අවුරුදු 11 ට පස්සේ උඹට මොකද හිතෙන්නේ මචං...?![]()
සෑහෙන දුක්බර මතකයක්......මට කැම්පස් එකේ යාලුවෙක් කියපු කතාවක් ඌ කියපු විදියටම කියන්නම් (පොරගේ ගෙවල් තිබ්බේ වැලිගම වෙරල අයිනේමයි.......)
මචන් සුනාමිය එද්දි මමයි අම්මයි නංගියි ආච්චියි විතරයි ගෙදර හිටියේ......තාත්තා වැඩට ගිහින්......
මම TV බල බලා හිටියේ......එක පාරටම මිනිස්සු කෑගහන සද්දයක් ඇහිලා අම්මයි නංගියි මමයි තුන් දෙනාම ගෙදරින් එලියට ආවා.......
එතකොටම මහ විශාල රැල්ලක් ඈතින් එනව දැක්කා......දුවන්න වෙලාවක් නෑ කියන එක අපිට තේරිලා තිබ්බේ......ඊටත් වැඩිය බය හින්දමද කොහෙද අපි තුන්දෙනාම දිව්වේ නෑ.....
අපි තුන්දෙනාම රැල්ලට අහුවුනා.....මට පීනන්න පුලුවන් හින්දා මිදුල් අයිනේ තිබ්බ පොල් ගහ ගාවට අමාරුවෙන් පීනගෙන ගිහින් පොල් ගහ හයියෙන් බදාගෙන හිටියා......
එතකොටම මම දැක්කා නංගි ගහගෙන යනවා......තිබ්බ බය කොහෙන් ගියාද නෑ කියහන්කො......
පුලුවන් උපරිම වෙර දාලා ආපහු පීනගෙන ගිහින් නංගිව අරන් ඇවිත් පොල් ගහ බදාගෙන ඉන්න කිව්වා.......
නංගි මට පෙන්නුවා අම්මත් ඈත පොඩි ගහක් බදාගෙන ඉන්නවා......කොහොමහරි ගිහින් අම්මවත් පොල් ගහටම ගෙනාවා......
ඒත් එක්කම මට ඇහුනා ඈතින් කෑගහන සද්දයක්......බලද්දි අපේ ආච්චි ඈතට ගහගෙන යනවා......
මම ආයෙත් පීනගෙන යන්න හදද්දි අම්මා මගේ අත හයියෙන් අල්ලගෙන අඬ අඬා කිව්වා "පුතේ ඒ මගේ අම්මා උනත් දැන් යන්න එපා" කියලා.......
ඒ වෙලාවෙන් පස්සේ මම කවදාවත් ආච්චිව දැක්කේ නෑ......