ජීප් පිස්සන්ට මෙන්න ලැම්බෝගිනි Urus ජීප් එක

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ජීප් පිස්සන්ට මෙන්න ලැම්බෝගිනි Urus ජීප් එක

    අද, දෙසැම්බර් 5වැනිදා, ලැම්බෝගිනි සමාගමට වැදගත් දවසක්. අද ඉතාලියේ සැන්-අගාටා-බොලොනීස් නුවර ලැම්බෝගිනි ප්‍රධාන පරිශ්‍රයේදී ලැම්බෝගිනි සමාගමේ අලුත්ම නිර්මාණය, එනම් යූරස් SUV එක නැතිනම් අපේ භාශාවෙන් ජීප් එක එලිදැක්වෙනවා. මේ යූරස් ජීප් එකේ කල්පිත මාදිලිය නැතිනම් කොන්සෙප්ට් මොඩල් එක එලිදැක්වුනේ 2012දී. එදා ඉඳන් වසර 5ක් පුරා පර්යේෂණ හා සංවර්ධන කටයුතුවලින් පසුවයි ලැම්බෝගිනි සන්නාමයෙන් එන පලමු SUV නැතිනම් ස්පෝට්ස් යුටිලිටි වෙහිකල් එක එලිදකින්නේ.

    ලැම්බෝගිනි සමාගමේ සන්නාමයේ සළකුණ වන්නේ ජවසම්පන්න වෘෂභයෙක්. මේ සළකුණ තෝරා ගන්න හේතු ලෙස සඳහන් වන්නේ ලැම්බෝගිනි සමාගමේ නිර්මාතෲ ෆෙරුසියෝ ලැම්බෝගිනි වෘෂභ ලග්නාධිපතියෙකු වීමත්, ස්පාඤ්ඤ ගව පොර සඳහා යොදාගන්නා ජවසම්පන්න ගවයන් ගැන ඔහුතුල වූ ආශාවත් යන හේතු දෙක නිසා බව පැවසෙනවා. මේ සම්ප්‍රදායේ යමින්, ලැම්බෝගිනි සමාගමේ අලුත්ම SUV එකට යොදා ඇති යූරස් යන නම ලබාදී ඇත්තේ ලෝකයට වටිනා වස්තුවක් වූ හීලෑ ගවසම්පතෙහි ආදිතම ගව වර්ගයක් වන යූරස් ගව වර්ගය සිහිවීමට බව පැවසනවා.

    සාමාන්‍යයෙන් ලැම්බෝගිනී අධිවේගී කාර් සඳහා යොදාගන්නේ V10 හෝ V12 naturally aspirated එන්ජින් මාදිලි. එහෙත් යූරස් රථය සඳහා ලැම්බෝගිනි ඉන්ජිනේරුවන් ලීටර් 4 ධාරිතාවය ඇති, ටර්බෝචාජරයකින් සම්පීඩිත වාතය ලබාගෙන ක්‍රියාත්මක වන V8 එන්ජිමක් අලුතින්ම නිර්මාණය කොට තිබෙනවා. මේ එන්ජිම ලැම්බෝගිනි සමාගමේ පලමු ටර්බෝචාර්ජ් එන්ජිම බවද වාර්තාවනවා. අශ්වබල 650ක් ජනනය කරන මේ එන්ජිම, all wheel drive ආකාරයෙන් ක්‍රියාත්මකවීමටයි නිමවා ඇත්තේ.

    පැයට කිලෝමීටර් 328 km/h උපරිම වේගයක් ඇති යූරස්, ලොව වේගවත්ම SUV එක වෙනවා.


    Link Vidya gaveshana :http://vidya-gaweshana.blogspot.com/2017/12/cars-urus.html

    493270-1512412049.jpg