ජීවිතයක් වෙනස් කල යූ ටියුබ් වීඩියෝව

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ජීවිතයක් වෙනස් කල යූ ටියුබ් වීඩියෝව

    Ted-Williams-Golden-Radio-Voice.jpg

    ඔහු නමින් ටෙඩ් විලියම්ස් ය(Ted Williams). කලක් ගුවන් විදුලි නිවේදකයෙක්(Radio Announcer) ලෙස සේවය කල මොහු මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම(Drug Addiction) හේතුවෙන් සියල්ල නැතිවී රැකියාව පවා අහිමි වී මහමග සිගමනට වැටිනි. මේසේ වසර 10ක පමණ කාලයක් තිස්සේ නිවසක් පවා නොමැතිව පාරේ සිගාකමින් සිටි ටෙඩ්ගේ ජීවිතය එක් දිනකින් කණපිට පෙරලුනි. ඒ මොහුගේ වීඩියෝ දර්ශනයක් පුද්ගලයෙකු විසින් යූ ටියුබ්(You tube) වෙබ් අඩවියට මුදා හැරීමත් සමගය. ඔහුගේ මෙම වීඩියෝ දර්ශනය ටෙඩ්ගේ ගැඹුරු කටහඩට පෙම් බැදි ඇමෙරිකානු ප්‍රේක්ශකයන් අතර නොසිතූ ලෙස ජනප්‍රිය වී ඉතා කෙටි කාලයක් තුල දර්ශන වාර මිලියන 3 ඉක්මවීමට සමත් විය. මේ හේතුවෙන් රැකියාවක් නොමැතිව සිගා කමින් සිටි ටෙඩ්ට රැකියා විශාල ප්‍රමාණයක් සදහා විවිධ මාධ්‍ය ආයතන ගණනාවකින් කැදවීම් ලැබෙන්නට විය. ඇමෙරිකානු ජනයා අතර ජනප්‍රිය චරිතයක් බවට පත්විය. මේ වන විට ඔහු මැක් ඩොනල්ඩ්(Mc Donalds) ඇතුලු සුපිරි වෙලද ව්‍යාපාර ගණනාවක් සමග ගිවිසුම් අත්සන් කර ඇති අතර ඇමෙරිකාවේ ප්‍රසිද්ධ පාපන්දු සමාජයක් මොහුට නිවසක් පිරිනැමීමට ඉදිරිපත්වී ඇත. ටෙඩ් පසු ගියදා වසර 20 කට පසු වයස අවුරුදු 92ක් වන තම මව මුණ ගැසීමට ගිය අතර රූපවහිනී නාලිකා කිහිපයකම සජීවී සංවාද වලටද සහභාගී වී ඇත. කෙසේ වෙතත් මේ අපූරු මිනිසා ඉතා නිහතමානීව පවසන්නේ තමන් අදහන දෙවියන් වහන්සේ විසින් තමන්ට ලබා දුන් මෙම අගනා කටහඩ නිසා මේ සියල්ල තමන්ට හිමි වූ බවයි. ටෙඩ් විලියම්ස් ට වාසනාව උදා කරදුන් එම වීඩියෝව මෙතනින් බලන්න.

    මෙහි මුල් වීඩියෝව අයිතිය සම්බන්ධයෙන් ඉවත් කොට ඇති අතර මෙහි දැක්වෙන්නේ වෙනත් අයකු නැවත අප්ලෝඩ් කල වීඩියෝවකි


    Homeless Radio Announcer Ted Williams on CBS


    source
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    yeh the golden voice .. i happed to be in the first 1000 who watched the original video of this guy .. :)
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    yeh the golden voice .. i happed to be in the first 1000 who watched the original video of this guy .. :)
    ඒ වීඩියෝ එක මෙච්චර දුරක් එයි කියල එතකොට කවුරුවත් හිතන්න නැතුව ඇති..
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    මෙයාගේ විස්තරයක් නිවුස්වලටත් ගියා...... නියම බුවා නේ?? නියමයි මචන් ... rep add ++
     
    • Like
    Reactions: chaarr

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    pissu hadei
    eth kawadawath lankawenam ohoma dewal wenne na
    mkda lankawe un youtube upload karanne porn witharai