මට කුඩේ ඇල්ලූ සුද්දා........

me2cool

Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    ඕස්ට්‍රේලියාවෙහි වෙසෙන නීතිඥ හිරන්ත හේරත් මහතා තැබූ සටහනක්

    මට කුඩේ ඇල්ලූ සුද්දා........
    **************

    මට කුඩේ ඇල්ලූ මේ සුද්දා එසේ මෙසේ සුද්දෙකු නොව ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් පිලේත්, එක්දින පිලේත්, 20/20 පිලේත් ප්‍රබල පිතිකරුවෙකු වන පීටර් හැන්ඩ්ස්කොම්බ් ය. පිතිකරු අසලම පන්දු රකින්නන්ගෙන්, දැනට ලෝකේ සිටින දක්ෂතම පන්දු රකින්නාය. ඕස්ට්‍රේලියාවේ අතිරේක කඩුලු රකින්නාය.

    මේ පිංතූරය ගැනීමට ගිය මොහොතේ ඇද හැලුනු හදිසි වර්ෂාව නිසා පිංතූරය අපහැදිලි වේයැයි සිතූ මේ සුද්දා ලග සිටි ඩේවිඩ් වෝනර් ඉහලගෙන සිටි කුඩේ උදුරගෙන මට ඇල්ලුවේය. ඩේවිඩ් වෝනර් දුවගෙන ගොස් ටීම් බස් එකේ එල්ලුනි.

    පිංතූරය ගත් පසු "අපරාදේ මං කල වැඩේ නිසා උඹට වෝනර් එක්ක පිංතූරයක් ගන්නත් බැරිඋනා නේදැයි" හැන්ඩ්ස්කොම්බ් මගෙන් ඇසුවේය.

    ඕනෑම ක්‍රීඩාවකදී පිටියට බැස්ස පසු ඕස්ට්‍රේලියානුවෝ මහසෝනා හෝ රීරි යකා ආවේස ඌවන් මෙන් හැසිරෙති. ජයග්‍රහණය මිස ඊට අඩු දෙයක් පිලිගැනීමට ඔවුන් මැලිවෙති. නමුත් සාමාන්‍ය ජීවිතයේදී ඔවුන් ඉතාම නිහතමානී සාමාන්‍ය මිනිස්සුන් වේ.

    මට හැන්ඩ්ස්කෝම්බ් ගෙන් සමුගෙන එද්දි අතීතය මතක් උනි.
    --------------

    රාජපක්ෂ ආන්ඩු කාලයේ සිටි එක්තරා දේශපාලකයෙකි. ඔහු හිටපු, ලංකාව නියෝජනය කල අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දිනක් ඔහුත්, මමත්, මගේ මිතුරෙකුත්, තවත් අයෙකුත් අර හිටපු ක්‍රීඩක දේශපාලකයාට අයත් කොළඹ පිහිටි අවන්හලක කතා කරමින් සිටියෙමු.

    අදාල ක්‍රීඩක දේශපාලකයා රට දැන ගත්තේ ක්‍රිකට් නිසාය. ඔහුට රසිකයෝ මහත් සේ ආදරය කරති. අපි මෙසේ කතා කරමින් ඉන්නා විටත් ඔහුගේ රසිකයන් පැමින ඔහුත් සමග ෆොටෝ එකකකට පෙනී සිටීමට ඉල්ලීම් කරයි.

    ෆෝන් එක කනේ ගහගත් හිටපු ක්‍රීඩකයා හපුටු මුහුනින් බොහෝ අකමැත්තෙන් රසිකයින් සමග ෆොටෝ වලට පෙනී සිටී. බොහෝ වෙලාවට ඔහු සිටියේ අහක බලාගෙනය.

    ෆොටෝ ගෙන අවසන් වී ආපසු අපේ ලගට පැමින "මුන්ගෙන් මාර වදයක්නෙ තියෙන්නේ ෆෝන් එක කනේ නොගැහුව නං බේරෙන්න බෑ ප්‍රශ්න කෝටියක් අහනවා" යයි කීය. ඔහුගේ රසිකයන් ඔහුට වහ කදුරුය.

    "උඹ $%# එක්ක ෆොටෝ එකක් ගහන්නෙ නැද්ද" ක්‍රීඩකයා මට හදුන්වා දුන් මගේ මිතුරා මගෙන් අසයි.

    "මගේ ෆෝන් එකේ මෙමරි ෆුල් මචං පස්සෙ ගමු." හිටපු ක්‍රීඩකයාගේ හැසිරීම තිත්ත වූ මම මිතුරාට කීවෙමි.
    ------

    කාලයක් පටන්ම මා දන්නා තවත් මිතුරෙකු සිටී. ඔහු දැන් ලංකාවේ ප්‍රබල දේශපාලකයෙකි. ඉස්සර මා මෙන්ම ඔහුද හද්දා හාල් කෑල්ලකි.

    ඒ කාලේ ලංකාවේ දේශපාලකයින්ගේ අවලන් වැඩ ගැන, උන්ගේ පඩ ෂෝ ගැන අපි වරු ගනන් ප්ලේන්ටි බිබී කතා කරමින් සිට ඇත. ඔහු ඒකාලේ ප්ලේන්ටි බිව්වේ ප්ලේන්ටි වලට වඩා ඉහල බීමක් බිව්වොත් ඔහු "පාරාජිකා" තත්වයට පත්වේයැයි සිතූ නිසා විය යුතුය.

    වරක් අපේ විශ්ව විද්‍යාලයේ විභාග සමයක රසවත් සිද්ධියක් සිදුවිය. මමත් අපේ වලස්මුල්ලේ සතරයාත් පාඩම් කලේ එකටය. ඒ සතරයාගේ නෑයෙකුට අයත් කැලණිය තොරන හන්දියේ මහපාර අයිනේ වූ ව්‍යාපාරික ස්තානයකය.

    දිනක් රාත්‍රියේ අප පාඩම් කරන අතර මම අර මුලින් කිව් දේශපාලකයා ද (ඒ කාලේ ශිෂ්‍යා) අපත් සමග පාඩම් කිරීමට එකතු විය. මහ රූ "සතරයා" අප නැවතී සිටි තැන තිබූ එකම ඇදේ නිදාගත් අතර අර දේශපාලකයාත් මාත් නිදා ගත්තේ ව්‍යාපාරික ස්තානයේ තිබූ කොත්තු හැදීමට අවශ්‍ය ප්ලේන් රොටී හදනා විශාල ඇුමිනියම් මේසය උඩය.

    උදේ නැගිටීමට බැලීමේදී අප දෙදෙනාටම නැගිටීමට බැරිය. හේතුව කොත්තු මේසයේ තිබූ පොල්තෙල් අපගේ පිටට සීල්වී තිබීමයි. "සතරයා" පැමින අප කවදාවත් ඊට පෙර අසා නොතිබූ වචන සෙට් එකක් කියමින් අප දෙදෙනාව කොත්තු මේසෙයෙන් බිමට ඇද දැමීය. සතරයාගේත්, මගේත්, අර දේශපාලකයාගේත් මිතුරුකම කොත්තුයි පොල්තෙලුයි වගේ එතරම්ම දැඩි එකකි.

    මම ඕස්ට්‍රේලියාවේ පදිංචි වූ පසුව නිවාඩුවකට ලංකාවට ගොස් අගනුවර එක්තරා තැනක ඇවිදිමින් සිටියෙමි.

    මා ඉදිරිපිට වාහන දෙකක් නතර විය. පසුපසින් ආ ආරක්ෂක රතයෙන් බැසගත් ආරක්ෂකයෙකු දුවගොස් ඉදිරි රතයේ පිටුපස දොර ඇරියේය. (ලංකාවේ සෑම දේශපාලකයාටම පාර්ලිමේන්තු ගියවිට පොදු ලෙඩක් හැදේ. ඒ වාහනයේ ඇතුලින් දොර ඇරීමට ඔවුන්ට බැරිවේ. වෙන එකෙකු පිටතින් ඇරිය යුතුය. ඇතුලින් දොර ඇරීමට ශක්තියක් නැතත් කතාව නම් ඇමරිකාවටත් ගැහීමටය.)

    වාහනයෙන් බැස්සේ අර මගේ මිතුරු දේශපාලකයායි.

    "ආ කොහොමද බං"? ඔහු මගෙන් අහයි.

    " ඇයි බං උඹේ කාර් එකේ චයිල්ඩ් ලොක් (Child lock) එක දාලද තියෙන්නෙ?" ඒ මං.

    "ඇතුලෙන් අරින්න බැරිද? හිටහන් මං හරිගස්සලා දෙන්න." බ්‍රේක් නැති මගේ කටින් වචන විසිවෙයි.

    "කෑගහන්න එපා හු......, සිකියුරිටි එවුන්ට ඇහෙනවා." හිනාව නවත්වා ගැනීමට බැරිවූ එතුමා, ඉස්සර අප කතා කල වචන වලින්ම මට පිලිතුරු දෙයි.

    අදත් පාර්ලිමේන්තුවේ සිටින එතුමා ඊට පසු කිසිම දිනක කිසිම කෙනෙකුට තමාගේ වාහනයේ දොර එලියෙන් ඇරීමට ඉඩ නොදුන් බව මට දැන ගන්නට ලැබුනි.
    -----------

    මා නීති පීඨයේ ඉගෙන ගන්නා කාලයේ ඇය මගේ සමීපම මිතුරියකි. කොතරම් සමීප මිතුරියක්ද කියනවා නම් ඇගේ පියාත් මමත් දෙතුන් වරක් කන සාක්කුවට වැටෙන තුරු එකට මත්වී තිබේ. මත්වූ පසුව මට පියාත්, පියාට මාත් මචං වෙයි.

    පසු කාලයක මගේ මිතුරිය ලොක්කියක වූවාය. ලොක්කියක වුවත් ඇය මගේ පරන මිතුරියමය. මම ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට ගියවිට, එක්තරා උත්සවයකදී ඇය මට හමුවිය. මම හිටියේ අපේ නීතිඥ මිතුරන් පිරිසක් ද සමගිනි. අප සිටි උත්සවයට ඇයද ආවාය. මම ඈ ලගට ගොස් කතා කලෙමි. මාව නාදුනන ගානට ඇය ක්ෂිතිජය දෙස බලාගෙන සිටි. මගේ මිතුරන් ඈත සිට සිනාසෙනු මට දැන් පෙනේ.

    පොලොව පලාගෙන යාමට ඇතිවූ ලැජ්ජාවකි. කකුල් පැටලෙමින් නැවත මිතුරන් වෙත ගියෙමි.

    "හොද වැඩේ තොට එක එකාට pක දෙන්න යනවට. ඕකි දැන් නලලෙ තියාගෙන ඉන්නෙ" ඒ මිතුරන් මට දැක්වූ ප්‍රතිචාරයයි.

    හැතැම්ම දහස් ගානකට ඈත සිටින මට ඇගෙන් කිසිම උදව්වක් ඉල්ලීමට අවශ්‍යතාවක් නැත. එහෙම ඇති වුවත් ඉල්ලන්නේද නැත. නමුත් ඇගේ මේ හැසිරීම මට තේරුම් ගත නොහැකි විය.
    ----

    මම නීතිඥයෙකු ලෙස සේවය කරන කාලයේ මහනුවර අධිකරනයේ එක්තරා අතිරේක මහේස්ත්‍රාත්තුමියක් සිටියාය. උසාවි සේවකයෝ තමන්ගෙ නිවාඩු අනුමත කරන, තමන්ට සමීප ප්‍රධානියා වන රෙජිස්ට්‍රාර් වරියට මැඩම් කියා අමතති. විනිසුරුවරියටත් සාමාන්‍යයෙන් අමතන්නේ මැඩම් නමිනි.

    රෙජිස්ට්‍රාර්ටත් මැඩම් කියා විනිසුරුවරියටත් මැඩම් කීම මේ විනිසුරුවරියට ඇල්ලුවේ නැත. ඇය උසාවි කාර්‍ය මංඩලයට නියෝග කලේ "මීට පස්සෙ මට මැඩම් කියන්න එපා ස්වාමිනී කියන්න ඕන" යනුවෙනි.

    මේ බව නොදත් ජෝන් සෙනවිරත්න අධිකරන ඇමතිකාලේ පත්වීමක් දුන් රත්නපුරෙන් ආ ඉතාම ලාබාල උසාවි සේවිකාවක් අර විනිසුරුවරියට "මැඩම්" කීවාය. "මැඩම්" පරල විය. දැන් අර මැඩම් කියූ සේවිකාවව ගරු මහේස්ත්‍රාත්තුමිය රිමාන්ඩ් කිරීමටම සූදානම්ය. නීතිඥ මහත්වරුන් මැදිහත්වී යන්තම් වැඩේ ගොඩින් ෂේප් කරන ලදි.

    මේ සිද්ධිය මගේ ෆේස්බුක් මිතුරු ලයිස්තුවේ ඉන්නා නීතිඥ මිතුරන්ටත් අද අධිකරන රෙජිස්ට්‍රාර් කෙනෙක් වන මගේ හිතවත්........ ‍රත්න මහතාටත් මතක ඇතැයි සිතමි.

    පේරාදෙණිය පොලිසියේ ක්‍රයිම් OIC කෙනෙකු සිටියේය. රාලහාමි කෙනෙකු ලෙස සේවයට බැදුනු ඔහු එවකට විශ්‍රාම යාමට ආසන්න CI කෙනෙකි. පොලිස් නිලදාරියෙකු මහේස්ත්‍රාත්වරයෙකුට සෙලුට් එකක් ගසා ආචාර කල යුතුය. සම්ප්‍රදාය එයයි.

    නමුත් මේ පොලිස් නිලධාරියා මහේස්ත්‍රාත් නිල මැදිරියට යන්නේ නිල ඇදුමේ තොප්පිය නැතිවයි. සම්පූර්ණ නිල ඇදුම නැත්නම් සෙලුට් ගැසීමට අවශ්‍ය නැත. මොහු එලියට පැමින හැමෝටම පොර ටෝක් දෙන්නේ "මොකා ගැහුවත් මං නං අරූට සෙලුට් ගහන්නෙ නෑ" යනුවෙනි.
    ------

    සයිටම් ප්‍රශ්නය හරිද වැරදිදැයි කතා කිරීමට මම නොයමි. ඒත් විරෝදාවයකට පිකට් කිරීමට යන ලංකාවේ දොස්තරලා පැය ගනන් කට්ට අව්වේ ටයි පොලු දමාගෙන යන දුක්බර පිංතූරත් වීඩියෝත් මම අනන්ත දැක ඇත්තෙමි. ටයි එකත්, දොස්තරත්, පිකට් එකත් අතර සම්බන්දයක් හොයාගැනීමට ලෙනින් මාක්ස් කස්ත්‍රෝ මාවෝ ආශ්‍රයෙන් සොයා බැලුවත් මට තාම එය හොයා ගත නොහැකි විය.

    පිකට් එකක් කරන්නේ සාමාන්‍ය ජනතාවගේ සහාය ලබා ගැනීමටය. ඔවුන් දැනුවත් කරන්නටය. මෙසේ කරන උත්සාහයකදී සාමාන්‍ය ජනතාවගෙන් වෙනස් වී කැපී පෙනෙන තත්වයක් තමන් විසින්ම ඇතිකර ගැනීම ඒ වැඩේට වාසියක්ද අවාසියක්දැයි මට තවම තේරුම් කර ගැනීමට බැරිය.
    -----------

    මට අවුරුදු විසි ගානක කාලයේ එනම් මං නීතිඥයෙකු වූ අලුත මට අපූරු සේවාදායිකාවක් වූවාය. ඇය ගුරුවරියකි. ඇයට නඩත්තු නඩුවක් තිබුනි. ඇය මට කතා කරන්නේ "ළමයා" කියායි. ඇය සිතා සිටින්නේ මම ඇයගේ පංතියේ ලමයෙකු ලෙසයි. මං දෙන උපදෙස් තඹේකට ඇය මායිම් කරන්නේ නැත. ඇගේ උපදෙස් මා පිලිපැදිය යුතුය.

    මට මෙය මහත් හිසරදයකි. දිනක් ඇය මාට කෝල් එකක් දෙයි "මේ මං ගලගෙදරින් ආරියවතී මැඩං කතා කරන්නෙ."

    "ආ එන්නකො උසාවියට"

    ඇය පැමින මා හමුවෙයි.

    "මේ තමුන්ට මං තියෙන හිතවත් කමට කියන්නේ ; උසාවියේ දන්නවනේ මැඩම් කියන්නෙ ගොං පොට් රන් කරන ගෑනුන්ට. අර "ජීනා මැඩම්" වගේ, අහන් ඉන්න උන් හිතයි තමුන්ටත් ගොං පොට් එකක් තියෙනවා කියලා" එදාත් එදායින් පසු ඇය කිසිම දිනක මට පාර්ට් නොදැම්මාය.
    --------------
    ලංකාවේ මා සිටි අවසන් කාලයේ මම අලුතින් ඉදිකල නිවසට ලී වගයක් ගෙන ඒමට උවමනා විය. ඊට පර්මිට් එකක් අවශ්‍යය ය. පර්මිට් එක ගැනීමට ග්‍රාමයා හමුවිය යුතුය. අපේ ග්‍රාමයා ඉන්නේ කිංස්වුඩ් විදුහලට යාබද "යකා පංසලේයි." මම ඔහු හමුවීමට ගියෙමි. ග්‍රාමයා මා ආ කාරනයවත් නො අසා "මේ ලමයි ඉස්කෝලේ දාන්න නම් ලියුම් දෙන්නෑ" යනුවෙන් කියා මගේ මූනවත් නොබලා ඇගට ගොඩ විය.

    යන්තම් ලද අවසරයකදී මං ආ හේතුවත් මම කවුදැයිත් කියා රාජ්‍යය පරිපාලන අමත්‍යංශයට පැමිනිලි කරන බවට පොඩි සත්තමක් දැමූ විට අපේ ග්‍රාමයා, කුරුදුවත්තේ රාජකීය අගමැති කෙනෙක් ඉදිරිපිට අසරන වන ජනාධිපති ග්‍රාමයෙකු මෙන් බලුවී මගෙ කාරනය වහාම ඉටු කර දුනි.
    ---------
    මෙවන් කතා දුසිම් දෙකක් උවත් ලිවිය හැකිය.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    ලංකාවේ තත්වය එසේ උවත් ඕස්ට්‍රේලියාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්‍ ය.

    මම ඕස්ට්‍රේලියාවට පැමින මගේ දරුවන් පාසලකට ඇතුලු කලෙමි. ඊට පසුදින ඔවුන්ව පාසලට ඇරලීමට යාමේදි දුටු දෙය මට හිතා ගැනීමටත් බැරි විය.

    අහෝ..... ඊයේ පාසලට ලමුන් ඇතුලත් කරගත් විදුහල්පතිතුමා වහලයට නැග සිටී. ඇස් දෙක පිහදාගෙන හොදින් බැලුවෙමි ඒ ඔහුමය.

    පාසල සම්බන්ද දැන්වීමක් ඔහු තනියම වහලයෙ එල්ලමින් සිටී. මට මෙය "එදා" අදහාගත නොහැකි දෙයක් විය. මේ සිදුවීම දෙස පුදුමයෙන් බලා සිටි මට ඔහු අත වැනීය. මමත් අත වැනුවෙමි. පියන්ලා, කම්කරුවන් කවුරුත් නැති ඕස්ට්‍රේලියාවේ සියලු දේම තමන්ම කල යුතු බව අවබෝධ කර ගැනීමට මට තවත් කාලයක් ගතවිය.

    මම වැඩ කරන තැනත් අන් කිසිම කාර්‍යාලයකත් පියන්ලා කම්කරුවන් ඩ්‍රයිවර්ලා නැත. ෆොටෝකොපියක් ගැසීම, තේකක් හදාගැනීම, වාහනයක් එලවීම විතරක් නොව අතුගෑම, පිරිසිදු කිරීමත් කලයුත්‍තේ තම තමන්මය.
    ----------------
    දොස්තර උනත් මහාචාර්‍යයවරයෙකු උනත් කම්කරුවෙකු විදුහල්පති උනත්, වෙන මොකා උනත් ඒ තනතුර අදාල වන්නේ රුකියා ස්තානයට පමනි.

    රුකියාවෙන් පිට අන් සෑම තැනකදීම කවුරුත් “Mate” (මචං) ලාය. කවුරුත් කාටත් කතා කරන්නේ එසේය.

    බාර් එකට ගියවිට ප්‍රොෆෙසරුත් ඩොකාත් කම්කරුවාත් -"බේබද්දොය"; කැසිනෝ ගහන්න ගියවිට -"සූදූ කාරයන්‍ ය"; කඩේකට රෙස්ටුරන්ට් එකකට ගියවිට -"ගනුදෙනුකරුවන් ය".

    කවුරුත් රුකියාව ගැනවත් මොනම මලදානයක් ගැනවත් හොයන්නේ නැත අහන්නේ නැත. දොස්තරලා ටයි එල්ලාගෙන රෝහලෙන් පිට ඉන්නවා තවම මම දැක නැත. ඉතාම කලාතුරකින් හිටියොත් ඒ ඩොකා එක්කෝ ලංකාවේය නැත්නම් ඉංදියාවේ බුවෙකි.

    මගේ පුතාගේ පාසල් ක්‍රිකට් පිලේ නායකයා ජෝ ය. ඔහුගේ මව බ්‍රිස්බන් අධිකරනයේ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමියයි. පියාද අධිකරන විනිසුරුවරයෙකි. රාත්‍රී ක්‍රිකට් පුහුනුවට දරුවන් ගියවිට තාත්තලා අම්මලා වන අපි තෙලක් බෙදාගෙන පැත්තකට වී සිටින්නෙමු.

    බොහෝ විට සිටින්නේ පිල් ගැට්ටක වාඩිවීය. පිල්ගැට්ටේ ජෝගේ විනිසුරු තාත්තාත්, ඇඩ්විගෙ විශේෂඥ දොස්තර තාත්තාත්, පයිප්ප වැද්දුම්කරුවකු වන ක්‍රේග් ගේ තාත්තාත්, ඕස්ට්‍රේලියාවේත් වෙනත් රටවල් ගනනාවක ප්‍රදාන හයිවේ ඉංජිනේරුවා වන අපේ බංඩාත් (Bandaranayake )කම්කරුවෙකු වන කැලම්ගේ තාත්තාත්,මාත් වාඩිවී සිටින්නෙමු.

    සමහර දිනවල කඩේට ගොස් අපට කෝපි ගෙන එන්නේ ජොගේ විනිසුරු තාත්තාය. කිසිවකු ඔහුගෙන් උසාවියෙන් වංගුවක් අපේක්ෂා නොකරයි. එහෙම ඔහුවත් අනෙක් අයවත් හිතන්නේද නැත. තවත් දිනක ඇඩ්විගේ විශේෂඥ දොස්තර තාත්තා හැමෝටම බියර් ගෙනත් දෙයි. මං මේ කියනා කතාවල ඇත්ත නැත්තත් තව අත්දැකීමුත් අපේ බන්ඩාටත්, කැලනි සරසවියේ කතිකාචාර්ය ආචාර්‍ය ශ්‍රියන්තටත් තිබෙන්නට පුලුවන.

    ඕස්ට්‍රේලියාවේ ප්‍රකට කියමනක් තිබේ.

    "ඕස්ට්‍රේලියානු සාමාජය ටියුලිප් මල් යායකි. සෑම මලක්ම එක සමානය වෙනසක් නැත. ඒත් එක මලක් අනෙක් මල් වලට වඩා ඉහලට ගිය විට මුලු මල් යායම අවලස්සන වෙයි. එවිට මල් යායෙන් අර අනෙක් මල් වලට වඩා ඉහලට ගොස් වැජබෙන ඒ මල කපා ඉවත් කිරීමට සිදුවේ."

    මම මේ සටහන ඉවර කරන්නේ ඕස්ට්‍රේලියාවත් එංගලන්තයත් අතර අලුබදුන කුසලාන ක්‍රිකට් තරගය නරඹමනි.

    මට කුඩේ ඇල්ලු සුද්දා "පීටර් හැන්ඩ්ස්කොම්බ්" පලවෙනි ස්ලිප් හි සිට එංගලන්ත නායකයා දවා ගැනීමට අති විශිෂ්ඨ උඩ පන්දුවක් රුක ගනී.

    මට හෑන්ඩ්ස්කෝම්බ්ව පෙනෙන්නේ මිතුරෙකු නෑයෙකු සහෝදරයකු මෙනි. ඔහුත් මාත් අතර වෙනසක් මට නොදැනේ.

    “Well done mate” හදවතේ ඇතුලෙන්ම නැගෙන සතුටකුත් සමග අන් අයත් සමග එකතුවී ඇස් නිල්පාට හම සුදුපාට සුද්දාට මම අත්පුඩියක් ගහමි.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,193
    67,546
    113
    කම්කරුවන් කවුරුත් නැති ඕස්ට්‍රේලියාවේ සියලු දේම තමන්ම කල යුතු බව අවබෝධ කර ගැනීමට මට තවත් කාලයක් ගතවිය

    Mu ausi kiyala christmas island gihinda koheda
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කුඩේ ඇල්ලුවම මෙහෙම රචනා ලියනවනම් ....වෙන කොහේ හරි ඇල්ලුවොත් ,ගෙවල් දොරවල් ලියල දීලා ගෑනිවත් දෙයි ...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කම්කරුවන් කවුරුත් නැති ඕස්ට්‍රේලියාවේ සියලු දේම තමන්ම කල යුතු බව අවබෝධ කර ගැනීමට මට තවත් කාලයක් ගතවිය

    Mu ausi kiyala christmas island gihinda koheda
    Mehe wage lawyer saar kiyala ithin higana ganan wakata minissu wada karanne nane.
     
    • Like
    Reactions: Brandy2020

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Mona karumayakda manda ban sinhala minissu witaray chatar widiyata hasirennw

    Samanyen mama kohe giyath hampada tshirt ekai short ekai dala sereppu dala yanne

    Sinhala kadeykata giyoth satha pahakata ganan ganne na

    Laptop eka ganna thambi kadeykata giya... Sahenna salakillak dakwala piliwelata wade karala dunna.. genta gahapu eunta wenamai mata wenamai salakuwe na

    Mamath sinhala.. karume thamay

    Mama igenagatta weda karapu then walath demala muslim ekek wath set wela na apatha widiyata hasirena baaldi daana eun... Sinhalu ma thamay..

    Mama kochchara bannath sinhalu kia kia patta dukak tiyenawa meka gena
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    හේරත් හාමීගෙ පෝස්ට් එක දැකලා. හේරත් හාමී හොයාගෙන ආපු ක්‍රිකට් ක්‍රීඩකයා
    200_d.gif
     
    Sen-lu

    Well-known member
  • ලංකාවේ තත්වය එසේ උවත් ඕස්ට්‍රේලියාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්‍ ය.

    මම ඕස්ට්‍රේලියාවට පැමින මගේ දරුවන් පාසලකට ඇතුලු කලෙමි. ඊට පසුදින ඔවුන්ව පාසලට ඇරලීමට යාමේදි දුටු දෙය මට හිතා ගැනීමටත් බැරි විය.

    අහෝ..... ඊයේ පාසලට ලමුන් ඇතුලත් කරගත් විදුහල්පතිතුමා වහලයට නැග සිටී. ඇස් දෙක පිහදාගෙන හොදින් බැලුවෙමි ඒ ඔහුමය.

    පාසල සම්බන්ද දැන්වීමක් ඔහු තනියම වහලයෙ එල්ලමින් සිටී. මට මෙය "එදා" අදහාගත නොහැකි දෙයක් විය. මේ සිදුවීම දෙස පුදුමයෙන් බලා සිටි මට ඔහු අත වැනීය. මමත් අත වැනුවෙමි. පියන්ලා, කම්කරුවන් කවුරුත් නැති ඕස්ට්‍රේලියාවේ සියලු දේම තමන්ම කල යුතු බව අවබෝධ කර ගැනීමට මට තවත් කාලයක් ගතවිය.

    මම වැඩ කරන තැනත් අන් කිසිම කාර්‍යාලයකත් පියන්ලා කම්කරුවන් ඩ්‍රයිවර්ලා නැත. ෆොටෝකොපියක් ගැසීම, තේකක් හදාගැනීම, වාහනයක් එලවීම විතරක් නොව අතුගෑම, පිරිසිදු කිරීමත් කලයුත්‍තේ තම තමන්මය.
    ----------------
    දොස්තර උනත් මහාචාර්‍යයවරයෙකු උනත් කම්කරුවෙකු විදුහල්පති උනත්, වෙන මොකා උනත් ඒ තනතුර අදාල වන්නේ රුකියා ස්තානයට පමනි.

    රුකියාවෙන් පිට අන් සෑම තැනකදීම කවුරුත් “Mate” (මචං) ලාය. කවුරුත් කාටත් කතා කරන්නේ එසේය.

    බාර් එකට ගියවිට ප්‍රොෆෙසරුත් ඩොකාත් කම්කරුවාත් -"බේබද්දොය"; කැසිනෝ ගහන්න ගියවිට -"සූදූ කාරයන්‍ ය"; කඩේකට රෙස්ටුරන්ට් එකකට ගියවිට -"ගනුදෙනුකරුවන් ය".

    කවුරුත් රුකියාව ගැනවත් මොනම මලදානයක් ගැනවත් හොයන්නේ නැත අහන්නේ නැත. දොස්තරලා ටයි එල්ලාගෙන රෝහලෙන් පිට ඉන්නවා තවම මම දැක නැත. ඉතාම කලාතුරකින් හිටියොත් ඒ ඩොකා එක්කෝ ලංකාවේය නැත්නම් ඉංදියාවේ බුවෙකි.

    මගේ පුතාගේ පාසල් ක්‍රිකට් පිලේ නායකයා ජෝ ය. ඔහුගේ මව බ්‍රිස්බන් අධිකරනයේ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමියයි. පියාද අධිකරන විනිසුරුවරයෙකි. රාත්‍රී ක්‍රිකට් පුහුනුවට දරුවන් ගියවිට තාත්තලා අම්මලා වන අපි තෙලක් බෙදාගෙන පැත්තකට වී සිටින්නෙමු.

    බොහෝ විට සිටින්නේ පිල් ගැට්ටක වාඩිවීය. පිල්ගැට්ටේ ජෝගේ විනිසුරු තාත්තාත්, ඇඩ්විගෙ විශේෂඥ දොස්තර තාත්තාත්, පයිප්ප වැද්දුම්කරුවකු වන ක්‍රේග් ගේ තාත්තාත්, ඕස්ට්‍රේලියාවේත් වෙනත් රටවල් ගනනාවක ප්‍රදාන හයිවේ ඉංජිනේරුවා වන අපේ බංඩාත් (Bandaranayake )කම්කරුවෙකු වන කැලම්ගේ තාත්තාත්,මාත් වාඩිවී සිටින්නෙමු.

    සමහර දිනවල කඩේට ගොස් අපට කෝපි ගෙන එන්නේ ජොගේ විනිසුරු තාත්තාය. කිසිවකු ඔහුගෙන් උසාවියෙන් වංගුවක් අපේක්ෂා නොකරයි. එහෙම ඔහුවත් අනෙක් අයවත් හිතන්නේද නැත. තවත් දිනක ඇඩ්විගේ විශේෂඥ දොස්තර තාත්තා හැමෝටම බියර් ගෙනත් දෙයි. මං මේ කියනා කතාවල ඇත්ත නැත්තත් තව අත්දැකීමුත් අපේ බන්ඩාටත්, කැලනි සරසවියේ කතිකාචාර්ය ආචාර්‍ය ශ්‍රියන්තටත් තිබෙන්නට පුලුවන.

    ඕස්ට්‍රේලියාවේ ප්‍රකට කියමනක් තිබේ.

    "ඕස්ට්‍රේලියානු සාමාජය ටියුලිප් මල් යායකි. සෑම මලක්ම එක සමානය වෙනසක් නැත. ඒත් එක මලක් අනෙක් මල් වලට වඩා ඉහලට ගිය විට මුලු මල් යායම අවලස්සන වෙයි. එවිට මල් යායෙන් අර අනෙක් මල් වලට වඩා ඉහලට ගොස් වැජබෙන ඒ මල කපා ඉවත් කිරීමට සිදුවේ."

    මම මේ සටහන ඉවර කරන්නේ ඕස්ට්‍රේලියාවත් එංගලන්තයත් අතර අලුබදුන කුසලාන ක්‍රිකට් තරගය නරඹමනි.

    මට කුඩේ ඇල්ලු සුද්දා "පීටර් හැන්ඩ්ස්කොම්බ්" පලවෙනි ස්ලිප් හි සිට එංගලන්ත නායකයා දවා ගැනීමට අති විශිෂ්ඨ උඩ පන්දුවක් රුක ගනී.

    මට හෑන්ඩ්ස්කෝම්බ්ව පෙනෙන්නේ මිතුරෙකු නෑයෙකු සහෝදරයකු මෙනි. ඔහුත් මාත් අතර වෙනසක් මට නොදැනේ.

    “Well done mate” හදවතේ ඇතුලෙන්ම නැගෙන සතුටකුත් සමග අන් අයත් සමග එකතුවී ඇස් නිල්පාට හම සුදුපාට සුද්දාට මම අත්පුඩියක් ගහමි.

    tenor.gif
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    කුඩෙ අල්ලපු සුද්දා ගෙ එකෙක් අරුට එක තෙරුම් ගන්න බැ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔය කුඩ අල්ලනවා කිව්වට මෙහෙන් ගිය අයියලා නම් කුල හදන් ඉන්නේ.. හොද ස්කෝල හොද suburbs වගේ එක එක ඒවා
     
    • Like
    Reactions: asylum