ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
බෝට්ටු හැදුවට බනියි කියල මං හිතුවට කරපු වැඩේ දැකලා ටීචට මාර චූන්. ඇහුවා තව හදන්න පුලුවන්ද කියලා. (දැන් නම් අපිට ඩබල් බෝට්ටුවක් හදන එක බබා සීන් එකක් වුනාට මොන්ටිසෝරි ඩයල් එකක් කරන එක ටිකක් ලොකු හැකියාවක්, ගොඩක් පොඩි ළමයි සම්බන්ද වැඩ කරන අය මේ සීන් එක තේරෙනවා. creativity and shit) ඔන්න සොන්නලු ටීච මාව එදා රෙකග්නයිස් කළා. කිව්වා මට තව බෝට්ටුවක් හදන්න කියල. හැදුවා. තව හදන්න පුළුවන් ද ඇහුව.
මං කිව්වා පුළුවන් කියල. එහෙනම් හදන්න කිව්වා. මං ඊළඟට කිව්ව කුප්ප කතාවක්. එතකොට කුප්ප කමට නෙවෙයි කිව්වේ. ටීච මාව ගණන් ගන්නේ නැති නිසා තරහට.
මං කිව්වා ටීච "යූ ෂුඩ් මැරී මී. දෙන් අයි විල් මේක් මෙනි බෝට්ස්" කියලා. (ඔව් ඔව් ඒ කාලේ ඉඳන් ම වලත්තයා තමා, මක් කොරන්නද. ජාන වලින් බොල ආවේ ඒ ගතිය. අපේ තාත්තා තුන්වෙනි කසාදෙ වයස 61 කරන්න ගියේ. මම බැෂ්ටිය දීල යන්තම් ඒක නවත්ත ගත්තේ.)

ටීචට බකස් ගාල හිනා ගියා. අම්මේ ඒ හිනාවත් මට මාර සතුටක්. වැඩිමල් කාලෙක එහෙම වුණා නම් ගෙදර ඇවිත් අතේ පාරක් ගහනවා. (දැන් නම් බෑ, ගෑනි අසවල් එක කපයි අහු වුනොත්) ඊට පස්සේ ටීච ඕකේ අයි විල් මැරී යූ. නව් මේක් ද බෝට්ස් කියලා.

මැරී කරපු හැටි පසුවට.
 
Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
දැන් මෙහෙමයි මගුල සිද්ද වෙන්නේ.

ඔක්කොමටම කලින් කියන්න ඕනේ මං කසාදෙ කියන්නේ මොන අසවල් එකක් ද කියලවත් දන්නේ නෑ. ඒත් ඔය අයිඩියා එක කොහෙන් හරි ඇවිත් තිබ්බ ඔලුවට. මං හිතන්නේ ගෙදර කතා වෙන දෙකින් හරි (අපේ අම්මයි තාත්තයි ඩිවෝස් වුණා මට මාස දෙකේ දී. දෙන්නගේ නොගැලපීම. තාත්තගේ පැණි කම විතරක් නෙවෙයි. ඔය දුර්වල කම තිබ්බට එයා සෑහෙන කෙලින් වැඩ කරන චරිතයක්. දේශපාලන චරිතයක්, හිටපු විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. ඕක ඉතින් කිරි කළේ තිබ්බ ගොම බිංදුව. කොහොම හරි පොඩි කාලේ ඉඳන් ම මම දිසා අධිකරණෙ බඩ ගෑවා කසාද නිසා) එහෙම නැත්තම් මගුල් ගේක ගිහින් හරි කසාදෙ කියන සංකල්පෙ ඔලුවේ තිබ්බා. ඒත් කසාද බඳින්නේ කොහොමද කියන එක මගේ දැනුමට විෂය වේලා තිබ්බේ නෑ.
ඔන්න සෙන් ඇන්තනිස් එකට ආපහු ආව.
දැන් ඉතින් මං බෝට්ටු ටික ඉවර කළා. කසාද බඳින්නයි කොල්ලගේ දැන් ලෑස්තිය...
 
Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
ටීච බෝට්ටු ටික ඔක්කොටම පෙන්නලා ලොකු වර්ණනාවක් කළා. ලොකු සිස්ටරුත් ඇවිත් බෝට්ටු බැලුවා. (මං බෞද්ධ හැබැයි, ඉංග්‍රීසි උගන්නන්න ඕනේ කමට අම්ම මාව සෙන් ඇන්තනිස් දැම්මේ:yes::yes:) මට ඒ වුණාට ඔව්වයේ ගානක් නෑ. හුලන් බොලේ වගේ ඉන්නවා. කසාදෙ කෙරෙන්නත් එපැයි. එකයි මගේ ඔලුවේ තිබ්බේ.
ඔක්කොම කොමොෂන් ඉවර වුණාට පස්සේ ටීච ලඟට ඇවිත් ඔලුව ඉම්බා. ගූඩ් බෝයි, යූ ආර් නව් මැරිඩ් කිව්වා.
මට දිරෙව්වෙ නෑ, කොහොමත් අපතයා නේ. නොනොනොනෝ! කිව්වා මම. දැට් ඉස් නොට් ද වේ ටු මැරී. රොන් වේ. යූ ඩිඩන්ට් මැරී මී! වගේ එකක් බෙරිහන් දීල කිව්වා.

ලොකු සිස්ටයි වටේ පිටේ හිටපු අම්මලා තාත්තලයි ළමයිනුයි ඔක්කොම හැරිලා බැලුවා. මම සද්දේ මීක් ගාල වැහුව. පොඩි වුණාට ඒ දවස් වලත් ලොකාපවාදෙට තියෙන බය මට තිබ්බද කොහේ. ඔතනින් ම මගේ කසාදෙත් ඉවරයි යාලෝ!
ඒ ටීච හැබැයි මාත් එක්ක මාර ෆිට් එකේ මාව සෙන් ඇන්තනිස් ඒකෙන් අයින් කරලා අර ගූ මොන්ටිසෝරියට දානකම්.

අම්මට හුටු. තව සීන්ස් එකක් මතක් වුණා සෙන් ඇන්තනිස් එකේ ම. හිටු ඒකත් මතක් වෙච්ච වෙලේ දාන්න. නැත්තම් මතකයේ වැලි තලාවෙන් වැහිලා යනවා මේ සිද්දියත්. :eek::eek::eek::shocked::shocked::shocked:
 
Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
එකෙක් අහල මම බොක පෙට්ටියාද කියල. නෑ බං. මං බොක පෙට්ටියා නෙවෙයි. ඩයල් එකටත් හොඳ හැකියාවක් තියෙනව. පුළුවන් නම් බොකයා මාත් එක්ක සෙට් වෙයන් මං සම්පත් ස්ටොරිය ලියන්න.
 
Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
කතාව 2 - මොන්ටිසෝරි බෝතලේ

මේක බෝතල් සීන්ස් එකක්. (නෑ නෑ මැයි දිනේ බෙදපුව නෙවේ. පොඩි එව්වෝ ඉස්කෝලේ ගෙනියන වතුර බෝතල්.)
මේ බෝතලේ ටිකක් දුඹුරු පාට බොඩියකුයි, බටර් පාට මූඩියකුයි ලොකු එකක්. ඒක උණු වතුර දාල තියා ගන්න පුළුවන් ජාතියේ ලියුක් වෝම් වෝටර් බොටල් එකක්. අපේ අම්ම හැමදාම මද රස්නෙන් උණු වතුර දාල දෙනවා. (පීනස් (අසනීපෙ එහෙම නැතුව අනික් එක නෙවි) කාරයා මම, එකයි උණු වතුර.) මේ මගුල සෑහෙන්න බරයි. මං ඒක බෙල්ලේ එල්ල ගත්තට පස්සේ කෙලින් කටින් හිටගෙන සංචාරය කරන්න පුළුවන් වුණේ පිටේ එල්ලන් ගිය තඩි බෑග් එක නිසා දෙපැත්තේ බර සමපාත වෙච්ච නිසා. බෑග් එක නොතිබ්බනම් මම ඉස්සරහට දොන්ත බබක්කා.

සෙන් ඇන්තනිස් එකේ බෝතලේ ලඟින් තියාගන්න දෙන්නේ නෑ. ඒක එල්ලන්න ඕනේ බෝතල් එල්ලන්නම වෙන් කරලා තියෙන තැනකින්. මගේ ක්ලාස් ඒකෙන් ටිකක් එහාට වෙන්න පඩි 5ක් විතර බැහැල යන්නෝනේ ප්ලේස් එකක මේ බෝතල් අල්තාරේ තිබ්බේ. දැන් ඉන්ටවල් එකට මං වතුර බෝතලේ ගන්න ගියා. එකත් අරගෙන මම ආව ක්ලාස් එකට. මං ට්‍රයි කළා බෝතලේ ඇර ගන්න. ම්හු ඇරෙන්නේ නෑ. මගේ වයිපරේ ටීචර් ඒ ගාවින් යනකොට බෝතලෙත් මං විඳින අතිමානුෂික, දුෂ්කර, තීව්‍ර සහ පඩත්තල වේදනාව දැක්ක. ටීචගේ චිත්ත සන්තානය සහලෝල යන්න ඇති එයාගේ අඩි දෙකේ හස්බන්ඩට වේලා තියෙන අකරතැබ්බේ දැකලා. දැන් ටීච ඇවිත් මගේ බෝතලේ ඇරලා දීලා කිව්වා බොන්න ඔයාගේ තේ එක කියල. මං බැලුවා මේ ගෑනිට මාසික අසනීපෙ හැදිලා මෝල් කියෝනවද කියල! (නෑ නෑ ඒ කාලේ එව්වා දන්නේ නෑ. අතින් දාපු කෑල්ලක් ඒ)

මාත් බැලුවා කොකටුවා වගේ බෝතලේ. අම්මට උඩු, අපේ අම්ම කිරි තේ එවල. සුපිරි තමයි. ටීච ඇහුවා කෝප්පෙට දාල දෙන්නද කියල. මාත් ඉතින් ඔලුව වනල තේ පාරක් ගැහුවා.

දැන් මම බෝතල් අල්තාරෙන් බෝතලේ ආපහු තියල පන්තියට යනවා. ඒ අස්සේ ඉන්ටවල් බෙල් එකත් ගැහුවා. මෙන්න බොලේ මොකෙද්ද එකෙක් මගේ පස්සෙන් එනවා. බතල කොට කොල්ලෙක්. පොර රවාගෙන එන්නේ. මාත් බැලුවා එන පොට හොඳ නෑ. ගියා හැරිලා ලඟට. තල්ලු කළා ඌව. අරූ පස්සට විසික් වුණා. වැටුනේ නෑ. මං හිතුවා වලිය තමයි කියලා. මූ කෙල බෙට්ටක් මට ගහල දිව්වා කියහන්කෝ. ඌ අපිට වඩා වැඩිමල් පන්තියක එකෙක්. මාත් කෙළ සංග්‍රහයත් විඳගෙනම පන්තියට ගියා.
මං ඉතින් පැත්තකට වේලා ඉන්න මිනිහා. කෙල මෝල් සීන් එක ටීචට කියන්න ගියේ නෑ. කෙමෙන් කෙමෙක් දවසත් ඉවරයි.
දැන් මම බෑග් එකත් අරන් බෝතලේ ගන්න ගියා. අම්මට හුඩු පට්ට බරයි බෝතලේ. මං තේ ටික අඩිය හිස් වෙන්න ගැහුවා කියල මට මතකයි.

ඇරලා බැලුවම කට ගාවට උණු වතුර පිරිලා. වට පිට බැලුවා. අම්මට හුදු මගේ වගේම තවත් බෝතලයක් තියෙනවා තව තැනක. ගිහින් ඇරලා බැලුවා ඒකෙ මූඩිය. කිරි අප්පට බල්ලෝ පැනපි, මං අර බතලයාගේ බෝතලේ තේ බීලා තියෙන්නේ ඉන්ටවල් එකේ. ඌ කෙල ගහපු එකත් සාදාරණයි නේ සිංහලු බලන් ගියාම.
 
Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
අපේ අම්ම ආත්මෙකට තේ එවලා නෑ. එහෙව් එකේ ඒක මට අඩියට වෙනකම් ගහනකම් මීටර් වුණේ නෑනේ. කොහෙද ඉතින් චීත්තයක් ලං වුණු තැන පිරිමි අපේ මොලේ වෙනස් වෙන එක කිරි සප්පයටත් පොදු සීන් කෝන් එකක්.
අනේ ඒ ටීචර් දැන් වයස ඇති බං. මං හිතන්නේ පණහ පැනලා ඇත්තේ. :( :frown::frown::frown:
photo එක හම්බුනොත් දාන්නම්.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මෙව්වා එලකිරියේත් ප්‍රසිද්දියේ/අප්‍රසිද්ධියේ යන්නේ පලවෙනි වතාවට. ඒක නිසා අනාත කුකුල්ලු වගේ දෙන දෙයක් කාලා ජෙෂ්ට උත්තමයට ගරු කොරාන හිටු සොන්නලු. ගයාන් කුවේට්, කොලු කාර නුවන් බුවා, එරෝසාන්, දෙල්මරුවා, ලකී ලූක්, අකිල ආර්, සිතිර, යාළුවා, රත්තරං, සොන්න සචියා, රට දෙලා, රුවන්ලා සෙට් එක, අරුණ කුකුලා, ඔප් ජෙන්සනා, සයු, ප්‍රගියා ටොපි සහ නම් සඳහන් කොරාන්න බැරි වෙච්ච තව සොන්න මහත්හොරු, නෝනලා මේ යන කතා වලින් මාව වැරදිලාවත් අඳුන ගත්තොත් කටයි පුකයි වහන් හිටු. ඕනේ නම් මේ ටෝ නේද කියලා පී එම එකක් ඩාපිය. ත්‍රෙඩ් පෝස්ට් වල ශරීර කෘත්‍ය කරලා වනසන්න එපෝ!!!!!!

    හ්ම්ම්ම්

    200_s.gif

    ඇනලයිසින්ග් nightclub I

    Fingerprint.gif

    මම දවසක් මාළු බාන්න මුහුදේ යද්දී බෝට්ටුවේ හිලක් ආවා කියහන්කෝ එකපාරටම මාලුවෙක් කොටලා. වතුර ටික ටික පිරෙනවා බෝට්ටුවට. ඉතින් මට කරගන්න දෙයක් නැතුව හිලෙන් වතුර එන එක නවත්තන්නේ කොහොමද කියල වටපිට බැලුවා. මං එදා ඇදන් හිටියේ ජොකා විතරයි. මොනවා කරන්නද ජොකා ගලවලා රෝල් කරලා හිලට ගැහුවා. ඊටපස්සේ වතුර එන එක ටිකක් අඩු උනා. එත් මට බයයි දැන් මාලුවෙක් ඇවිල්ල මගේ ජොකා ඇදගෙන යයි කියලා. ඉතින් ඒ නිසා මම එදා මාළු බෑවේ නැතිව ඉක්මනටම වෙරළට බෝට්ටුව අරන් ගියා. මුහුද මැද්දේ කවුරුත් නැති නිසා හෙළුවෙන් හිටිය කියලා ගානක් උනේ නෑ. ඒ ගැම්මෙන්ම ගොඩට ආවා. එතැනට මාළු විකුණන්න එහා ගෙදර සුමනා අක්කා ඇවිත් හිටියා. මම බෝට්ටුවෙන් බැහැල කිසි ගින්නක් නැතුව සුමනා අක්කා ගාවට ගියා මට වෙච්චි දේ කියන්න. සුමනා අක්ක ඇහුවා එකපාරටම බයවෙලා "මොකද හු $#%$ පියදාස තෝ මේ හෙළුවෙන් දුවන්නේ" කියලා. එදා තමයි මට ලජ්ජා හිතුනේ ගොඩක්
     
    Apr 29, 2016
    154
    14
    0
    දැන් මෙහෙමයි මගුල සිද්ද වෙන්නේ.

    ඔක්කොමටම කලින් කියන්න ඕනේ මං කසාදෙ කියන්නේ මොන අසවල් එකක් ද කියලවත් දන්නේ නෑ. ඒත් ඔය අයිඩියා එක කොහෙන් හරි ඇවිත් තිබ්බ ඔලුවට. මං හිතන්නේ ගෙදර කතා වෙන දෙකින් හරි (අපේ අම්මයි තාත්තයි ඩිවෝස් වුණා මට මාස දෙකේ දී. දෙන්නගේ නොගැලපීම. තාත්තගේ පැණි කම විතරක් නෙවෙයි. ඔය දුර්වල කම තිබ්බට එයා සෑහෙන කෙලින් වැඩ කරන චරිතයක්. දේශපාලන චරිතයක්, හිටපු විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. ඕක ඉතින් කිරි කළේ තිබ්බ ගොම බිංදුව. කොහොම හරි පොඩි කාලේ ඉඳන් ම මම දිසා අධිකරණෙ බඩ ගෑවා කසාද නිසා) එහෙම නැත්තම් මගුල් ගේක ගිහින් හරි කසාදෙ කියන සංකල්පෙ ඔලුවේ තිබ්බා. ඒත් කසාද බඳින්නේ කොහොමද කියන එක මගේ දැනුමට විෂය වේලා තිබ්බේ නෑ.
    ඔන්න සෙන් ඇන්තනිස් එකට ආපහු ආව.
    දැන් ඉතින් මං බෝට්ටු ටික ඉවර කළා. කසාද බඳින්නයි කොල්ලගේ දැන් ලෑස්තිය...

    අන්න ඒ ගොම බිංදුවෙන් තමා උබව ඉපදෙන්නෙ ඇත්තෙ
    නැත්තම් ඔච්චර කෙබර කෙලීද බන් රෙද්දක් ඇඳන්:lol:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    අපේ අම්ම ආත්මෙකට තේ එවලා නෑ. එහෙව් එකේ ඒක මට අඩියට වෙනකම් ගහනකම් මීටර් වුණේ නෑනේ. කොහෙද ඉතින් චීත්තයක් ලං වුණු තැන පිරිමි අපේ මොලේ වෙනස් වෙන එක කිරි සප්පයටත් පොදු සීන් කෝන් එකක්.
    අනේ ඒ ටීචර් දැන් වයස ඇති බං. මං හිතන්නේ පණහ පැනලා ඇත්තේ. :( :frown::frown::frown:
    photo එක හම්බුනොත් දාන්නම්.

    :rofl::rofl::rofl::rofl:
    kiyanda mukuth na ban uba katha kiyana widihanam supiri.
    mawila penawa okkoma.

    thawa one :lol:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේකනම් මම කලින් එලකිරියෙ කියලත් තියෙනවා,ඒත් මේ ත්‍රෙඩ් එකට සබ්ක්‍රයිබ් කරන්න ඕනෙ නිසා ආයෙත් කියන්නම්.
    මේක නිකන් මට වෙච්චි පජාත සීන්වල මේක සිඟිති එකක්....
    ගම්පහ අලුතෙන් ලයිබ්‍රි එක දාපු කාලෙ,කට්ටිය දන්නවනෙ ගම්පහ ලයිබ්‍රියෙ සාමාජිකත්වෙ ගත්තම ඇතුල පාඩම් කරන පොට් එකක් තියෙනවා.ඕකට ඉතින් ගම්පහ ක්ලාස් වල ඉන්න සුප්පා කෑලි බහිනවා,මට ඕවට ලයින් කරන්න බෑ යන්නෙ අක්කා එක්ක නිසා:no:,කොහොමහරි එක දවසක් ගිහින් ඉඳගෙන එහා පැත්ත බලනකොට අනිත් සයිඩ් එකේ ඉන්නෙ පට්ටම කෑලි ටිකක්.වාසනාවට එදා අක්කා ආවෙත් නෑ.අපේ ගමේ පොඩි මල්ලි කෙනෙක් එක්ක චැටක් එහෙම දාගෙන ඉඳලා කෙල්ලොන්ට පේන්නත් එක්ක ගත්තා ඕර්ගනික් කෙම පොඩ්ඩක් බලන්න,මට පොඩි අවුලක් තියෙනවා කොහෙ හිටියත් පුටු පදිනවා,ගොඩක් වෙලාවට ඉන්නෙ පුටුවෙ කකුල් දෙකෙන්.එදත් ඔහොම ටික වෙලාවක් ඉන්නකොට පුටුව කඩාගෙන මම දඩෝං ගාලා බිම:baffled:.සද්ද නැති ලයිබ්‍රියක් මැද්දෙ එකෙක් හෙන ගහනවා වගේ වැටුනහම කොහොමද?උනේ මොකක්ද කියලා හිතාගන්නත් විනාඩියක් විතර ගියා:oo:,ඇල්කීන ඇල්කයින කැරකෙනවා ඔලුව වටේ...:lol::lol:,සිහිය එලවගෙන එහා පත්ත බලනකොට කෙල්ලො සෙට් එක නිකන් බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.එහා පැත්තෙ හිටපු එකා කැ# හිනාවක් දාගෙන.විලි ලැජ්ජාව සාක්කුවට දාගෙන පුටුව අරගෙන ගිහින් සයිඩ් එකෙන් තියලා වෙන පුටුවක වාඩිවෙලා හිටියා,යන්නත් බෑ එලියට නෝන්ඩියි..කොහොමහරි කට්ටිය ලන්ච් එකට ගිය වෙලාවෙ මාරු වෙලා ආවා:P.ඊලග සතියෙ මම ගියෙ නෑ,කෙල්ලෙක් අපෙ අක්කට කියනවලු "ඔයා දන්නෙ නෑනෙ අක්කෙ,ගිය සතියෙ කොල්ලෙක් පුටුවක් කඩාගෙන වැටුනනෙ" කියලා.අක්කා කියල නෑ ඒ මම කියල:lol::lol::lol::lol::lol:
     
    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    උලුවහු පියදාස;20087132 said:
    මම දවසක් මාළු බාන්න මුහුදේ යද්දී බෝට්ටුවේ හිලක් ආවා කියහන්කෝ එකපාරටම මාලුවෙක් කොටලා. වතුර ටික ටික පිරෙනවා බෝට්ටුවට. ඉතින් මට කරගන්න දෙයක් නැතුව හිලෙන් වතුර එන එක නවත්තන්නේ කොහොමද කියල වටපිට බැලුවා. මං එදා ඇදන් හිටියේ ජොකා විතරයි. මොනවා කරන්නද ජොකා ගලවලා රෝල් කරලා හිලට ගැහුවා. ඊටපස්සේ වතුර එන එක ටිකක් අඩු උනා. එත් මට බයයි දැන් මාලුවෙක් ඇවිල්ල මගේ ජොකා ඇදගෙන යයි කියලා. ඉතින් ඒ නිසා මම එදා මාළු බෑවේ නැතිව ඉක්මනටම වෙරළට බෝට්ටුව අරන් ගියා. මුහුද මැද්දේ කවුරුත් නැති නිසා හෙළුවෙන් හිටිය කියලා ගානක් උනේ නෑ. ඒ ගැම්මෙන්ම ගොඩට ආවා. එතැනට මාළු විකුණන්න එහා ගෙදර සුමනා අක්කා ඇවිත් හිටියා. මම බෝට්ටුවෙන් බැහැල කිසි ගින්නක් නැතුව සුමනා අක්කා ගාවට ගියා මට වෙච්චි දේ කියන්න. සුමනා අක්ක ඇහුවා එකපාරටම බයවෙලා "මොකද හු $#%$ පියදාස තෝ මේ හෙළුවෙන් දුවන්නේ" කියලා. එදා තමයි මට ලජ්ජා හිතුනේ ගොඩක්

    ඊට වඩා ලැජ්ජා හිතෙන සීන් එකක් මට වුණා බං. මං හොර සිම් විකුණලා මාට්ටු වුණා. එදා තමයි මං පට්ට පදිරි වුණේ. පොළොව පලාගෙන යන්ඩ හිතුන ඔව්~:(:(
     
    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    අන්න ඒ ගොම බිංදුවෙන් තමා උබව ඉපදෙන්නෙ ඇත්තෙ
    නැත්තම් ඔච්චර කෙබර කෙලීද බන් රෙද්දක් ඇඳන්:lol:
    එකෙන්ම ඈ. රෙදි නෑ බං, එව්වා කැලේ විසි වෙන්නේ මේ සිද්දි රියල් එකට ප්ලග් වුනොත්. නැට්ටේ සිට ගොම.