ජිවිතේ හදාගන්න/අළුතින් පටන්ගන්න උදව්වක්!
මචන් මට වයස අවුරුදු 21යි. ගියේ රටේ පිළිගත් ලොකු ඉස්කෝලෙකට. හැදුනේ වැඩුනේ හොඳ වැදගත් පරිසරයක. Title එකේ කියල තියන විදියට මන් මේ ත්‍රෙඩ් එක දාන්නේ ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්. උදව්වක් කිව්වට උපදේස් කිහිපයක්. ත්‍රෙඩ් එක ටිකක් දිග උනොත් කියවන්න කම්මැලි වගේ නම් පහලටම ස්ක්‍රෝල් කරන්න මම පහළින්ම මට තියන ප්‍රශ්ණ කිහිපයක් සහ අවශ්‍ය උපදෙස් මොනාද කියල සඳහන් කරන්නම් වැටෙන්න පුළුවන් උපරිම විදියට මානසිකව වැටිලා ඉන්නේ. එත් එහෙම ඉදලා බෑනේ. ගොඩ එන්න එපැයි මේ වලෙන්. උදවු කරන්න කැමති කෙනෙක් ට වැදගත් වෙයි කියල හිතෙන කරුණු කිහිපයක් පහලින් සඳහන් කරන්නම්
නිකන් කමන්ට් එකක් හරි දාගෙන යන්න එකත් ලොකු හයියක්.
සැ.යු - මං මැරෙනවා, ජිවත් වෙලා වැඩක් නෑ වගේ බොළඳ සීන් සහ අඬන සීන් අඩංගු නොමැත.
මට ඕනේ මගේ ජිවිතේ අළුතින් හදාගන්න. මොකද දැන් මගේ ජිවිතේ මහා අවුල් ජංජාලයක්. කරුමයක්. විනාශයක්!
ඒක එහෙම උනේ කොහොමද කියන එක අවුරුදු 21ක් දිග කතාවක්. මගේ සම්පුර්ණ ජිවිත කතාව මෙතන දාන එක තේරුමක් නැහැ. මොකද ඒක නිකන් අඩු වියදමකින් නුපුහුණු සිනමා අධ්‍යක්ෂකවරයෙක් සහා ඉතා පහල මට්ටමේ නළු නිලියන් යොදාගෙන කරපු ප්‍රේක්ෂකයන්ගේ තක්කාලි, කුණු බිත්තර සහ කෙසෙල් පොතු ප්‍රහාර වලට ලක් වුනු Drama ගණයට අයත් දකුණු ඉන්දීය සිනමා නිර්මාණයක් වගේ
ඒ නිසා ජිවිතේ අතරමන් වෙන්න, වරදින්න, විනාශ වෙන්න හේතු උනා කියල මට දැනෙන දේවල් සෑහෙන ගොඩකින් කිහිපයක් ගැන කියන්නම්.
1.Parenting
මේක මට ගොඩක් බලපෑවා කියල මන් හිතනවා. අම්මගේ තාත්තගේ වරදක් කියනවා නෙවෙයි. ඒ දෙවිවරු දෙන්නා මාව හැදුවා, මට සැලකුවා හොඳ වැඩි. කිසි දෙකින් අඩුවක් කලේ නෑ. පොඩිකාලේ මම හැදුනේ වැඩුනේ ගේ අස්සෙමයි. සමාජෙට වැඩිය යොමු කලේ නැහැ. කපටි වැඩ, හොර වැඩ, නරක වැඩ කිසි දෙයක් කරන්න යොමු වෙන්න දුන්නේ නැහැ මට. මම සැහෙන දඟයි පොඩි කාලේ. ඒ උනාට ඒ දඟ වැඩ අස්සෙන් අම්ම තාත්තා මාව හැදුවේ "සිරිමත්" කෙනෙක් විදියට. ගොඩක් පරිස්සම් කළා මාව. දුක දැනෙන්න දුන්නේ නැහැ. එයාලට පුළුවන් විදියට මට සැප සතුට දුන්නා හැමදාම. ගොඩක් දුක් මහන්සි වෙලා කරන්න පුළුවන් උපරිමෙන්ම මට තාමත් සලකනවා. ආර්ථික අපහසුතා ගොඩක් මැද. මට හිතෙන විදියට මේ දේවල් ගොඩක් බලපෑවා මට. ජිවිතේ බරක් පතලක් තේරුනේ නැහැ මේ ලගක් වෙනකම්. ඒ මගේ මෝඩකමද නැත්තම් අම්මා තාත්තා මාව පොඩි කාලේ ඉදන් බලාගත්තු විදිය එකට බලපෑවද කියල මම කියන්න දන්නේ නැහැ!
2. Love
මේ පිලිබදව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිනවා. විලි ලැජ්ජයි එව්වා ගැන කතාකරන්න. ඒ උනාට ජීවිතේට ලොකු බලපෑමක් කළා.
3. යාළුවො
6,7,8 වගේ පන්ති වලදී මං ගැන කියනවනම් මම සාමාන්‍ය මීටරයක්. පන්තියේ පලවෙනි 10 දෙනා අතර හිටියා හැමපාරම. චුට්ට චුට්ට දඟ වැඩ තිබුනා උනත් ස්ටේටස් එකක් තියාගෙන හිටියා. ඔහොම ටික කාලයක් යද්දී මට දැනුනා පන්තියේ අනිත් කොල්ලොන්ට වඩා මම පහලින් ඉන්නවා වගේ කියල. Educational පැත්තෙන් නෙවෙයි. Character එකෙන්. මම අහිංසක වැඩිද ලාමක වැඩිද කියල චුටි පැළයක් මගේ මොලේ පැළවෙන්න පටන්ගත්තා. මොකද මම ටික ටික බයිට් වෙන්න වගේ පටන්ගත්තා
හැමෝම අතර නෙවෙයි දන්නැද්ද යාලුවෝ 3 දෙනෙක් ඉද්දි දෙන්නෙක් එක්කෙනෙක් ව බයිට් කරනවා නේ. ඒ වගේ පොඩි පොඩි දේවල් නිසා.
යාලුවෝ කියන අය මට බලපෑවේ වෙනස් විදියකට. බොන්න, Cigarette ගහන්න අනිත් මත්ද්‍රව්‍ය වලට, රස්තියාදු ගහන්න වගේ දේවල් වලට මම පුරුදු උනේ නැහැ. තාමත් බොන්නේ නම් නෑ
මම පොඩි කාලේ හැදුනු වැඩුණු විදියට ජිවත් වෙන එක 9,10 වගේ වසරවල් වලට එද්දී ටිකක් අමාරු උනා. මට ඕනේ උනේ සිරිමත් කෙනෙක් වෙන්න නෙවෙයි. කොල්ලෙක් වෙන්න. ඉස්කෝලේ ඇරිලා ස්කුල් වැන් එකේ ගෙදර යන එක මදිකමක් වගේ දැනුනා. මට ඕනේ උනේ බස් එකේ යන්න. සමාජයත් එක්ක ගැටෙන්න. ඔය කාලේදී දන්නවනේ ඉතින්. කොට කලිසමෙන් දිග කලිසමට මාරු වෙද්දී තියන තදියම.මටත් ආස හිතුනා ඒ කාලේදී හිටිය අනිත් කොල්ලෝ වගේ ටිකක් වෙනස් වෙන්න. හැබැයි මම හැදුනු වැඩුණු පරිසරේ නිසා එක ලේසි උනේ නැහැ. අද වෙද්දී මේ සමාජෙට මම අහිංසක වැඩිද ලාමක වැඩිද හොද වැඩිද කියල එදා පැළවෙන්න පටන්ගත්තු ඒ පුංචි පැළය මහා විශාල ගහක් තරම් ලොකු වෙලා. 
4. මම.
අර මන් කිව්ව පට්ට චාටර් දකුණු ඉන්දීය පිචැර් එක ඒ කියන්නේ මගේ ජිවිතේ කව්රුත් විනාශ කරපු දෙයක් නෙවෙයි. මට ආපු ප්‍රශ්ණ වලට මුහුණ දීපු විදියෙන්, මමම ගත්තු තීරණ වලින් විනාශ උන ජිවිතයක්. ඒ දේවල් වලට උඩ කියපු සාදක ගොඩක් බලපෑවා. අනිත් එක නොදැනුවත්කම. ඒ කාලේ මේවා තේරුනේ නැහැ. දැන් තමා ඒ කලේ වෙනස් තීරණ ගත්තා නම් මේ හැමදේම වෙනස් වෙන්න තිබුනා කියල තේරෙන්නේ.
5. Depression
මේ එක එක ප්‍රශ්ණ නිසා මට Depression නැත්තම් විශාදය කියන මානසික රෝගය හැදෙනවා. මානසික රෝගයක් කියන්නේ පිස්සු වත් මොලේ අමාරුවක් වත් නෙවෙයි. සාමාන්‍ය කෙනෙකුට නොතේරෙන නොදැනෙන නොපෙනෙන දවස ගානේ නොමැරී මැරෙන කරුමයක් Depression කියන්නේ. ජිවිතේ පනින්න අමාරුම පිම්මක්. එකත් ගොඩක් බලපෑවා. depression කියන එක තේරුම් කරන තේරෙන්නේ නැහැ මට. තේරුම් කරන්න හැකියාවක් තිබුනත් තේරුම් කරන්නේ නැතුව ඉන්න තරම් කරුමයක් එක. මානසික රෝග කියන දේවල් ගොඩක් බරපතලයි. ඒවා විහිලුවට ගන්න මිනිස්සු ඉන්න සමජෙක වැටිලා ඉන්න මිනිහෙක් නැගිටිනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්.
6. කම්මැලිකම.
Depression වලට බිව්ව බෙහෙත් වලටයි ආතතියට්යි ගොඩක් නිදිමත, බඩගින්න ආව. මහන්සි දැනෙනවා වැඩි උනා. ඔය දේවල් නිසා ගෙදරටම වෙලා ඉදල ටික ටික කම්මැලි වෙන්න ගත්තා. ගොඩක් active ඉස්සර මම ඒ ගතිය අඩුවෙන්න ගත්තා.
7. මගේ අතීතය.
ජිවිතේ මේ තත්වෙට වැටෙන්න බලපාපු මම කියපු සහ කිව්වේ නැති හේතු ඔක්කොම එකතු වෙලා මගේ ඔලුව අස්සේ මහා ලොකු යුද්ධයක් කරනවා හිටපු ගමන්.
ඉතින් මෙතන තියෙන්නේ මගේ ජීවිතේට ගොඩක් බලපාපු හේතු වලින් වැඩියෙන්ම බලපෑවා කියල මට හිතෙන හේතු කිහිපයක් විතරයි.
ඔය කිව්ව හේතු දැක්කාම සමහරුන්ට හිතෙයි මේවා මොනාද ඔවද මිනිස්සුන්ට වෙන්නේ මේ දේවල් වලට ජිවිතේ විනාශ වෙනවද කියල. හිතන විදිය, දරාගැනීමේ ශක්තිය, සිතුම් පැතුම් ගති පැවතුම් එක මනුස්සක්ගෙන් තව මනුස්සයෙක් ට වෙනස්. මේ දේවල් මගේ ජිවිතේ විනාශ කළා.
හරි. ජිවිතේ ප්‍රශ්ණ නම් අනන්තවත් තියනවා. එත් මට වැඩියෙන්ම බලපාන, ඉක්මනටම විසදුමක් අවශ්‍ය ප්‍රශ්ණ 2ක් තියනව.
1. ඔය හේතු නිසා මගේ අධ්‍යාපනය කඩාකප්පල් උනා. මම කිව්වා වගේ මට depression එහෙමත් නැත්තම් විශාදය හැදුනේ අවුරුදු 14දි වගේ. ඒ කියන්නේ 9 වසරේදි. ඒ කලේ නොතේරුම් කමටයි, තිබුන ප්‍රශ්ණ වලටයි ගොඩක් මානසිකව වැටුනා. අර කියන්න විලි ලැජ්ජයි කියපු එකත් අදාලයි.
ඕක තමා ප්‍රදානම ගැටලුව.
එක එක හුට පට නිසා O/L කාලේ වෙද්දී වැටෙන්න පුළුවන් උපරිමේටම මානසිකව වැටිලා හිටියේ. ඉස්කෝලේ ගියේ නැහැ. O/L කරන්න මානසික මට්ටමක් තිබුනේ නැහැ. ඒත් අම්මලයි යාළුවොයි කට්ටිය කියල කියල කොහොමහරි O/L කරා. විභාගේ නම් පාස් උනා. එත් හොඳට නෙවෙයි. A/L කරන්න පුළුවන් මට්ටමෙන් පාස්. A/L පන්තියට ගියාමත් මට පන්තියේ ඉඳගෙන ඉන්න පුළුවන් විදියේ මානසික මට්ටමක් තිබුනේ නෑ. එහෙම්මම පාසල් ගමන නැවතුනා. පස්සේ ටික කාලයක් ගිහින් යම්තාක් දුරකට මානසික සහනයක් ලැබුනාම ප්‍රයිවට් කැම්පස් එකකට සම්බන්ද වෙලා උපාදියක් හදාරන්න පටන්ගත්තා. එතකොට වයස අවුරුදු 18යි. එත් එතන තිබුනෙත් වෙනම පරිසරයක්. මම ගොඩක් දුරට එකට හුරු උනා. එත් එක පැත්තකින් මට මන් ගැන තිබුණ විශ්වාසය, ආත්ම ශක්තිය වගේ දේවල් අඩු උනා මොකද එකේ හිටපු අය මට වඩා ගොඩක් උඩින් හිටියේ. අනිත් එක මම එකේ හිටපු වයසින් අඩුම කෙනෙක්. කොහොම කොහොම හරි ගෙදර ආර්ථික ප්‍රශ්නයි අරව මේවා නිසා ටික ටික ආයෙත් ඔලුව විකාර උනා. අර උපාදියත් හරියට කරගත්තේ නැහැ මම.
2. ගෙදර ආර්ථික ප්‍රශ්ණ. එක නම් දැන් ලොකුවටම තියනවා මචන්. මට ගොඩක් දේවල් වලට වියදම් කරලා තියනවා. උගන්නන්න, බෙහෙත් අරවට මේවට. දැන් ලෝන්ස් වලට එහෙම හිරවෙලා නිසා ගොඩක් අමාරුවෙන් ජිවත් වෙන්නේ. මේකත් ලොකු පීඩනයක්. ඕක ගැන හිතද්දීත් ඔලුව විකාර වෙනවා. අම්ම තාත්තා ගොඩක් දුක් විදිනවා මේවා නිසා.
දැන් වෙච්ච දේවල් ගැන හිතලවත් පසුතවිලා වත් වැඩක් නැහැ මට හිතෙන විදියට. මොකද මේ පිචැර් එක පෙන්නලා ඉවරයි කුණු බිත්තර තක්කාලි කෙසෙල් පොතු ප්‍රහාර වලට ලක්වෙලත් ඉවරයි. දැන් මට ඕනේ හැදෙන්න. ජිවිතේ හදාගෙන ඉහලටම යන්න. අම්මවයි තාත්තවයිත් මේ වලෙන් ගොඩට අරන් ජිවිතේ සාර්ථක කරගන්න.
--------------------------------------------------------------------------------------
ඕක තමා කතන්දරේ
මන් බලාපොරොත්තු වෙන උපදෙස් මොනාද, තියන ප්‍රශ්ණ දැන් මන් අහන්නම්. පුළුවන් කෙනෙක් පුළුවන් විදියට උපදේශයක දෙන්න.
1. අවුරුදු 21යි කියන්නේ ජිවිතේ අළුතින් පටන්ගන්න පරක්කු වැඩිද?
2. මගේ බලාපොරොත්තුව මගේම බිස්නස් එකක් පටන්ගන්න එක.
එක මොන බිස්නස් එකක්ද කියල මම දන්නේ නැහැ තවම. මගේ ආසාවක් තියෙන්නේ ෆැෂන් බ්‍රෑන්ඩ් එකක් පටන්ගන්න, cars මොඩිෆයි කරන ෂොප් එකක් පටන්ගන්න, social media companies තියෙන්නේ මචන් Buzzfeed වගේ. ඒ වගේ එකක් කරන්න.
තව ගොඩක් ලොකු හීනයක් තියනවා ඔය Virgin Groups වගේ හැම පැත්තෙන්ම බිස්නස් කරන ව්‍යාපාරයක් පටන්ගන්න.
ඒ අදහස් සහ ආසාවල් කොයි තරම් දුරට තාත්විකයි ද සාර්ථක කරගන පුලුවන්ද කියල මම දන්නේ නැහැ. මේ ගැන පුළුවන් කෙනෙක් උපදේශයක් දෙන්න.
3. දැනට මට තියන අධ්‍යාපනික සුදුසුකම O/L විතරයි.
(English - B, Sinhala - C, Maths - S)
මට පටන්ගන්න හොද කොස් එකක්, උපාදියක්, හෝ වෙනත් මොනාහරි අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්න හොද මාර්ගයක් පහදලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම්.
උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන්න ලෑස්ති.
Foundation Course කරන එකත් අවුලක් නැහැ.
4.මගේ Personality එක, Character එක ටිකක් හදාගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන.
හම්බවෙන්න හොඳ Doctor කෙනෙක්, Counselor කෙනෙක් හරි කමක් නැහැ.
5. මගේ කේන්දරේ "කාල සර්ප යෝගය" දෙයක් තියනවා. මන් වැඩිය කේන්දර පිටිපස්සේ පන්නනේ නැහැ. හැබැයි ඒ පැත්තෙන් කරන්න පුලුවන් දේවල් තියනවා නම් ඒ ගැනත් දන්න කෙනෙක් කියන්න.
*ඔය සීන් උනාට මන් ගොනෙක් මත් නෙවෙයි. IT පැත්තෙන්, English වලින් සහ අනිත් පැති ගොඩකින් මට යම්කිසි දුරකට දැනුමක් තියනවා.
Maths වලට නම් මම වැඩි කැමැත්තක් නැහැ ඒත් බැරි නැහැ. ගොඩක් දේවල් ගැන Basic Knowladge එකක් තියනවා.
ඉතින් කව්රුහරි කෙනෙක් ට මේ ප්‍රශ්ණ වලට පොඩි උපදේශයක් දෙන්න පුළුවන් නම් ලොකුම ලොකු උදව්වක්. නිකන් කමන්ට් එකක් හරි දාගෙන යන්න එකත් ගොඩක් ලොකු හයියක්.
අන්තිම වශයෙන් කියන්න කැමති මට නැති වෙන්න දෙයක් නැහැ දැන්
ආයේ පහලට වැටෙන්න තැනක් නැහැ මීටත් වඩා. මේ වලෙන් ගොඩ ඇවිත් මොන විදියෙන් හරි මම යන්න පුළුවන් උපරිමේටම යනවා. අම්මවයි අප්පච්චි වයිත් මේ වලෙන් ගොඩට අරන් පුළුවන් විදියට හැමෝටම උදව් කරලා දැන් මට හිනාවෙන අයටත් පුළුවන් විදියට උදව්වක් කරලා මට බෑ කියන අයටත් උදව් කරන් ඉන්න පුළුවන් තැනකට කොහොමහරි එනවාමයි.
පුළුවන් කෙනෙක් කමන්ට් එකක් දාගෙන යන්න. ගොඩක් ස්තුති
මචන් මට වයස අවුරුදු 21යි. ගියේ රටේ පිළිගත් ලොකු ඉස්කෝලෙකට. හැදුනේ වැඩුනේ හොඳ වැදගත් පරිසරයක. Title එකේ කියල තියන විදියට මන් මේ ත්‍රෙඩ් එක දාන්නේ ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්. උදව්වක් කිව්වට උපදේස් කිහිපයක්. ත්‍රෙඩ් එක ටිකක් දිග උනොත් කියවන්න කම්මැලි වගේ නම් පහලටම ස්ක්‍රෝල් කරන්න මම පහළින්ම මට තියන ප්‍රශ්ණ කිහිපයක් සහ අවශ්‍ය උපදෙස් මොනාද කියල සඳහන් කරන්නම් වැටෙන්න පුළුවන් උපරිම විදියට මානසිකව වැටිලා ඉන්නේ. එත් එහෙම ඉදලා බෑනේ. ගොඩ එන්න එපැයි මේ වලෙන්. උදවු කරන්න කැමති කෙනෙක් ට වැදගත් වෙයි කියල හිතෙන කරුණු කිහිපයක් පහලින් සඳහන් කරන්නම්
නිකන් කමන්ට් එකක් හරි දාගෙන යන්න එකත් ලොකු හයියක්.
සැ.යු - මං මැරෙනවා, ජිවත් වෙලා වැඩක් නෑ වගේ බොළඳ සීන් සහ අඬන සීන් අඩංගු නොමැත.

මට ඕනේ මගේ ජිවිතේ අළුතින් හදාගන්න. මොකද දැන් මගේ ජිවිතේ මහා අවුල් ජංජාලයක්. කරුමයක්. විනාශයක්!

ඒක එහෙම උනේ කොහොමද කියන එක අවුරුදු 21ක් දිග කතාවක්. මගේ සම්පුර්ණ ජිවිත කතාව මෙතන දාන එක තේරුමක් නැහැ. මොකද ඒක නිකන් අඩු වියදමකින් නුපුහුණු සිනමා අධ්‍යක්ෂකවරයෙක් සහා ඉතා පහල මට්ටමේ නළු නිලියන් යොදාගෙන කරපු ප්‍රේක්ෂකයන්ගේ තක්කාලි, කුණු බිත්තර සහ කෙසෙල් පොතු ප්‍රහාර වලට ලක් වුනු Drama ගණයට අයත් දකුණු ඉන්දීය සිනමා නිර්මාණයක් වගේ

ඒ නිසා ජිවිතේ අතරමන් වෙන්න, වරදින්න, විනාශ වෙන්න හේතු උනා කියල මට දැනෙන දේවල් සෑහෙන ගොඩකින් කිහිපයක් ගැන කියන්නම්.
1.Parenting
මේක මට ගොඩක් බලපෑවා කියල මන් හිතනවා. අම්මගේ තාත්තගේ වරදක් කියනවා නෙවෙයි. ඒ දෙවිවරු දෙන්නා මාව හැදුවා, මට සැලකුවා හොඳ වැඩි. කිසි දෙකින් අඩුවක් කලේ නෑ. පොඩිකාලේ මම හැදුනේ වැඩුනේ ගේ අස්සෙමයි. සමාජෙට වැඩිය යොමු කලේ නැහැ. කපටි වැඩ, හොර වැඩ, නරක වැඩ කිසි දෙයක් කරන්න යොමු වෙන්න දුන්නේ නැහැ මට. මම සැහෙන දඟයි පොඩි කාලේ. ඒ උනාට ඒ දඟ වැඩ අස්සෙන් අම්ම තාත්තා මාව හැදුවේ "සිරිමත්" කෙනෙක් විදියට. ගොඩක් පරිස්සම් කළා මාව. දුක දැනෙන්න දුන්නේ නැහැ. එයාලට පුළුවන් විදියට මට සැප සතුට දුන්නා හැමදාම. ගොඩක් දුක් මහන්සි වෙලා කරන්න පුළුවන් උපරිමෙන්ම මට තාමත් සලකනවා. ආර්ථික අපහසුතා ගොඩක් මැද. මට හිතෙන විදියට මේ දේවල් ගොඩක් බලපෑවා මට. ජිවිතේ බරක් පතලක් තේරුනේ නැහැ මේ ලගක් වෙනකම්. ඒ මගේ මෝඩකමද නැත්තම් අම්මා තාත්තා මාව පොඩි කාලේ ඉදන් බලාගත්තු විදිය එකට බලපෑවද කියල මම කියන්න දන්නේ නැහැ!
2. Love

මේ පිලිබදව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිනවා. විලි ලැජ්ජයි එව්වා ගැන කතාකරන්න. ඒ උනාට ජීවිතේට ලොකු බලපෑමක් කළා.
3. යාළුවො
6,7,8 වගේ පන්ති වලදී මං ගැන කියනවනම් මම සාමාන්‍ය මීටරයක්. පන්තියේ පලවෙනි 10 දෙනා අතර හිටියා හැමපාරම. චුට්ට චුට්ට දඟ වැඩ තිබුනා උනත් ස්ටේටස් එකක් තියාගෙන හිටියා. ඔහොම ටික කාලයක් යද්දී මට දැනුනා පන්තියේ අනිත් කොල්ලොන්ට වඩා මම පහලින් ඉන්නවා වගේ කියල. Educational පැත්තෙන් නෙවෙයි. Character එකෙන්. මම අහිංසක වැඩිද ලාමක වැඩිද කියල චුටි පැළයක් මගේ මොලේ පැළවෙන්න පටන්ගත්තා. මොකද මම ටික ටික බයිට් වෙන්න වගේ පටන්ගත්තා
හැමෝම අතර නෙවෙයි දන්නැද්ද යාලුවෝ 3 දෙනෙක් ඉද්දි දෙන්නෙක් එක්කෙනෙක් ව බයිට් කරනවා නේ. ඒ වගේ පොඩි පොඩි දේවල් නිසා.යාලුවෝ කියන අය මට බලපෑවේ වෙනස් විදියකට. බොන්න, Cigarette ගහන්න අනිත් මත්ද්‍රව්‍ය වලට, රස්තියාදු ගහන්න වගේ දේවල් වලට මම පුරුදු උනේ නැහැ. තාමත් බොන්නේ නම් නෑ
මම පොඩි කාලේ හැදුනු වැඩුණු විදියට ජිවත් වෙන එක 9,10 වගේ වසරවල් වලට එද්දී ටිකක් අමාරු උනා. මට ඕනේ උනේ සිරිමත් කෙනෙක් වෙන්න නෙවෙයි. කොල්ලෙක් වෙන්න. ඉස්කෝලේ ඇරිලා ස්කුල් වැන් එකේ ගෙදර යන එක මදිකමක් වගේ දැනුනා. මට ඕනේ උනේ බස් එකේ යන්න. සමාජයත් එක්ක ගැටෙන්න. ඔය කාලේදී දන්නවනේ ඉතින්. කොට කලිසමෙන් දිග කලිසමට මාරු වෙද්දී තියන තදියම.මටත් ආස හිතුනා ඒ කාලේදී හිටිය අනිත් කොල්ලෝ වගේ ටිකක් වෙනස් වෙන්න. හැබැයි මම හැදුනු වැඩුණු පරිසරේ නිසා එක ලේසි උනේ නැහැ. අද වෙද්දී මේ සමාජෙට මම අහිංසක වැඩිද ලාමක වැඩිද හොද වැඩිද කියල එදා පැළවෙන්න පටන්ගත්තු ඒ පුංචි පැළය මහා විශාල ගහක් තරම් ලොකු වෙලා. 
4. මම.

අර මන් කිව්ව පට්ට චාටර් දකුණු ඉන්දීය පිචැර් එක ඒ කියන්නේ මගේ ජිවිතේ කව්රුත් විනාශ කරපු දෙයක් නෙවෙයි. මට ආපු ප්‍රශ්ණ වලට මුහුණ දීපු විදියෙන්, මමම ගත්තු තීරණ වලින් විනාශ උන ජිවිතයක්. ඒ දේවල් වලට උඩ කියපු සාදක ගොඩක් බලපෑවා. අනිත් එක නොදැනුවත්කම. ඒ කාලේ මේවා තේරුනේ නැහැ. දැන් තමා ඒ කලේ වෙනස් තීරණ ගත්තා නම් මේ හැමදේම වෙනස් වෙන්න තිබුනා කියල තේරෙන්නේ.
5. Depression
මේ එක එක ප්‍රශ්ණ නිසා මට Depression නැත්තම් විශාදය කියන මානසික රෝගය හැදෙනවා. මානසික රෝගයක් කියන්නේ පිස්සු වත් මොලේ අමාරුවක් වත් නෙවෙයි. සාමාන්‍ය කෙනෙකුට නොතේරෙන නොදැනෙන නොපෙනෙන දවස ගානේ නොමැරී මැරෙන කරුමයක් Depression කියන්නේ. ජිවිතේ පනින්න අමාරුම පිම්මක්. එකත් ගොඩක් බලපෑවා. depression කියන එක තේරුම් කරන තේරෙන්නේ නැහැ මට. තේරුම් කරන්න හැකියාවක් තිබුනත් තේරුම් කරන්නේ නැතුව ඉන්න තරම් කරුමයක් එක. මානසික රෝග කියන දේවල් ගොඩක් බරපතලයි. ඒවා විහිලුවට ගන්න මිනිස්සු ඉන්න සමජෙක වැටිලා ඉන්න මිනිහෙක් නැගිටිනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්.
6. කම්මැලිකම.
Depression වලට බිව්ව බෙහෙත් වලටයි ආතතියට්යි ගොඩක් නිදිමත, බඩගින්න ආව. මහන්සි දැනෙනවා වැඩි උනා. ඔය දේවල් නිසා ගෙදරටම වෙලා ඉදල ටික ටික කම්මැලි වෙන්න ගත්තා. ගොඩක් active ඉස්සර මම ඒ ගතිය අඩුවෙන්න ගත්තා.
7. මගේ අතීතය.
ජිවිතේ මේ තත්වෙට වැටෙන්න බලපාපු මම කියපු සහ කිව්වේ නැති හේතු ඔක්කොම එකතු වෙලා මගේ ඔලුව අස්සේ මහා ලොකු යුද්ධයක් කරනවා හිටපු ගමන්.
ඉතින් මෙතන තියෙන්නේ මගේ ජීවිතේට ගොඩක් බලපාපු හේතු වලින් වැඩියෙන්ම බලපෑවා කියල මට හිතෙන හේතු කිහිපයක් විතරයි.
ඔය කිව්ව හේතු දැක්කාම සමහරුන්ට හිතෙයි මේවා මොනාද ඔවද මිනිස්සුන්ට වෙන්නේ මේ දේවල් වලට ජිවිතේ විනාශ වෙනවද කියල. හිතන විදිය, දරාගැනීමේ ශක්තිය, සිතුම් පැතුම් ගති පැවතුම් එක මනුස්සක්ගෙන් තව මනුස්සයෙක් ට වෙනස්. මේ දේවල් මගේ ජිවිතේ විනාශ කළා.

හරි. ජිවිතේ ප්‍රශ්ණ නම් අනන්තවත් තියනවා. එත් මට වැඩියෙන්ම බලපාන, ඉක්මනටම විසදුමක් අවශ්‍ය ප්‍රශ්ණ 2ක් තියනව.
1. ඔය හේතු නිසා මගේ අධ්‍යාපනය කඩාකප්පල් උනා. මම කිව්වා වගේ මට depression එහෙමත් නැත්තම් විශාදය හැදුනේ අවුරුදු 14දි වගේ. ඒ කියන්නේ 9 වසරේදි. ඒ කලේ නොතේරුම් කමටයි, තිබුන ප්‍රශ්ණ වලටයි ගොඩක් මානසිකව වැටුනා. අර කියන්න විලි ලැජ්ජයි කියපු එකත් අදාලයි.
ඕක තමා ප්‍රදානම ගැටලුව.
එක එක හුට පට නිසා O/L කාලේ වෙද්දී වැටෙන්න පුළුවන් උපරිමේටම මානසිකව වැටිලා හිටියේ. ඉස්කෝලේ ගියේ නැහැ. O/L කරන්න මානසික මට්ටමක් තිබුනේ නැහැ. ඒත් අම්මලයි යාළුවොයි කට්ටිය කියල කියල කොහොමහරි O/L කරා. විභාගේ නම් පාස් උනා. එත් හොඳට නෙවෙයි. A/L කරන්න පුළුවන් මට්ටමෙන් පාස්. A/L පන්තියට ගියාමත් මට පන්තියේ ඉඳගෙන ඉන්න පුළුවන් විදියේ මානසික මට්ටමක් තිබුනේ නෑ. එහෙම්මම පාසල් ගමන නැවතුනා. පස්සේ ටික කාලයක් ගිහින් යම්තාක් දුරකට මානසික සහනයක් ලැබුනාම ප්‍රයිවට් කැම්පස් එකකට සම්බන්ද වෙලා උපාදියක් හදාරන්න පටන්ගත්තා. එතකොට වයස අවුරුදු 18යි. එත් එතන තිබුනෙත් වෙනම පරිසරයක්. මම ගොඩක් දුරට එකට හුරු උනා. එත් එක පැත්තකින් මට මන් ගැන තිබුණ විශ්වාසය, ආත්ම ශක්තිය වගේ දේවල් අඩු උනා මොකද එකේ හිටපු අය මට වඩා ගොඩක් උඩින් හිටියේ. අනිත් එක මම එකේ හිටපු වයසින් අඩුම කෙනෙක්. කොහොම කොහොම හරි ගෙදර ආර්ථික ප්‍රශ්නයි අරව මේවා නිසා ටික ටික ආයෙත් ඔලුව විකාර උනා. අර උපාදියත් හරියට කරගත්තේ නැහැ මම.2. ගෙදර ආර්ථික ප්‍රශ්ණ. එක නම් දැන් ලොකුවටම තියනවා මචන්. මට ගොඩක් දේවල් වලට වියදම් කරලා තියනවා. උගන්නන්න, බෙහෙත් අරවට මේවට. දැන් ලෝන්ස් වලට එහෙම හිරවෙලා නිසා ගොඩක් අමාරුවෙන් ජිවත් වෙන්නේ. මේකත් ලොකු පීඩනයක්. ඕක ගැන හිතද්දීත් ඔලුව විකාර වෙනවා. අම්ම තාත්තා ගොඩක් දුක් විදිනවා මේවා නිසා.
දැන් වෙච්ච දේවල් ගැන හිතලවත් පසුතවිලා වත් වැඩක් නැහැ මට හිතෙන විදියට. මොකද මේ පිචැර් එක පෙන්නලා ඉවරයි කුණු බිත්තර තක්කාලි කෙසෙල් පොතු ප්‍රහාර වලට ලක්වෙලත් ඉවරයි. දැන් මට ඕනේ හැදෙන්න. ජිවිතේ හදාගෙන ඉහලටම යන්න. අම්මවයි තාත්තවයිත් මේ වලෙන් ගොඩට අරන් ජිවිතේ සාර්ථක කරගන්න.
--------------------------------------------------------------------------------------
ඕක තමා කතන්දරේ
මන් බලාපොරොත්තු වෙන උපදෙස් මොනාද, තියන ප්‍රශ්ණ දැන් මන් අහන්නම්. පුළුවන් කෙනෙක් පුළුවන් විදියට උපදේශයක දෙන්න.
1. අවුරුදු 21යි කියන්නේ ජිවිතේ අළුතින් පටන්ගන්න පරක්කු වැඩිද?
2. මගේ බලාපොරොත්තුව මගේම බිස්නස් එකක් පටන්ගන්න එක.
එක මොන බිස්නස් එකක්ද කියල මම දන්නේ නැහැ තවම. මගේ ආසාවක් තියෙන්නේ ෆැෂන් බ්‍රෑන්ඩ් එකක් පටන්ගන්න, cars මොඩිෆයි කරන ෂොප් එකක් පටන්ගන්න, social media companies තියෙන්නේ මචන් Buzzfeed වගේ. ඒ වගේ එකක් කරන්න.
තව ගොඩක් ලොකු හීනයක් තියනවා ඔය Virgin Groups වගේ හැම පැත්තෙන්ම බිස්නස් කරන ව්‍යාපාරයක් පටන්ගන්න.
ඒ අදහස් සහ ආසාවල් කොයි තරම් දුරට තාත්විකයි ද සාර්ථක කරගන පුලුවන්ද කියල මම දන්නේ නැහැ. මේ ගැන පුළුවන් කෙනෙක් උපදේශයක් දෙන්න.
3. දැනට මට තියන අධ්‍යාපනික සුදුසුකම O/L විතරයි.
(English - B, Sinhala - C, Maths - S)
මට පටන්ගන්න හොද කොස් එකක්, උපාදියක්, හෝ වෙනත් මොනාහරි අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්න හොද මාර්ගයක් පහදලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම්.
උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන්න ලෑස්ති.
Foundation Course කරන එකත් අවුලක් නැහැ.
4.මගේ Personality එක, Character එක ටිකක් හදාගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන.
හම්බවෙන්න හොඳ Doctor කෙනෙක්, Counselor කෙනෙක් හරි කමක් නැහැ.
5. මගේ කේන්දරේ "කාල සර්ප යෝගය" දෙයක් තියනවා. මන් වැඩිය කේන්දර පිටිපස්සේ පන්නනේ නැහැ. හැබැයි ඒ පැත්තෙන් කරන්න පුලුවන් දේවල් තියනවා නම් ඒ ගැනත් දන්න කෙනෙක් කියන්න.
*ඔය සීන් උනාට මන් ගොනෙක් මත් නෙවෙයි. IT පැත්තෙන්, English වලින් සහ අනිත් පැති ගොඩකින් මට යම්කිසි දුරකට දැනුමක් තියනවා.
Maths වලට නම් මම වැඩි කැමැත්තක් නැහැ ඒත් බැරි නැහැ. ගොඩක් දේවල් ගැන Basic Knowladge එකක් තියනවා.ඉතින් කව්රුහරි කෙනෙක් ට මේ ප්‍රශ්ණ වලට පොඩි උපදේශයක් දෙන්න පුළුවන් නම් ලොකුම ලොකු උදව්වක්. නිකන් කමන්ට් එකක් හරි දාගෙන යන්න එකත් ගොඩක් ලොකු හයියක්.
අන්තිම වශයෙන් කියන්න කැමති මට නැති වෙන්න දෙයක් නැහැ දැන්
ආයේ පහලට වැටෙන්න තැනක් නැහැ මීටත් වඩා. මේ වලෙන් ගොඩ ඇවිත් මොන විදියෙන් හරි මම යන්න පුළුවන් උපරිමේටම යනවා. අම්මවයි අප්පච්චි වයිත් මේ වලෙන් ගොඩට අරන් පුළුවන් විදියට හැමෝටම උදව් කරලා දැන් මට හිනාවෙන අයටත් පුළුවන් විදියට උදව්වක් කරලා මට බෑ කියන අයටත් උදව් කරන් ඉන්න පුළුවන් තැනකට කොහොමහරි එනවාමයි. පුළුවන් කෙනෙක් කමන්ට් එකක් දාගෙන යන්න. ගොඩක් ස්තුති