ජීවමාන බාබිඩොල්

sankicool

Member
Jul 11, 2018
115
31
0
ජීවමාන බාබිඩොල්

ජීවමාන බාබිඩොල් ගැන ඔබ දැන සිටියාද​


බාබිඩොල්ට කුඩා ගැහැණු ළමයාගේ සිට ඇතැම් විට වැඩිහිටි කාන්තාවන් දක්වා වයස් භේදයකින් තොරව ඇලුම් කරනවා. කුඩා ළමයි මේ බෝනික්කන් වට කරගෙන සෙල්ලම් කරනවා.


අපි කවුරුත් ආදරය කරන බාබිඩොල් ගේ රූප සොබාවට අතිශයින් සමාන සැබෑ ලොව යුවතියන් සිටිනවා කිවුවොත් ඔබ පුදුම වේවි. ඇය නමින් ( Valeria Lukyanova ) යුක්රේන් ජාතික මෝස්‌තර නිරූපිකාවක සේම ඇය ව්‍යාපරිකාවක්ද වෙනවා. නමුත් මේ සියල්ලම පරදා ලෝකයා ඇය හඳුන් වන්නේ “බාබිඩොල් ” වීම විශේෂත්වයයි.


1985 අගෝස්තු 23 වැනිදා සෝවියට් දේශයේ උපත ලද ඇයගේ වයස මේ වන විට අවුරුදු 33කි. ඇය සැබවින්ම ස්වරුපයෙන් බාබි ඩොල් කෙනෙකුට සමාන බව මේ ජයාරූප වලින් ඔබට මනාව පැහැදිලි වේවි. ඒ අනුව ඇය මේ වන විටත් ලෝකයේ බාබි බෝනික්කියක සේ මිනිස් සිරුරක් හිමිකරගත් පළමු තැනැත්තිය ලෙස වාර්තා අතරට එක්වී හමාරය.


ඇයට උපතින්ම නිල, අළු සහ කොළ මිශ්‍ර වූ දෙඇස් යුගලක් හිමි වී ඇති අතර, ඒ නිසා ඇගේ පෙනුම වඩාත් ඉමතු වී පෙනෙන බව සඳහන් වේ. සිය සිරුර මනා ලෙස පවත්වාගෙන යාම සඳහා දිනපතාම ව්‍යායාම සිදු කිරීම අනිවාර්ය අංගයක් බවට පත් වී ඇති බව ඇය සඳහන් කරයි. තම ළමා කාලය ඉතාම ප්‍රීතිමත්ව ගත කල බවත් තමාට විනෝදාංශ රැසක් තිබු බවත් ඇය පවසයි. ඒ අතරින් ඇත වලින් සිදු කරන අයිකිඩෝ සටන් ක්‍රමය මෙන්ම ඉලක්කයට වෙඩි තැබීම ඇය බෙහෙවින් කැමති වූ විනෝදාංශයි. එපමණක් නොව තාරකා විද්‍යාව පිළබඳව ද ඇය උනන්දුවක් දක්වන්නිය.


ජීවමාන බෝනික්කියක් ලෙස හඳුන්වන ඇය සාමාන්‍ය මනුෂ්‍ය ගැහැනියකට වඩා සුවිශේෂී හැඩරුවක් සහිත තැනැත්තියක් බව කාගේත් අදහසයි. ඇය ඇගේ සිරුර පිලිබඳ නිරන්තරයෙන් සැලකිලිමත් වන බවද සඳහන් වේ. යුක්රේන් ජාතික ව්‍යාපාරිකයෙකු වන ධමිත්‍රි නම් පුද්ගලයෙකු සමඟ ඇය විවාහ වී සිටින්නීය. 2007 වසරේ Miss Diamond Crown Of Worls නම් කිරුළට ද මැය හිමිකම් කීමට සමත් වුවාය.


source http://thewoman.lk/archives/5669