ජින්සෙන් ඖෂධය ....

saturn

Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    ජින්සෙන් ඖෂධය ....

    [FONT=&quot]පරපුරෙන් පරපුරට පැවැත එන සාම්ප්‍රධායික ශාක සාර භාවිතය එදා සිට අද දක්වා චීන,ජපන්,කොරියා වැනි රටවල ජාතිකයන්ගේ සිරිතය. ඔවුන්ගේ ඉහළ සෞඛ්‍ය සම්පන්න බවම ඔවුන්ගේ අද දවසේ දියුණුවට හේතු වු බව නොරහසකි. එම ආභාෂය අද බොහෝ බටහිර රටවල් දක්වා ව්‍යාප්ත වෙමින් පවතින අතර ශාකසාරමය ඖෂධ භාවිතය ඉතා සීග්‍ර යෙන් ඉහළ යමින් පවතී. එවන් අග්‍රගන්‍ය සාම්ප්‍රධායික ඖෂධයකි ජින්සෙන් ශාකය.


    c7d394517c51699fc91e925803077eeb.jpg

    [/FONT]

    [FONT=&quot] මීට අවුරුදු 5000කටත් පෙර ජින්සෙන් චිනයේ මැන්චුරියා කදු ([FONT=&quot]Manchuria) චීන වැසියෝ ‘මිනිස් මුල’ (Man Root/ Person plant root) යන අරුතින් වැටියෙන් සොයාගන්නා ලද මිනිසෙකුගේ පෙනුම හැඩැති මෙම ශාකයේ මූල පද්ධතිය නිසාම මෙයට ජින්සෙන්(Ginseng) යැයි නම් තැබූහ. මෙහි ජීව විද්‍යාත්මක නම ‘‘ සියලුම දේ සුවපත් කරයි’’ (All Heal) යන අරුත ඇති Panax යනුවෙන් නම් කෙරුනි. අනෙක් රටවල් අතරින් ගත්කල චිනය මෙම ශාකය ඔවුන්ගේ දේශිය පාරම්පරික වෛද්‍ය සාස්ත්‍ර යේ ඉතාමත් ම වැදගත් ඖෂධය ලෙස කලකනු ලැබේ. එදා සිට අද දක්වාම මෙය චීන,ජපන්,කොරියා යන රටවල ව්‍යාප්ත වෙමින් පවතී. විශේෂයෙන් මානසික,කායික සහ ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීම සදහා ජින්සෙන් භාවිත කලහ. අද වනවිට ජින්සෙන් යොදා නිෂ්පාදනය කරණු ලබන නිෂ්පාදන ඇමරිකාවේ වඩාත්ම ජනප්‍රිය ශාකසාරමය භාවිතයෙන් බවට පත් වී ඇත.

    [/FONT]
    images.jpg

    [FONT=&quot]
    ඡින්සෙන් මුල්[/FONT]
    [/FONT]

    [FONT=&quot]
    ජින්සෙන ශාකය ගත්කල ඉතා සෙමෙන් වර්ධනය වන විශේෂ එකොලහයකින් පමණ සමන්විත වන පස අභ්‍යන්තර මූල පද්ධතියකින් යුත් පැලෑටියකි.
    [FONT=&quot]Panax ඝනයට අයත් Araliaceac පවුලට අයත් මෙම ශාකයේ ඇති ඖෂධීය වටිනාකම නිසාම ශාකසාර ඖෂධ ලොවේ රජ ලෙස විරුධාවලිය ලබයි. කොරියන් පැනැක්ස් ජින්සෙන ලොව ඇති අනර්ඝම හා මිල අදිකම ජින්සෙන් වර්ගය වේ. එම නිසාම මෙම ශාකය 16 වන ශත වර්ෂය වන විට කොරියාව විසින් වාණිජමය පරමාර්තයෙන් වගා කිරීම ආරම්භ කල අතර මේ වන විට වර්ෂයකට ටොන් දස දහස්ගනනින් අලෙවි කරනු ලබයි. විජලනය කරන ලද මුල් වශයෙන්ද ,ද්‍රාවනයන්ගේ ලද අල වශයෙන් ද, කැබලි කල කොටස් ලෙස ද, කුඩු වශයෙන්ද වාගේම අගය එක් කල නිෂ්පාදනය ලෙස ජින්සෙන් තේ කෝපි සහ කැප්සියුල ලෙසද අලෙවි කෙරේ. විවිධ රටවල් විවිධ වෙළද නාම යටතේ විවිධ නිෂ්පාදනයන් කර ලෝකය පුරා අළෙවි වෙමින් පවතී.[/FONT][/FONT]

    [FONT=&quot] කායික හා මානසික ශක්තිය වර්ධනය කිරීමටත් ධාරණ ශක්තිය වර්ධනය කිරීමටත් ජින්සෙන්වලට ඇත්තේ ලෙව මවිත කරනා හැකියාවක් බව විශ්වාස කෙරෙනු ලැබේ. මෙම මූලික ප්‍රතිලාභවලට අමතරව ජින්සෙන්වලින් බොහෝ ප්‍රතිලාභ අත්කර ගත හැකිය. විශේෂයෙන් ම මානසික හා කායික ආතතිය දුරලීමට දිව ඔසුවක් වන මෙය එම ආතතිය නිසා උග්‍ර විය හැකි දියවැඩියාව, හෘද රෝග,පිළිකා, අධි රුධිර පීඩනය වැනි රෝග පාලනයට හා ඒවාට එරෙහිව ක්‍රියා කිරීමට ජින්සෙන්වලට ඇත්තේ විශ්මිත හැකියාව අති මහත් යයි විශ්වාස කෙරේ. එසේම කායික හා මානසික ශක්තිය වර්ධන කිරීමටත්, ශරීර ප්‍රතිශක්තිය කරණය වර්ධනය කිරීමටත් එනිසාම පරිසර දූෂණය නිසාම පැතිරෙන වෛරස් වසංගත පාචන වැනි රෝග වලින් ආරක්ෂා වීමටත් මෙය හොද ප්‍රතිකාරයකි.

    [/FONT]
    [FONT=&quot] විශේෂයෙන් දියවැඩියාව හා රුධිරයේ සීනි මට්ටම පාලනය කිරිමටත්,පරිවෘත්තිය ක්‍රියාවලිය වර්ධනය කිරීමටත් උපකාර වන අතර ශරීර පද්ධති වියපත්වීම පාලනය කරමින් තරුණ බව සුරැකීමට උපකාරි වේ. එසේම රුධිර සෛල නිපදවිමට උපකාර වන අතර රුධිර සංසරණ පද්ධතිය වැඩි දියුණු කිරීමටත් උපකාරි වේ. කොලොස්ටොරෝල් සදහා මනා ඖෂධයක් වන අතර අප ගන්නා ආහාර වල ඇති කොලොස්ටරෝල් ශරීරයට උරා ගැනීම අවම කරන අතර ශරීරය තුල කොලොස්ටරෝල් එකතුවිම ද අඩුකරයි. එලෙසම පෙනීම හා ඇසීම දියුණු කරන අතර මනා නින්දක් ලැබීමටත් කාන්තාවන්ගේ ඔපස් චක්‍රය සම්බන්ධ ගැටළු නිරාකරණයටත් අගනා ඖෂධයකි.

    [/FONT]
    [FONT=&quot] එලෙසම [FONT=&quot]minoxydil වලට සමාන රසායනික සංයුතිය ජින්සෙන්වල ඇති නිසා කෙස් වර්ධනය සදහාද මෙය යොදාගනු ලැබේ. මෙවන් වු බොහෝ ප්‍රතිඵල නිසාවෙන් ජින්සෙන අද ලොකයේ සෑම තැනකම ලොකු ඉල්ලුමක් ඇති වි තිබේ. ඉහත සදහන් ප්‍රතිපල ලබා ගැනීම සදහා ජින්සෙන් තේ,කෝපි සහ කැප්සියුල ලෙස හා අංශු මාත්‍ර ලෙස ශක්තිජනක පානයන්ගෙන්(energy drinks) අඩංගු කර ඇත.[/FONT][/FONT]
    [FONT=&quot] අතුරු ආබාධ අවම අනර්ග ඖෂධයක් වන මෙය අනවශ්‍ය ලෙස අධිමාත්‍ර ගැනීම නිසා පාචනය, ඔළුවේ කැක්කුම,නාසයෙන් රුධිරය ගැලිම,අඩු රුධිර පිඩනය හෝ අධි රුධිර පීඩනය, පියයුරු වේදනාව සහ රුධිර සීනි මට්ටම අවම වීම යන තත්ත්වයන ඇතිවිය හැකිය.


    (STO - N. Wijeratna)
    [/FONT]