හිතන්න, විෂ පෙවූ හී තලයක් වැදුන මිනිසෙක්. වෛද්‍යවරයාට අවශ්‍යයයි ඉක්මනින් ඒ විෂ සහිත හීය ඉවත් කිරීමට. මන්ද, හීයේ ඇති විෂ මිනිසා තුළ පැතිරී මිනිසාගේ ජීවිතයට හානි විය හැකි නිසා. නමුත් ඒ හීය වැදුන මිනිසා බලාපොරොත්තු වන්නේ හීය විද්දේ කව්ද, ඔහුගේ වයස, ඔහුගේ දෙමව්පියො කව්ද, ඔහු එය විද්දේ ඇයි යන්න දැන ගන්නා තුරු හීය ඉවත් නොකිරීමටයි. මේ සියල්ලට උත්තර ලැබෙන තෙක් බලා සිටියහොත් හීය වැදුන මිනිසා එය ඉවත් කිරීමට පෙර මිය යෑමට හැක.
ජීවිතය යනු මහ දිග දෙයක් නොවේ. කොයි වේලාවේ මේ සිරුර හැර යන්නට වේදැයි කිසිවකුට කිව නොහැක. එනිසා අනවශ්‍ය දේ ගැන නොහිතා වද නොවී යථාර්ථයට මුහුණ දෙන්න.
තිච් නැට් හන්ගේ අදහසක් ඇසුරිනි.

ජීවිතය යනු මහ දිග දෙයක් නොවේ. කොයි වේලාවේ මේ සිරුර හැර යන්නට වේදැයි කිසිවකුට කිව නොහැක. එනිසා අනවශ්‍ය දේ ගැන නොහිතා වද නොවී යථාර්ථයට මුහුණ දෙන්න.
තිච් නැට් හන්ගේ අදහසක් ඇසුරිනි.