ජිල්මාට් - නව ප්‍රතිඵල නිකුත් වෙයි..එත් ?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    ජිල්මාට් - නව ප්‍රතිඵල නිකුත් වෙයි..එත් ?

    නව ප්‍රතිඵල නිකුත් වෙයි..එත් ?


    al-prew.jpg



    මේ වනවිට 2011 උසස්පෙළ ප්‍රතිපලයන්හි දෝෂ සහිත දිස්ත්‍රීක් කුසලතාවය හා දිවයින් කුසලාතාවය ශ්‍රේණිගත කිරීම මේ වනවිට සංශෝධනය කර අන්තර්ජාලයට මුදාහැර ඇත.එම ප්‍රතිඵල doenets.lk ඔස්සේ දැන් ලබාගත හැකිය.

    නමුත් පැරණි ප්‍රතිපලය යටතේ වෙනත් විෂය ධාරාවන්ට අයත් ප්‍රතිඵල ලැබූ සිසුන්ගේ ගැටලුව මෙතෙක් විසඳි නැහැ.මෙවර ජීව විද්‍යාව විෂය ධාරාවෙන් උසස්පෙළ විභාගයට මුහුණ දුන් ප්‍රභාෂ් නිශ්ශංක සිසුවා හට ලැබී ඇත්තේ වාණිජ අංශයේ ප්‍රතිඵලයකි.


    ඒ පිලිබඳ අදහස් දක්වන ප්‍රභාෂ් මධුශංක

    "මම ඉස්කෝලේ ගියේ කොළොඹ රාජකීය විද්‍යාලයට..ඉතින් මම ජීව විද්‍යාව අංශයෙන් තමා මේ පාර උසස්පෙළ හැදෑරුවේ..එත් අන්තිමේ රිසල්ට් එක එද්දී මගේ රිසල්ට් එක වෙලා තිබුනේ කොමස් රිසල්ට් එකක්..එකේ එකවුන්ට්ස්,බි එස් වගේ ඒවා තමා තිබුනේ..



    කොහමටවත් ජීව විද්‍යාව කරපු කෙනෙක්ට මේ වගේ කොමර්ස් රිසල්ට් එකක් එනවා කියල විශ්වාස කරන්න බැහැ.මම දැනුවත්ව මගේ යාළුවෙකුටත් එහෙම වෙලා තියෙනවා..එයත් බයෝ කරපු කෙනෙක් එයාටත් කොමස් රිසල්ට් එකක් ඇවිත් තියෙන්නේ.."

    ප්‍රභාෂ් මධුශංක සිසුවාගේ ප්‍රතිපල නව ප්‍රතිපල නිකුත් කිරීම යටතේ වත් වෙනස් වී නොමැති අයුරු

    prabash.jpg


    ප්‍රභාෂ් අදහස් දක්වන වීඩියෝව




    අද (26) උදෑසන විභාග ප්‍රතිපල ගැටළු සහගත බව පෙන්වා දෙද්දී ඇතැමුන් එය විශ්වාසකිරීමට පවා මැලි විය.පහතින් දැක්වෙන්නේ අප උදෑසන පලකල ප්‍රතිපල නව ප්‍රතිපල යටතේ වෙනස් වූ අන්දමයි.


    xam-old-and-new.jpg

    matara.jpg

    උසස්පෙළ ප්‍රතිඵල පිලිබඳ සැකසුනු අප වෙත ඒවා ඇති නිර්මාණ


    අනේ මන්දා රටට ගිය කලක්............!
    දැන් ල0කාවෙ මිනිස්සුන්ට තමන්ට ඕන කරන දේ ලබාගන්න කැමති දේ වෙනුවට.කවුරු හරි තීරණය කරපු දෙයක්
    ලබාගෙන සැනසෙන්න වෙලා තියෙන්නෙ...

    #රටේ බහුතරයක් අපේක්ෂා කල අපේක්ෂකයා නොවෙයි රටෙ පාලකයා උනෙ. එතනත් මොකක් හරි කොම්පියුටර්
    ජිල්මාට් එකක් ගියා

    #අපිට වර්ල්ඩ් කප් එක අගේට දිනන්න තිබුනා ඒත් අපිට හොරෙන් මොකක්දො රාජ්‍ය තාන්ත්‍රික ජිල්මාට් එකක්
    ගියා....එතනත් ජිල්මාට් !!

    #රට වෙනුවෙන් දිවි නොතකා සේවය කල වරදට එක් අයෙක් අවුරුදු 3 කට හිරේ යැව්වා. එතන අධිකරණ තීන්දුවත්
    ..........මොකක් හරි ජිල්මාට් එකක් !

    #මහ දවාලේ ප්‍රසිද්ධියෙ භාරතව ඝාතනය කළ දුමියා විදේශයකට හිටි ගමන් යවනවා.....එතනත් ජිල්මාට් !!

    #විපක්ෂයෙ ඡන්දයක් තිබ්බා නායකයාව තෝරන්න ඒත් ඕන කරපු නායකයා නෙවෙයි පත්වුනෙ පරණ මොරිස්
    මයිනර් එකමයි.....එතනත් ජිල්මාට්..!!!

    #අනන්ත දුක් විදලා ලියපු විභාගයෙ ප්‍රථිපල විශ්වාස කිරීමට පවා අපහසු ලෙස නිකුත් කරනවා දැන් එතනත්
    කොම්පියුටෙර් ජිල්මාට් එකක් වගෙයි ආර0චි..............!!!

    #හැබැයි රජ කුමාර වරු කාමර ඇතුලෙ ඉදන් තනියම විභාග ලියද්දී ලකුණු 99 ක් අරන් පටස් ගාලා පාස් වෙලා
    දිවුරුම් දීලාත් ඉවරයි.............එතනත් ජිල්මාට්..!!!

    අයියො පිස්සු හැදෙනවා යකුනෙ කොහෙ ගියත්
    ජිල්මාට් ජිල්මාට් ජිල්මාට් ජිල්මාට් !!!!




    3idiots-sri-lanka-version-2011.jpg


    al+case...jpg



    Source :
    Code:
    gossip9
    Sorry if Repost :yes:
     
    Last edited: