ජීවිතයේ ඔයිල් පැල්ලම්

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    හොද පොතක් හොද කතාවක් කියන්නේම ඔලුවට දැනෙන මාරම රිලැක්ස් එකක් වගෙම ත්‍රිල් එකක්. සමරහ පොත් කියවලා ටිකක් දවසක් යනකන් ඔලුවේ රැදෙනව. තවත් සමහරක් ඒවා ආතතියක් ඇති කරනවා. දීර්ඝ කාලින පොත් කියවීමේ ඇබ්බැහියක් තියෙන කෙනෙක් නිසාම මම ගොඩක් වෙලාවට හොදම පොත් වලටත් අමතරව මට හොදයි කියලා හිතෙන ජාතියේ පොතුත් ගන්න උනන්දු වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ගොඩ දෙනෙක් කියවිම මගහැරලා ඉන්න වෙන් මෙමරි ඩයිස්, සූට්කේස්, ඩිස්ග්‍රේස් වගේ පොත් වල ඉදන්ම ඒක එහෙම්මමයි.

    වාහන කියන්නෙම ගොඩක් වෙලාවට එක දිගට හිත හිතා ඉන්න පුලුවන් විදිහේ ටොපික් එකක්. එක එක්කෙනාට එක එක විදිහේ ආසාවල් තියෙනවා වගේ අපි හිතමු පොත් වලට ආස කෙනෙක් පොත් කඩේක වැඩ කරනවා වගේ, උයන්න පිහන්න කැමති කෙනෙක් හෝටලේක වැඩ කරනවා වගේ, වාහන වලට ආසාව ඇති කෙනෙක් තමන්ගේ ජීවිකාව ගෙනියන රස්සාව විදිහට වාහන බයින් ඇන් සෙලින් කරන බ්‍රෝකර් රස්සාවක් තෝර ගත්තොත් එයාට එකේ ඉමක් කොනක් නැතුව ඉහලටම යන්න පුලුවන්. තරිදු ශ්‍රී ගේ ජීවිතයේ ඔයිල් පැල්ලම් කියන්නෙත් අන්න ඒ වගේ නවකතාවක්. රත්මල්විට කියනා ගම් පලාතක වාහන බයින් ඇන් සෙලින් කරන බ්‍රෝකර් කෙනෙක්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් තමයි කතාව දිග ඇරෙන්නේ. ඒක ඇතුලෙන් පොඩි පොඩි ක්‍රයිම් සීන් එකක් තියෙනවා කියලා ඉගි කලත් ඊලග පිටුවෙන් ඊලග පිටුවට ඊලග පරිච්ජේදෙට යනකන්ම ක්‍රමානුකූලව ටික ටික ඔත්තු දෙන ගමන් උපරිම කුතුහලයක් තියෙන විදිහට තමයි කතාව ලියවිලා තියෙන්නේ. ඒක කොච්චර ආතල්ද කියනවා නම් ඊලගට මොකද්ද වෙන්නේ වෙන්නේ කියලා නොඉවසිල්ලට පත් කරන ජාතියේ එකක්.

    ' උඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?
    -ජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ගල් යුගේ ඉදන් අද දක්වාම එහෙම තමයි. බුදුවරුන්ට විතරයි තනියම බුදුවෙන්න පුලුවන්. රහත් වෙන්නත් බුදුකෙනෙක් ඕන '

    ' ජීවිතය යනු උපක්‍රමශීලිව පසුබැසීම් රාශියක සහ කල්යල් බලා පහරදීම් ස්වල්පයක එකතුවක් බව මා නොයෙක් වර කියා තිබේ. එහෙත් එය අවසන් වන්නේ පසුබැසීමකින්ද නැතිනම් පහරදීමකින්ද යන්න තීරණය කිරීමේ අයිතිය අපට හිමිවන්නේ කලාතුරකිනි. '


    "කැරියර් එක එන්න ගතවූ පැය භාගය තුළ ඇන්ටනී අයියා කළ කී සමහර දේවල් මගේ ඔළුව මඤ්ඤං කරවී ය. ඔහු ලාලා ගේ ගෝලයන් ඔස්ටින් ඒ-ෆෝටි ෆරීනා එකක් ස්ටාර්ට් කරන්නට දඟලමින් සිටි තැනකට ගොස් උපදෙස් දුන්නේ ය. කචල් එකේ දුවමින් තිබූ වොක්ස්වැගන් බීට්ල් එකක අයිඩ්ල් ස්පීඩ් එක හරිගැස්සුවේ ය. ස්ටෑන්ඩඩ් පෙනට් එකක අවුරුද්ද හරියටම කීවේ ය. අත්තනායක වැගන් එකක රිවස් එක වැටෙන්නේ නැති ප්‍රශ්නයක් පරීක්ෂා කරන්නට ගියේ ය. පර්ජෝ ෆෝ-නෝට්-ෆෝ එකක චැසි නොම්මරය තියන තැන පාදාගෙන මට පෙන්නුවේ ය".

    "ඇන්ටනී අයියා ගැන සතුටු වන්නද, නැතිනම් දුක් වන්නද කියා මට පැහැදිලිව තේරුණේ නැත. ඇත්තටම ඔහු ගැන මගේ හිතේ නැගෙමින් තිබුණේ මා ජීවිතේට විඳ නැති සිතිවිලි කලෙක්ෂන් එකකි. දෙමළ ව්‍යාපාරිකයෙකුට කෙලවිම ඔස්සේ ඔහු පෝසත් වීම ගැන මට මුලින් එක්තරා ආතල් එකක් වගේ දෙයක් දැනිණි. එසේ පෝසත් වූ මිනිසාට අසූ නවයේදී සිංහල එවුන් ගේම දීම ඒ ආතල් එක රිවස් කළේ ය. ඊට පස්සේ දෙමළ මිනිස්සුන්ගේ වලං හෝදන්නට යාම මට කේන්තියක් ඇති කළ අතර, NGO වලට වැඩ කිරීම ගැන කතා මාව අඤ්ඤකොරොස් කළේ ය. එක අතකින් මෙය මනුස්සයෙකු ජීවිතයේ පුංචිම තැනකින් පටන් ගෙන, වැටි වැටී නැගිටිමින් ආ ආකාරය කියවෙන පට්ට ආදර්ශමත් කතාවකි. අනික් අතට එය පට්ටම හොඳයි කියා බැලු බැලුමට හිතෙන මනුස්සයෙකුගේ ඇතුළාන්තය පට්ටම නරකයි කියා පෙන්වන කතාවක්ද වේ".


    118851326_10224395755947358_1251533820324005469_n.jpg


    කතුවරයාගෙම වචන වලින් කිව්වොත් මේ කතාව හරියට ම ‘ඔබට නොදැනී ඔබේ නහයට යටින් ඇදී යන හැබෑ ජීවිතයේ කතාවකි’.

    "සමහර වෙලාවට ඔයිල් ලීක් වෙන තැනින් නෙමෙයි, ඔයිල් බිමට වැටෙන්නේ. ඒක එන්ජිමේ යට පැත්ත දිගේ ගලාගෙන ගිහින්, වැටෙන්නේ නැතුව බැරි වෙන තැනදී බිමට වැටෙනවා. ඒ නිසා ඔයිල් ලීක් එකක අගමුල සම්මජ්ජාතියේ හරියට හොයාගන්න බෑ. ජීවිතේ ප්‍රශ්න විසඳනවා කියන්නෙත් ඔයිල් ලීක් හදනවා වගේ වැඩක් තමයි. හරියට ප්‍රශ්නේ මුල හොයාගත්තේ නැත්නම් ඕවර්හෝල් එකක් කළත් ලෙඩේට බේත් වැටෙන්නේ නෑ. වෙන්නේ අපි රැවටිලා වටේ යන එක විතරයි."

    120113094_10224488666990076_932964559074916813_n.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නම හොඳට පුරුදුයි.... "අලුත් කාර්", "කාර් පිස්සුව" බ්ලොග් සයිට් කරන කෙනාද???

    Edit-
    හරි එයා තමයි... හොඳ ලියන්නෙක්. තව පොත් කීපයක්ම තියෙනව...
     
    Last edited: