ජිනිවා_සමුළුවෙන්_උගත්_පාඩම්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ජිනිවා_සමුළුවෙන්_උගත්_පාඩම්

    ජිනිවා සමුළුවෙන් උගත් පාඩම්

    ලංකාවේ ඊනියා යුද්ධාපරාධ සිදු වූ බවට සාක්‍ෂි ඉදිරිපත් කිරීමට ඇමරිකාවට හෝ මේ සියල්ල පිටුපස සිටින එංගලන්තයට හෝ නො හැකි ය. යම්තමින් වුව සාක්‍ෂියක් තිබිණි නම් ඔවුන් මේ වන විටත් අප දඬුකඳේ ගසා හමාරය. සාක්‍ෂි නොමැති බැවින් ඔවුහු චැනල් 4 මගින් ව්‍යාජ වීඩියෝපට නිපදවති, එක් එක් රට, එක් එක් සංවිධාන, එක් එක් එක් සංසද ඔස්සේ ලංකාවට විරුද්ධව යෝජනා සම්මත කරවති. ඊනියා අන්තර්ජාතික ජූරිය මේ කැරොල් කරත්තයට එක් වී ඇති අළුත්ම නඩය වෙයි. ඔවුන් එකතුවීමෙන් පෙන්නුම් කරන්නේ ඊනියා ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ දී කෙසේ ක්‍රියාකරාවිද යන්න ය. මේ අතර බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විසින් තම ආධිපත්‍යය තහවුරුකිරීම සඳහා හැටේ දශකයෙන් පසුව පිහිටුවනු ලැබූ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ද වෙයි. මෙරට හමුදාවලට එරෙහිව සරත් ෆොන්සේකාගේ ව්‍යාජ සුදුකොඩි කතාව හැරෙන්නට වෙනත් සාක්‍ෂියක පුළුටක්වත් සොයාගැනීමට බැරි බටහිරයෝ, සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ද බලපෑම් කරති. ජනාධිපතිතුමා ඔහුට සමාවක් දෙන්නේ නම් එසේ කළ යුත්තේ බටහිරයන්ට කිසිදු ආකාරයකින් ඔහු යොදාගැනීමට නොහැකිවන ආකාරයකටය.

    සාක්‍ෂි නොමැති බටහිරයෝ, අපට එරෙහිව හිතුමතේට කටයුතු කිරීමට මැළිවෙති. එබැවින් ඔවුහු හැකිතාක් දුරට ඊනියා නීත්‍යානුකූල භාවයක් යුද්ධාපරාධිකරණ හා මානව අයිතිවාසිකම් චෝදනාවලට ලබාදීමට උත්සාහ කරති. වීඩියෝපට, රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රකාශ, රායප්පු ජෝසප් බිෂොප්වරයා ඇතුළු ඇතැම් බිෂොප්වරුන්ගේ ප්‍රකාශ, රනිල් වික්‍රමසිංහ ඇතුළු UNP නායකයන්ගේ ද JVP, ජනරළ ආදී බටහිරයන්ගේ අතකොළු බවට පත්වී ඇති කසිකබල් මාක්ස්වාදී පක්‍ෂවල ද ප්‍රකාශ ආදිය ද, මේ චෝදනාවලට ඊනියා නීත්‍යානුකූල භාවය ලබාදීම සඳහා යොදා ගැනෙන ව්‍යාජ සාක්‍ෂි වෙයි. බටහිර කතෝලික චින්තනයේ බිහි වූ මාක්ස්වාදය අවසානයේ දී සේවය කරන්නේ බටහිරට ම බව මේ වන විට පැහැදිලි වී අවසානය.

    බටහිරයන් කටයුතු කරන්නේ ආණ්ඩුවට විරුද්ධව මිස රටට විරුද්ධව නොවේ යැයි ද UNP බලයේ සිටියේ නම් බටහිරයන් මේ ආකාරයෙන් කටයුතු නොකර්න්නේ යැයි ඒ පක්‍ෂයේ නායකයෝ කියා සිටිති. අද බටහිරයන්ට අවශ්‍ය ඔවුන්ගේ රූකඩ ආණ්ඩුවක් UNP දෙමළ ජාතික සංධානය හා වෙනත් කුඩා පක්‍ෂ මගින් ඇතිකර හැකිනම් සරත් ෆොන්සේකා ජනාධිපති කිරීම ය. එය වත්මන් ආණ්ඩු විරෝධී එකකි. එහෙත් එය හුදු ආණ්ඩු විරෝධයක් නො වේ. ආණ්ඩු විරෝධී ව්‍යාපාර ඇතිකළ හැක්කේ හුදෙක් රටවැසියන්ට පමණකි.

    විජාතිකයන්ගේ ආණ්ඩු විරෝධි ව්‍යාපාර රටට ද විරුද්ධ ව්‍යාපාර වෙයි. රටේ මහජනතාවගේ වැඩි කැමැත්තට පිහිටුවන ලද ආණ්ඩුවක් විජාතික බලවේග විසින් වෙනස් කර රටටට එපාවූ පක්‍ෂයක් හෝ පක්‍ෂ හෝ බලයට පත්කිරීමට උත්සාහ කෙරෙන්නේ නම් පැහැදිලිව ම එය රටේ බහුතරයට විරුද්ධව යෑමකි. ඒ නිසා ම එය රටට විරුද්ධ වූවකි. UNP නායකයන්ට මෙය නොතේරෙනවා නොවේ. එහෙත් ඇමරිකානුවන් හා ඉංගිරිසින් දඟලන්නේ තමන් බලයට පත්කිරීමට බැවින් UNP නායකයෝ බටහිරයන්ගේ රාෂ්ට්‍ර විරෝධය ආණ්ඩු
    විරෝධයක් ලෙස හුවා දක්වති.
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ ඇත්ත බොහොමයක් දෙනාට තේරෙනකොට පරක්කු වැඩි වෙන්නත් පුලුවනි.
     
    Mar 19, 2012
    251
    19
    0


    ලංකාවේ ඊනියා යුද්ධාපරාධ සිදු වූ බවට සාක්‍ෂි ඉදිරිපත් කිරීමට ඇමරිකාවට හෝ මේ සියල්ල පිටුපස සිටින එංගලන්තයට හෝ නො හැකි ය.





    metana wihilu danna epa bung