මට උස්වත්ත සමාගම බෙදාහැරපු පරණ කැසට් පටයක් හම්බවුනා,එ අස්සෙ පොඩ්ඩක් මේ Tipi Tip හදන ආයතනයේ ඉතිහාසය කියන්න හිතුනා...මේ කැසට් පටය තමයි GRS (GLUCORASA) බෙදාහැරපු පළවෙනි කැසට් පටය.
ජිප්සිස් නායක උස්වත්ත ලියනගේ අයිවර් සිල්වෙස්තර් සුනිල් පෙරේරාගේ පවුලේ අය එ සංදියේ ඉඳන්ම පාටි දාන්න හරි දස්සයෝ ලු .....දවසක් සුනිල් පෙරේරාගේ බාප්පයි පුංචි අම්මයි ඉරිදා නිවාඩුවකට කැමක් හදලා තියනවා පාටි එකක් දාන්න, ඔකේ කොහොම හරි පදම වැරදිලා මේ අයට,ඉතින් බාප්ප කියල තියනවා පදම වැරදුනු එක හොඳයි.....දිගටම වැරදුන පදමින් හදන්න කියල//// ඔක තමයි උස්වත්ත ජුජුබ්ස් ලෙස පස්සෙ කාලෙක එන්නෙ,මේ ආයතනය ආරම්භ කරල තියෙන්නෙ සුනිල්ගේ තාත්ත පිටර් පෙරේරායි (හමුදාවේ සේවය කර පසුව ලිපිකරුවෙක් වු කෙනෙක්) සහ සුනිල්ගේ බාප්පා ක්රිස්ටි පෙරේරයි.1956 දි ආයතනය පටන් ගන්නකොට ක්රිස්ටි පෙරේරා දැවැද්දට හම්බවුන රුපියල් 3000 හක් ආයෝජනය කරල තියනවා,එවගේම සුනිල්ගේ තාත්තත් 3000 හක් ඔහු උපයපු ධනයෙන් ආයෝජනය කරල තියනවා,ඔහොම පාඩු සහ ලාබ පිට කොහොම හරි කරගන ආපු ආයතනය ගොඩක් ප්රසිද්ධ වෙන්නෙ 80ව දශකයේ කරලියට එන Tipi Tip එක්ක,උස්වත්තලාට මුල් කාලයේ අයත්ව තිබුන රත්මලානේ ඉඩම ඔවුන් Toyota සමාගමට අලවි කරල පසුව ආයතනය බණ්ඩාරගම ප්රදේශයේ ස්ථාපිත කරනවා,මේ සම්බන්ධව දිර්ඝ විස්තරයක් මේ පහත ලිපියේ තිබුනා කැමති නම් කියවන්න.
http://www.lankadeepa.lk/Thaksalawa/වරදණ-අතරපසන-හදණ-ගලක-රස/55-545781
ජිප්සිස් ලට එ දවස් වල හොඳ ස්ටුඩියෝ එකක් එක්ක මියුසික් ලෙබල් එකක් තිබුනා,මේ මියුසික් ලෙබල් එක සතුව ලංකාවේ බොහෝ ගායක ගායිකාවන්ගේ Masters තිබුනා,මෙවා පසුව Torana ආයතනය සහ KND ආයතනය මිල දි ගත් බව අසා තිබෙනවා.
Last edited:

