ජීවිතයේ අවසාන දවස් 10

jasz

Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ජීවිතයේ අවසාන දවස් 10

    ජාලයේ ඉබාගාතේ යද්දී දැක්ක, ගොඩක් හිතට දැනුනු ලිපියක් නිසා මේකේ දාන්න හිතුනා.:sorry:මේ ලිපියේ තැනින් තැන ලිපියට අදාළ ලින්ක් එහෙමත් තියෙනවා.



    ලංකාවේ අවසන් වරට පුද්ගලයෙක් එල්ලා මරා ඇත්තේ 1976 ජුලි 23 වැනිදායි. ඒ වැලිකඩදී එල්ලා මරණ ලද ජේ.ඒ චන්ද්‍රදාස හෙවත් හොඳ පපුවා නම් පුද්ගලයෙක්. එතැන් පටන් අද වනතෙක් වසර 40ක් තිස්සේ එල්ලුම් ගස දිගු නින්දකයි පසු වන්නේ.
    මේ දීර්ඝ නිහැඬියාව අතරේ උනත් සේයා ඝාතනය, රීටා ජෝන්ස් ඝාතනය වැනි අපරාධත් සමග එල්ලුම්ගහේ අවශ්‍යතාවය ගැන විශාල මහජන මතයක් ගොඩනැගුණා ඔබට මතක ඇති. අපරාධකරුවන්ගෙ නින්ද අහිමි කරල සාමාන්‍ය ජනතාව අතර බිහිසුණු කතන්දර මවන්නට එල්ලුම් ගහ සමත් වෙන්නෙ ඒ මගින් මිනිසෙක්ව මරා දමන නිසාම නෙමෙයි. අපරාධකරුවෙක්ට මරණීය දණ්ඩනය නියම වූ මොහොතේ පටන් එල්ලා මරණ තෙක් ගතවන කාලයම ඒ පුද්ගලයාට මරණයටත් වඩා බිහිසුණු අත්දැකීමක් වන නිසායි. එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන මෑත භාගයේදී පවා “නිදහස දෙන්නේ නැතිනම් එල්ලා මරන්න” යැයි කියමින් සිරකරුවන් උපවාස කිරීමට පෙළඹීමම මේ දුෂ්කර දණ්ඩනය ගැන සාක්ෂි සපයනවා. අපරාධයක් දැක සංවේදීව අමානුෂික අපරාධකරුවෙක් දෙස අපිත් අමානුෂික ඇසකින් බැලීම සාධාරණද නැද්ද? එයට පිළිතුර ඔබේ හෘද සාක්ෂිය විසින් දෙනු ඇත.
    එල්ලුම් ගහ අකුරට ක්‍රියාත්මක වූ අදින් වසර හතලිහකට එපිට කාලයක එල්ලා මරණ තෙක් “සියක් වාරයක් මැරි මැරි ඉපදෙන්න සිදු වූ” අපරාධකරුවන්ගේ දවස් ගතවූ ආකාරය ගැනයි අපගේ මේ සටහන.


    1. මරණීය දණ්ඩනය නියම කිරීම

    Prisnersondeathrow-01.jpg



    ලංකාවේ අපරාධකරුවෙක්ට මරණීය දණ්ඩනය හිමි වීමට බලපාන බරපතල අපරාධ කිහිපයක්ම තිබෙනවා. රාජ්‍ය වැරදි, හමුදා කැරළි සංවිධානය,මත්කුඩු ජාවාරම, මිනී මැරුම් සහ බොරු සාක්ෂි දීම් ඉන් සමහරක්.
    නීතිය ඉදිරියේ දරුණු අපරාධකරුවෙක් වෙන තැනැත්තෙක්ට අධිකරණයේදී මරණ දණ්ඩනය ගැන දැනගන්න ලැබෙන මොහොත ඉතාම අඳුරු මූසල හැඟීමක් ජනනය කරන මොහොතක්. මරණීය දණ්ඩන නියෝගය දීමට පෙර අධිකරණයේ සියලු විදුලි පහන් සහ විදුලි පංකා නිවා දැමෙන අතර හාත්පස ගල්ගැසෙන නිහඬ බව බිඳ දමමින් මරණීය දණ්ඩන නියෝගය ප්‍රකාශ කරනු ලබයි. මරණ දණ්ඩන නියෝගය ලියා තබන පෑනද කඩා දමනු ලබයි.
    අදටත් මරණීය දණ්ඩනය නියෝග කිරීමේදී මේ සම්ප්‍රදායන් ක්‍රියාත්මක උනත්, එකල මරණීය දණ්ඩනයේ අවසානය එල්ලුම් ගස වූ බැවින් මේ අවස්ථාව අදට වඩා හිත බෙහෙවින් කම්පනය කරන මොහොතක් බව සැලකිය යුතුයි.


    2. බන්ධනාගාරගත කිරීම

    Prisnersondeathrow-02.jpg



    මරණීය දන්ඩනයට නියම වූවන් බන්ධනාගාරය වෙත ගෙන ආ පසුව ඔවුන්ව නිරුවත් කර ශරීරය සෝදිසි කරනු ලබන අතර ශරීරයේ පිහිට ළප කැළැල් ආදිය පිළිබඳවත් සටහන් කරගනු ලබනවා. ඉන්පසු සිරකරුගේ විස්තර සියල්ල ඇතුලත් කර ඔහුව ලියාපදිංචි කර ඔහුට හිමි නොම්මරයක් දෙනු ලබනවා. සිරකරුවාගේ නම වෙනුවට ඔහුට හිමි වන්නේ ඒ අංකයයි. තමන්ගේ නමද ඇතුලුව තමන් සතු කිසිම පෞද්ගලික වස්තුවකට හිමිකම් කීමට මේ සිරකරුවන්ට අවසර නැති අතර ඔවුන් සතු මංගල මුද්ද පවා ඉවත් කරගනු ලබනවා.


    3. කන්ඩෙම්කාරයා

    Prisnersondeathrow-03.jpg



    මරණ දඬුවම හිමි සිරුකරුවන්ට සිරගෙදරදී සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මේ නමින්. මේ සිරකරුවන්ව රඳවා තබන සිරමැදිරි “කන්ඩෙම් ෂෙල්” නමින් හඳුන්වන අඳුරු කුටි තුළයි. අනිත් සිරකරුවන්ට ලැබෙන ජම්පරය වෙනුවට “කන්ඩෙම්කාරයන්ට” ඇඳුම හැටියට ලැබෙන්නේ නිල් කොටු රෙද්දක් සහ කමිසයකි. කොහු මෙට්ටයක්, ඇතිරිල්ලක්,තුවායක්, බෙලෙක් පිඟානක්, ජල භාජනයක් වැසිකිළි යාම සඳහා පෝච්චියක් වැනි අත්‍යාවශ්‍ය දේවල් කීපයක් පමණක් ඔවුන්ට ලබාදෙනවා.


    4. දින චර්යාව

    Prisnersondeathrow-04.jpg
    කන්ඩෙම් ෂෙල්වල රඳවා සිටින සිරකරුවන්ට ආහාරය සිරකුටි තුළම ලබාදෙන අතර ඔවුන් හට සිර මැදිරිවලින් පිටතට පැමිණීමට ලැබෙන්නේ දිනකට 3, 4 වතාවක් පමණයි. උදෑසන 6 ට පමණ පිරිසිඳුවීම උදෙසාත්, උදෑසන 10, දහවල් 2 සහ සවස 4.30 යන වෙලාවන් වලදී ව්‍යායාම කිරීම ආදිය සඳහා විනාඩි විස්සක හෝ පැය භාගයක පමණ කෙටි විවේක කාලයක් සිර මැදිරියෙන් පිටත ගතකිරීමට ඔවුන්ට අවසර ලැබෙනවා. මෙයිනුත් හිරු එළිය දැකීම සඳහා එළිමහනට ඔවුන්ව රැගෙන යන්නේ දිනකට එක් වතාවක් පමණයි. අනෙකුත් විවේක කාලයන් සිරකුටියෙන් පිටත සිරමැදිරි භූමියෙහි තමයි ගත කරන්නට ඉඩ ලැබෙන්නේ.



    5. එල්ලා මරණ දිනය නියම කිරීම

    Prisnersondeathrow-05.jpg





    අග්‍රාණ්ඩුකාරවරයා හෝ ජනාධිපතිවරයා විසින් එල්ලා මරණ දිනය තීරණය කොට අවසර ලබාදීම සිදුකරනු ලබනවා. එල්ලා මැරීමට දින දහයකට පෙර එල්ලා මරණ දිනය සිරකරුට දන්වනු ලබනවා. ඒ දන්වන මොහොත ඉතාම හැඟීම්බර අසීරු මොහොතක් බවට තමයි එකල සේවය කල බොහෝ බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ. මරණ දිනය සැලවීමත් සමග සමහර සිරකරුවන් හඬා වැටෙන්නටත් තවත් සමහරු සිහි මුර්ජා වීමටත් ලක්වෙන බව පැවසෙනවා.
    එල්ලා මරණ දිනය තීන්දු නොවුණු අනෙකුත් සිරකරුවන්ද බියෙන් වෙලී ගොස් මානසිකව සහ ශාරීරිකව දුර්වල තත්ත්වන්ට ඇද වට්ටන්න මේ දැනුම් දීම සමත් වනවා.


    6. අවසාන දින හත

    Prisnersondeathrow-06.jpg





    එල්ලා මරණ මොහොත වන තෙක් ගතකරන අවසාන දින හත සිරකරුවෙක් මනසින් බිඳ වැටෙමින් අපාදුක් විඳින කාලයක්. එල්ලා මැරීමට දින හතකට පෙර සිරකරුව පෝරකයට ආසන්නයේ තිබෙන සිරකුටි හතක් අතරින් ඈතින්ම ඇති සිරකුටියට ඇතුලු කරනු ලබනවා. ඉන්පසු දිනෙන් දින ඔහුව පෝරකයට ආසන්න අනෙක් සිරකුටි වලට මාරු කරනු ලබනවා. මෙසේ මාරුකරන හැමවිටම ජේලර්වරයා විසින් සිරකරුට ජීවත් වීමට ඉතිරිව ඇති දින ගණන හඬ නගා ප්‍රකාශ කිරීම සිදු කරනවා.
    පෝරකයට යාමට නියමිත සිරකරුව ගබඩා කාමරයට ගෙන ගොස් එල්ලුම් ගහ සකස්කරගනු පිණිස ඔහුගේ උස සහ බර මැනගනු ලබනවා. ඉන්පසු ගතවෙන දවස් කීපය ඉතාම දුක්ඛිත ආකාරයෙන් තමයි ඔවුන් ගෙවනු ලබන්නේ. කාලය ඉක්මනින් ගෙවී යන සේ දැනෙන නිසා නිතර වෙලාව විමසමින්, රාත්‍රියට බියවී නින්දෙන් අවදිවෙමින් ඉතාම බිහිසුණු අත්දැකීම් ලබමින් තමයි ඔවුන් ගත කරන්නෙ.
    අවසාන දින හත තුළදී දිනපතා සිරකරුට ඔහුගේ ආගමට අනුව ආගමික දේශනා කිරීමට හිමිනමක් හෝ පූජකවරයෙක් කැඳවනු ලබනවා. අවසරලත් පවුලේ ඥාතීන්ට සිරකරු හමුවීමේ අවස්ථාව ලැබෙනවා. බොහෝ සිරකරුවන් අවසාන දවස් වන විට ආගමට නැඹුරුව කල කී දේ ගැන පසුතැවීමෙන් පසුවන බව පැවසෙනවා.


    7. අවසාන දිනය

    Prisnersondeathrow-07.jpg





    කුටියෙන් කුටිය මාරුකරමින් රඳවන සිරකරු අවසන් දින රැය ගත කරනු ලබන්නේ පෝරකය ආසන්නයේම ඇති සිර කුටියේයි. එල්ලා මරණ දිනයේ උදෑසන ආහාරය උදේ 6ට ලබාදෙනවා. මේ සඳහා සිරකරු කැමති ආහාර වර්ගයක් ලබාගන්න පුලුවන්. අවශ්‍ය නම් මත්පැන් ස්වල්පයක්ද සිරකරුට ලබාගන්න පුලුවන්. හැබැයි බොහෝ දෙනෙක් මේ ආහාරය අනුභව කරන්නේ නැහැ. අවසාන කැමැත්තක් හැටියට ඉටුකරගැනීමට කැමති යම් දෙයක් ඇතිනම් ඒ සඳහාද අවස්ථාව සලසනවා. අවසාන මොහොතේදී තමා කැමති ගායකයාගේ ගීතයකට සවන්දී එල්ලුම් ගසට ගිය අය ගැනද වාර්තා වනවා.
    අවසාන දිනයේ උදෑසන 7.30 වන විට අනෙකුත් සිරකරුවන් සියලුදෙනාවම සිර මැදිරි වල රඳවා අගුලුලනු ලබනවා. මේ දවස මුලු බන්ධනාගාරයම නිහඬබවකින් වෙළෙන දවසක් හැටියටයි හඳුන්වන්නේ. බන්ධනාගාර නිලධාරීන් පවා විසිල් ශබ්දයක්වත් නොකරන දවසක් හැටියටයි පැවසෙන්නේ. අවසාන මොහොතේ හෝ සිරකරුව මරණින් ගැලවෙන ඉහල නියෝගයක් ලැබෙන්නට ඉඩ ඇති නිසා එයට බාධා නොවීම සඳහා බන්ධනාගාර ගේට්ටු විවෘතව තබනු ලබනවා.



    8. අවසාන මොහොත

    Prisnersondeathrow-08.jpg



    එල්ලා මැරීම සිදු කරන වෙලාව වන්නේ උදෑසන 8 පසුවී විනාඩි 5ටයි. සිරකරුවාට රැවුල් බා පිරිසිදු වීමට ඉඩදී. ඔහුට සුදු වස්ත්‍රයක් අන්දවනවා. ඉන්පසු ඔහුගේ ආගමට අනුව ආගමික වතාවත් වලට සහභාගි කරවනු ලබනවා. කැන්වස් රෙද්දකින් නිමකරන ලද විශේෂිත ජැකට්ටුවක් අන්දවා අවසාන වතාවට කණ්නාඩියකින් මුහුණ බැලීමට සලස්වනවා. මේ අවස්ථාවේදී ඉතා සංවේදීව හැසිරෙන සිරකරුවන් වගේම කණ්නාඩියට කෙළ ගසමින් පරිභව කරමින් හැසිරෙන අයද සිටි බව පැවසෙනවා.
    දෑත් වලට විලංගු දමා ඔවුන්ව පෝරකය වෙත කැඳවාගෙන යනු ලබන්නේ බාගෙට මැරුණු පුද්ගලයන් විලාශයෙන්. සිරකරුවාගේ කැමැත්ත අකමැත්ත අනුව අවසන් මොහොතේදී මුහුණ ආවරණය කිරීම සිදු කරනවා.
    හරියටම උදෑසන 8.05ට සිදු කරන බන්ධනාගාර අධිකාරවරයාගේ සංඥාවෙන් අලුගෝසුවන් විසින් එල්ලුම් ගහ කියාත්මක කරන ලීවරය අදින අතර සිරකරුවාගේ දෙපා රඳවා ඇති ලෑලි තට්ටු ඈත්වී ඔහුව පහල කාමරයක් වෙත ඇද වැටෙනවා. ඉන්පසු වෛද්‍යවරයකු විසින් ඔහු මියගිය බවට පරීක්ෂා කරනු ලැබීමෙන් අණතුරුව මරණීය දණ්ඩන ක්‍රියාවලියත් සිරකරු විඳි දුක්ඛිත කාලයත් අවසානයට පත් වනවා.




    ගත්තේ Aniwa.lk එකෙන්.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ලංකාවට දැන් ඔ්ක ආයෙ ඔ්න. ඔය කුඩු කාරයෝ අපරාධකාරයෝ ටික පරලොව යැව්වා නම් ඒවාට අනිත් උන් පෙලඹෙන එකත් අඩු වෙනවා
     
    • Like
    Reactions: Sheenmax

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,514
    113
    අහෝ! අපිවත් සංසාරයේ කොටි ප්‍රකොටි ගනනක් එල්ලා මරවන්න ඇති. එකයි මේක කියවද්දි කම්පනයක් දැනෙන්නේ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පා.. කියවනකොටත් එපා වෙනවා..:sorry: අපරාද අඩු කරන්න නම් මේ වගේ දඬුවම් ක්‍රම ඕනෙ කියලත් හිතෙනවා.. එතකොටවත් දෙයක් කරන්න කලින් දෙපාරක් හිතනවනේ..:yes:

    දැන් කාලෙ ගොඩක් උන්ව හිරේ දානව කිව්වාම හෙන හැපි.. ඇතුළෙම කන්ටැක්ට් නිසා වෙලාවකට උන් එළියෙ හිටියට වැඩිය හොඳට තමන්ගෙ වැඩ ටික කර ගන්නවා ආරක්ෂාව ඇතුව..:oo:
     
    • Like
    Reactions: jasz

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ආපහු ඕක ඕනා
    නැත්නම් විදුලි පුටුව හරි
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අනිවාර්ෙයන්ම ඒල්ලුම් ගස ඔන බන්. ඡාරා සත්තු ටික වලපල්ලට යවන්න. දැන් ඉන්න ඒවුන්ට Trip ඒකක් ගියා වගේ.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ela machan ++++
    thanks

    ලංකාවට දැන් ඔ්ක ආයෙ ඔ්න. ඔය කුඩු කාරයෝ අපරාධකාරයෝ ටික පරලොව යැව්වා නම් ඒවාට අනිත් උන් පෙලඹෙන එකත් අඩු වෙනවා
    ආපහු ඕක ඕනා
    නැත්නම් විදුලි පුටුව හරි
    slx 20558886 said:
    අනිවාර්ෙයන්ම ඒල්ලුම් ගස ඔන බන්. ඡාරා සත්තු ටික වලපල්ලට යවන්න. දැන් ඉන්න ඒවුන්ට Trip ඒකක් ගියා වගේ.
    ඇත්ත තමයි, අනේ මන්දා බන්


    Kiyawana kotah upset ban
    maara dukai ban
    හප්පා.. කියවනකොටත් එපා වෙනවා..:sorry: අපරාද අඩු කරන්න නම් මේ වගේ දඬුවම් ක්‍රම ඕනෙ කියලත් හිතෙනවා.. එතකොටවත් දෙයක් කරන්න කලින් දෙපාරක් හිතනවනේ..:yes:

    දැන් කාලෙ ගොඩක් උන්ව හිරේ දානව කිව්වාම හෙන හැපි.. ඇතුළෙම කන්ටැක්ට් නිසා වෙලාවකට උන් එළියෙ හිටියට වැඩිය හොඳට තමන්ගෙ වැඩ ටික කර ගන්නවා ආරක්ෂාව ඇතුව..:oo:

    ඔව් බන්, මේක අද උදේ දැක්කේ. පැය ගානක් මනෝ පාරක් ඉබේම ගැහුනා. පස්සේ තමා හිතුනේ මේක දාන්න:sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බාධා නොවීම සඳහා බන්ධනාගාර ගේට්ටු විවෘතව තබනු ලබනවා.

    - :)
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    පිස්සු හැදෙනවා කියවන කොටත්.සෙට් උන උන් ගැන ඉතින් ආයේ මොනද?? එල්ලුවට පස්සෙ ඩොකා චෙක් කරල බල නහර කපනවා කියන සීන් එක ඇත්තද මචන්
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    බාධා නොවීම සඳහා බන්ධනාගාර ගේට්ටු විවෘතව තබනු ලබනවා.

    - :)
    හිතුමතේ ජීවිතේ (කළුතර ඩී.බී. සුමතිපාලගේ) අන්තිම මොහොතේ තොණ්ඩුව දාල තියෙද්දිත් බේරුනේ ඔය නිසා වෙන්න ඇති


    පිස්සු හැදෙනවා කියවන කොටත්.සෙට් උන උන් ගැන ඉතින් ආයේ මොනද?? එල්ලුවට පස්සෙ ඩොකා චෙක් කරල බල නහර කපනවා කියන සීන් එක ඇත්තද මචන්
    :shocked::shocked::shocked:
     
    Last edited: