ජානකී සිරිවර්ධනගේ ජාතකය

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ජානකී සිරිවර්ධනගේ ජාතකය

    Jananath+-+1.jpg


    Jananath+-+Wedding.gif


    නාමල් රාජපක්ෂ සිරගත කරපු වෙලාවේ අධිකරණය කිව්වේ මොහු වරදක් කර නැති බව බැලූ බැල්මට පෙනෙනවා හැබැයි පරීක්ෂන තාම අවසන් කරල නැති බව පොලීසිය කියන පරිදි සාක්කි වලට බලපෑමක් එල්ල වෙයි කියල බන්ධනාගාර ගත කරනව කියල. තරුණයෙකු වාහනයක යටකරපු බවට ඇසින් දුටු සාක්කි තිබුන චම්පික රණවකට, මහ දවාලේ තරුණයෙකු පැහැරගෙන යන හැටි සී සී ටී වී වල පවා සටහන් වී තිබුනු, තර්ජනය කල බවට පහර දුන් බවට සාක්කි ඕනෑ තරම් තිබුන හිරුණිකාට, බී මරගාතේ වාහනය පදවල පොදු දේපල වලට හානි කරපු විජිත හේරත්ට නම් අධිකරණය ක්‍රියාත්මක උනේ බොහෝම සානුකම්පිතවයි. විගණකාධිපති පිලිගත්ත රටට කෝටි 168ක් පාඩු කරපු මහ බැඳුමකර මංකොල්ලය සිදුකරන්නට අර්ජුන මහේන්ද්‍රන්ට උපදෙස් දී වසර එක හමාරක් තිස්සේ එලියට වී සාක්කි වසන් කරමින් ඉන්න බැඳුමකර හොරකමේ මහ මොලයා වූ අගමැතිටත් එරෙහිව පොලීසිය හෝ අධිකරණය යහපාලන තිබෙන තුරු ක්‍රියාත්මක නොවන බවද ජනතාව දන්නවා

    මේ කියන්න යන්නේ මේ කතාවේ තවත් පැත්තක්…..

    ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් ලංකාවේ රගර් දියුනු කරන්න දුන්නු මිලියන 70 ක මුදලක් නිවැරදිව පාවිච්චි කරල නැහැ කියල කියල එෆ් සී අය් ඩී ( FCID)එකට පැමිණිල්ල දාපු ක්‍රිෂ් සමාගටවත් නැති විලිරුදාවක් ජීවිතයට රගර් බෝලයක් ඇල්ලුවා කියලාවත් අපි නොහිතන ජේ වී පී එකේ පරාජිත මන්ත්‍රී වසන්ත සමරසිංහට ආවෙ කොහොමද කියන එකත් පැහැදිලි කරන ගමන් ඊටත් වඩා සැඟවුන කතාවක් කියන්නයි මේ යන්නේ.
    මේ කියන්න යන්නේ බොරු නඩුවකට නාමල් පැටලුවේ තමන් බව කවදාවත් අහු නොවේ යයි හිතන් ඉන්න වෙනත් ප්‍රධාන චරිතයක් ගැන.

    මැයගේ නම ජානකී සිරිවර්ධන…..නොහොත් ජානකී සිරිවර්ධන වරකාගොඩ
    ඇය ක්‍රිෂ් සමාගමේ දේශීය නියෝජිතවරිය. මෙයාගේ සැමියා නම් ඔබ හුග දෙනෙක් දන්නවා. ඒ රාජපක්ෂලාගේ කාලේ රාජ්‍ය උත්සව වල බෙර ගහල හොඳට හම්බ කරපු කලාකාරයෙක් වන ජයනාත් වරකාගොඩ. මුවන් පැලස්සේ කෝරාල වූ විජෙරත්න වරකාගොඩගේ පුතා.
    එෆ් සී අය් ඩී එකට පැමිණිල්ලක් එන්න කලින් ඒක එන්නේ අගමැති තුමා ප්‍රමුඛ කමිටුවකට. එතනින් තමයි දේශපාලන විරුද්ද්වාදීන්ට විරුද්ධව පරීක්ෂණ තෝරාගන්නේ. තොරතුරු ගෙනා කෙනා සඟවා තියාගන්න අවශ්‍ය විට පැමිනිල්ල ඉදිරිපත් කරන්න කටු කන බල්ලේක්ව යොදාගන්නව.බල්ලෝ හොයලා දෙන්නේ ඩොලර් වලට වහල් කම් කරන ජේ වී පී එකය්. වසන්ත සමරසිංහ කියන්නේ මේ පැමිනිල්ල ඉදිරිපත් කරන්න යොදාගත්ත කීකරු බල්ලා පමනය්. නාමල්ට බොරු නඩුවක් දමන්නට සියලු විස්තර ඇත්තටම යහපාලන රජයට ලබා දුන්නේ ජානකී සිරිවර්ධනයි.
    ජානකී මෙය කලේ ඇයි…
    යහපාලන රජය බලයට ආවට පස්සේ ක්‍රිෂ් ව්‍යාපෘතියට නව රජයෙන් නොයෙක් බලපෑම් එල්ල වෙනවා. ව්‍යාපෘතිය නතර කරන්න කියලා ඒ කාලේ ක්‍රිෂ් සමාගමට විරුද්දව නිතර චෝදනා කරපු දොස්තර හර්ෂ ඩි සිල්වා හා සුජීව සේරසිංහ බලපෑම් කරනවා.
    සමාගමේ දේශීය නියොජිතවරිය හැටියට මේ ප්‍රශ්ණ විසඳාගන්න බාර වෙන්නේ ජානකී සිරිවර්ධනටයි. ඇය තීරණය කරනවා හොඳම විසදුම තමය් විරුද්දවාදීන් ටික සතුටු කිරීම කියලා. ටික කාලෙකින් හර්ෂ ඩි සිල්වා හා සුජීව සේරසිංහ දෙන්නගෙම කට වැහෙනව. තමුන්ට ක්‍රිෂ් සමාගමෙන් නීති උපදෙස් සඳහා රුපියල් මිලියන 10ක් ගෙවා ඇතැය් සුජීව සේරසිංහ පාර්ලිමේන්තුවේම පවසනව.ක්‍රිෂ් සමාගමට තිබුන රුපියල් මිලියන 10ක් වටින නීති ප්‍රශ්නය මොකද්ද කියල අහන්න කාටවත් අමතක වෙනව. ඉතින් බොහෝම නිත්‍යානුකුල විදියට සුජීව එයාගෙ පංගුව ගනිද්දි දොස්තර හර්ෂ ඩි සිල්ව ජානකිත් එක්ක හොරෙන්ම ඉන්දියාවේ ගිහින් ක්‍රිෂ් කට්ටිය හම්බ වෙනව. ආපහු එනකොට එයත් සතුටුය.කටත් වැහිල එයා හිතන්නේ කවුරුවත් ඒ හොර ගමන දන්නේ නැහ කියල.හැබැයි තමුන් හර්ෂව අල්ලපු හැටි ජානකී බීල පාටි කීපයකදි කියනව. දොස්තරගෙ කෙරුවාව ගැන ජානකී කියපු තව හොඳ විස්තර තියෙනවා.
    මීට පස්සේ ජානකීට අලුත් ආන්ඩුවත් එක්ක තවත් යාලු වෙන්න දොල දුකක් එනව. රාජපක්ෂලාට විරුද්දව මොනවා හරි තොරතුරක් හොයල දුන්නොත් තව ලකුනු ටිකක් දාගන්න පුලුවන් කියල ඇයට හිතෙනවා. ඇගේ ඔලුවට 2012 දී රගර් දියුණු කරන්න නාමල්ට දුන්න අනුග්‍රාහක මුදල ඇයට මතක් වෙන්නේ මේ වෙලාවෙය්. ක්‍රිෂ් සමාගමේ අයිතිකරුවන්ගෙන් අහන්නේ නැතුවම ඇය මේ විස්තර ටික අගමැතිගේ ප්‍රදානත්වයෙන් ඇති දූෂණ මර්ධන කමිටුවට දෙනවා.
    හැබයි මේ කාරණය ආරංචි වූ ක්‍රිෂ් සමාගමේ අයිතිකරුවන්ට යකා නගිනවා. බොරුවට දේශපාලන වාසි ගන්න කරන අකටයුතුකම් වලට අපි පැටලෙන්නේ නැහැ කියා ඔවුන් කියනවා. ඒ අනුව සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස චෝදනාවක් ඉදිරිපත් කොට ලකුණු දමා ගැනීමේ අවස්තාව ජානකී සිරිවර්ධනට අහිමි වෙනවා.
    ජානකීගේ ඔත්තුව මත පැමිනිල්ල කරන්න කටු කන බල්ලෙක් අවශ්‍යයි කියල රතු අලි පැටියන්ට පණිවිධය යනවා. වසන්ත සමරසිංහ තමය් තොරාගනු ලැබූ ඔවුන්ගේ තෝරා ගැනීම. නාමල්ට විරුද්දව බොරු නඩුවක් හදන්න පලපුරුදු දඩ බල්ලෙක් වන උප පොලිස් පරීක්ෂක ශාන්ත ලලිතට බාරවෙන්නේ එහෙමයි.ඉතින් ඕකයි කතාව.
    ජානකී සිරිවර්දන හෙවත් ජයනාත් වරකාගොඩගේ ( ඔහුට වඩා වසර 15කින් වැඩිමල් ) බිරිඳ සිතුවේ මේ කාරණය කිසිදිනෙක එලි නොවෙනු ඇති කියායි.
    එහෙත් සත්‍යය සැමදාම වසන් කල නොහැකිය්. පටු වාසි සඳහා අම්මා අප්පා උනත් පාවා දෙන මෙම වසල අම්මන්ඩිටත් යම් දිනක ජනතා අධිකරණය ඉදිරියට එන්නට සිද්දවනු නිසැකය.

    http://www.lankanewsweb.today/archives/11978
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බිලියන 1.6 මහ බැකුවෙන් හොරාකාපු වද අගමැතිට හෙනත් නැ, මිලියන 70 දුන්න එකාවත් නඩු දාන්නෙ නැතුව කොහෙවත් යන ගෙවලයෙක්ගෙ නඩුවකට නාමල් කුඩුවට දාල. බිලියන 1.6 හොරා කාපු වද අගමැතිය කුඩුවට දාන්නෙ කවද්ද??
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මට තියෙන ප්‍රශ්නේ යෝෂිත බබා වැලිකඩ ඉදන් වාහනෙන් එන ගමන් "බැසිල් මාමි, ගෝටා මාමි" කියල කියන්නේ ඇයි ?

    ඒ ගොල්ලෝ එයාගේ මහප්පා/ බාප්පලා නෙවේද ? :oo:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    පොර දොස්තර කෙනෙක් ද ? :baffled::baffled:

    Dr කියන කෑල්ල (හෙවත් ආචාර්ය) සිංහලට පරිවර්තනය කරපු බුවා දොස්තර කියල ලියලා :lol: අට පාස් එවුන් media වලට ගියාම ඔහොම තමයි