියෙනවා. සිද්ධියෙන් පස්සේ සිංහල ගුරුවරු පාසලෙන් එලියට එන්නේ පොලිස් ආරක්ෂාව මැද.මේ ගුරුවරු කරපු වැරැද්ද මොකක්ද ? සිංහල වීමද ?
    කිසිම news එකක පොඩියටවත් මේක වාර්තා උනේ නැහැ . මේ සිදුවීම සිංහල පාසලක උනානම්....?සිංහල ඉස්කෝලෙක වැඩකරන මුස්ලිම් ගුරුවරුන්ට මේවගේ දෙයක් උනානම් ? මොන ජාතිවාදයත් කලුයි,කැතයි , ගඳයි ! ඒක මුස්ලිම් කියල වෙනසක් නෑ !
    පහල මුල් කමෙන්ට් වල තියෙන්නේ ගුරුවරුන්ට නිර්නාමිකව ලැබුණු ලියුම්. ඔය සිංහල එක උඹලට කියවන්න පුළුවන්නේ .මේ ලියුම එන්නේ පාසල් අබිවුර්දී සංගමේ කියල එකකින් ඒකෙ අත්සනක් නැහැ. මේක අගමැතිටවත් අද්යාපන ඇමතිටවත් ලියපු එකක් නෙමෙයි .මේක එවන්නේ සිංහල ගුරුවරුන්ට විතරයි.''මඩවල මදිනා'' කියන්නේ ජාතික පාසලක්. ගුරුසේවය දීපව්යප්ත සේවාවක්. ඔවුන් ඉල්ලන්නේ මුස්ලිම් ගුරු අනුපාතය 100%කරන්න.ඒකත් මඩවල මුස්ලිම්. එතකොට මේ ඉස්කෝලේ නඩත්තු වෙන්නේ මඩවලත් ඒකෙනුත් මඩවල මුස්ලිම් පොරවල්ගේ බදු සල්ලි වලින් විතරද ? දැන් මේකේ ඊළඟ පියවර මඩවල ඉස්පිරිතාලෙට ''මඩවල මුස්ලිම්'' දොස්තරලා ප්‍රාදේශීය ලේකම් එකට ''මඩවල මුස්ලිම්'' නිලදාරියෝ මඩවල ඩිපෝවට ''මඩවල මුස්ලිම්'' ඩ්‍රයිවර්ල, ඇයි ආයුබෝන්න මඩවල පංසලට එපාද? ..... එතකොට මඩවල වෙනම රටක්ද ? මඩවල විතරද.. තිහාරිය, අලුත්ගම, දෙල්තොට, අකුරණ, බේරුවල, මාතලේ ..කොහොමත් අපි එරාවුර් කාත්තන්කුඩි මුතුර් එහෙම අත ඇරලනේ කියන්නේ ! මට නං ඒකෙ හොඳම කෑල්ල ගැහැණු දරුවන් ක්‍රීඩා කටයුතුවල යෙදවීම නිසා මඩවල සංස්කෘතික අනන්‍යතාවට හානි සිදුවෙනවා කියන එක! මුං නං තාම ගල් යුගේට වත් එන්න හිතල නෑ බං.
    දෙමල ලියුම තර්ජනයක්. මාස 6ක් ඇතුලත අනිත් ගුරුවරුන්ට යන්න කියල. මේ ලියුම මුස්ලිම් නොවන සියලු ගුරුවරුන්ට ලැබුණා. මේක හුදු එක පිස්සෙක්ගේ වැඩක් කියල හිතන්න බැරි සංවිදනාත්මකව රැස්වීමට ආපු පිරිස එක්ක. කාලයක් තිස්සේ මේ වගේ ලියුම් ලැබුනත් මේ සිද්දිය වෙනකම් කවුරුත් මේක සීරියස් ගත්තේ නෑ.
    ලින්ක් එක ‪#‎madawalanews‬ කියන site එකක මේක එදාම දාපු හැටි.
    හෙට මගේ බිරිඳ ඇතුළු සිංහල ගුරුවරුන්ට වෙන ඉස්කෝලයක් හම්බුවෙයි. ඒත් ...........
    ආයිත් කියන්න ඕන
    ''මම කිසිදා ජාතිවාදියෙක් නොවීමි.
    එසේ සිටීමට මේ මොහොතේත් උත්සහ කරමි.. .''


    Video

    https://www.facebook.com/arpanangala/videos/1167621476603052/


    මම කිසිදා ජාතිවාදියෙක් නොවීමි.
    එසේ සිටීමට මේ මොහොතේද උත්සහ කරමි .!
    මගේ බිරිඳ මහනුවර මඩවල මදීනා ජාතික පාසලේ ගුරුවරියක් වන්නීය. ඇය පාන්දර 4ටඅවදි වන්නීය . උදැසන පැය දෙකක්ද සවස පැය තුනක්ද ලෙස දිනකට පැය 5ක් මහමග ගෙවන්නීය. ගෙදර ආ පසුද පැවරුම් ප්‍රශ්නපත්‍ර ඇගයීම් දහසක් අතර නිදිවර්ජිත වන්නිය. අන්තර්ජාල සරන්නී කිසි දිනක facebook නොයන්නී හුදෙක් නව දැනුම සොයන්නීය. ඒ දැනුම දු දරුවන්ට කිරිකර පොවන්නීය. ඒ මා සහ ඇගේ දරුවන් සමග ගෙවිය හැකි කාලයය. මේ සියල්ල වෙනුවෙන් සොච්චන් පඩියක් ලබන්නී මග වියදමට මගෙන්ද අතමාරු ඉල්ලන්නී ය.
    ඇය ඇතුළු මඩවල මදිනාහි සිංහල ගුරුවරුන් හට ගිය සතියේ ලිපියක් ලැබී තිබුණි. ඒ ජිහාඩ්වාදී සංවිධානයකින්ය." මුස්ලිම් නොවන සියලු ගුරුවරුන් පාසලෙන් අස්වී යනු !නැතහොත් ප්‍රතිපල භයානක විය හැක !"ඒ ඉල්ලීමක් නොව තර්ජනයකි.ඇය ඒ ලියුම මටද පෙන්නා සිනාසුනි.
    ඊයේ එම පාසලේ ගුරුදෙගුරු රැස්වීමක් තිබුණි. එය එකම ගාලගෝට්ටියකි ! පොලු මුගුරින් හා කුණු බිත්තර වලින් සන්නද්ද ''දෙමාපියන්'' නිරායුද සිංහල ගුරුවරුන් ගෙන් ඉල්ලන්නේ එකම දෙයකි ." අපේ ඉස්කෝලෙන් පලයල්ලා !"
    මම මගේ බිරිඳ ඉස්කෝලෙන් අස්කර ගනිමි .
    මේ කාත්තන්කුඩි හෝ සමන්තුරේ නොවේ මහනුවරය.
    මඩවල මදිනා පාසලේ හුනුකූරු ඩෙස් බංකුවල සිට ගුරුවරුන් විදුහල්පතිවරුන් වෙනුවෙන් බදු ගෙවන
    ඔබෙන් ඇසීමට මට ඇත්තේ කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණකි!
    කැමරාවක් ඉදිරියේ දෙවියෙක්ගේ නාමයෙන් කැපීමට නියමිතව ඇත්තේ අපේ බෙලිද? අපේ දරුවන්ගේ බෙලිද ?

    https://www.facebook.com/arpanangala?fref=nf

    13254069_1167623086602891_7825925056259794952_n.jpg



    13239991_1167623186602881_7492812438801162684_n.jpg
     

    waligamaya

    Well-known member
  • ඇයි බං මේවට කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නේ
    අර ගුරු සංගමේ කියල එකක් තියෙනවා නේද. ජෝසප් ස්ටාලින් කියල පොරක් ඉන්නේ. මේවට බැරිද දීප ව්‍යාප්ත වැඩ වර්ජනේකට යන්න? ප්‍රසිද්ධ විරෝධතාවයකට යන්න? කොළඹ ප්‍රසිද්ධ පාසලක මුස්ලිම් ගුරුවරයෙක් හෙම මේකට විරුද්ධව බැනර් එකක් අල්ලන් ඉන්න ෆොටෝ එකක් ප්‍රසිද්ධ වුනොත් මේ වැඩේ ලත් තැනම ලොප් වෙනවා. :angry::angry::angry:

    :yes::yes::yes::yes:

    මම හිතන්නේ සිද්දිය වෙච්ච ගුරුවරුත් බය ඇති
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඇයි බං මේවට කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නේ
    අර ගුරු සංගමේ කියල එකක් තියෙනවා නේද. ජෝසප් ස්ටාලින් කියල පොරක් ඉන්නේ. මේවට බැරිද දීප ව්‍යාප්ත වැඩ වර්ජනේකට යන්න? ප්‍රසිද්ධ විරෝධතාවයකට යන්න? කොළඹ ප්‍රසිද්ධ පාසලක මුස්ලිම් ගුරුවරයෙක් හෙම මේකට විරුද්ධව බැනර් එකක් අල්ලන් ඉන්න ෆොටෝ එකක් ප්‍රසිද්ධ වුනොත් මේ වැඩේ ලත් තැනම ලොප් වෙනවා. :angry::angry::angry:

    uba inne 1940 da ban. Joseph Stalin mala :rolleyes::nerd: