ජැන්ඩිපහට ඇඳ පොල් කඩනවාට විහිළු කළාට කොටලා මරලා

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,441
    8,596
    113

    අව් කණ්ණාඩි හා හිස් වැසුම් පැළඳ ජැන්ඩි පහට ඇඳ පොල් කැඩීමේ නිරත වූ පුද්ගලයකුට දිගින් දිගටම ඒ පිළිබඳව සමච්චලයට ලක් කිරීම නිසා කුපිත වූ ඔහු තම අත රැඳි තියුණු ආයුධයකින් පහරදී විසි හය හැවිරිදි තරුණයකු මරා දමා ඇති බව පරීක්ෂණ පවත්වන ගලහා පොලිසිය පවසයි 😮.

    මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දෙල්තොට නවනැලිය කොටගෙපිටිය ප්‍රදේශයේ පදිංචි නදීර වසන්ත රණසිංහ යන අයයි. සැකකරු කුඩා කල නිල්දණ්ඩාහින්න ප්‍රදේශයේ පදිංචි සිය අත්තම්මා හා සීයා ළඟ හැදී වැඩි ඇති අතර අට ශ්‍රේණිය දක්වා ඉගෙන ගැනීමෙන් පසු සිය පාසල් ගමන අතහැර වී ඇඹරුම් හලක සේවය කර තිබේ.

    පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ වීමෙන් පසු ඔහු යුද හමුදා සේවයට 😂 එක් වුවද වසර දෙකක් පමණක් එහි සිට ඉන් පලා ගොස් කොළඹ ප්‍රදේශයේ කුරුඳු සමාගමක සේවය කර තිබේ.

    එහිදී හඳුනාගත් කාන්තාවක හා විවාහ වී ඇගේ ගම වන මෙම නවනැලිය ප්‍රදේශයට පැමිණ ඇති බව පොලිසිය පවසයි. ගමට පැමිණියත් රැකියාවක් නොමැති මොහු මෙම ගමේදී පොල් ගස් නැග ගෙඩි කැඩීමේ රැකියාවක් ආරම්භ කර ඇත.

    පොල් කැඩීම රස්සාව වුවත් මොහු නවීන විලාසිතා යොදමින් කලිසම් කමිස ඇඳ, අව් කණ්ණාඩි හා හිස් වැසුම් පැළඳ ගමන් බිමන් යාම හා එම විලාසිතාව සමග පොල් කැඩීම ද සිදු කිරීම නිසා ගමේ සිටි බොහෝ දෙනාගේ උසුළු විසුවලට මොහු නිතර ලක්වීම සිදුව තිබේ. මේ නිසාම මොහු බොහෝ අය සමග නිතර නිතර ගැටුම් ඇති කරගෙන තිබුණත් මෙම විහිළු තහළු නතර වීම වෙනුවට ඒවා වැඩි වී ඇති බව ද පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

    එළැඹි අවුරුදු උදාව සමග මෙම ගමේ නිවසක සියලු දෙනා වෙනුවෙන් සංග්‍රහයක් සූදානම් කර තිබේ.

    නමුත් පොල් කඩන මොහුට ඒ සඳහා ආරාධනා කර නොමැති අතර මොහු එය අමතක කර නිවසට පහළ ඔයේ දියනෑමට ගොස් තිබේ.

    එහිදී මිය ගිය නදීර යන අය ඇළ ඉවුර දිගේ සාදය තිබෙන නිවසට ගමන් කරන අතරතුර සැකකරු දැක සුපුරුදු පරිදි විහිළු කර තිබේ. මෙයින් කුපිත වූ මොහු දිය නෑම අතහැර ඇළෙන් ගොඩට විත් ඇළ ඉවුරේ ගමන් කරන නදීර අල්ලා තමා සතුව තිබූ තියුණු ආයුධයෙන් ඔහුගේ බෙල්ලට පහර දී තිබේ. ඉන්පසු දෙදෙනාම පොරබැදීමත් සමග ඇළ ඉවුරින් පහළට පෙරළී ඇති මුත් ගැටුම දිගටම පවතිත්දී ඒ අසලින් සාදයට ගිය තවත් තරුණයන් දෙදෙනකු මෙය දැක තිබේ.

    නදිර අතහල සැකකරු ඔහුගේ නිවසට ගොස් ඇති අතර මෙම තරුණයන් හා ගමේ පිරිස එක්ව තුවාලකරු දෙල්තොට පල්ලේගම රෝහලට රැගෙන ගියත් එහිදී ඔහු මිය ගොස් තිබේ. මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා මෙහි ස්ථානීය පරීක්ෂණය පැවැත්වීය.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,896
    1
    51,895
    113
    ප*යාගල
    sorry.com
    පොල් කැඩීම රස්සාව වුවත් මොහු නවීන විලාසිතා යොදමින් කලිසම් කමිස ඇඳ, අව් කණ්ණාඩි හා හිස් වැසුම් පැළඳ ගමන් බිමන් යාම හා එම විලාසිතාව සමග පොල් කැඩීම ද සිදු කිරීම නිසා ගමේ සිටි බොහෝ දෙනාගේ උසුළු විසුවලට මොහු නිතර ලක්වීම සිදුව තිබේ. මේ නිසාම මොහු බොහෝ අය සමග නිතර නිතර ගැටුම් ඇති කරගෙන තිබුණත් මෙම විහිළු තහළු නතර වීම වෙනුවට ඒවා වැඩි වී ඇති බව ද පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
    ප්ව් බන් සිරාවටම.කාටවත් අත නොපා රස්සාවටත් ගරු කරගෙන ඉන්න උන්ටම තමා මේ ලෝකේ කෙලින්නෙ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    ප්ව් බන් සිරාවටම.කාටවත් අත නොපා රස්සාවටත් ගරු කරගෙන ඉන්න උන්ටම තමා මේ ලෝකේ කෙලින්නෙ
    මමත් කියන්නෙ ඕක. ඉස්සර නම් ඩොකා post එකට කෙල්ලො දෙනවා වගෙ. දැන්නම් ඩොක්කු ගනන් ගන්නෙ වියලි කලාපෙ උන් විතරයි. හැම ජොබම එකයි. හාම්පුත්තු සැපෙ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    Army ට්‍රේනින් කියන්නෙ PTSD. ඕකනේ ආමි උන් එක්ක ජෝක් කරන්නේ නැත්තේ මම. හැට පැන්නත් සැලෙන්ඩර් වෙන්නෙ නැහැ. ස්පෙෂලි යුද්දෙට ගියපු බොසාල.
     
    මාත් පිස්සුනේ කෙලින්නේ.
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මිනිස්සු කාටවත් විහිලු කරන්න විහිලුවකට ගන්න එපා ඌ දුකෙන් නාන්න යන්න ඇති මූ ගොනා වගේ ඌව බයිට් එකට ගන්න ඇති අරූට මලපැන්න ගැහුව

    ඒක එක මිනිස්සුන්ට විහිලු කරන්නැතුව උන්ට ඕන විදියට ඉන්න දීපල්ල
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    මිනිස්සු කාටවත් විහිලු කරන්න විහිලුවකට ගන්න එපා ඌ දුකෙන් නාන්න යන්න ඇති මූ ගොනා වගේ ඌව බයිට් එකට ගන්න ඇති අරූට මලපැන්න ගැහුව

    ඒක එක මිනිස්සුන්ට විහිලු කරන්නැතුව උන්ට ඕන විදියට ඉන්න දීපල්ල
    පව් බං ඌට ගමේ අවුරුදු පාටියටවත් එන්න කියල නෑනෙ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    Army ට්‍රේනින් කියන්නෙ PTSD. ඕකනේ ආමි උන් එක්ක ජෝක් කරන්නේ නැත්තේ මම. හැට පැන්නත් සැලෙන්ඩර් වෙන්නෙ නැහැ. ස්පෙෂලි යුද්දෙට ගියපු බොසාල.
    mokadda ban PTSD kiyanne
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    Army ට්‍රේනින් කියන්නෙ PTSD. ඕකනේ ආමි උන් එක්ක ජෝක් කරන්නේ නැත්තේ මම. හැට පැන්නත් සැලෙන්ඩර් වෙන්නෙ නැහැ. ස්පෙෂලි යුද්දෙට ගියපු බොසාල.
    Pstd kiynne mokda mcn explain it
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    ඒකට අපේ පැත්තේ පොල් කඩන එකාට වදින්න ඕනෙ. සතියකට කලින් ගිහින් අපොයිමන්ට් එකක් දාගන්න ඕනෙ.
    අපෙ පැත්තෙ පොරක් ඉන්නවා. මේසන් වැඩ කරන්නෙ පට්ටම දුප්පත්. පොරව කවුරුවත් ගනන් ගත්තෙවත් නැ. මූ මාරගේමක් ගහලා prius එකක් බැස්සුවා වාහන ගනන් කාලෙ. Hardware එකක් දැම්මා.පට්ට හොදපොර දැක්කත් හිනාවෙනවා. ඒකට ගමෙ අම්මන්ඩිලා. මූනෙ ලෙ පොදක් නැ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    දැන් ඉතින් නදිරගේ ගැනිට ජැන්ඩි පහට ඇඳන් වෙස කමේ ගිහින් තමයි කන්න වෙන්නේ :rofl:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මැරුණු 2000 න් පස්සේ හුජ්ජා කොල්ලට හොඳ වැඩේ තව එකෙක්ගෙ සාධාරණ රැකියවට විහිළු කළාට
    බලපන් ඌ ඉල්ලගෙන කාලා තියෙන්නේ. අරූ මොන ඇඳුමක් ඇන්දත් රස්සාව හරියට කරනවා නම් කාටවත් කරදරයක් කරන්නේ නැත්තම් මොන රෙද්දක්ද බන් අනික් එවුන්ට. ලංකාවේ මිනිස්සුන්ට පුදුම කැහිල්ලක් තියෙන්නේ අනික් එකාගේ දේ හොයන්න. දැන් මේ පාඩුවේ හිටපු මිනිහට ජීවිත කාලෙම කූරු ගණින්න වෙන්නේ කොහෙද යන පරයෙක් නිසා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    බලපන් ඌ ඉල්ලගෙන කාලා තියෙන්නේ. අරූ මොන ඇඳුමක් ඇන්දත් රස්සාව හරියට කරනවා නම් කාටවත් කරදරයක් කරන්නේ නැත්තම් මොන රෙද්දක්ද බන් අනික් එවුන්ට. ලංකාවේ මිනිස්සුන්ට පුදුම කැහිල්ලක් තියෙන්නේ අනික් එකාගේ දේ හොයන්න. දැන් මේ පාඩුවේ හිටපු මිනිහට ජීවිත කාලෙම කූරු ගණින්න වෙන්නේ කොහෙද යන පරයෙක් නිසා.
    ටාරකවද දන්නෑ මරලා තියෙන්නෙ