ජීවන වියදම...... හාල් 200යි බොලව්

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    ඊයේ අපෙ ගොයම් කැපුවා.....

    මේ පාර අස්වැන්න නෙලන්න බූතයා ගහන්න (combined harverster) අක්කරයට 45000යි. එතකොට අක්කර දෙක හමාරට 112500යි.... ඉතින් හිතපන්කෝ කොහොමද වී කිලෝ එකක් රුපියල් 50ට දෙන්නේ, මේ කන්නේ අස්වැන්නත් මාර අඩුයි.... මේ පාර වී කිලෝ එක 130ක්වත් අඩුම යන්න ඕනී... ඒකත් වික්නලා කන්න ගෙදරට ඉතුරු කරගන්න පුලුවන්නම් විතරයි.... ගෙදරට කන්න විතරක් අස්වැන්න තියෙනෙ ගොවියා ඒක විකුනන්නේ නෑ......
    Umbalata barida bun direct end customer ta denna? Degollontama labai ne. Nikan kadekata wage dunnoth?
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    කන්න නැතත් ඉන්න රටක් තියෙනවනෙ :angry:
    Happy I Love You GIF by Warner Bros. Deutschland
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    පච කෙලින්න එපා. අක්කරයකට 45000ක් ගන්නෙ නෑ. යාලුවෙක් දැන් දවස් පහකට වගේ කලින් කිව්ව 15ක් වගේ ගත්තෙ කියල.
    ඌව කොන්ටෑක් කරපන් මචන් මෙහෙට වැඩ තියෙනවා..... ඕනි තරම් තෙල් හොයා ගන්න නෑ... ඩීසල් නෑ... අරගෙනම එන්න කියපම් බවුසරයක් දෙකක්..... 15000ටනෙ කපන්නේ

    Umbalata barida bun direct end customer ta denna? Degollontama labai ne. Nikan kadekata wage dunnoth?
    කඩේ ගාන තමා 50, දැන් 90ට ගන්නවා... ඒත් ලාභ නෑ...
    ------ Post added on Mar 25, 2022 at 9:10 AM
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    දැන් වී ගන්නේ 105 වගේ. මම ගත්තේ 100 ට (කිලෝ 4,500).

    බුතය ගහන්න නම් 30-40 යනවා, ඒත් ඩීසල් නැති ප්‍රශ්න mechanical ප්‍රශ්න අනන් මනන් බලද්දී ලොකු වියදමක් යනවා. තව කමතට ගෙවන්න ඕනේ කිලෝ එකකට රුපියල් දෙක ගානේ (තෙත වී බරට), ඊට අමතරව වැඩ කරන අයට ගෙවන්න ඕනේ. එහෙම බලද්දී ඔයා කියනවා වගේ ලොකුවට ලාභ නැහැ.

    සාමාන්‍යයෙන් සම්බා වී වල හාල් yield එක 58% වගේ. එතකොට වී 110 ට ගියොත් වී කොටන්න රුපියල් 3.50 ගානේ දැම්මාම හාල් මිල break-even වෙන්නේ රුපියල් 188.30 ට. වී කොහොමත් 130 ට යනවා.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචන් මම ගොවියෙක්ගේ පුතෙක්... අපි සාමාන්‍යෙන් කුබුරු තුනක් හතරක් කරන්වා කරනවා කන්නකට.... අක්කර 2.5 ඒවා තුනයි.... අක්කර තුනේ එකයි..... ඒත් මේ පාර කලේ එක කුබුරයි..... ඒ කුබුරත් කලේ සෑහෙන්න වියදම් කරලා.... පොහොර මිටිය 21000 දාහට ගත්තේ.... සාමාන්‍යෙන් අක්කර දෙක හමාරක් වපුරන්න රුපියල් 40000 ත් 60000 ත් අතර ගානක් යනවා... ඒත් මේ පාර පොහොර (සම්පූර්න පොහොර ප්‍රමානය නෙමෙයි) වලට විතරක් රුපියල් ලක්ශෙකට එහා ගිහින් තියෙනවා.... කන්නකට වී කිලෝ 3500-5000 අතර තමා එන්නෙ, එතකොට කිලෝ එකක් 50 ගානේ දුන්නොත්, 5000*50 = 250000 යි මුලු අදායම. ඒ කන්න වැඩකරන්න යන වියදම ආසන්න වශ්‍යෙන්

    බිත්තර වී ආසන්න වශයෙන් 15000
    පලවෙනි හීය 5000
    දෙවෙනි හීය 5000
    වපුරන දවසේ 20000
    පොහොර 100000
    තෙල් 15000
    කුලියට වැඩට ගන්න අයට (දවසේ කුලිය) 10000
    අසවැන්න නෙලන්න 17000
    අස්වැන්න ප්‍රවාහනය කරන්න 3000
    අසැන්න වේලන්න 7000
    (අපිනම් අපිම තමා වේලනේ ඒත් ඒවත් වියදම් වලට ගන්න වෙනවා අනිත් හැම ව්‍යපාරයක්ම එහෙම තම කරන්නේ)
    විකුනන්න යන ප්‍රවාහන කුලී 3000

    වෙනත් වියදම් සහ ශ්‍රමය එකතු නොකර අතැහැර ඉහත් එකතුව 200000

    කන්නේ වියදම ලක්ශ දෙකයි.... අදායම 250000 යි, ලාභය 50000. මෙන්න මේ 50000 න්, ලමයිනට කන්න දෙන්න උන්ට උගන්නන්, ලෙඩ රෝග වලට, දනට පිනට, ගෙදර වියදමට, සහ වෙනත් වියදම් වලට මාස හයක් පුරාවටම වියදම් කරන්න ඕනී......

    උබලා එකේකුට මාස හයක් 50000කින් ජිවත් වෙන්න පුලුවන්ද.......

    ඔය ගොවියොත් ආසයි වාහනයක් ගන්න ඒකේ ගමනක් බිමනක් යන්න, වයිපරේ එක්ක කොහොහරි ඇවිදින්න යන්න, උන්ගේ ලමයිත් ආසයි හොද ස්මාට් පෝන් එකක් ගන්න, ලැප්ටොප් ගන්න, ඒවලින් ඉන්ටනෙට් යන්න, වැලක් එහෙම බලන්න.... මියුසිකල් ශෝ එකක් බලන්න යන්න, හෝල් එකකට ෆිල්ම් එකක් බලන්න යන්න, පවුලේ අය එක්ක කොහො හරි ගිහිල්ල ලස්සන හොටලයකින් කෑම වෙල්ලක් කන්න, මත්පැන් පොඩ්ඩක් තොල ගාන්න.... රට මත්පැන් පොඩ්ඩක රස බලන්න... සතියකට සැරයක් චිකන් කෑල්ලක් මුහුදු මාලු කැල්ල කන්න කෑම වේල එක්ක... ෆෘට් සැලඩ් එකක් අයිස් ක්‍රීම් වටලප්පමක් කන්න... පොඩි බයික් කට්ටක් ගන්න, ඒකට තෙල් ගහල රවුමක් යන්න, මිය ප්‍රලොව ගියපු අය වෙනුවෙන් දාන මාන දෙන්න... ලෙඩ දුක් හැදිලා ඉන්න අනිත් අයට දෙන්න.... හොද ලස්සන ඇදුම් පැලදුම් ගන්න.... සුදු වෙන්න ක්‍රීම් එකක් සුවද ගහන්න සෙන්ට් එකක් ගහන්න... ඒ මිනුස්සුත් ආසයි.....

    උබලා (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි ඇතුලුව) හිතන් ඉන්නේ ඔය පනස් දාහෙන් ඔය ඔක්කොම කරන්න පුලුවන් කියලද..... හරියට ගනන් මිනුම් බැලුවොත්.. හැම ගොවියෙක්ම කන්න අවසානේ විසි තිස් දාහක් නය වෙලා තම කන්න ඉවර කරන්නේ...

    උබල (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි හැතිකරේ ඇතුලුව) කියන්නේ ඉතින් වී කිලෝ එක හතලිහට පනහට දීලා කන්නෙන් කන්න නය වෙන්න කියලද, වී කිලෝ එක 100 දුන්නත් මදි....... මගේ මතයනම්.......
    අඩෝ සිරාවටම... හෙන ගහන්න ඕනේ යකෝ මෙහෙම කරපු හැතිකරේට (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි ඇතුලුව) :cry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන්
    කොහොමද යකෝ ජීවත් වෙන්නේ
    මේසෙට ගහලා අඩු කලාට පස්සේ ජීවත් වෙන්න ලේසියි.අනුරයියා 200ට අඩුවෙන් දෙනවා.