ජිවිතය ..........

princess rose

Member
Oct 31, 2011
112
16
0
maharagama
ජිවිතය ..........

සෙනෙහේ පිරි නුඹෙ සිත් අහස මත

මගේ ලෝකයේ සතුට ‍රැදුනා

සිනා පිරි මුව මඩල අබියස
මගේ සිත දුක් ඉවත අදුනා
සුලං පහරක් විලස ඇවිදින්
සිසිලසක්වි සුවය සැදුවා
ජිවයක් නැති ජිවයක් හට
ඔබෙන් යලි ජිවිතය ලැබුනා ........

සොදුරු ඔබගේ මතක ලග මා
සිතින් දහසක් පැතුම් පැතුවා
ජිවිතේ ලැබු අහිමි සම්පත නුඹයි
මගේ සිත නිතර කිව්වා ........

ජිවිතේ ලැබු සතුට විසිරි
කලු වලාවෙන් අහස වැසුනා
ආදරෙන් පැතු පැතුම් අරගෙන
නොකියාම නුඹ ඇත ඇදුනා .......