මහතාණනි
.
සිංගප්පූරුවේ ඉන්න කාලේ මට හදිසියේ රෑක ආපු කෝල් එකක්.
එහේ අඳුරන යාළුවෙක්ගෙන්. අයියේ ඔයා කූඹියෝ එකේ සේනක ටයිටස්ව දන්නවා ද? අර ඔස්ටින්ට ඉන්නේ. එයා මෙහේ ඇවිත් අසනීප වෙලා චංගි මහ රෝහලට ඇතුලත් කරලා. පොඩ්ඩක් බලලා විස්තරයක් කියන්න පුළුවන් ද? මේ ජැක්සන් අන්තනිත් ඇවිල්ලා ඉන්නේ.
ඔහු ෆෝන් එක දුන්නේ ජැක්සන් අන්තනිට. ඒ තමයි මම පලමු වරට ඔහුට කතා කරපු අවස්ථාව. මම රෝහලට කතා කරලා තොරතුරු සොයාලා ඔවුන්ට කිව්වා. ඒවායේ විය හියදම් ගැනත් කිව්වා. ඒ කටයුතු කර ගන්න උදව් කළා. ඒ තමයි මට ඔහුව සම්බන්ධ උන එකම අවස්ථාව. ඒත් හමුවීමක් උනේ නෑ.
ජැක්සන් අන්තනී කියන දක්ෂකම් කීපයකින් පිරුණ නළුවා විවිධ ස්වරූප වලින් රූප පෙට්ටිය පිරෙව්වා. විවිධ ආකාරයට අපේ මතකයේ ඔහු ගැන තියෙනවා. චරිතයක් ඇඟට අරගෙන, බර දාලා කරන කෙනෙක්. මට මතක් වෙන චරිත අතර ගරිල්ලා මාකටිං හී දේශපාලන චරිතය, සූරිය අරණේ වැද්දාගේ චරිතය, සූසීමා හී චරිත ආදිය වගේම විශේෂයෙන් ස්වර්ණවාහිනීයෙන් තිරගත වූ ගඟ දිගේ වැඩසටහන සුවිශේෂයි. බොහෝ අයට ඔහුගේ දක්ෂකම් ඔළුවේ කොහේ හරි පුංචි මතක විදියට රැඳිලා ඇති.
ඔහුත් නොගිය යුතු පාරක අන්තිමේ ගියා කියලා හිතෙනවා. ඒ තමයි දේශපාලන පාක්ෂිකභාවය. කලාකාරයෙක් කියන්නේ සම්පතක්. ඒ සම්පත හැමෝටම අයිති පොදු දෙයක්. කලාකාරයෝ ඉන්නේ ආදරේ ලබන්න. හැමෝගෙන්ම ආදරේ ලබන්න. හැබැයි දේශපාලනය ඊට හාත් පසින් වෙනස්. දේශපාලකයාට හැම වෙලාවෙම ආදරේ ලැබෙන්නේ නෑ. ලැබෙන වෙලාවට උනත් හැමෝම ආදරේ දෙන්නේ නෑ. පාක්ෂිකයන් ආදරේ කරද්දී අනිත් හැමෝම විරෝධයක් දක්වනවා. දේශපාලකයෙක් ආදරේ ලබන්න වගේම වෛරය, අපහාසය ලබන්නත් පන්නරය ලබනවා. ඒක ජොබ් එකේ කොටසක්. හැබැයි කලාකාරයෙක් එසේ වන්නේ නෑ.
කලාකරුවෙකුගේ ජීවිතේට මේ දේශපාලන පාක්ෂිකභාවය සෑහෙන්න බල පානවා. හැමෝම ආදරේ කරන කෙනෙකු ගේ සිට පාක්ෂිකයන් පමණක් ආදරේ කරන තැනට යන කොට තමන්ගෙම ෆෑන් බේස් එක භාගෙට වඩා කැඩෙනවා. ඒ දේශපාලන ව්‍යාපාරය අසාර්ථක වෙන කොට ඒත් එක්කම තමන්ගේ ප්රතිරූපයත් බිඳ වැටෙනවා. ඊට පස්සේ දේශපාලන ලේබල් ගලවා ගන්න අමාරුයි. තමන්ට ආයෙත් අර පිළිගැනීම ලැබෙන්නේ නෑ.
කලාකරුවන් මේ දේශපාලන වේදිකාවට එන්නේ රට වෙනුවෙන් කාව හරි දිනවන්න වෙන්න පුළුවන්. ඒ දිනවන කෙනා මේක හදයි කියලා විශ්වාසයක් ඇතිව එහෙම කරන්නේ. සමහරු වාසි බලාගෙනත් කළා වෙන්න පුළුවන්. හැබැයි ආයේ ආයේ ෆේල් වෙන ක්රමයක, අහම්බෙන් සාර්ථකත්වය ලැබෙන්නේ නෑ. ඒක ඇනලිසිස් කර ගන්න කලාකරුවාට තමන්ගේ ක්ෂේත්රය තුල දැනුමක් හා පන්නරයක් ලැබෙන්නේ නෑ.
සුනිල් පෙරේරා, ජැක්සන් ඇන්තනීලා ගිය පාර ඒ නිසා තමන්ගෙම ෆෑන් බේස් කඩා ගැනීමක්. ඔවුන් පාඩම් කියලා දීලා තියෙද්දිත් තවත් කලා කරුවන් ආයේ වටේකින් ඒ පාරේම යනවා. ඒක ඔවුන්ගේ තේරීම සහ නිදහස. හැබැයි ප්‍රථිපලය සතුටුදායක නොවන බව ඔවුන් අවසානයේ අවබෝධ කර ගනියි.
කලා කරුවන්ට පුළුවන් නම්, මිනිස්සු දේශපාලනිකව අවදි කරන්න, වෙනස් වෙන හැටි කියලා දෙන්න, අලුත් අවබෝධයක් ඇති කරන්න, ඒ පුනරුදය වටිනවා පක්ෂයක් දිනවන්න කියනවට වැඩිය. ඒ පාරේ ගියොත්, ඔබට හැමෝගෙම ආදරේ ලැබෙයි. ඔබ හැමෝගෙම වීරයෙක් වෙයි.
ආයෙත් හිතලා බලන්න.
ජැක්සන් ඇන්තනී මහතාට සුබ ගමන්. !!!
පැතුම් කර්නර්
#හරිත