ඔන්න එක මිනිසෙක් ගියා දුරකතන කුටියකට ඇමතුමක් ලබා ගැනීමට. ඒ කුටිය තිබුණේ එක්තරා වෙළඳසැලක කවුන්ටරයක් අසල. කවුන්ටරයේ හිටපු මුදල් අයකැමි මේ පුද්ගලයාගේ කතාවට සවන් දී ගෙන හිටියා.
මිනිසා : නෝනා, තණකොළ කපන රස්සාව මට දෙන්න පුලුවන්ද?
ගැහැණිය : (ඇමතුමේ අනෙක් පසින්) අපිට තණකොළ කපන කෙනෙක් ඉන්නවා.
මිනිසා : මට පුලුවන් ඒ කෙනා කපන මුදලින් භාගයකට මේ වැඩේ කරලා දෙන්න.
ගැහැණිය : අපේ ගෙදර තණකොළ කපන්න එන කෙනාගේ වැඩ ගැන මං සෑහීමට පත් වෙනවා. ඒ නිසා ඕන නෑ.
මිනිසා : (තවත් උනන්දුවෙන්) නෝනා මං නොමිලයේම ගේත් අතුගාලා දෙන්නම්.
ගැහැණිය : කණගාටුයි. අවශ්‍ය නෑ.
හිනාවක් එක්ක මේ පුද්ගලයා රිසීවරය පැත්තකින් තැබුවා. මේ කතාවට කන් දීගෙන හිටපු කඩේ අයකැමියා මේ පුද්ගලයා වෙතට ආවා.
අයකැමියා : යාලුවා, මං ඔයාගේ ධනාත්මක ආකල්පයට කැමතියි. මට පුලුවන් ඔයාට මේ කඩේ රැකියාවක් දෙන්න.
මිනිසා : ස්තුතියි. ඒත් ඕනෙ නෑ.
අයකැමියා : ඒත් ඔයා රස්සාවක් ලබාගන්න ඉතා උනන්දුවෙන් ඉන්න බව පේනවා.
මිනිසා : නෑ මහත්තයා. මං මගේ රස්සාවෙ තත්ත්වය හා ගුණාත්මක බව හොයලා බැලුවෙ. දැන් මම කතා කරපු ගෙදර නෝනගේ තණකොළ කපන්නා තමයි මම.
මෙන්න මේකට තමයි කියන්නේ [FONT="]“[/FONT]ස්ව්යං ඇගයීම[FONT="]”[/FONT] කියලා.
අපේ යාලුවො මොකද හිතන්නේ මේ ගැන?


ඔයාලා දන්නවද සිහිනය හා අරමුණ අතර වෙනස?


සිහිනයකට අවශ්‍ය නිහඬ නින්දක්. ඒත් අරමුණකට අවශ්‍ය නොනිදන උත්සහයක්.
Last edited:


