7 වන කතාව - ලී මෝල
ඔන්න දරුවනේ ඊළඟ කතාව
මේක මට මතක් වුණේ ඊයේ අපේ හාමිනේගේ නමින් බුකි ෆේක් එකක් තියෙනවා කියලා ආරංචි වෙච්ච වෙලාවේ ඒක බලපු වෙලාවේ. අම්මට හුඩු කෙලි පැටික්කිගේ නමෙන් තියෙනවා බුවෙක්ගේ පොටෝස් දාල අකවුන්ට් එකක්. බුවෙක් කිව්වට මූ උගේ මූන බ්ලර් කරලා මකලා තියෙන්නේ ඔක්කොම ෆොටෝ වල, ඇඳන් ඉන්න ඇඳුම් ඔක්කොම ස්ත්‍රී සළු පොටවල්. තන පොට ගහගෙන ඉන්න එව්වද, දිය රෙදි ඇඳන් ඉන්න එව්වද, එතකොට සාරි බාරි, සායවල්, බ්ලවුස් ගහන් ඉන්න එව්වා කෙල කෝටියයි. එකක තියෙනවා මුළු සරීරෙටම බ්‍රසියර් එක විතරක් ඇඳන් කැමරාව දිහාට පුක දික් කොරාන ඉන්න එකකකුත්. අම්මේ ටොයින්! අප්‍රසන්නේ බෑ බොල එව්වා දැක්කම. ෆොටෝ ටික ඕනේ අසහන කාරයෙක් ඉන්නවා නම් පී ඇම් එකක් දාපල්ලා ස්ක්‍රීන් ෂොට් ටික එවන්නම්. හැබැයි පුතෝ අකවුන්ට් එක නම් එවන්න බෑ, අපේ නෝනේගේ නම අහු වෙනවා. ශොරි ඩොට් කොම් ඒ ගැන.
දැන් මේකයි සීන් කෝන් එක. මේ සිද්දිය වුනේ සෑහෙන ළඟකදී. අවුරුද්දක් දෙකක් වගේ ඇති මේක වෙලා. අනේ සංතෝ කියන්නේ බං මේක නිසා සිදුවීමට අදාළ ලී මෝල තියෙන පැත්ත පලාතකින් වත් තාම මම යන්නේ නෑ ඕන්!
අපේ අය්යයි මමයි තව කිහිප දෙනෙකුයි රටේ පොරසිද්ද බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කොම්පැනියක් කරනවා. (ඉක්ටඩ්/සිඩා C6 දරුවනි/ C5 ඉල්ලලා තියෙන්නේ) (අනෙකුත් බිසිනොස් අතර). අය්යා කාරයා අඩෝ මල්ලි, අලුත් ප්ලේස් එකක් හම්බුනා කියලා කෝල් කරා ම මාත් දඩ බඩ ගාගෙන ලක ලැහැස්ති වෙලා ත්‍රී කොටයි ටී එකයි ඇදන් ජෙල් බාල්දියක් ඔලුවේ හලාගෙන ගියා බලන්න ඔය අලුත් පන්නේ උළුවහු, ජනෙල්, දොරවල් හදන තැනකට, මෙතැන ලී ඉරන එකේ සිට ලෑලි පදම් කරලා දොරවල්, ජනෙල් පැන්ට්‍රි වගේ ම අනෙකුත් පොස් ගෘහභාණ්ඩ සාදන තැනක් තියෙන පැත්ත කියන්න බෑ අහු වෙනවා. මුන්ගේ ඔෆිස් රූම් එකට තමයි අපි දෙන්නා මුලින් ම ඇතුල් වුනේ. හම්මේ..... කිරි මුත්තට වෘකයෝ පැන්නා කිව්වලු. මෙන්න ඉන්නවා ඉටිකිරිස් බඩු කෑලි තුනක් දිලිසි දිලිසි නිකම් ජුකී වවුලයි, ප්‍රියංකා කොප්පරායි, අයිශ්චරියා රෙයි බච්චානුයි වගේ, ඕ යැස් දරුවනි! මගේ අර මොකද්ද එක මෙව්වා වෙලා ගියා. අය්යා නම් හැට පැනලා හොට බිම ඇනපු මනුස්සයා නිසා මිනිහාට ගානක් නෑ. මන් ඉතින් එහෙමද, යන්තම් වගේ ජීවිතේ තුන් වෙනි සත වර්සේ පැනපු පොඩි කොලුවෙක්. හැඟීම් දැනීම් තියෙන මිනිස්සුනේ බං අපිත්. කොටට කොටේ ගහන් ඉන්නකොට අපිත් නිකම් මෙව්වා වෙනවා නේ.
ආපු ගමන් වාඩි වෙන්න සර් කියලා අපිට කිව්වා එකියෙක්. දැන් මායි අයියයි කරට කර අරුන්ගෙන් ප්‍රශ්න අහනවා. පුලාන් ලීයේ සිට ඇට්ටෝනියා ලීය දක්වා සියලු ලී වර්ග ගැන අරුන් අපිට දේසනා කොරනවා. අපිත් ඉතින් එව්වා නොදන්න එවුන් වගේ අරුන්ගෙන් තව ප්‍රශ්න අහනවා. දැන් අහන්න තියෙන ප්‍රශ්න අහල ඉවරයි. තව ඇහුවොත් අරුන් අඬන්න පටන් ගන්න එක සුවර් වගේ ගතියක් දැනුනු නිසා අපි නැගිටලා එන්න ආව. අනේ දොරකඩ ගාවදීම අරුන් තුන් දෙනා නිකම් විලි ගාය හැදිච්ච රට කිකිලියෝ වගේ බක බක ගගා හිනා වෙන්න පටන් ගත්තා. අපිත් ඉතින් අනේ උන්ට හිනා වෙන්න බැරිනම් කෙකර ගා ගන්න කියලා ආවා උන්ගේ ඉස්සරහ තියෙන සෝ රූම් එකට.
ෂෝ රූම් ඒකෙ තියෙනවා බොල එක එක ජාතියේ ඩිසයින්, මාත් ආකිටෙක්චර් ඇන්ඩ් හෞසින් ඩිසයිනර් තමයි, ඒ වුනාට මමත් අම්ම මුත්තා කාලෙත් දැකලා එව්වා මෙතන තිබ්බා. එතන හිටියා පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකුයි විස්තර කථනය කොරන්න. මුන් අපිට අම්බානෙකට තව පොඩ්ඩක් විතර වැඩි වෙන්න දොරේ දිග පළල සිට දොරට ලී ගන්න කපපු ගහේ රීපු වඳුරාගේ බර දක්වා වූ සියලු විස්තර කියලා [FONT="]“[/FONT]ගන්ඩ සර් මෙව්වා හොඳ බඩු[FONT="]”[/FONT] කියන අවසාන වාක්‍යයට ආව. ඒ වාක්‍යය එනකොටම අපි දන්නවා ඒ තමයි මාරු වෙලා යන්න තියෙන සඥාව කියල. තව තප්පරයක් හරි හිටියොත් පයිසෙකට වැඩක් නැති අහක යන කුන්ඩවාලියක් ගෙදර උස්සන් එන්න වෙන බව අපි අත් දැකීමෙන් දන්නවා. ඒක නිසා අපි එහෙනම් ලී මෝලේ ලී ඉරණ තැනට ගිහින් එන්නම් කියලා එන්න පිටත් වුනා. අනේ අම්මේ, මුන් දෙන්නත් ඒ පාර අර වෙට්ට පාසියෝ තුන් දෙනා වගේම කෝචෝක් එකට වගේ කැකිරි පලන්න පටන් ගත්තා. මුන්ගේ අම්මලාට සුක්ෂණ කරන්න කියලා අපි ආව එන්න අර ලී ඉරණ ප්ලේස් එකට.
ලී ඉරණ එවුන් නම් කිසි පොස් එකක් තිබ්බේ නෑ. උන් නිකම් අර රුපියල් දහදාහට අරන් සත දහයට දුන්න එවුන් වගේ දුකසේ වැඩ. අපි ඉතින් එතන ලී බලලා එන්න හැරුණා. එන ගමනේ ඔපිස් එකයි සෝ රූම් එකයි පැත්ත බලපු අපිට තරු විසි වෙච්චි. අම්මට හුඩු අරඔෆිස් කෙල්ලොයි, ෂෝ රූම් ඒකෙ එවුනුයි තව කලින් දැකපු නැති (මන් හිතන්නේ ඔෆිස් ඒකෙ ඇතුලේ හිටපු එවුන්) කෙල්ලෝ කොල්ලෝ සැට් එකකුයි අපි දිහා බල බල හිකි බිකි ගගා ඉන්නවා. මොකක් නමුත් දස බිම්බියක් වෙලා තියෙනවා කියල එතකොට අපිට තේරුණා. පරණ සපත්තු සීන් එකක් තියෙන කෙල්ලෙක් අර අතරේ ඉන්නවද කියල බලන්න පොඩ්ඩක් මන් ඇහැ දැම්ම ඒ පැත්තට. ම්හු! පේන්න නෑ. ඕනේ ෆුකක් සත දහයයි කියල අපි ආව වාහනේ ගාවට.
අපි එන්න හදනකොට අර ලී මෝලේ වැඩ කරන කොල්ලෙක් හති දදා දුවන් එනවා. අපිගාවටම මු ඇවිත් මගේ ලඟට කන ලං කරලා මෙහෙම කිව්වා දරුවනේ මේකා.
[FONT="]“[/FONT]මහත්තයෝ, මහත්තයාගේ කලිසමේ පිටිපස්ස හොඳටෝම පැලිලා නෙව. ඒක හොඳටම පේනවා. අනේ ඉක්මනට මාරු කර ගන්න[FONT="]”[/FONT] ලැජ්ජාව මම රෝල් කරලා ගහගත්තා දරුවනේ මගේ පශ්චාත් භාගේ ඇතුලට. දරුණුම වේදනාව කියන්නේ ජොකා දාලා හිටියේ නෑ ළමයි එදා මම!
වෙලා තියෙන්නේ මෙන්න මේකයි. අපේ ගෙදර ඉන්න මල හොල්මනට මම කිව්වා ත්‍රී කෝට පොඩ්ඩක් හිරයි ලොකු කරලා තියන්න කියලා. මේ යස්සනී එක ලොකු කරන්න පිටිපස්සෙන් නූල් ගලවලා තඩි හිලක් වෙන්න. මේකි ඉණ ගලවන එක අමාරු නිසා පස්සේ හදන්න කියලා සෝට එල්ලලා ගිහින් මගේ ඇඳුම් රාක්කෙන්. අර ලී මෝල තියෙන පාරකින් වත් මම දැන් යන්නේ නෑ පුතේ දුවේ. එච්චරට විලි ලැජ්ජයි, සත පනහයි.
චොරම සිද්දිය මේකයි. අර ඔෆිස් ඒකෙවත්, ෂෝ රූම් ඒකෙවත් ඉන්න ටයි කලිසම්, කොට සාය ගහන හිටිය එක සොන්නයෙක්, පඩත්ත බැල්ලියෙක් ගාව තිබ්බේ නැති මනුස්ස කමක් අර දුකසේ වැඩ කරපු හිඟන ලී ඉරණ එකා ළඟ තිබ්බා හිටං. ඔව්වා මිනිස්සුන්ට සෑහෙන පාඩම්. මීට පස්සේ යන ඕනේ තුත්තුකුඩියක ජොකා දාලා යන්න කියන පාඩමත් මම ඉගෙන ගත්තා.