ජිනීවා කවුන්සිලයේ යටි අරමුණු-සරත් ෆොන්සේ

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ජිනීවා කවුන්සිලයේ යටි අරමුණු-සරත් ෆොන්සේ

    ජිනීවා කවුන්සිලයේ යටි අරමුණු
    හෙළිකරගැනීම යහපාලන ආණ්‌ඩුවේ වගකීමක්‌
    - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා


    ලසිත දුමින්ද

    ශ්‍රී ලංකා හමුදා සාමාජික සංඛ්‍යාව අඩු කිරීම ඇතුළුව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීමේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය කළ නිර්දේශයේ යටි අරමුණ හෙළිකර ගැනීම යහපාලන ආණ්‌ඩුවේ වගකීමක්‌ යෑයි හිටපු යුද හමුදාපති µSල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

    රටක හමුදාවක්‌ ප්‍රතිසංවිධානය කිරීමට පිටස්‌තර කිසිවකුටත් බල කළ නොහැකි බව ද සරත් ෆොන්සේකා මහතා පැවසීය.

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මෙම නිර්දේශය සිදුකළේ සද්භාවයෙන් ද නැද්ද යන්න හෙළිකරගත යුතුව ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

    නමුත් රටේ තිබෙන තත්ත්වය අනුව එක්‌ලක්‍ෂ පනස්‌දහසක හමුදාවක්‌ සිටීම ප්‍රමාණවත් වුවද අතිරික්‌ත යෑයි පවසා කවුරුවත් ගෙදර යෑවිය නොහැකි බව ද ඔහු කීවේය.

    සරත් ෆොන්සේකා මහතා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (02 වැනිදා) බත්තරමුල්ල පිsහිටි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.


    http://www.divaina.com/2015/12/04/news06.html
    ඈති යාන්තම් මතක්වෙලා
     
    Last edited: