මටත් කලින් උඹ ගියාද…
දන්නෙ නැහැනෙ ඒ වග මම…
අපි දෙන්නා ඉස්සර නම් කන්තෝරුවෙ ලඟම තිබුන මේස දෙකේ රටේම තොරතුරු බෙදගත්තා…
ඒ විතරද…
පුංචි වුන්ගෙ දඟ වැඩ ගැන
මහත්තයගෙ සැර වැර ගැන
දාහක් දේ කතා කරා…
ගෙවිලා ගියපු කාලය මොනතරම් දිගද…
දරු මල්ලොත් දීග දීලා…
පැන්ෂොන් පෝලිමෙත් එකට…
ක්ලිනික් ගියෙත් අපි එකටම…
පසු ගියදා ක්ලිනික් එකට උඹ ආවේ නැති වුනාම මට මෙහෙම දෙයක් ගැන නම් හිතුනෙම නෑ මිතුරියෙ …
දැන් කව්රුද අපිට පණිවිඩ කියන්නේ නේද …
මට ටික දවසකට කලින් පැන්ෂන් ගිය උඹ…
මේ ගමනත් ඒ වගේම මටත් කලින් යන්න ගිහිං…………
ගත්තෙ https://novelslk.wordpress.com
ජයවේවා යාලුවනේ

