ජීවිතය කෙටියි

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    little-girl1.jpg

    මැදි වියේ පසු වූ මිනිසෙකු මල් සාප්පුවක් අසල තම මෝටර් රථය නවත්වා මෝටර් රථයෙන් ඉවතට පැමිනියේය . ඔහුට අවශ්‍ය කර තිබුනේ අද දින තම හැත්තෑ වන උපන් දිනය සමරන මව වෙත මල් කළඹක් යැවීමටයි. ඇය වාසය කලේ ඔහු ජීවත් වූ නගරයට කිලෝමීටර 200ක් පමන දුරින් වූ කුඩා නගරයකය.

    මෝටර් රථයෙන් ඉවතට පැමින මල් සාප්පුව දෙසට යන ඔහු දුටුවේ මල් සාප්පුවෙන් පිටත බංකුවක් මත වාඩි වී හඩමින් සිටින කුඩා දැරියකි. කුතුහලයෙන් ඈ වෙත ගිය ඔහු ඇගෙන් හැඩීමට කාරනාව විමසා සිටියේය..

    "අද අපේ අම්මගේ උපන් දිනේ... මට අම්මට දෙන්න රතු රෝස මලක් ගන්න ඕනේ,ඒත් මගේ ලග තියෙන්නේ ඩොලර් එකයි,රතු රෝස මලක් ඩොලර් දෙකයි"
    යැයි එයට පිලිතුරු ලෙස දැරිය දුක්බර හඩින් කියා සිටියාය.

    මද සිනහවක් පෑ ඔහු මෙසේ කීවේය

    "එන්න දුව මාත් එක්ක... මම දුවට රතු රෝස මලක් අරන් දෙන්නම්"

    ඔහු කුඩා දැරියට රතු රෝස මල් කළඹක් මිලදී දුන් අතර තම මව සදහා අවශ්‍ය මල් ඇනවුම් කර ඒවා යැවිය යුතු ලිපිනය මල් සාප්පුවට ලබා දුන්නේය.

    ඔවුන් දෙදෙනා මල් සාප්පුවෙන් පිටතට පැමිනි අතර කුඩා දැරියව නිවසට ගොස් ඇරලවීමට ඔහු ඉදිරිපත් විය.

    "හා අංකල් එහෙනම් මාව අම්මා ලගට එක්ක යන්න " යැයි පැවසූ කුඩා දැරිය ඔහුගේ ආරාධනාව ප්‍රීතියෙන් පිලිගත්තාය.

    ඇය ඔහුට මග පෙන්වූ අතර අවසානයේ නගරයේ සොහොන් පිටිය අසල මෝටර් රථය නැවැත්වීමට පැවසූ ඈ අලුත වල දැමූ මිනී වලක් අසලට ගොස් රතු රෝස මල් කළඹ ඒ මතින් තැබුවාය.

    කුඩා දැරිය නිවසට ගොස් ඇරලවූ මිනිසා යලිත් මල් සාප්පුවට පැමිනි අතර තමාගේ ඇනවුම අවලංගු කලේය.

    මල් සාප්පුවේ වූ අලංකාරම මල් කළඹ මිලදී ගත් ඔහු කිලෝමීටර් 200ක් දුර වෙසෙන මවගේ නිවස වෙත පිටත් විය

    ජීවිතය කෙටියි ,ඔබට හැකි තරම් කාලයක් ඔබ ආදරය කරන පුද්ගලයන් සමග ගත කරන්න,ඔවුන් වෙනුවෙන් කැප වෙන්න. . ඔබ ප්‍රමාද වැඩි වීමට ප්‍රථමයෙන් ජීවිතයේ සෑම මොහොතක්ම ඔවුන් සමග රස විදින්න,ඔබේ පවුලට වඩා වටිනා කිසිවක් මෙලොව නොමැත.

    :):):):):).

    Source :
    Code:
    කජුවත්ත එක්සත්

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0

    "එන්න දුව මාත් එක්ක... මම දුවට රතු රෝස මලක් අරන් දෙන්නම්"

    ඔහු කුඩා දැරියට රතු රෝස මල් කළඹක් මිලදී දුන් අතර තම මව සදහා අවශ්‍ය මල් ඇනවුම් කර ඒවා යැවිය යුතු ලිපිනය මල් සාප්පුවට ලබා දුන්නේය.

    ඔවුන් දෙදෙනා මල් සාප්පුවෙන් පිටතට පැමිනි අතර කුඩා දැරියව නිවසට ගොස් ඇරලවීමට ඔහු ඉදිරිපත් විය.

    "හා අංකල් එහෙනම් මාව අම්මා ලගට එක්ක යන්න " යැයි පැවසූ කුඩා දැරිය ඔහුගේ ආරාධනාව ප්‍රීතියෙන් පිලිගත්තාය.

    Source :
    Code:
    කජුවත්ත එක්සත්

    456474931_55541182cd_o.jpg