ජීවිතයක් වෙනස් කල යූ ටියුබ් වීඩියෝව
ඔහු නමින් ටෙඩ් විලියම්ස් ය(Ted Williams). කලක් ගුවන් විදුලි නිවේදකයෙක්(Radio Announcer) ලෙස සේවය කල මොහු මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම(Drug Addiction) හේතුවෙන් සියල්ල නැතිවී රැකියාව පවා අහිමි වී මහමග සිගමනට වැටිනි. මේසේ වසර 10ක පමණ කාලයක් තිස්සේ නිවසක් පවා නොමැතිව පාරේ සිගාකමින් සිටි ටෙඩ්ගේ ජීවිතය එක් දිනකින් කණපිට පෙරලුනි. ඒ මොහුගේ වීඩියෝ දර්ශනයක් පුද්ගලයෙකු විසින් යූ ටියුබ්(You tube) වෙබ් අඩවියට මුදා හැරීමත් සමගය. ඔහුගේ මෙම වීඩියෝ දර්ශනය ටෙඩ්ගේ ගැඹුරු කටහඩට පෙම් බැදි ඇමෙරිකානු ප්‍රේක්ශකයන් අතර නොසිතූ ලෙස ජනප්‍රිය වී ඉතා කෙටි කාලයක් තුල දර්ශන වාර මිලියන 3 ඉක්මවීමට සමත් විය. මේ හේතුවෙන් රැකියාවක් නොමැතිව සිගා කමින් සිටි ටෙඩ්ට රැකියා විශාල ප්‍රමාණයක් සදහා විවිධ මාධ්‍ය ආයතන ගණනාවකින් කැදවීම් ලැබෙන්නට විය. ඇමෙරිකානු ජනයා අතර ජනප්‍රිය චරිතයක් බවට පත්විය. මේ වන විට ඔහු මැක් ඩොනල්ඩ්(Mc Donalds) ඇතුලු සුපිරි වෙලද ව්‍යාපාර ගණනාවක් සමග ගිවිසුම් අත්සන් කර ඇති අතර ඇමෙරිකාවේ ප්‍රසිද්ධ පාපන්දු සමාජයක් මොහුට නිවසක් පිරිනැමීමට ඉදිරිපත්වී ඇත. ටෙඩ් පසු ගියදා වසර 20 කට පසු වයස අවුරුදු 92ක් වන තම මව මුණ ගැසීමට ගිය අතර රූපවහිනී නාලිකා කිහිපයකම සජීවී සංවාද වලටද සහභාගී වී ඇත. කෙසේ වෙතත් මේ අපූරු මිනිසා ඉතා නිහතමානීව පවසන්නේ තමන් අදහන දෙවියන් වහන්සේ විසින් තමන්ට ලබා දුන් මෙම අගනා කටහඩ නිසා මේ සියල්ල තමන්ට හිමි වූ බවයි. ටෙඩ් විලියම්ස් ට වාසනාව උදා කරදුන් එම වීඩියෝව මෙතනින් බලන්න.
මෙහි මුල් වීඩියෝව අයිතිය සම්බන්ධයෙන් ඉවත් කොට ඇති අතර මෙහි දැක්වෙන්නේ වෙනත් අයකු නැවත අප්ලෝඩ් කල වීඩියෝවකි
Homeless Radio Announcer Ted Williams on CBS
source