ජීවිතයට සමුදුන් අම්මා

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,909
    113
    Dubai
    ජීවිතයට සමුදුන් අම්මා

    විරුවන් මරුවන් කෙරෙද්දී දියණියගේ දුක දැක ජීවිතයට සමුදුන් අම්මා

    mary2.jpg
    mary1.jpg


    "සමන් දන්නවද? රිමාන්ඩ් වෙලා ඉන්න නේවි එකේ කමාණ්‌ඩර් සුමිත් රණසිංහගේ නැන්දම්මා නැතිවෙලා.. " පෙරේදා උදැසන මේ පුවත මට මුලින්ම කීවේ අපේ සහෝදර පුවත්පතක්‌ වූ "දි අයිලන්ඩ්" පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුය.

    ඔහු එසේ පවසත්ම මට එක්‌වරම සිහිවූයේ ඉතාම මිත්‍රශීලීව අප ඇසුරු කළ නාවික හමුදා බුද්ධි අංශයේ සුපිරි නිලධාරියකු වූ කමාණ්‌ඩර් සුමිත් රණසිංහ පසුගිය දිනෙක බන්ධනාගාරයේ සිට තවත් නාවික බුද්ධි නිලධාරීන් තිදෙනකු සමඟ අත් මාංචු දමා එක පෙළට කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අයුරුය.

    මා එය මෙනෙහි කරමින් සිටියදී ශමීන්ද්‍ර ඒ කතාවේ ඉතිරි කොටසද කියන්නට විය. " ඒ අම්මා නැතිවෙලා තියෙන්නේ නිකම්ම නෙමේ. එයා සියදිවි නසාගෙන.."

    වැල්වත්තේදී තරුණයන් පස්‌දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස්‌ දෙනකු පැහැරගෙන ගොස්‌ ඝාතනය කළ බව කියන චොද්නාවක්‌ එල්ල කරමින් කමාණ්‌ඩර් සුමිත් රණසිංහ ඇතුළු නාවික හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක්‌ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ මීට මාස අටකට පමණ ඉහතදීය.

    මේ පිරිස අතරේ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කමාණ්‌ඩර් ඩී.කේ.පී. දසනායකද විය. සුමිත් රණසිංහ ඇතුළු පිරිස මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු දා සිටම රණසිංහගේa බිරිඳටත් දියණියන් දෙදෙනාටත් මහා රැකවරණයක්‌ව සිටියේ මේ අම්මාය.

    සුමිත් රණසිංහ බන්ධනාගාරගත කිරීමෙන් පසු වරක්‌ ඔහුගේ බිරිඳ දැඩි ලෙස රෝගාතුර වී නාවික හමුදා රෝහලට ඇතුළත් කෙරිණි. සිය සැමියාට සිරබත උරුම වෙද්දී මුහුණ දෙන්නට සිදුවූ අනේකවිධ දුක්‌ ගැහැට හමුවේ ඇය රෝගී වී සිටියාය.

    එහිදීත් රණසිංහගේ දියණියන් දෙදෙනාට අහිමි මව් සෙනෙහස නොඅඩුව ලබා දෙමින් ඔවු රැකබලා ගෙන තිබුණේද ඇය ය. එසේ සැමියා සිරගතවීම හමුවේ සිය දියණියට යෝධ ශක්‌තියක්‌ වී සිටි ඇය මේ අන්දමට හිටිහැටියේම සියදිවි නසා ගත්තේ කුමක්‌ නිසාද?

    ශමීන්ද්‍ර ඇගේ මරණය පිළිබඳ එසේ පවසද්දී එක්‌වරම ඒ ගැටලුව මා තුළ ඇතිවිය. එහෙයින් එතැන් සිටි මම දන්නා හඳුනන විවිධ තැන්වලට කතා කරමින් එහි සුලමුල සොයන්නට වීමි.

    අවසානයේ එය දැනගැනීමට මට හැකි විය. ඒ සත්‍යය ඉතාම ශෝචනීයය, හැඟීම්බරය. සිදු නොවිය යුත්තක්‌ සිදුව ඇත. වරද කොතැනකදැයි තීරණය කිරීම ඔබට බාරය. ඇය සියදිවි නසාගෙන තිබුණේ උපන් බිම වෙනුවෙන් දිවි පරදුවට තැබූ වීරයකුට බිරිඳ කර දුන් තමන්ගේ දියණිය, ඒ වීරයා හෙවත් සැමියා සිරගත වීම හමුවේ මාස අටක පමණ කාලයක්‌ තිස්‌සේ දරුවන් දෙදෙනකු ද සමඟ විඳින දුක දැක දාරක සෙනෙහස සමඟ උපන් ශෝකය දරාගත නොහැකිව ඇතිවූ සිත් වේදනාව නිසාය.

    ඒ වේදනාව සමඟ හුදකලා වූ ඇය අවසානයේ ගිරිඋල්ලේ පිහිටි සිය නිවසේ ගෙවත්තේ වු ගැඹුරු ළිඳට පැන සියදිවි නසාගෙන තිබුණාය. මරණය බොහෝ වේදනාකාරීය. ඒ අතරිනුත් දියේ ගිලී මියයැම යනු අතිශය බියකරුය. එහෙත් ඇය ඒ බියකරු මරණය තෝරාගෙන තිබුණාය.

    අර්. පී. මේරි නම් වූ 64 හැවිරිද වයෝවෘද්ධ ඇය මෙසේ ජීවිතය හැරයන්නට තීරණය කළ මොහොතේදී ඒ සිත තුළ ඇතිවූ කම්පනය මොනතරම් වේදනාකාරී එකක්‌ වන්නට ඇතිද? ඇයට මොනවා සිතෙන්නට ඇතිද?

    එක්‌ පසකෙsන් සිරගතව දුක්‌ විඳින තම දියණියගේ සැමියා වූ කමාණ්‌ඩර් සුමිත් රණසිංහය. තවත් පසෙකින් තමන් විසින්ම මෙලොවට බිහිකර ලේ කිරිකර පොවා හදා වඩාගත් දියණිය ය. ඒ අතර රණසිංහගේ සුරතල් දරු දෙදෙනාය. මේ ආදරණීය මුහුණු මතකයට නැගෙද්දී අවසන් මොහොතේදී ඇගේ සිත තුළ මොනතරම් වේදනාකාරී හැඟීමක්‌ ඇතිවන්නට ඇත්ද?

    එහෙත් ඇය සිය තීරණය වෙනස්‌කර නොතිබුණාය. ඒ බිහිසුණු මරණය වැළඳ ගත්තාය. එසේ වූයේ සුමිත් රණසිංහ සිරගත වීම හමුවේ සිය දියණිය විඳින දුක සහ වේදනාව දැකීමෙන් ඇය තුළ හටගත් කම්පනය සියල්ලට වඩා ඉහළින් තිබූ නිසාය.

    ඒ අම්මා මෙසේ මියෙද්දී මේ බිම තුළ තවත් පසෙකින් සිදුවූ දෙයක්‌ද පසුගිය දිනවල අන්තර්ජාල මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය විය. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට අප මුහුණ දුන් ඉකුත් යුද සමයේදී වරක්‌ කොළඹ ජනාධිපති මන්දිරයට මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් කිලෝ ග්‍රෑම් දහසක පුපුරණ ද්‍රව්‍ය අටවා ත්‍රිකුණාමලය නගරයට රැගෙනවිත් තිබූ ලොරි රථයක්‌ ආරක්‍ෂක අංශ විසින් සොයා ගනු ලැබීය.

    කොළඹට මාලු ප්‍රවාහනය කරන මුවාවෙන් රැගෙන ඒමට නියමිතව තිබූ එම බෝම්බ ලොරිය එදා බුද්ධි මෙහෙයුමක්‌ තුළින් සොයාගනු ලැබුවේ එවකට ත්‍රිකුණාමලය නාවික බුද්ධි ප්‍රධානියකු වූ අද සිරගතව සිටින කමාණ්‌ඩර් සුමිත් රණසිංහය. ඔහු එදා එසේ රට වෙනුවෙන් ඒ මෙහෙවර නොකරන්නට තවත් ජීවිත දහස්‌ ගණනක්‌ ඒ බෝම්බ ප්‍රහාරය හමුවේ රටට අහිමි වන්නට ඉඩ තිබිණි.

    වැරදිලාවත් මේ බෝම්බ ලොරිය එදා කොළඹදී පුපරා ගියේ නම් ඊට ගොදුරුව මියගියවුන් අතර මේ ලියන මා මෙන්ම ඔබද සිටිනවා විය හැකිය. එහෙත් එය එසේ සිදු නොවීය. අපට ජීවිත දානය ලැබිණි. ඒ සුමිත් රණසිංහ වැනි වීරයන් නිසාය.

    මේ බෝම්බ ලොරිය අත්අඩංගුවට පත්වීමත් සමඟ එයට සම්බන්ධ ප්‍රබල කොටි ත්‍රස්‌තවාදියකුද අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

    එසේ අත්අඩංගුවට ගත් කොටි ත්‍රස්‌තවාදියා පසුව සිරගත කෙරිණි. යුද්ධය අවසන් විය. විරුවන් මරුවන් කෙරෙන යුගයක්‌ උදා විය. මේ අතරේ සුමිත් රණසිංහලා සිරගත කෙරෙද්දී එදා කොළඹ පුපුරවන්නට බෝම්බ කිලෝ දහසක ලොරියක්‌ රැගෙන ඒමට සුදානම්ව සිටියදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන සිරගතකර සිටි කොටි ත්‍රස්‌තවාදියා ඉකුත් 26 වැනිදා නිදහස්‌ව ගිය බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර තිබිණ.

    මේ බිහිසුණු ත්‍රස්‌තවාදියා සහ බෝම්බ ලොරිය සොයාගත් කමාණ්‌ඩර් සුමිත් රණසිංහ හිරේ ගියේය, ඒ සාධකය හමුවේ ඔහුගේ නැන්දණිය වන ආර්.පී. මේරි නමැති වයොවෘද්ධ අම්මා මරණය තෝරාගත්තාය. ඇය එසේ මරණය වැළඳ ගනිද්දී අපට බෝම්බ ගසන්නට සිටි ත්‍රස්‌තවාදියා නිදහස්‌ව ගියේය.

    ඇත්තෙන්ම මේ තුළ ඇත්තේ අප ජීවත් වන වර්තමානය පිළිබඳ අනාගත පරපුරට දැනගන්නට සටහන් කළ යුතු අපූරු සිද්ධි ගැලපීමක්‌ නොවේද?

    "සුමිත් සිරගත කෙරුණු දවසේ ඉඳන්ම මේ අම්මා හිටියේ හරිම සිත් වේදනාවකින්.. එයාට තමන්ගේ දියණිය විඳින දුක උහුල ගන්න බැරුව ගියා. සුමිත් සිරගත කෙරුණු දවසේ ඉඳන් දරුවෝ දෙන්නගේ සියලුම වැඩ අතරේ සුමිත්ව බලන්න හිරගෙදරට යන්නත් ඔහුගේ බිරිඳට සිද්ධ වුණා.

    මේ අයට පොලිස්‌ අත්අඩංගුවට ගැනීමක්‌, සිරගත කිරීමක්‌ වැනි දේවල් ගැන කිසිම දැනුමක්‌, අත්දැකීමක්‌ කවදාවත්ම තිබුණේ නැහැ. ඔවුන් කවදාවත් එවන් දේට මුහුණ දුන් අය නොවේ. පාඩුවේ ගමේ ජීවත් වුණ මිනිස්‌සු. ඒත් සුමිත් සිරගත වීමත් සමඟ ජිවිතේට නුහුරු වුණ මේ සියල්ලටම මුහුණ දේනනට එයාගේ බිරිඳට සිදු වුණා.

    මෙන්න මේ නිසා තමයි අම්මටත් කිසිම දෙයක්‌ දරා ගන්න බැරුව දුකට පත් වෙලා හිටියේ. සුමිත්ලගේ නඩුව අන්තිමට උසාවියේ විභාග කෙරුණේ පසුගිය දහය වැනිදා. එදා සුමිත්ට ඇප ලැබෙයි කියලා බිරිඳගේ අම්මා හුඟාක්‌ බලාපොරොත්තු තියාගෙන හිටියා.

    ඒත් එදත් ඔවුන්ට ඇප හිමි වුණේ නැහැ. මේ සිද්ධියත් එක්‌ක අම්මා හිටියේ හුඟාක්‌ කලකිරීමෙන්. ඒ කලකිරීමත් එක්‌ක 12 වැනිදා රෑ එයා ගෙදර ළිඳට පැනලා.."

    මේරි මාතාවගේ මරණය සිදුවන්නට දින ගණනාවකට පෙර පටන් ඇය තුළ තිබූ මානසික කඩාවැටීම ඇගේ මරණයෙන් පසු පවුලේ ඥතියකු අපට කියා සිටියේ එසේය.

    කමාණ්‌ඩර් සුමිත් රණසිංහ සිරගතවීම නමැති සාධකය හමුවේ දැන් මේ අම්මා ජීවිතයෙන් සමුගෙන ගොස්‌ අවස්‌නය. එහෙත් රණසිංහලා සිටින්නේ තවමත් සිරගතවය.

    ඉතින් ඇගේ ආත්මයට නිවන් සුව පතන අතරේ අපට බලධාරීන්ගෙන් අසන්නට ඇති ප්‍රශ්නය වන්නේ මේ ආරම්භයද අවසානයද? කියාය.


    Source: Divaina


    රට මේ වගේ ආඝාධයකට ඇදලා දාපු කාලකන්නි යහපාලකයොන්ට නියත වශයෙන්ම බුදුන් දේශනාකර වදාල දිට්ඨ ධර්ම වේදනීය කර්මයට අනුව සියල්ලන් ඉදිරිපිට මේ ආත්මයේදීම ඵල දෙනු ඒකාන්තයි..

    අම්මේ ඔබට අමා මහ නිවන් සුව ලැබේවා.....
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    මොන ප්‍රශ්න තිබුනත් සියදිවි හානිකරගන්න මෝඩයෝ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,062
    1
    28,529
    113
    මේ කාලකණ්නි සංහිඳියා ජඩයින්ට හෙන 7ක් නොව 77ක් වැදී හිස හත් කඩකට පැලෙවා.:angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොන ප්‍රශ්න තිබුනත් සියදිවි හානිකරගන්න මෝඩයෝ

    මට කියන්නට ඇත්තේ එක දෙයකි.. සුමිත් උබ පොල් බූරුවෙකි.. :angry:මේ වගේ විදේශ රටවලට, එන්ජිඕ කාරයින්ට, රට බෙදන ත්‍රස්තයන්ට රට පාවා දුන් වික්කාමසිංහ වැනි නපුන්සක පාලකයින් හා ඔහුව අනුගාමි කරන නපුන්සකයින් ව බේරාගැනීමට තම ජීවිතය කැප කිරීම ඔබ කල ලොකුම මෝඩ කමයි.. රට බල්ලට දමා ගෙදරට වී සිටියානම් ත්‍රස්තයන්ගේ බෝම්බයකට මග තොටදී හසුවී මිය යාම මිට වඩා හොද යයි ඔබට සිතෙනවා ඇත.. ඔබ ඉපදුනේ වැරදි රටේය.. නපුන්සකයින්ට ඔබ වීරයෙකු නොවේ.. තම බෑනා වෙනුවෙන් දිවි පිදු එම මෑණියන්ට නිවන් සුව.. :(
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,909
    113
    Dubai
    මොන ප්‍රශ්න තිබුනත් සියදිවි හානිකරගන්න මෝඩයෝ

    සියදිවි හානි කරගන්නේ මෝඩයෝ කියන්නේ උඹට කිසිම ප්‍රශ්නයක් වෙලා නැතුව ඇති මේ වෙනකල්. ජීවිතයට දරා ගන්න බැරි කම්පනයක් හරි මේ වගේ ප්‍රශ්නයකට උඹ මැදි වෙච්ච දවසකට උඹටත් තේරෙයි මේ ගැන. ඒ වගේ ප්‍රශ්නයක් ආව දවසක මේ අම්මා ඉවසපු තරමටවත් සමහරවිට උඹ ඉවසන්නේ නැති වෙයි. මේ මිනිස්සු මොන තරම් දුකක් වේදනාවක් විදිනවා ඇති කියලද උඹ හිතන්නේ? කියවපන් මේ ලිපිය උඩින් පල්ලෙන් නෙවෙයි හදවතින්. හිතපන් මේ එකින් එක කරුණු. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. මේ අම්මා කර ගත්ත දේ හරි කියලා මම කියන්නේ නෑ. ඒත් මේ අම්මා ජීවිතේ නැති කර ගත්තේ මොකටද කියලා පොඩ්ඩක් හිතපන්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රට මේ වගේ ආඝාධයකට ඇදලා දාපු කාලකන්නි යහපාලකයොන්ට නියත වශයෙන්ම බුදුන් දේශනාකර වදාල දිට්ඨ ධර්ම වේදනීය කර්මයට අනුව සියල්ලන් ඉදිරිපිට මේ ආත්මයේදීම ඵල දෙනු ඒකාන්තයි..

    අම්මේ ඔබට අමා මහ නිවන් සුව ලැබේවා.....
     
    • Like
    Reactions: signshop

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    උඹ නං නියම නපුංසකක් බං.......
    හිරිකිතය දකින්නටත්.....

    උබ දත් දොස්තර කෙනක් නේද ?
    නමට හරි දොස්තර කැල්ලක් තියෙනවා නේද ?
    උබට දොස්තර කම හම්ඹ උනේ ඇස් වාට්ටුවෙන්ද ?
    යකෝ මම මෙතන සුමිත් රණසිංහ ගැන නෙමෙයි කතා කරේ . මිනිහට වෙච්ච අසදරණේ වෙනම කතාවක්. ලංකාවේ සියදිවි හනිකරගැනීම් දිරිමත් කරන්න එපා
    උබල දොස්තරලා උනාට වයිට් කොලර් ඇඳට ඇතුලින් වැද්දෝ . ඉන්නේ ගල් යුගේ
    යකෝ ලෝකේ දිහා බපලන් උබලගේ පාදෙණිය වැද්ද වගේ නොවී
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    සියදිවි හානි කරගන්නේ මෝඩයෝ කියන්නේ උඹට කිසිම ප්‍රශ්නයක් වෙලා නැතුව ඇති මේ වෙනකල්. ජීවිතයට දරා ගන්න බැරි කම්පනයක් හරි මේ වගේ ප්‍රශ්නයකට උඹ මැදි වෙච්ච දවසකට උඹටත් තේරෙයි මේ ගැන. ඒ වගේ ප්‍රශ්නයක් ආව දවසක මේ අම්මා ඉවසපු තරමටවත් සමහරවිට උඹ ඉවසන්නේ නැති වෙයි. මේ මිනිස්සු මොන තරම් දුකක් වේදනාවක් විදිනවා ඇති කියලද උඹ හිතන්නේ? කියවපන් මේ ලිපිය උඩින් පල්ලෙන් නෙවෙයි හදවතින්. හිතපන් මේ එකින් එක කරුණු. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. මේ අම්මා කර ගත්ත දේ හරි කියලා මම කියන්නේ නෑ. ඒත් මේ අම්මා ජීවිතේ නැති කර ගත්තේ මොකටද කියලා පොඩ්ඩක් හිතපන්

    යකෝ ප්‍රශ්න ප්‍රශ්න විතරයි
    ජිවිතේ කියන්නේ වෙනම දෙයක්
    ප්‍රශ්න කියන්නේ ජිවිතේ නෙමයි
    උබට මම කියන දේ තේරෙයිද දන්නේ නෑ
    නැතත් අවුලක් නෑ