ආ මචන් සිරස්තල ඉස්සෙල්ල කියල, ප්‍රවුර්තිය පස්සේ කියන්නද හදන්නේ? ආතල් කුඩු නේ බන්.
කියන්නම්.. හැබැයි මේකෙ ජැකාලට ටිකක් රිදෙයි

දවසක් තුනට විතර කලින් ඕෆ් වෙලා ඇවිත් බස් එකකට නැග්ග මම. මාත් එක්කම සුද්දෝ ටිකකුත් නැග්ග. එතන තරුණ කපල් එකකුයි එයාලගෙ ළමයයි ඒ වයිෆ්ගේ නංගි වගේ වෙන ලස්සන කෙල්ලෙකුයි හිටිය. ඒකි ෂෝට් එකකුයි ටී එකකුයි ඇඳල හිටියෙ.
ඉතිං ඒ ටයිම් සෙනඟ හිටියෙත් නෑ. කපල් එක ඩබල් ශීට් එකක වාඩි උනා පොඩි එකා එක්ක. කෙල්ල එතනම හිටගෙන හිටිය.
බස් එක අද්දන්න හදනකොටම ඔෆිස් පියන් කෙනෙක් වගේ ඩයල් එකක් නැගල කෙලින්ම හිස් බස් එකේ අර කෙල්ල ගාවින්ම ගිහින් හිටගත්ත.
දැන් බස් එක යන්න ගත්තම පොර ඇවිත් කෙල්ලගෙ ඇඟේ වදිනව

හෝල්ට් තුනක් වගේ යද්දි බස් එක ලෝඩ් උනා. එතකොට කෙල්ල මොනවහරි කඩ්ඩෙන් කියනවත් ඇහුන.
ඒත් පොර අයින් උනේ නැහැ.
වැඩි දුරක් යන්න ලැබුනේ නෑ ළඟ හිටපු ගෑනු කෙනෙක් සේරටම ඇහෙන්න "මේ මිනිහට ලැජ්ජාවක් නැති හැටි පොඩි එකෙක්වත් මේ බස් එකේ එක්ක යන්න බෑ කාලකන්නිය තොට ඇහුනේ නැද්ද ඒ නෝන එහාට වෙන්න කියල දිගටම කිව්ව. ඉඳපන් උඹට" කියල අතේ තිබුණ කුඩෙන් නෙලාගෙන ගියා.
මිනිහ කොහොමහරි සෙනඟ අස්සෙන් රිංගල යන බස් එකෙන් පන්න කියල මිනිස්සු කියනවා ඇහුන.

ආයිනම් ඒවගේ වැඩ කරන එකක් නෑ කාලෙකට.
ඕකුන් හින්ද තමයි අපේ රට ගැන පිටරට මිනිස්සු පවා කලකිරෙන්නේ





