ජෑම් බනිස්

මම දැන් ටිකකට පෙර බඩගින්නේ සිටින විට සංගීතයක් ඇසුනි...
බැලින්නම් ඒ චුන් පාන් රථයයි.
මම දුවගොස් මොනවද කන්න තියෙන්නේ කියා බැලුවෙමි.
මාලු බනිස් තියනවා, නමුත් ඒවගේ මාළු නැති පාටයි.
සීනි බනිස් තියනවා, ඒවගේ සීනි ඇට 2ක්3ක් පමන ඇත.
අවසානයේ මගේ ඇස ගියේ ජෑම් බනිසයක් වෙතටය.
චුන් පාන් එකේ සහායකයා ජෑම් බනිස් එකක් කියා බනිස් ගෙඩියක් දුන්නාය.
එය බැලු බැල්මට අතිතයේ ජෑම් බනිස් මෙන් 2 ගුනයක් 3 ගුනයක් තරමට විශාලය.
මට විටෙක පුදුම සිතුනි.
මම එය ‍රැගෙන ගෙදර ඇවිත් කෑවෙමි.
පලමු කට කා අවසන්ය.......
තවම ජෑම් නැත.
2 වෙනි කටත් 3 වෙනිකටත් කැවෙමි.
තවම නැත.
4 වෙනි කට ටිකක් ලොකුවට කෑවෙමි.
යාන්තම් ජෑම් රහක් දැනුනි.
5ත්,6ත් කටවලට හොදට ජෑම් තිබුනි.
7 නැත..
ඉදිරියටත් නැත.
කෙසේ වුවත් බනිස් ගෙඩිය නියමිත ප්‍රමාණයටත් වඩා ලොකුවට සාදා තිබුනි.
නමුත් සැනසෙන්නට කාරණාවක් තිබුනි..
ඒ බනිස් එක පුරාම සීනි අතුරා තිබිමය..
මට කල්පනා වුනේ සීනි බනිස් එකකවත් නැතිතරම් සීනි, ජෑම් බනිස් එකක කොහොමද තියෙන්නේ කියාය.
කොහොම නමුත් ඒය එසේ විය.

අවවාදයයි -: ඔබට සීනි බනිස් එකක් කන්නට සිතුනොත් ඔබ අනිවායයෙන්ම ජෑම් බනිස් එකක් ගන්න( සමහර විට මෙය අපේ පැත්තට විතරක් අදාල වෙන්න පුළුවන්).

රෙප්+ එකක් එහෙම දාලා අපිවත් උඩට ගන්න හොදේ...............................:):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
 
Last edited:
  • Like
Reactions: SP22614