ජානක වන්නකු ගෙන් උපදෙස් ටිකක්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,726
    16,954
    113
    1. නින්ද.
    රාත්‍රියේ දහයට පෙර නිදන්න.
    සිරුරේ කෝටිසෝල් මට්ටම පහල හෙලයි.
    ඉන්සියුලින් ප්‍රතිරෝදය අඩු කරයි.
    සීනි මට්ටම පහල දමයි.
    සිරුර මහත් වීම අඩු කරයි.
    ආහාර වලට ඇති කෑදර කම අඩු කරයි
    තෙහෙට්ටුව අඩු කරයි
    හිතේ සතුට වැඩි කරයි.

    2. ඉර එලිය.
    උදෑසන අඩුම ගානේ පැය බාගයක්වත් ඉර එලියේ එලිමහනේ ඉන්න.
    ඉර එලිය මගින් ඔබේ සිරුරේ හෝමෝන චක්‍ර නිවැරදිව ක්‍රියාත්මක කරයි.
    Circadian rhythem.

    3. වතුර.
    ආහාර ගන්න පැය බාගයකට පෙර සහ පසු පමනක් වතුර බොන්න. උදේ නැගිට්ට ගමන් වතුර 500ml බොන්න.
    සිරුර විජලනය වූ විට රුධිරයේ යුරික් ඇසිඩ් ඉහල ගොස් insulin resistance වැඩි කරයි.

    4 ව්‍යායාම
    සෑම ආහාර වේලකටම පසු පැය බාගයක් ඇතුලත විනාඩි දහයක් ඇවිදින්න. නැතිනම් පොඩි වැඩක් කරන්න. විශේශයෙන්ම උදේ ෆාස්ටිං බ්ලඩ් ශුගර් වැඩි අය උදේම නැගිටලා මිදුල අතුගාන්න.. ගේ අස් කරලාඅතු ගාන්න. කාර් එක එලියට අරන් හෝදන්න
    ආහාර වේලකින් පසු ඔබේ සිරුරේ ඉහල යන සීනි ප්‍රමානය කෙටි ව්‍යායාමයක්දී සිරුර මගින දහනය කර දමයි.

    5. ශක්තිවර්ධනය කර ගන්න.
    #wmworkouta සතියට දෙපාරක් කරන්න. විනාඩි විස්ස බැගින් දෙපාරක්.
    ශක්තිමත් මාංශ පේශි ඔබව වයසට යෑම ප්‍රමාද කරයි. තරුන පෙනුම රැක දෙයි. වයසට යන විට ඔබව වැටීම් සහ අස්ති බිඳීම වලින් ආරක්ශා කරයි.
    සීනි මාංශ පේශි තුලට අවශෝශනය කර සීනි මට්ටම පාලනය කරයි

    6. ආහාර.
    කාබ්ස් අඩුකරලා ඒ වෙනුවට
    පොල්සම්බෝල මීකිරි බිත්තර මාලු මස් පුලුවන් තරම් කන්න. පුලුවන්නම් ඒවා විතරක් කන්න.
    දියවැඩියාව සනු බත් විස වුනු අවස්තාවකි.
    ඒ වෙනුවට තෙල් වලින් දුවන්න සිරුර පුහුනු කරයි.
    ඔය අල්ල පනල්ලේ බත් විස වෙච්ච එක insulin resistance ඉබේම සනීප වෙනවා

    7. උපවාසය.
    රාත්‍රී ආහාරය වෙලාසන ගන්න රෑ හතට පෙර ගන්න. උදේ ආහාරය ක්‍රමයෙන් ප්‍රමාද කරන්න. ටික දවසකින් නවත්තලාම දාන්න. දවල් දොලහ වනතුරු වතුර විතරක් බීලා නිරාහාරව ඉන්න.
    ඔබේ අමතර සීනි සහ තෙල් ශක්තිය ලෙස් සිරුර භාවිතා කර බර අඩු කරයි.
    ඉන්සියුලින් මට්ටම පහල දමයි.
    හිතේ ශක්තිය වර්ධනය කරයි.
    ආත්ම විශ්වාසය ඇති කරයි.

    8. භාවනාව.
    දිනකට විනාඩි විස්සක් භාවනා කරන්න.
    එමගින් ඔබේ කෝටිසෝල් මට්ටම පහල දමයි.
    මාන්සික පීඩනය අඩු කරයි.
    හිතේ සතුට ඇති කරයි.

    9. සැලසුම් කරන්න.
    ඔබෙ දවස සැලසුම් කරන්න.
    හැම දේටම වෙලාවක් වෙන් කර ගන්න.
    නැත්නම් වෙලාසන නිදන්න වෙන්නෙ නෑ.
    වෙලාසන කන්න වෙන්නෙ නෑ.
    ව්‍යායාම කරන්න වෙලාවක් නැති වෙනවා.
    සතුටින් ඉන්න අමතක වෙනවා.
    වැඩ වැඩ වැඩ විතරයි.

    10. තනකොල මත මහපොලව මත පාවහන් නැතිව ඇවිද යන්න.
    ගස් දිහා බලාගෙන ඉන්න.
    දොල පාරවල් වලින් නාන්න.
    ගංගාවල පීනන්න.
    මූදු වෙරලේ දුවන්න. රල පාගන්න.
    ඔබ ඉපදුන මහ පොලව සමග ඇති පෙකනිවැල ආරක්ශා කර ගන්න.
    පාද වල ස්නායු ශක්තිමත් කරයි.
    නැවුම් වාතය ඔබව නිරෝගී කරයි.
    ලෙඩ රෝග වලින් ප්‍රවේසම් කරයි.

    11. සතියකට වරක් පන්සල් යන්න. බුදුන් වඳින්න. ඔබේ පවුලේ අය සමග සතුටින් ඉන්න කතා කරන්න. සෙල්ලම් කරන්න. දිනකට විනාඩි තිහක් වෙන්කර ගන්න. අපට මේවා අමතක වෙලා.
    විශාදයෙන් ඔබව ආරක්ශා කරයි.

    12. සතියකට වරක් හෝ දෙකක්
    ඔබේ විශ්වාස වන්ත සහකරුවා හෝ කාරිය සමග
    (මට නම් ඔය "විශ්වාසවන්ත" කිවුවට කිසි "විශ්වාසයක්" නෑ.)
    Have sex.
    ඇයි කියලා අහන්න එපා.
    ඕවා හැමදාම කරන්න බෑ.
    පුලුවන් කාලෙ කරන්න පුලුවන් දේ කරන්න.
    පස්සෙ පසු තැවෙන්න එපා.
    වැඩක් ගන්නෙ නැති අවයව පන නැතිවෙනවා නැතිනම් මලකඩ කනවා.
    ස්කන්ධය දිරනවා
    ආතල් ඉතුරු වෙනවා
    එමගින්
    ඔබේ ලිංගික හෝමෝන මට්ටම සහ වර්ධක හෝමෝන ඉහල දමයි. ඔබේ තරුන පෙනුම රැක දෙයි.
    සීනි මට්ටම පහල දමයි.
    විශාදයෙන් ඔබව ආරක්ශා කරයි.
    හිතේ සතුට ඇති කරයි.

    13. ඉතාම වැදගත් පියවර අන්තිමට
    "බැරි ඒවා අතාරින්න.
    පුලුවන් ටික කරන්න."
    රෑට නැති ණුවන
    උදේට පහල වෙනවා.

    වැඩි විස්තර #wannakumethod ඔබන්න

    Dr. Janaka Wannaku
    Whatsapp-0714485994
    Consultation-0112281281
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රාත්‍රී ආහාරය වෙලාසන ගන්න රෑ හතට පෙර ගන්න. උදේ ආහාරය ක්‍රමයෙන් ප්‍රමාද කරන්න. ටික දවසකින් නවත්තලාම දාන්න. දවල් දොලහ වනතුරු වතුර විතරක් බීලා නිරාහාරව ඉන්න.

    උදේට 10ට කාලා තමයි ගැස්ට්රයිටිස් ආවෙ. මෙ පොන්නය මොනව කියනවඩ මන්ඩා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    බිත්තර මාලු මස් පුලුවන් තරම් කන්න.....

    එහෙම කන්න ගොඩක් සල්ලිත් ඕනේ නේද ? දඩයම් බැරි නම්
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බිත්තර මාලු මස් පුලුවන් තරම් කන්න.....

    එහෙම කන්න ගොඩක් සල්ලිත් ඕනේ නේද ? දඩයම් බැරි නම්
    ඒක තමයි මන් කිවෙ කුකුල්මස් කෑල්ලක්වත් දැන් කන්න බරි එකේ ගෙම්බො ගැරඩි වගේ ඩ්ගේවල් වලට අපි යන්න ඕන කියලා. ගෙබි වගාවනම් ගොඩක් ප්රොෆිටබල්
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,736
    2,214
    113
    Nugegoda
    රාත්‍රී ආහාරය වෙලාසන ගන්න රෑ හතට පෙර ගන්න. උදේ ආහාරය ක්‍රමයෙන් ප්‍රමාද කරන්න. ටික දවසකින් නවත්තලාම දාන්න. දවල් දොලහ වනතුරු වතුර විතරක් බීලා නිරාහාරව ඉන්න.

    උදේට 10ට කාලා තමයි ගැස්ට්රයිටිස් ආවෙ. මෙ පොන්නය මොනව කියනවඩ මන්ඩා
    සමහර උපදෙස් නම් පුන්නක්කු මෙතඩ් තමයි
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,325
    113
    සමහර උපදෙස් නම් පුන්නක්කු මෙතඩ් තමයි
    ඌට ඕන කට්ටියට අදහගන්න බැරි විදියේ දේවල් කියලා හෙන රැඩිකල් පොරක් වෙන්න.හෙන ගොන් part ඉතිං. පොඩි කාලේ අවධානේ මදි වෙලා ඉදපු පොරක් වගේ මයි හැසිරීම
     
    • Like
    Reactions: asanka+++

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    14kg අඩුවුණා 8,16 කරලා සතියට දවස් 3-4ක් වගේ . කොලෙස්ට්‍රෝල් වැඩි වුණා. කොහොමත් දැන් වැඩිය කන්න බැහැ, කොච්චර තිබ්බත්. බොන්නත් බැහැ, වෙරි වෙනවා ඉක්මනට.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    සින්ඝලු නම් පට්ට හොරු මු කරන්නේ dr.berg කොපි කරන එක intermittent fasting කියන්නේ යුනිවසල් ක්‍රමයක් මු එක කොපි කරලා පොනක්කු මේතර්ඩ් කියල බොරුවට මාර්කට් කරනවා අනේ මන්ද ඉතින්

     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සමහර උපදෙස් නම් පුන්නක්කු මෙතඩ් තමයි
    ඩොක්ට කීවා රෑ 9ට කාලා උදේ 6ට කන්න කියලා. පැය 9 පැන්නාම බඩට හොද නෑ කියලා.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    3. වතුර.
    ආහාර ගන්න පැය බාගයකට පෙර සහ පසු පමනක් වතුර බොන්න. උදේ නැගිට්ට ගමන් වතුර 500ml බොන්න.
    සිරුර විජලනය වූ විට රුධිරයේ යුරික් ඇසිඩ් ඉහල ගොස් insulin resistance වැඩි කරයි.


    කිඩ්නි දෙක ලෙෆ්ට් වෙයි
     
    • Like
    Reactions: Rontmir

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    3. වතුර.
    ආහාර ගන්න පැය බාගයකට පෙර සහ පසු පමනක් වතුර බොන්න. උදේ නැගිට්ට ගමන් වතුර 500ml බොන්න.
    සිරුර විජලනය වූ විට රුධිරයේ යුරික් ඇසිඩ් ඉහල ගොස් insulin resistance වැඩි කරයි.


    කිඩ්නි දෙක ලෙෆ්ට් වෙයි
    kidney aul yna widiha phdili krnna pulwnda?