ජීවිතයට

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr


ඔන්න එක මිනිසෙක් ගියා දුරකතන කුටියකට ඇමතුමක් ලබා ගැනීමට. ඒ කුටිය තිබුණේ එක්තරා වෙළඳසැලක කවුන්ටරයක් අසල. කවුන්ටරයේ හිටපු මුදල් අයකැමි මේ පුද්ගලයාගේ කතාවට සවන් දී ගෙන හිටියා.




මිනිසා : නෝනා, තණකොළ කපන රස්සාව මට දෙන්න පුලුවන්ද?

ගැහැණිය : (ඇමතුමේ අනෙක් පසින්) අපිට තණකොළ කපන කෙනෙක් ඉන්නවා.

මිනිසා : මට පුලුවන් ඒ කෙනා කපන මුදලින් භාගයකට මේ වැඩේ කරලා දෙන්න.

ගැහැණිය : අපේ ගෙදර තණකොළ කපන්න එන කෙනාගේ වැඩ ගැන මං සෑහීමට පත් වෙනවා. ඒ නිසා ඕන නෑ.

මිනිසා : (තවත් උනන්දුවෙන්) නෝනා මං නොමිලයේම ගේත් අතුගාලා දෙන්නම්.

ගැහැණිය : කණගාටුයි. අවශ්‍ය නෑ.



හිනාවක් එක්ක මේ පුද්ගලයා රිසීවරය පැත්තකින් තැබුවා. මේ කතාවට කන් දීගෙන හිටපු කඩේ අයකැමියා මේ පුද්ගලයා වෙතට ආවා.


අයකැමියා : යාලුවා, මං ඔයාගේ ධනාත්මක ආකල්පයට කැමතියි. මට පුලුවන් ඔයාට මේ කඩේ රැකියාවක් දෙන්න.

මිනිසා : ස්තුතියි. ඒත් ඕනෙ නෑ.

අයකැමියා : ඒත් ඔයා රස්සාවක් ලබාගන්න ඉතා උනන්දුවෙන් ඉන්න බව පේනවා.

මිනිසා : නෑ මහත්තයා. මං මගේ රස්සාවෙ තත්ත්වය හා ගුණාත්මක බව හොයලා බැලුවෙ. දැන් මම කතා කරපු ගෙදර නෝනගේ තණකොළ කපන්නා තමයි මම.



මෙන්න මේකට තමයි කියන්නේ [FONT=&quot]“[/FONT]ස්ව්‍යං ඇගයීම[FONT=&quot]”[/FONT] කියලා.



අපේ යාලුවො මොකද හිතන්නේ මේ ගැන? :confused::confused:
ඔයාලා දන්නවද සිහිනය හා අරමුණ අතර වෙනස? :confused::confused:



සිහිනයකට අවශ්‍ය නිහඬ නින්දක්. ඒත් අරමුණකට අවශ්‍ය නොනිදන උත්සහයක්.

11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif


 
Last edited:

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මරු කතාව! අකුරු ටිකක් ලොකු කලා නම් තවත් හොඳයි වගේ :)