ජීවක v. මස් කෑම

hpalpola

Well-known member
  • ජීවක v. මස් කෑම

    මජ්ජිම නිකායෙ ගෘහපති වග්ගයෙ තියෙනවා හරි ලස්සන සූත්‍රයක්
    ජීවක සූත්‍රය කියලා. ජීවක සූත්‍රය කියලා තවත් තියෙනවා. අපි මෙතනදි කතා කරන්නෙ මජ්ජිම නිකායෙ තියෙන සූත්‍රය ගැන. මේ සූත්‍රයෙදි ජීවක, තමුන්ට අහන්න ලැබුන කටකතාවක් ගැන බුදුරජාණන්වහන්සේගෙන් ඇත්ත නැත්ත අහනවා. ඒකට කලින් අපි ජීවකව අඳුනාගෙන ඉමු. ජීවක කියන්නේ බිම්බිසාර රජ්ජුරුවන්ගේ රාජකීය වෛද්‍යවරයා. පස්සෙ ජීවක බුදුරජාණන්වහන්සේගේ වෛද්‍යවරයාත් වෙනවා.

    ඉතින් මොකක් ද ජීවකට අහන්න ලැබිලා බුදුරජාණන්වහන්සේගෙන් අහන කතාව.

    ‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්, ශ්‍රමණ ගෞතම තෙමේ දැන ගෙන උදෙසා කරන ලද (තමන් පිණිස කරනලද) ඒ මාංසය වළඳන්නේය’

    සරලව මේ කියන්නෙ බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් සතුන් මරනවා, ඒක බුදුරජාණන්වහන්සේ දන්නවා, දැන දැනත් ඒ මරපු සතුන්ගෙ මස් වළඳනවා කියන එක.

    මේකට බුදුරජාණන්වහන්සේගේ පිළිතුර මොකක් ද?

    "ජීවකය, යම් ඒ කෙනෙක් මෙසේ කීවාහුද? ‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්. ශ්‍රමණ ගෞතම තෙමේ දැනගෙන උදෙසා කරනලද ඒ මාංසය පරිභොග කරන්නේ යයි’ (කියායි.) ඔවුහු මා විසින් කරන ලද්දක් කියන්නාහු නොවෙත්. ඔවුහු මට බොරුවකින් දොස් කියන්නාහුද වෙත්"

    මේක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නෙ ජීවක අහපු කතාව වැරදි කතාවක් වගේම බුදුරජාණන්වහන්සේට බොරුවට දොස් කියන කතාවක් කියන එක. දැන් මේකට පස්සෙ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම කතාවක්.

    "ජීවකය, මම වනාහී කරුණු තුනකින් යුක්තවූ මාංසය පරිභොග නොකට යුතුයයි කියමි. දක්නා ලද්දය, අසන ලද්දය, සැක කරන ලද්දය, යන තුනයි. ජීවකය, මම වනාහී මේ කරුණුතුනෙන් යුක්තවූ මාංසය පරිභොග නොකට යුතුයයි කියමි. ජීවකය, මම වනාහී කරුණු තුනකින් යුක්තවූ මාංසය පරිභොග කටයුතුයයි කියමි. නොදක්නා ලද්දය, නොඅසන ලද්දය, සැක නොකරන ලද්දය, යන තුනයි. ජීවකය, මම වනාහි මේ කරුණු තුනින් යුක්තවූ මාංසය වැළඳිය යුතුයයි කියමි."

    මොකක් ද මේ කියන්නෙ. ආකාර තුනකින් යුතු මස් පරිභෝජනය කිරීම බුදුරජාණන්වහන්සේ අනුදැන වදාරන්නෙ නැහැ. ඒ තමන් වෙනුවෙන් මරනවා දැක්ක, තමන් වෙනුවෙන් මැරුවා කියලා ඇහැව්ව, තමන් වෙනුවෙන් මැරුවා කියලා සැක හිතෙන මස්. ඊළඟට බුදුරජාණන්වහන්සේ අනුදැන වදාරන පරිභෝජනය කළ හැකි මස් මොනවද? ඒ තමුන් වෙනුවෙන් මරනවා නොදැක්ක, තමුන් වෙනුවෙන් මැරුවා කියලා නොඅසන, තමුන් වෙනුවෙන් මැරුවා කියලා සැක නොහිතන මස්. මේ ටිකත් හරිම පැහැදිලියි.

    බුදුරජාණන්වහන්සේ මෙතැනින් නවතින්නෙ නෑ. බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් නැත්නම් ශ්‍රාවක සංඝයා වහන්සේ වෙනුවෙන් සතෙක් මරලා, මස් සකසන අයවලුන් ගැනත් කාරණයක් දේශනා කරනවා.

    “ජීවකය, යමෙක් වනාහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා සතෙකු මරාද, හෙතෙම කරුණු පසකින් බොහෝ පව් රැස්කරයි. හෙතෙමේ ‘යව් අසවල් සතා ගෙනෙව්’ යන යම් වචනයක් කියයිද, මේ පළමුවන කාරණයෙන් බොහෝ පව් රැස්කරයි. ඒ සතා බෙල්ලෙන් බැඳ ගෙනෙනු ලබන්නේ යම් දුකක් දොම්නසක් විඳියිද, මේ දෙවෙනි කරුණෙන්ද බොහෝ පව් රැස් කරයි. හෙතෙම ‘යව්, මේ සතා මරව්’ යන යම් වචනයක් කියයිද, මේ තුන්වන කරුණෙන්ද බොහෝ පව් රැස් කරයි. ඒ සතා මරණු ලබන්නේ යම් දුකක් දොම්නසක් විඳියිද, මේ සතරවන කරුණෙන් බොහෝ පව් රැස්කරයි. යම් හෙයකිනුත් හෙතෙම තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ නොකැපවූ දෙයින් වළඳවාද මේ පස්වන කරුණෙන් බොහෝ පව් රැස් කරයි. ජීවකය, යමෙක් වනාහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා සතෙකු මරාද, හෙතෙම මේ කරුණු පසින් බොහෝ පව් රැස් කෙරේයයි”

    මොකක් ද මේ කියන්නේ බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් හරි ශ්‍රාවක සංඝයාවහන්සේ වෙනුවෙන් සතෙක් මරන කෙනෙක් කරන පව් පහක් ගැන.

    1. මරන්න නියම කරන සතාව ගන්න කියද්දි පව් කර ගන්නවා.

    2. ඉන් පස්සෙ ඒ සතාව මරන්න ගේද්දි සතා දුකට පත්වෙනවද ඒකෙනුත් පව් සිද්ධ කරගන්නවා. (මේ වෙද්දි මරණයට ලන් වෙන සත්තු විඳින දුක වීඩියෝ වලින් පවා දකින්න පුළුවන්)

    3. ඒ සතාව මරන්න කියද්දිත් පව් කරගන්නවා.

    4. සතා මැරෙද්දි යම් දුකක් විඳිනවද ඒකෙනුත් පව් සිද්ධ කරගන්නවා.

    5. බුදුරජාණන්වහන්සේ⁣ට හරි ශ්‍රාවක සංඝයාවහන්සේ වෙනුවෙන් අකැප දෙයක් වළඳවන්න කටයුතු කරනවා නම් ඒකෙනුත් පව් කරගන්නවා.

    ත්‍රිකෝටික පාරිශුද්ධ මාංසයක් ගැන සමහරු කතා කරනවා අහලා ඇති. ඒ කතාව පදනම් වෙන්නෙ මේ ජීවක සූත්‍රය ආශ්‍රයෙන්. ඒ කතා කරද්දි ඔය අන්තිමට කියන පස්වැදෑරුම් පාප ක්‍රියා ගැන කතා කරන්නෙ අඩුවෙන්. ඒකට හේතුව තමයි එතැනදි බුදුරජාණන්වහන්සේ සහ ශ්‍රාවක සංඝයාවහන්සේ ගැන සඳහන් වෙන එක. අර මුලින් ජීවක ක⁣ට කතාවක් අහලා ඒකෙ හරි වැරදි අහන කට කතාව අදාළ වෙන්නෙ බුදුරජාණන්වහන්සේට. ඒකට අනුවයි පිළිතුර ලැබෙන්නෙත්. ඒ මුලයි අගයි අතරෙ බුදුරජාණන්වහන්සේ මෛත්‍රිය ගැන දේශනා කරනවා. ඒක සූත්‍රය කියවද්දි දකින්න පුළුවන්. මෛත්‍රියෙන් ඉද්දි නැත්නම් මෛත්‍රිය පතුරුවද්දි සත්ව ඝාතනයට අනුමැතිය දෙන්න බැහැ නෙ.

    බුද්ධ ශාසනයේ දැක්වෙන භික්ෂුව කියන්⁣නෙ අනුන්ගෙන් යැපෙන චරිතයක්. අනුන් දෙන දානයෙන් තමයි භික්ෂුව යැපෙන්නෙ. අන්න ඒ භික්ෂුව වළඳන දානය නැත්නම් ඒ භික්ෂුවට පූජා කරන දානය තුළට ඇතුල් කරන මස් ගැන තමයි මෙතැන බුදුරජාණන්වහන්සේ කථා කරන්නෙ. ගිහියගෙ මස් මාංශ භාවිතයයි මේකයි පටලවගන්න හොඳ නැහැ. අනික ගිහියො මේක ගැන වාද කරගන්න යන්න අවශ්‍යත් නැහැ බැලුවම. මොකද ඒක ගිහියන්ට අදාළ නැති දෙයක් නිසා.

    හැබැයි පින්වතුනි වර්තමාන බෞද්ධයන් බහුතරයක් ගිහියාගෙ ධර්මයයි පැවිද්දගෙ ධර්මයයි එක්කො පටලවන්, එක්කො දන්නෙ නැහැ. නැත්නම් ගිහියො මේ මාතෘකාව ගැන කතා කරන්න යන්නෙ නැහැ නෙ නේද. මොනව වුනත් ජීවක කට කතාවක් අහන් ඇහිල්ලා බුදුරජාණන්වහන්සේගෙන් ඇහැව්ව ප්‍රශ්නයට දෙන පිළිතුර අපේ ධර්ම ජීවිතයටත් වැදගත්. මොකද දානයක් දීලා ඒ දානෙන් කරගන්න තියෙන පව් පහකින් වළකින්න අවස්ථාව මේ සූත්‍රය නිසා ගිහි අපිට ලැබෙනවා.
     
    hpalpola

    Well-known member
  • හරිෂ් මහත්මා, ගිහියන්ගේ මස් මිලදී ගෙන කෑම ගැන ඔබේ අදහස ....
    මේ ගැන පන්සිල් ගැන කියද්දි අදහසක් සටහන් කලා. වැඩේ කියන්නෙ දැන් ඒක හොයා ගන්න බැහැනෙ. මේ සෙක්ෂන් එකේමයි දැම්මේ.
     
    • Like
    Reactions: castellain and NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බුදු හාමුදුරුවො නෙවෙයි කවුරු කීවත් මස් කන එක වැරදියි.මාත් මස් කනවා.හැබැයි ඒක සාධාරණීකරණය කරන්න හදන් නෑ.වැරදි දේ කවුරු කීවත් වැරදිම තමා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මැරුන සතෙක් ගෙ තියෙන්නෙ සතරමහා ධාතූන්ගෙන් හැදුන රූපයක් විතරයි, චුති සිත නිරුද්ධවෙලා ඉවරයි.
    මැරුන සතාගෙ මස්කෑල්ලෙන් සතාව දකිනවා කියන්නෙ දෘෂ්ටිගත වීමක් විතරයිි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,943
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මැරුන සතෙක් ගෙ තියෙන්නෙ සතරමහා ධාතූන්ගෙන් හැදුන රූපයක් විතරයි, චුති සිත නිරුද්ධවෙලා ඉවරයි.
    මැරුන සතාගෙ මස්කෑල්ලෙන් සතාව දකිනවා කියන්නෙ දෘෂ්ටිගත වීමක් විතරයිි.
    මේක හරි. (y)
     
    • Like
    Reactions: S_M_S

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    අපෙට කිසිම සතෙකුගේ ජීවිතයක් ගැන තීරණයක් දෙන්න බැ.....උගත් අය මාංශ කැම අප්‍රිය කරයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    බුදු හාමුදුරුවො නෙවෙයි කවුරු කීවත් මස් කන එක වැරදියි.මාත් මස් කනවා.හැබැයි ඒක සාධාරණීකරණය කරන්න හදන් නෑ.වැරදි දේ කවුරු කීවත් වැරදිම තමා.
    බුදු හාමුදුරුවො මස් කන්න කියල නෑනෙ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බුදු හාමුදුරුවො මස් කන්න කියල නෑනෙ
    ඔය උඩ කියල තියෙන්නෙ අර කරුණු තුන සම්පූර්ණ වෙලා නැත්තම් කෑවට කමක් නෑ කියල නේද?
     
    • Like
    Reactions: TCB Rox

    hpalpola

    Well-known member
  • බුදු හාමුදුරුවො නෙවෙයි කවුරු කීවත් මස් කන එක වැරදියි.මාත් මස් කනවා.හැබැයි ඒක සාධාරණීකරණය කරන්න හදන් නෑ.වැරදි දේ කවුරු කීවත් වැරදිම තමා.
    හොඳ අදහසක්. ප්‍රතිපත්ති ගරුක වීම බොහොම හොඳයි.
     
    • Like
    Reactions: castellain

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මස් ප්‍රශ්නෙ අනාදිමත් කාලෙක ඉඳන් මිනිස්සුන්ට තියන ප්‍රශ්නයක් නෙ. ඕක ඔහොම කිව්වට ඒ ඒ අය පිළිගන්නෙ ඒ ඒ අයගෙ දෘෂ්ටි වලට අනුකූලව.

    ත්‍රිකෝටි පාරිශුද්ධ වීම ඕපී කිව්ව විදිහට ගිහියාට අනුදැන වදාරා නැහැ. (ඒක භාවිතා කරන්න පුලුවන් ඕනෙනම් "පසුතැවීමක්" නොවෙන්න මාංශ කන්න. පසුතැවීම කියන්නෙ අකුසලයක් ධර්ම මාර්ගයෙදි. ද්වේශයේ සියුම් ආකාරයක්)

    ඒවගේම බුදුරදුන්ගේ ආහාරය ගැන සඳහන් වන අවස්ථාවලදී බොහොතැන් වල නිර්මාංශ ආහාර තමා සඳහන් වෙන්නෙ. නමුත් ඒකෙන් බුදුන් ගැන අමුතු යමක් කියවෙනවට වඩා එදා භාරතීය සමාජය නිර්මාංශ නැමීමක් තිබු බව පෙනීයනවා කියන දෙය මගේ හැඟීමයි. මොකද ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කල බුදුන් "පිණ්ඩපාතයෙන්" ආහාරය සොයාගත් නිසා.

    මම දැන් "මස් කමුද? නැද්ද?" ප්‍රශ්ණෙට අදාලව මගේ පෞද්ගලික මතය කියන්නම්. මේ මතයට එන්නෙ දැනට කියවා ඇති සූත්‍ර, භික්ශූන් ආශ්‍රයෙන් ලබපු උපදෙස්, භාවනා උපදෙස් වලින් ලබපු තේරුම්ගැනීම් සහ අනිත් බෞද්ධ අය ප්‍රකාශ කරපු මත සහ මගේ තර්කන හැකියාවන් මත.

    සංසාරයේ ඉන්නවා කියන්නේම නානාවිධ කුසල කර්ම වගේම නානාවිධ අකුසල කර්මත් කරන්න/කෙරෙන තැනක්. බුදුන් මාංශ ගැන ඒතරම් උනන්දුවකින් වදාරා නැති නිසා උන්වහන්සේ එවැනි දෑ "ට්‍රිවියල්" ප්‍රශ්න විදිහට සැලකුවා හෝ ගිහියන් මාංශ මිලදී ගැනීම ජෙනරලයිස් කර මතයක් ප්‍රකාශ කිරීම සුදුසු නැහැ කියා සිතුවා වෙන්න පුලුවන්. මොකද කර්මය උදෙසා නානාප්‍රකාර හේතූන් ඇති කමත් ඒ සියල්ලම පහදන්න ගියානම් බුදුන්ට කර්මය පහද පහදා ඉන්නවා ඇරෙන්න චතුර් ආර්ය සත්‍ය දේශනාකිරීමට කාලය නැතිවෙන්න තිබ්බා.

    වෙන විදිහකට කිවහොත් මාංශ ප්‍රශ්නයට වඩා දරුණුයි සංසාර ප්‍රශ්නය. ඉතින් පිං පවු දෙකම කරන්න වෙන මේ සංසාරයෙන් වහ වහා ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් තමා බුදුන් දේශනා කලේ. මස් කෑවත් නොකෑවත් දුන්නත් නොදුන්නත් බුදුන් දේශනාකල සතර සතිපට්ඨානය නිතිපතා ජීවිතයට එක්කරගෙන පුංචි ප්‍රශ්නෙ බල රහිත කරලා ලොකු ප්‍රශ්නය විසඳ ගන්න පුලුවන්. ලොකු ප්‍රශ්නය විසඳගන්න හැටි බුදුන් පලමු අඩියේ ඉඳන් අවසන් අඩිය දක්වාම පැහැදිලි කරලා තියනවා. එතකොට තමන්ට අදාලව මාංශ ප්‍රශ්නය නිකන්ම විසඳිලා ඉවරයි.

    ඒ පැහැදිලි කිරීම හරියි, නිවැරදියි කියලා හිතෙනවානම් ඊලඟට ඒක අත්දැකලා බලන්න නම් කල යුත්තෙ; කෙලෙස් කපන, කර්මක්ශය කරන්න උදව් වෙන, සංස්කාර ගෙවාදමන්න උපකාරී වෙන සතිසම්පජන්නය ජීවිතයට එකතු කරගන්න එකයි.​
     
    Last edited:

    hpalpola

    Well-known member
  • මස් ප්‍රශ්නෙ අනාදිමත් කාලෙක ඉඳන් මිනිස්සුන්ට තියන ප්‍රශ්නයක් නෙ. ඕක ඔහොම කිව්වට ඒ ඒ අය පිළිගන්නෙ ඒ ඒ අයගෙ දෘෂ්ටි වලට අනුකූලව.

    මමත් එකඟයි.
     
    • Like
    Reactions: greenthunder