ජානකිගේ තිසරපටේ
කුඩු ජානකිගේ තිසරපටේ කුඩු පැකට් 72ක්
මත් කුඩු ජාවාරමේ යෙදුන අඹුසැමි යුවලක් 06 දා අලුයම මාතලේ, දික්කිරිය ප්‍රදේශයේදි මත් කුඩු ග්‍රෑම්ස් 3.630 ක් සමග අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි. සැකකරුවන් මාතලේ කුඩු චණ්ඩි සහ කුඩු ජානකි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මාතලේ දික්කිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ. සැකකරුවන් කාලයක් තිස්සේ ඉතා සුක්ෂම අයුරින් මත්කුඩු ජාවාරම කර ඇති බවත්, ලැබුණු තොරතුරක් අනුව කළ ක්ෂණික වැටලීමකදි සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලිසිය කියයි.
06 දා අලුයම දික්කිරිය ප්‍රදේශයේ රැකවල්ලා සිටි පොලීසිය සැකකරුවන්ගෙන් මත් කුඩු මිලදී ගැනීමට පැමිණි සිව් දෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කර උපාය දූතයෙකු මාර්ගයෙන් මිලි ග්‍රෑම්ස් 10 ක් බරැති කුඩු පැකැට්ටුවක් මිලදී ගැනීමෙන් අනතුරුව අනෙකුත් මත් කුඩු තොගය සොයා ගෙන තිබේ.
පොලිසිය නිවස වැටලූ අවස්ථාවේදී කාන්තාවගේ තිසරපට තුළ සඟවා ගෙන සිටි කුඩු පැකට් 72 ක් වැසිකිලි වළේ සැඟවීමට ගත් උත්සාහයක් පොලිසිය ව්‍යර්ථ කර තිබේ . මත්කුඩු පැකැට් 72ක් තුළ හෙරොයින් මිලිග්රැම්ස් 730ක ප්‍රමාණයක් හා සැමියා සන්තකයේ තිබූ කුඩු ග්‍රෑම්ස් 2.900ක ප්‍රමාණයක් පොලිසිය බාරයට ගෙන තිබේ . අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 06 දා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සජිව මැදවත්ත මහතාගේ උපදෙස් මත මාතලේ වැඩ බලන මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.බි ඒකනායක මහතාගේ මෙහෙයවිම මත දුෂණ මර්දන අශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.පි.එම්.තිලකවර්ධන, පො.සැරයන්වරුන් වන එදිරිසිංහ සහ රංජිත්, පොලිස් කොස්තාපල්වරුන් වන ජානක,රෝහණ ,අනුර හා කාන්තා පොලිස් සැරයන් රෝජා යන නිලධාරිහු මෙම වැටලිම කළහ.
හේවා.පී.කරුණාරත්න - මාතලේ දිස්ත්‍රික්
Link