....meke ube waraddak newei ban.....ape kalakanni itihasaya saha ape hamuduruwo apitma keliya....english language eke tibba nam ada lankawe godak prashna adui

තම බසට තැන නොදුන්නොත් ජාතියක් ඉතුරු වේදෑයි සැකසහිතයි..හොදම උදාහරණය ජපන් ජාතියයි..ලොව ඔනෑම ලියවිල්ලක් ජපන් බසට පරිවර්තනය කිරිමට ඔවුන් සමත්ය..අද සුද්දාද ජපන් ඉගෙන ගනියි..ජපනුන් තරම් කොන්ද පණ තියන උන් මෙරට නැත. සිරිලන්කාව කිසිදු දර්ශනයක් නැති රටකි...END OF THE SINHALESE....


මටත් උබට වගේම ගොඩක් අවුල් ආව බන් ඉස්සර English කතාකරන්න බැරුව
අපිට තියෙනවා සුද්දොන්ට විතරක් නවතින්න පුළුවන් foreigners guest house එකක්, ඉතින් මං ඕකට සෙට් වෙලා එක seasonඑකක් හිටියා තාත්තට වැඩ වලට උදවුවට සෙට් වෙලා
හොද දේ කියන්නේ මචං සුද්දෝ පට්ට supportive බැරි/නොදන්න දෙයක් හදාගන්න tryකරන එකෙක්ට ඒක කියල දෙන්න
මම මුලදී කැඩි කැඩි කතා කරා උන් එක්ක, උන්ගෙ තියෙන හොදේ අපි නොදන්න languageඑකක් කතාකරද්දී උන් දන්නව ඒක අපේ native laguageඑක නෙමි කියල, ඒ නිසා උන් වරදින කිසිම තැනකදී පොඩ්ඩක්වත් හිනාවෙන්නේ නෑ වැරදි හදනවා මිසක්, ඒකට අපේ පකයලා
එක වචනයක් වැරදියන් පුකෙනුත් හිනාවෙනවා, මට වැඩියෙන්ම නොදන්න grammar එහෙම හදල දුන්නේ Indian කෙල්ලෙක් නැවතිලා හිටියා හරිතා කියල, තව chinaඅපේ වයසේ කොල්ලෙක් හිටියා පෙන්ග් කියල, උන් දෙන්න මගේ ගොඩක් basic තැන් හැදුව, දැන් 100& perfectනොවුනත් අවුලක් නැතුව ගොඩ
අපි ඉන්දියන් එවුන්ගේ english වලට හිනාවුනාට දැන් උන් ලංකාවේ අපේ එවුන්ට වඩා ලස්සනට කතාකරනවා
උන් දවසින් දවස උන්ගේ අඩුපාඩු හදාගනන්ව අපේ එවුන් ඉතින් වටේම එවුන්ට හිනාවෙවී ඉන්නවා, උබට කියන්න තියෙන්නෙත් මචං මොකා උබට හිනාවුනත් උබ තනියෙන් හරි english කතාකරන්න පටන් ගනින්, එතකොටයි උබට englishකතාකරන්න පුළුවන් වෙන්නේ, නැතුව උබ කොච්චර පොත් පිරෙවුවත් notesලියලා කාදවත් english හැදෙන්නේ නෑ
sinhala sutitlesදාගෙන film බලන එක වහාම නවත්තහන්, film එක නොතේරුනාට කමක් නෑ ටික දවසක් යද්දී උබටම උබේ වෙනසක් තේරෙයි මචං
english news බලන්න පුරුදු වෙයන්, ඔය BBC / TED talk වගේ එවුව අනිවා බලහං
නිකන් ඉන්න වෙලාවටත් මොකක්හරි වාක්‍යක් හිතෙන හිතල ඒක කොහොමහරි english වලට convertකරන්න try කරහන්
මුලදී ගොඩක් වරදී, බෑ කියල හිතෙයි ඒත් දිගටම මේ ටික කරහන් අනිවා ඕක හරියනවා මචං..ජය..!



පැටලී පැටලී හරි කතා කරපන්, උබට සමහර විට අහන දේවල් තේරෙනවා ඇතිනේ, ඒ නිසා ෆිල්ම්ස් බලහන් ඉන්ලිෂ් සබ් එක්ක, ඒ වගේම ක්ලාස් යනවනම් මොටිවෙෂනල් ඉංග්ලිෂ් ක්ලාසස් තියෙනවා සිංහල අපිටම හරියන, නුවර අවට නම් හොදම අවුරුදු දහයක වගේ පළපුරුදු ගුරුවරු දෙන්නෙක් හොයලා දෙන්නම් උබට !!!
පුළුවන් තරම් භාෂාවේ ඉදපන්, අපේ මොලේ දුවන්නේ අපි හැමවෙලේම හොයන දේ පස්සේ, හිතන දේ පස්සේ, පුළුවන් තරම් පොසිටිව් හිතපන්, තව ටික දවසකින් උබ වැඩේ ගොඩ දාගයි !!
ජය
පිස්සුද යකෝ අපේ ඉතිහාසයට හාමුදුරුවොන්ට බනින්නේ.. අපි එහෙම හිටියනම් සුද්දගේ කටු ලෙවකන වහල්ලු වගේ ඉන්න වෙන්නේ.. ඉංග්‍රීසි කියන්නෙ භාෂාවක්.. භාෂාවක් තිබ්බ කියලා නම් අපිට අමුතුවෙන් හම්බෙන දෙයක් නම් නෑ.. මිනිස්සුනෙගෙ ක්‍රියාව වැදගත් වෙන්නෙ.. ජපානේ බහුතරයකට ඉංග්‍රීසි බෑ.. ඒත් උන් ඉන්න තැන බලපන්.. මහන්සි වෙයල්ල.. කෝකත් නිකන් ඉගනගන්න බෑ.. බලපන් අපිට සිංහල භාෂාවේ ව්‍යාකරන ටිකවත් පුලුවන්ද? කොහොම උනත් භාෂාව්ක් කියන්නෙ සංනිවේදනය කරන්න පාවිච්චි කරන මාධ්‍යක් විතරයි..


මොලේ තියන එකෙක්..
ඉංග්‍රීසි සින්දු අහපන් ,ෆිල්ම් බලපන් , උබට සිරාවට ඕනකමක් තියනවන්ම් පකයාසේ දවසේ 365 බ්‍රෝකන් ඉංග්ලිශ් හරි කතා කරපන්. ලංකාවේ උන් උනට කොචොක් කරාවී අන්න එක කනකින් අහල අනිත් කනින් පිටමන් කරල කතා කරපන් . හොද පරණ සර් කෙකෙන්කේ ක්ලාස් එක්කට පලයන් මචන් සුද්දා ටයිප් කඩ්ඩ කතා කරන මේ ගුරු විද්‍යාල ගිය උන් හරියන්නේ නෑ . සුද්දෙක් හරි අල්ලගෙන කත කරපන්. කඩ්ඩ පොලිෂ් යාලුවෝ සෙට් කරගනින් ලැජ්ජා නැතුව කියපන් හෙල්ප් එකක් දියන් කියල , උබ සිංහලයෙක් කඩ්ඩ කියන්නේ සුද්දගේ බාසව අපේ සමහරක් උන්ට මව් භාෂාව උනාට. පුලුවන් නම් ටෝස්මාස්ටස් කල්බ් එක්කට බැදියන් එක්කෝ ස්පෝකන් ඉන්ගිල්ෂ් ක්ලාස් එක්කට හැම වෙලාවෙම නාකි පොරක් ගනින් නමත් කඩ්ඩ නමක් තියන කොටින්ම ඉයේ පෙරේද ක්ලාස් කරන උන් නම් එපා, නාකි සීය කෙනෙක් හරි කමක් නෑ හොයාගෙන පාලුව යන්න කොටපන් මචන්ඉගෙන ගන්න හොදම එක බෝකන් ඉන්ග්ලිශ් උබට තේරෙන කාලෙක උබම වැරදි හදාගන්නවා නිකම්ම. ඉංග්‍රිසියෙන් හිතපන් පත්තර කියවහන් ගූගල් එකේ ආටිකල් කියවහන් මොනා හරි සබ්ජෙක්ට් එකක් ගැන. උබ ඒක එක්ක ඉන්න පැය ගාන වැඩි වෙන්නම ඕක හරියනවා.


මම නම කියන්නෙ උබ ටික කාලයක් සබ් එක්ක film බැලුවට නම් කමක් නෑ.. ඒත් පුලුවන් තරම් කන හුරුකරපන් වචන වලට.. සබ් නැතුව බලන එක තමා ඒකට හොදම විදිය.. මුලින් grammer ගැන හිතන්න එපා.. පොඩි උන් භාෂාව ඉගනගන්නෙ grammer එක්කම නෙවෙයි.. පුලුවන් තරම් යෙදෙන තැන් අල්ලන්න try කරපන්.. පුලුවන් තරම් news වගේ ඒවා බලපන් film බලපන්.. තේරුනේ නැත්තන් repeat කර කර බලපන්.. සබ් වලට නම් වැඩිය හුරු වෙන්න එපා..
උබලට ගොඩක් පින් .
ඊයේ තුබුණු හිතේ අවුලට අද office ගියෙත් නැ .
පොඩි .....
දැන් තාම පොඩ්ඩක් සිහිය ආවේ .
උබලා කියලා තියන දේවල් දැන් කියවාලා අමතු පණක් අවා වාගේ .
උබලට ගොඩක් පින් ආයේ කඩ්ඩ හදගෙනම තාම පස්ස බලන්නේ .
මන් pm දාල උදවු ඉල්ලුවොත් ,පුළුවන් විදියට උදවු කරනවාද .
උබලට ගොඩක් පින් .
තැන්ක්ස්
English නැතුව කොහොමද programming කරන්නෙ? මටත් කියල දීපං.![]()

මුලින් ඉංග්‍රිසි සම්බන්ධව මන් ගැන කියන්නම්,මේක පම්පොරියක් නෙමෙ දෙයක් ඉගෙන ගන්න මන් කියන්නෙ , මට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ,සුද්දෙක් එක්ක උනත්,( සුද්දො කිව්වාට බ්‍රිතාන්‍ය වගෙ නම් උන්ගෙ උච්චාරන විලාශයන් බර ගාණක් තියෙනවා, ඇමරිකාවෙත් එහෙමයි)
සමහරක් වෙලාවට මන් කතාකරන විදියට සමහරු අහනවා ඔයා ඉගෙන ගත්තෙ ඉන්ටර්නැෂනල් ඉස්කූල් එකකද කියලා .
මන් ඉගෙන ගත්තෙ රජයෙ පාසලක සිංහල මාධ්‍යෙන්,
මට ඉංග්‍රීසි අප්‍රසන්නයි කිව්වොත් හරි පොඩි කාලෙ
මන් එක පාරක් ඉංග්‍රිසි පෙපරෙ රචනාවක් මැද්දෙන් "I Hate English" කියල ලොකුවට ලිව්වා, එකෙ මළට ඉංග්‍රීසි ගුරුතුමි මගෙ paper ලකුණු සෙරම අවලංගු කලා.ඉංග්‍රීසි පන්ති ගියාට හරි හියෙත් නැහැ ,මන් පන්ති වලට කැමතිත් නැහැ O/L අනික් සබ්ජෙක්ට් ඉහල සාමාර්ථ තිබුණත් මට තිබ්බෙ S සාමාර්ථයක්,
A/L වලදි මට ආවා ඉංග්‍රීසි වලට උනන්දුව,
පස්සෙ මන් තනියම ඉගෙන ගන්න උත්සහ කලා,
ලියන්න නෙමෙ කතා කරන හැටි ඉගෙන ගන්න, මගෙ ලීවීම නම් අදටත් එච්චර සාර්ථක නැහැ ,
ඉතිං කතා කරන්න නම් තනියම බැහැ නෙ කවුරු හරි ඔනි, එත් උනෙ මොකක්ද අපෙම වටෙ ඉන්න උන්ගෙන් කින්ඩි කාපු එක
සමහරු වචන වැරදෙද්දි විහිළු කලා
සමහරු කිව්වා "උඹ සුද්දාට පු* දෙනවද ? " කියලා
එත් මන් වැඩෙ අත ඇරියෙ නැහැ ඉගෙන ගත්තා.
ඉන්ටර්නෙට් එක තිබ්බ නිසා තනියම විකිපීඩියා වල උදව්වෙ කියවීම ප්‍රගුණ කලා, ඉංග්‍රීසි ෆිල්ම්ස් ඇතිවෙන්න බැලුව, පොඩි කාලෙ සිංහල උපසිරැසි එක්කනෙ බැලුවෙ,
එත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔනි නම් ඉංග්‍රීසි උපසිරැසි එක්ක බලන්න ඔනි. මන් එහෙම කලා,
පස්සෙ කොච්චර දියුණු උනාද කිව්වොත් මන් උපසිරැසි නැතුව ඉංග්‍රීසි ෆිල්ම් බලන මට්ටමට ආවා. ඒ කිව්වෙ ඒ ෆිල්ම් එකෙ කියන දෙවල් මට තෙරුම් ගන්න පුළුවන්,
මොකද ඔනිම භාෂාවක මුලින්ම කරන්න ඔනි "Listening" පස්සෙ තමා කතා කිරීම (Speaking)
ඊට පස්සෙ අපෙ උන්ගෙන් කින්ඩි කක මන් කතා කරා. සමහර එවුන් මගෙ එක්ක පට්ට මල ,සමහරු තරහා උනා .
ඒ මල උන් අතරෙ පිරිසක් ඉංග්‍රීසි වලට වෛර කරන නිසා මල ,අනික් පිරිස අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න එකට ඉරිසියාවෙන් මල.
පස්සෙ මට විදෙශ ගත වුණා රැකියාවට. අන්න එතනදි තමා මගෙ ඉංග්‍රිසි වල තිබ්බ අඩුපාඩු සැහෙන්න හැදෙන්න ගන්නෙ. මොකද ඒ රටෙදි විවිධ රටවල් වල උන් එක්ක කතා කරන්න පුළුවන් උනා.
හැබැයි විදෙශයකදි උනත් ලංකාවෙදි උනත් (පුරුදු වෙන කාලෙ ඇරුනහම ) මන් අපෙ උන් එක්ක නම් අපෙ භාෂාවෙන් විතරයි කතා කරන්නෙ. කොහෙ ගියත්,කඩෙද, තරු පහෙ හොටල්ද ප්‍රයිවට් හොස්පිටල්ද කියන එක අදාල නැහැ අපෙ රටෙ සිංහල බැරි දෙමළ හෝ මුස්ලිම් හො එකෙක් ඇරෙන්න අනික් උන් සෙරමල්ල එක්ක මන් කතා කරන්නෙ සිංහලෙන්.
අර ඒ කාලෙ මර හිනා වෙච්ච උන්ට අදටත් ඉංග්‍රීසි බැහැ, උන් අදටත් අනුන්ට හිනාවෙවි ඉන්නවා, හැබැයි Facebook එකෙ නම් උන් ඉංග්‍රිසියෙන්මයි වැඩ.
ඔය ඉංග්‍රීසි ගැටුමට හෙතුව වෙන මුකුත් නෙමෙ,ඉංග්‍රීසි සම්බන්ධව අපෙ රටෙ තියෙන ආකල්පය
අපෙ රටෙ ඉංග්‍රීසි කියන්නෙ භාෂාවක් නෙමෙ ඊට එහා ගිය දෙයක්,
Social States එකක්, බුද්ධිය මනින සාධකයක්, ආඩම්බර විය යුතු දෙයක්.
එක නිසා තමා ඔය අවුල.
එත් මන් ඉගෙන ගත්තෙ දැනුම සඳහා ප්‍රවෙශ වෙන්න. මොකද ගොඩාක් දැනුම තියෙන්නෙ ඉංග්‍රීසියෙන් .
මන් කාවවත් ඉංග්‍රිසි බැහැ කියලා පල්ලෙහාට දාලා නැහැ.
කරන්නෙත් නැහැ
මන් ලිවීමත් මෙ ටිකෙ දියුණු කරගෙන යනවා.
මන් දෙයක් කියන්නම් ,පුළුවන් නම් ඉගෙන ගන්න අමාරුවෙන් හරි
මොකද ඒක වටිනවා, එත් එකෙන් ලොකුකම් පෙන්වන්න යන්න එපා
ඔනිම භාෂාවක ඉගෙන ගද්දි මෙන්න මෙ පිළිවෙල තමා වැදගත්
1.Listening
2.Speaking
3.Reading
4.Writing
එත් අපෙ රටෙ කරන්නෙ ඉංග්‍රීසි වලදි ඔකෙ අනික් පැත්ත
1.Writing
2.Reading
3.Speaking
4.Listening
එක නිසා තමා අපිට ඉංග්‍රීසි බැරි
උඹ දන්නවාද තව දෙයක්,
ඒ කාලෙ මන් පුරුදුවෙන කාලෙ ගොඩක් එවුන් මල පනිද්දි එකෙම එකෙක් හිටියා විහිලුවෙන් හරි මගෙ එක්ක ඉංග්‍රිසි වචනයක් හුවමාරු කරගත්ත.ඌ දකුණෙ පොරක් ,කතා කරන්නෙ "ඇතෙයි නැතෙයි ,කොහොමෙයි" ටයිප් එකට.
අන්න ඌ අද කතාකරනවා සුපිරියටම ,ඌ මට අද පිංදෙනවා ,හෙතුව මන් ඌ එක්ක කතා කරපු නිසා ඉංග්‍රිසියෙන්
අමාරුවෙන් හරි ඉගෙන ගනින් ,


