පිළිසරණ ලබන්නට පතමි බුදු සමිදුනේ
අදුරු ලොව එළිය කල
මගේ සිත පහන් කල
සැප සතුට උදා කල
මගේ බුදු සමිදුනේ
නොමග යන විට හැදින
සුමගටම යොමු කරන
මහා කරුණ ගුනෙති
කාරුණික සමිදුනේ
මැරෙන ඉපෙදෙන ලොවෙහි
සදහටම මිදෙන්නට
අමා නිවන් මග දෙසන
සුගත බුදු සමිදුනේ
ජිවිතේ දුක සෝක
පිස දම සනසවා
අමා ඔසු ලබාදෙන
සුගත බුදු සමිදුනේ
හුදකලා දිවි මගක
දහම තුල තනි නොවන
පිළිසරණ ලබා දෙන
සුගත බුදු සමිදුනේ
රැවටමින් මේ ලොවට
සැප සොයා දුවන විට
ප්රඥාව ලබ දෙන
කාරුණික සමිදුනේ
දුකෙන් මුදවා සැවොම
සනාතන සැපය දෙන
මගේ ලොව හිරු මඩල
ඔබයි බුදු සමිදුනේ
සරුසාර පොලව මත
වැඩෙන සරු පැලය ලෙස
මුළු ලොවට සෙවන දී
වැඩෙමි බුදු සමිදුනේ
මඩ දියෙහි උඩට නැගී
සුපිපි නෙළුමක් විලස
දම් සුවය බෙදා දෙන
මලක් වෙමි සමිදුනේ
අහස කුස එලිය කොට
සුපුන් සද දිලෙන විට
එලිය විහිද දිලෙන
තරුව වෙමි සමිදුනේ
සදැහි සිත් සදා ගෙන
සිල් සුවද දරා ගෙන
ඔබ්ව් සිරිපා සෙවනේ
වැඩෙමි බුදු සමිදුනේ
අදුර විනිවිද දෙළෙන
නැණ පහන දරා ගෙන
ලොවෙහි ඇති තතු එලෙස
දකිමි බුදු සමිදුනේ
වෙනස් වන ලෝ දහම
සියලු තැන දකින විට
උතුම් සම්බුදු සුවද
සිහි කරමි සමිදුනේ
නොසෙල් වන පහන් සීල
එක තැන්ව දිලෙන ලෙස
මමත් සිත සමාහිත
කරමි බුදු සමිදුනේ
ඔබේ බුදු සසුනේදීම
ඒ අමා නිවන් දෙක
පිළිසරණ ලබන්නට
පතමි බුදු සමිදුනේ
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ..
අදුරු ලොව එළිය කල
මගේ සිත පහන් කල
සැප සතුට උදා කල
මගේ බුදු සමිදුනේ
නොමග යන විට හැදින
සුමගටම යොමු කරන
මහා කරුණ ගුනෙති
කාරුණික සමිදුනේ
මැරෙන ඉපෙදෙන ලොවෙහි
සදහටම මිදෙන්නට
අමා නිවන් මග දෙසන
සුගත බුදු සමිදුනේ
ජිවිතේ දුක සෝක
පිස දම සනසවා
අමා ඔසු ලබාදෙන
සුගත බුදු සමිදුනේ
හුදකලා දිවි මගක
දහම තුල තනි නොවන
පිළිසරණ ලබා දෙන
සුගත බුදු සමිදුනේ
රැවටමින් මේ ලොවට
සැප සොයා දුවන විට
ප්රඥාව ලබ දෙන
කාරුණික සමිදුනේ
දුකෙන් මුදවා සැවොම
සනාතන සැපය දෙන
මගේ ලොව හිරු මඩල
ඔබයි බුදු සමිදුනේ
සරුසාර පොලව මත
වැඩෙන සරු පැලය ලෙස
මුළු ලොවට සෙවන දී
වැඩෙමි බුදු සමිදුනේ
මඩ දියෙහි උඩට නැගී
සුපිපි නෙළුමක් විලස
දම් සුවය බෙදා දෙන
මලක් වෙමි සමිදුනේ
අහස කුස එලිය කොට
සුපුන් සද දිලෙන විට
එලිය විහිද දිලෙන
තරුව වෙමි සමිදුනේ
සදැහි සිත් සදා ගෙන
සිල් සුවද දරා ගෙන
ඔබ්ව් සිරිපා සෙවනේ
වැඩෙමි බුදු සමිදුනේ
අදුර විනිවිද දෙළෙන
නැණ පහන දරා ගෙන
ලොවෙහි ඇති තතු එලෙස
දකිමි බුදු සමිදුනේ
වෙනස් වන ලෝ දහම
සියලු තැන දකින විට
උතුම් සම්බුදු සුවද
සිහි කරමි සමිදුනේ
නොසෙල් වන පහන් සීල
එක තැන්ව දිලෙන ලෙස
මමත් සිත සමාහිත
කරමි බුදු සමිදුනේ
ඔබේ බුදු සසුනේදීම
ඒ අමා නිවන් දෙක
පිළිසරණ ලබන්නට
පතමි බුදු සමිදුනේ
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ..